Friday, October 29, 2021
පංච නීවරණ ධර්ම : කාමච්ඡන්ද නීවරණය
භගවා නම් වන සේක
Tuesday, October 26, 2021
Dhammapada
සොහොන් ගිය ඒ භික්‍ෂුහු සොහොනෙක තැන තැන දමා තුබූ දවස් ගණන් ඉක්මුනු දුගඳ හමන්නා වූ මිනීකුණු දුටහ. එයින් ඔවුන් සිත්හි ප්‍රතිඝය උපන්නේ ය. ඒ අතර එදවස ම එහි දැමු මිනියක් දැකීමෙන් එහි ආලය උපන. එයින් ම තමන් කෙලෙස් සහිත බව දැන ගත්හ. මේ වේලෙහි බුදුරජානන් වහන්සේ ගඳකිළියෙහි වැඩ හුන් සේක් ම ආලෝකයක් යවා ඔවුන් ඉදිරියෙහි සිට බණ වදාරන්නකු සේ “මහණෙනි! මෙබඳු ඇට ගොඩවල් දැක එහි ඇලීම් තොපට තරම් නො වේ” යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
යානිමානි අපත්‍ථානි අලාපූනෙව සාරදෙ,
කාපොතකානි අට්ඨීනි තානි දිස්වාන රතීති.
ශරත් කාලයෙහි ඒ ඒ තැන දැමූ ලබුකබල් වැනි වූ කොබෝවන් පැහැති යම් යම් මිනි ඇට වේ ද, ඒ මිනී ඇට දැකීමෙන් කිනම් ඇල්මක් වේ ද,
යානි ඉමානි = යම් මේ.
අපත්‍ථානි = ඒ ඒ තැන දැමූ.
අලාපූනි ඉව = ලබු කබල් වැනි වූ.
සාරදෙ = ශරත් කාලයෙහි.
ඉල්මස කාලපක්‍ෂයෙහි පටන් පිළිවලින් සාර මසෙක් සාර මසෙක් හේමන්ත - ගිම්හ - වස්ස යි තුන් සෘතු කෙනෙක් වෙති. ඒ එක් ක්‍රමය අයකි. නැවත එ තැන් පටන් ම ගෙණ පිළිවෙළින් දෙ මස දෙ මස හේමන්ත - සිසිර - වසන්ත - ගිම්හ - වස්ස - සරද යි ෂඩ් සෘතු කෙනෙක් වෙති. එහි ඉල් - උඳුවප් දෙමස, හේමන්ත උතු නම්. දුරුතු - නවන් දෙමස, සිසිර උතු නම්. මැදින් - බක් දෙමස, වසන්ත උතු නම්. වෙසක් - පොසොන් දෙමස, ගිම්හ උතු නම්. ඇසළ - නිකිණි දෙමස, වස්ස උතු නම්. බිනර - වප් දෙමස, සරද උතු නම්.
බිනර - වප් දෙමසෙහි මුළුමනින් ඖෂධවර්‍ගයන්ගේ පැසීම වන්නේ ය, යි ශාස්ත්‍රයෙහි කී බැවින් මේ දෙමස් කාලය සරද නමින් හඳුන් වත්. ‘සරති පීළයති අස්මිං ඉති = සරදො, ශීර්‍ය්‍යන්තෙස්‍යාං පාකෙනෞෂධයඃ ඉති = ශරත්’ යනු අත්‍ථ නිශ්චය වේ. මේ දෙ මස් කාලය මෙහි සාරද නම.
කාපොතකානි අට්ඨිනි = කොබෝවන් පැහැති මිනී ඇට.
පරවියන්ගේ පැහැය වැනි පැහැය ඇත්තේ ‘ කාපොතක’ නම්. එනම් සුදුපාට ය. මිනී ඇට සුදු ය. එහෙයින් එයට විශේෂණ කොට ‘කාපොතකානි’ යෙදුනේ ය.
ගින්නෙන් පැසුනු, වාතයෙන් වියලුනු මේදය, ඇට යි ගැණේ. මේදය මසින් හට ගත්තේ ය.
“මෙදො යත් ස්වාග්නිනා පක්චං වායුනා චාති ශොසිතම්,
තදස්ථිසංඥා ලභතෙ සසාරඃ සර්‍වවිග්‍රහෙ”
ඇතුළත්හි වූ හරය හේතු කොට ගස්කොළන්වල පැවැත්ම වන්නේ ය. එමෙන් දේහධාරණය වන්නේ අස්ථිසාරය හේතු කොට ය
“අභ්‍යන්තරගතෛඃ සාරෛර්‍යථා තිෂ්ඨන්ති භූරුහාඃ,
අස්ථිසාරෛස්තථා දෙහා ධරීයන්තෙ දෙහිනො ධ්‍රැවම්”
ශරීරවත්හුගේ සිවි - මස්, නැසි බොහෝ කල් ගිය ද ඇට විනාශ නො වී පවතී. ඇට සත්ත්‍වයන්ගේ හරය වේ.
“තස්මාවිචිර විනෂ්ටෙෂු ත්වඩ්මාංසෙෂු ශරීරිණාම්,
අස්ථිනි න විනශ්‍යත්ති සාරාණ්‍යෙතානි දෙහිනාම්”
තානි දිස්වන කා රති = ඒ මිනී ඇට දැක්මෙන් මොන ඇල්මක් වේ ද.
ශරත් කාලයෙහි ඒ ඒ තැන දැමු අවුසුළගින් වියලී ගිය ලබු කබල් වැනි වූ කාබෝවන් වූ මේ මිනී ඇට බලා පල්ප වූත් කාම රතියක් ඉපදවීම තොපට නො සුදුසු ය. එසේ එහි ඇලීම, බැඳීම තොපට විනාශය පිණිස වන්නේ ය. එහෙයින් ඒ මිනී ඇටවල ඇලීම තොපට සුදුසු ද? ‘රමන්ති තාය රමණං වා = රති’ ඇලීම ‘රති’ නම්.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි ඒ භික්‍ෂුහු සිටි ලෙසින් ම රහත් ව බුදුරජුන්ට තුති පුද දෙමින් ඉදිරියට විත් ඇඳ සිටියහ.
බුද්ධ නම් වන සේක
කොළඹ ආනන්ද විද්‍යාලයේ
විශ්‍රාමික සහකාර විදුහල්පති
සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය
දිවියාගහ යසස්සි නා හිමි
“බුද්ධ” යන වචනය තරම් මිහිරිවූත්, සැප එලවන්නාවූත්, වෙනත් වචනයක් මුළු ලොවෙහි ම නැත. ලොවෙහි වෙසෙන කවර සත්ත්වයෙකුට වුවත් බුද්ධ යන්න තරම් ශ්‍රේෂ්ඨ නාමයක් ලබා ගැනීම පහසු නොවේ. එසේ නම් මිනිස්, දෙව්, බඹ යන සියල්ලන්ටත් ඉහළින් දැක්වෙන මේ නම මනුෂ්‍යයෙකු සඳහා දක්වා ඇත්තේ ඇයි.?
සේල නමැති බමුණා දිනක් බුද්ධ යනුවෙන් හඳුන්වන්නේ ඇයි දැයි බුදුරදුන්ගෙන් ම විමසී ය. එහිදී උන්වහන්සේ දුන් පිළිතුර මෙය යි.
අභිඤ්ඤෙය්‍යං අභිඤ්ඤාතං
භාවෙතබ්බං ච භාවිතං
පහාතබ්බං පහීණං මෙ
තස්මා බුද්ධොස්මි බ්‍රාහ්මණ
දත යුතු සියල්ල මා විසින් දන්නා ලද ය. වැඩිය යුතු දේ වඩන ලද්දේ ය. ප්‍රභාතව්‍ය දේ ප්‍රහීණ කරන ලද්දේ ය. බමුණ, මේ නිසා මම ‘බුද්ධ’ වූයේ වෙමි යි යන අර්ථය ඇති ඉහත සඳහන් ගාථාවෙන් උන්වහන්සේ ම පැහැදිලි කොට දුන්හ.
අනෙකුත් ශාස්තෘවරුන් අතර බුදුරදුන්ගේ විශේෂත්වය නම්, අන් කිසිවෙකුට නිවැරැදිව විග්‍රහ කොට පෙන්වීම නොහැකි වූ ස්වර සහිත අකුරු අටක් ඇති අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන පද තුන පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දීම යි. සත්ත්වයාගේ ශරීරය නිත්‍ය වශයෙන් නො පවතින බවත්, ඒ නිසාම දුක හට ගන්නා බවත්, උන්වහන්සේ පෙන්වා දුන්හ. මෙසේ දුක් හට ගැනීමට ප්‍රධාන හේතුව ශරීරයෙහි ආත්ම යි ගත හැකි කිසිවක් නැතිවීම බව තවදුරටත් සහේතුකව උන්වහන්සේ දැක්වූහ.
ලෝකය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණයෙන් යුක්ත යි. බුදුරදුන් දේශනා කොට තිබීම නිසා බුදුදහම අසුබවාදී ඉගැන්වීම්වලින් පරිපූර්ණ වී ඇතැයි සමහරු චෝදනා කරති. යම්කිසි පුද්ගලයෙකු පරීක්ෂා කරන වෛද්‍යවරයා ඔහුට වැළඳී ඇත්තාවූ රෝගයේ බිහිසුණුකම පිළිබඳ තොරතුරු ප්‍රකාශ කොට එහි සුවය සඳහා බෙහෙත් කිරීම වරදක්යැයි කිව හැකි ද? බුදුරදුන් සත්ව ශරීරය පිළිබඳ පවතින, ජාති, ජරා, ව්‍යාධි, මරණ පිළිබඳ කළ විග්‍රහය ඉහත කී වෛද්‍යවරයා රෝගියා පිළිබඳ අනුගමනය කළ ක්‍රියා මාර්ගයට සමාන වූවකි. එය ශ්‍රේෂ්ඨ උතුමෙකුගෙන් විය යුතුම වූ කාර්යයකි.
සිද්ධාර්ථ කුමාරයා තිස් පස් වන වියේ දී උතුම් වූ බුද්ධත්වයට පත් විය. සාමාන්‍ය මනුෂ්‍යයෙකුට වඩා එතුමාණන් තුළ පැවැති විශිෂ්ටත්වය කුමක්දැයි විමසීම වැදගත් වේ.
බුදුරදුන්ගේ අතීත උප්පත්තීන් පිළිබඳ තොරතුරු විමසන විට කරුණාව හා ප්‍රඥාව යන ප්‍රධාන ලක්ෂණ දෙකෙන් සම්පූර්ණ වූ පරාර්ථ චර්යාවන්ගෙන් පරිපූර්ණව පැවති බව ප්‍රකට වෙයි. මේ පිළිබඳ වැදගත් නිදසුන්වලින් ජාතක පොත පිරී පවතී. එහි දැක්වෙන අන්දමට තිරිසන් ආත්ම ලබා සිටි අවදිවල දී ද අන් අයගේ යහපත සඳහා තමන්ගේ ජීවිත කැප කළ බව පැහැදිලි වෙයි. එසේම ලෞකිකත්වය නිසා බෝසත් අවධියේ විවිධ සුළු වැරැදි සිදු කරන ලද නමුත්, සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂය පුරාම එතුමාණන්ගේ කටින් එකද බොරුවක් හෝ ප්‍රකාශ නො කොට තිබීම මහා ආශ්චර්යයකි. එපමණක් නොව තමා සතු වස්තුව ද අඹු දරුවන් ද, අවයව ද අනුන්ගේ යහපත සඳහා පරිත්‍යාග කිරීමෙන් නො නැවතී ජීවිතය ද පරිත්‍යාග කළ වාර අපමණ ය. බුදුරදුන්ගේ ශරීරය කිසිවෙකුට සම කළ නොහැකි තරම් දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් පරිපූර්ණ ය.
බුද්ධත්වයෙන් පසු බරණැස බලා වඩිද්දී උපක නම් ආජිවකයෙකු හමු විය. ඔබේ ඉඳුරන් ඉතා ප්‍රසන්න ය. හමේ වර්ණය පිරිසුදු හා සුදු පාටින් යුක්තය යි ප්‍රකාශ කරන ලද්දේ ශරීර ලක්ෂණයන් නිසා පුදුමයට පත්වීමෙනි. අන්‍ය ආගමක් අදහමින් සිටි වක්කලි නමැති තරුණයා බුදුරදුන් පසුපස අවුත් පැවිද්ද ලබා ගන්නා ලද්දේ ධර්මය ඇසීමෙන් පැහැදීමට පත්ව නොව දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් පරිපූර්ණ වූ ශ්‍රී දේහය දැක වශී වීමෙනි. ශ්‍රමණ භවත් ගෞතමයන් අන් සියලු දෙනාටම වඩා උසස් රූපයකින් යුක්ත වන හෙයින් දැකීමෙන් තෘප්තියට පත් විය නො හැකි ය. රන්වන් පැහැයෙන් යුක්ත වූ උන්වහන්සේගේ සිරුර මහා බ්‍රහ්මයාගේ සිරුර මෙන් දිලිසෙන ලක්ෂණයෙන් යුක්ත යයි බුද්ධිමත් අන්‍යාගමිකයෝ ද පිළිගත්හ.
උන්වහන්සේ දත යුතු ධර්ම කෙතෙක් වෙත් නම් ඒ සියල්ල ම අන් කිසිවෙකුගේ සහායක් නැතිව අවබෝධ කොට ගෙන අන්‍යයන්ටත් අවබෝධ කර දෙන හෙයින් බුද්ධ නම් වූ සේක. එපමණක් නොව චතුරාර්ය සත්‍යය ධර්මයන්ගෙන් බැහැර වූ දත යුතු අන්‍ය ධර්මයන් ද අවබෝධ කොට ගෙන ඇති හෙයින් ද උන්වහන්සේ බුද්ධ නම් වූ සේක.
බුදුරජාණන් වහන්සේ උසස් ආශ්චර්යය සම්පත්තීන්ගෙන් යුක්ත හෙයින් ද භජනය කරන ලද මාර්ගඵල, නිර්වාණ ධර්මයන් සහ වන සෙනසුන් ඇති හෙයින් ද, සිවුපසයටත්, අර්ථ, ධර්ම, විමුක්ති රසයටත්, අධි සීලාදියටත් හිමිකම් ඇති හෙයින් ද, ලෞකික ලෝකෝත්තර ධර්මයන් මනා සේ බෙදා වෙන් කොට දැක් වූ හෙයින් ද රාගාදී පාප ධර්ම වැනසූ හෙයින් ද, ගරු කළ යුතු හෙයින් ද මහ පින් ඇති බැවින් ද උතුම් කුසල ධර්මයන් මැනවින් භාවිත කරන ලද සිත් ඇති හෙයින් ද භගවා නම් වූ සේක. මේ උතුම් සියලු ගුණ අන් කිසිවෙකුට සමාන නැති අන්දමට බුදුරදුන් තුළ පැවතුන හෙයින් උන්වහන්සේ අසම නම් වූ සේක.
සත්ථා දේව මනුස්සානං
Sunday, October 24, 2021
ඛජ්ජන සූත්‍රය
අනුත්තර පුරිසදම්මසාරථී නම් වන සේක
Dhammapada
කො නු භාසො කිමානන්‍දො නිච්චං පජ්ජලිතෙ සති,
අන්‍ධකාරෙන ඔනද්ධා පදීපං න ගවෙස්සථා ති.
නිතොර ගිනි ඇවිල දැවෙද්දී, කවර සිනහවෙක් ද, කිනම් සතුටෙක් ද, අඳුරෙන් වැසුනහු පහණක් කිම නො සොයහු.
කො නු භාසො = කවර සිනහවෙක් ද?
කො යනු කිං යන්න මුල් කොට ඇත්තේ ය. එය සලිඞ්ගික වේ. “කිංසුධ විත්තං පුරිසස්ස සෙට්ඨං, කිං සීලං, කො සමාධි” යන තැන්හි සේ ය.
නු යනු නිපාතයි. ප්‍රශ්න, සංශය යන අරුත්හි එයි. “කස්මා නු තුම්හෙ දහරං න මීයරෙ, අරහං නු ඛොස්මි, නො නු ඛොස්මි” යනාදී බැහි සේ ය. මෙහි ප්‍රශ්න යෙහි ආයේය.
සන්තෝෂය හාස නම් “හාසොතීති = හාසො, හසති යෙන = සො හාසො, හසනං = හාසො යනු අරුත් කීම ය. තුටු පහටු අයුරය හාස.
කිං ආනන්‍දො = කිනම් සතුටක් ද?
කිං ශබ්දය “ කිං සෙවමානො ලහතීධ පඤ්ඤා, කිං රාජාදයො ලොකං පාලෙන්ති, යං කිං චි රූපං අතීතානාගතපච්චුප්පන්නං, කිං තෙ වක්කලි, ඉමිනා පූතිකායෙන දිට්ඨෙන, කිං නු කාහාමි දෙවතෙ” යන මේ තැන්හි පිළිවෙළින් ප්‍රශ්න, ගර්‍හා, අනියම, නිරර්‍ත්‍ථක, වචන ප්‍රතිග්‍රහණ යන අරුත්හි එන්නේ ය. තවත් ස්වරූප, වස්තු, ක්‍රියා, කාරක, කෘත්‍ය යන අරුත්හි ද, යෙදේ. මෙහි ද ප්‍රශ්නයෙහි ය.
දැඩි සතුට ආනන්‍ද නම්. ‘ආහුසො නන්‍දයතී ති = ආනන්‍දො’ යනු විවෘතියි. ‘ආ භූසා තුට්ඨි ආනන්‍දෙති වුච්චති’ යනු ටීකා ය.
නිච්චං = නිතොර. අතර නො තබා. නො කඩවා.
අතර නො තබා නො කඩවා පැවැත්ම ‘නිච්චං’ යන්නෙන් කිය වේ. “තොරතෝන්චියක් නැතුව” යනු සාමාන්‍ය ව්‍යවහාරයයි.
පජ්ජලිතෙ සති = ගිනි ඇවිල දන කල්හි. ගිනි ගෙණ තදින් ඇවිල ගත් කල්හි.
මේ සත්ලොව රාගාදී එකොළොස් ගින්නකින් රෑ දාවල හැම මොහොතෙක්හි අතර නො තබා තදින් ඇවිල ගෙණ දැවෙන්නේ ය. රාග, දෝස, මෝහ, ව්‍යාධි, ජරා මරණ, සෝක, පරිදේව, කායික දුක්ඛ, චෛතසිකදුක්ඛ, උපායාස යන මේ ය ඒ ගිනි එකොළොස. මේ ඔවුන්ගේ සංග්‍රහ ය.
“රාගො ච දොසො ච මොහො ච ව්‍යාධි
ජරා ච මරණම්පි ච සොකමෙව
පරිදෙවදුක්ඛම්පි ච දොමනස්සං
පායාසමෙකාදසමග්ගිමාහු”
රාගාදීහු ඇතුළත්හි සිට සත්ත්‍වයා පිළිබඳ හැම ගුණයක් දවන්නෝ ය. සත්ත්‍වයා පුළුස්සන්නෝ ය. එහෙයින් මොවුහු ගිනි වෙති. සත්ත්‍වශරීරගත සප්තධාතුන් ම වියලන්නෝ ය මොවුහු. සත්ත්‍ව ශරීරය ශුෂ්ක කරන්නෝත් මොහු ය.
අන්‍ධකාරෙන ඔනද්ධා = අඳුරෙන් වැසුන තෙපි අඳුරෙන් වළඳනා ලදහ.
මෙහි අන්‍ධකාර නම්, අවිද්‍යා ය. ප්‍රකෘති අන්‍ධකාරය පියවි ඇසින් දැකීම බැලීම නසන්නේ ය. පියවි ඇස වැඩට නැත්තක් කරන්නේ ය. චක්ඛුවිඤ්ඤානයාගේ ඉපැත්ම වළකන්නේ ය. අවිද්‍යාව ද එබඳු ය. නුවණැස නසන්නේ ය. සත්‍යය වසා ලන්නී ය. සත්ත්‍වයා නො මග යවන්නී ය. එහෙයින් අන්‍ධකාරැ යි වදාළ සේක.
ප්‍රකෘතිඅන්‍ධකාරයෙන් හැසී ගැවසී ගත් සත්ත්‍ව ලෝකය ක්‍රියා විරහිත වන්නා සේ අවිද්‍යාන්‍ධකාරයෙන් වැළඳුනු සත්ත්‍වලෝකයත් ක්‍රියාවිරහිත වන්නේ ය.
පදීපං න ගවෙස්සථ = පහන් කිම නො සොයහු ද?
මෙහි පදීප නම්, මගපල නුවණ ය. සූර්‍ය්‍යාදීලෝකාදී වූ යම්කිසි ආලෝකයක්හුගේ ලැබීමෙන් ප්‍රකෘති අන්‍ධකාරය නැසී යන්නා සේ මග පල නුවණ ලැබීමෙන් අවිද්‍යාන්‍ධකාරය නැසී යන්නේ ය. බුදුරජානන් වහන්සේ “අවිද්‍යා නැමැති ගනඳුරෙන් වැළඳ ගත්, අවිද්‍යාන්‍ධකාරයෙන් වැසී ගිය තෙපි එය දුරලීම පිණිස, එයින් ගොඩ එනු පිණිස කුමක් හෙයින් නැණ පහන නො දල්වවු ද? කිම නො සොයවු දැ” යි මෙයින් වදාළ සේක. අවිද්‍යාන්‍ධකාරයෙන් අඳුරුව ගිය සත්ත්‍වලෝකයහි නැණ පහන දැල්වියයුතු ය යනු එහි අදහස ය.
මුළු සත්ලොව රෑ දාවල හැම මොහොතෙක අතර නොතබා එක සැටියෙන් රාගාදී වූ ගිනි වලින් ඇවිල දැවෙන්නේ ය. එසේ දැවෙන මේ සත්ත්‍වයාහට මොන සිනහවෙක් ද, මොන සතුටෙක් ද, සිනහ වන්නට සතුටු වන්නට කරුණු නැත්තේ ය. අවිදු අඳුරෙන් තදින් මුළා ව සිටිනා සත්ත්‍වයා විසින් ඒ අවිදු අඳුර නසන්නට වෙර වැඩිය යුතු ය. නුවණ දියුණු කර ගත යුතු ය.
ධර්‍මදේශනාවගේ කෙළවර ඒ ගෑණු සෝවාන් පලයෙහි පිහිටියාහු ය. බුදුරජානන් වහන්සේ උන් නො සැලෙන සැදැහයෙහි පිහිටි බව දැන, මහමෙර මුදුනෙන් බැස බුද්ධාසනයෙහි වැඩ හුන් කල්හි විශාඛාවෝ “ස්වාමිනි! සුරා බීම කැත බීමෙක, විළිබිය නසන්නෙක, නින්දාවට කරුණෙක, මෙලොව දියුණුව නසනෙක, පරලොව අපායයට හෙලනෙක, ස්වර්‍ගය අවුරන්නෙක, ස්වාමිනි! මේ ගෑණු ඔබ වහන්සේ ඉදිරියෙහි ඉරියවු පමණෙහි වත් පිහිටා ගන්නට නො හැකි ව අත්පුඩි ගසන්නට සිනාසෙන්නට ගී කියන්නට නටන්නට උඩ පනින්නට පටන් ගත්තෝ සුරා බී මත්ව සිටි බැවිනි. තිරිසනකුටත් මේ බීම නො වටනේ ය. මේ බීම නිසා මිනිසා මුළුමනින් තිරිසනකු කරන්නේ ය” යි කීහ. “ඔව්, විශාඛා සුරා බීම ඉතා පහත් බීමක්, රා අරක්කු බීම නිසා විපතට පත් මිනිසුන්ගේ ගණන නො කියහැකිය, මේ නිසා මිනිස්සු මෙලොව ම ධනහානියට, භෝග හානියට, යසභානියට, ප්‍රඥා හානියට පැමින්නේ ය. මරණින් පසු සිවු අපායයෙහි උපදින්නාහ” යි බුදුරජුන් වදාළ කල්හි, නැවත විශාඛාවෝ “ස්වාමීනි! මේ රා අරක්කු ලොව පහළ වූයේ කවදාදැයි ඇසූහ. බුදුරජාණන් වහන්සේ ඒ දක්වන්නට විස්තර විසින් කුම්භජාතකය වදාළ සේක. එය බැලිය යුතුයි
Friday, October 22, 2021
ලෝකවිදූ නම් වන සේක
සුගත නම් වන සේක
Tuesday, October 19, 2021
සීහො සූත්‍රය
විජ්ජාචරණසම්පන්න නම් වන සේක
පහාරාද සූත්‍රය
බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...
-
බදුල්ල, බණ්ඩාරවෙල පාර ශ්‍රී ගෞතම සමාධි බුද්ධ මන්දීරයේ දර්ශනපති බඩල්කුඹුරේ ධම්මසිද්ධි හිමි ලොව්තුරා තථාගත අමාමෑණි බුදුරජාණන් වහන්සේගේ පළම...
-
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය පරම...
-
ඛුද්දක නිකායෙහි උදාන පාලිය: මුචලින්ද නා රජුගේ බුද්ධ උපස්ථානය මහමෙව්නා භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ සහ අනුශාසක කිරිබත්ගොඩ ඤාණානන්ද...