Tuesday, November 14, 2023
අසු මහා ශ්රාවක වහන්සේලා - 5 (පස්වන ලිපිය ) අනුරුද්ධ මහා රහතන් වහන්සේ
Thursday, October 26, 2023
පාපය-අකුසලය දුරලන උපාය මාර්ග
බුදුන් වහන්සේ මගපෙන්වන්නේ සිත පවින් ඉවත් කරවාගෙන කුසලයට ම යොමුකර තබාගැනීමට පුරුදු පුහුණූ කරවීමට ය. මෙය එතරම් පහසු දෙයක් නොවන බව, ඒ සඳහා උත්සාහ කරන ඕනෑම කෙනකුට පැහැදිළි කරගත හැකිය. අපේ සිත්වල තිබෙන්නේ සිතට පුරුදු කළ දේ ය. ඒ මේ ජීවිතයේදී මෙන් ම, සසර පුරුදු ලෙස ගෙන එන ඒවා ද විය හැකි ය. මේ ජීවිතයට අවශ්‍ය ගතිගුණ පුරුදු කරවීම අරඹන්නේ මවුපියන් ප‍්‍රධාන පවුලේ සමීපතමයන් විසිනි” යන්නවේ භාජනේ ලග්නඞ, සංස්කාරෝ නාන්‍යතා භවේත්” යන විෂ්ණු ශර්මන් පඬිවරයාගේ වදනට අනුව මේවා අමු මැටි බඳුනක අඳින රේඛා සටහන් සේ කල්පාන්තරයක් ගත වුව ද මැකීනොයයි. ගුරුවරුන්, අසල්වැසියන් සහ නෑ හිතමිතුරු සියල්ලන් එක් ව සමහර විට අලුත් පුරුදු ඇතිකරවන අතර, ඇති වී තිබුණු පුරුදු වැඩිදියුණු කරවීම ද කරනු ලබයි. මෙහි ලා අපේ මූලික ස්වභාව විසින් ඉටුකරලන වැඩ කොටසක් ද තිබේ. එනම් හැමවිටම ගැලපෙන අය සමග එකතු කරවීම ය. අප කෙසේ හෝ හොයාගෙන ගොස් එකතුවන්නේ ද අප වටා කෙසේ හෝ එක් රැස්වන්නේ ද අපට ගැලපෙන අය ය. නොගැලපෙන්නන් කෙසේවත් එකතුකර තැබිය නොහැකි ය. ගැලපීම සිදුවන්නේ මූලික ස්වභාවයන්ට අනුව යැයි බුදුරජාණන් වහන්සේ දක්වති.
මූලික ස්වභාවයන් මේ ජීවිතයේදී ලැබූ දේ නොවන අතර, සසර පුරා අපේ සිත්වල ට පුරුදු කරගෙන තිබෙන දේය. පිළින්දවච්ඡ මහරහතන් වහන්සේට සසර පුරුදු අතහැර ගැනීමට නොහැකිවීමෙන් කරදරයට පත්වූයේ, අසරණ ගොවියෙකි. මේ අයුරින් තම තමන් ගැන ම කල්පනා කර බලන ඔබට , ගැලපෙන මෙන් ම නොගැලපෙන ගති සිරිත් ද වශයෙන් කොතරම් ප‍්‍රමාණයක් නම් ඔබේ ජීවිතයට ඇබ්බැහි වී තිබේදැයි දැක ගත හැකි ය. ඔබට සැප හෝ දුක සකස් කර දෙන්නේ මෙම ගති සිරිත් මගින් වන නිසා ඒවා නොතකා හැරිය හැකි දේ නොවේ.
සතුටු වන හැම විටම කල්ලි ගැසී පිරිස පිරිවරා ගැනීමට අපි පුරුදුව සිටිමු. මහගම සේකරයන් කී පරිදි ඔබ හිනැහෙන විට මුළු ලොව ඔබ සමග සිනාසෙන බවත් නමුත්, ඔබ හඬන විට ඒ ලොව ඔබ අතහැර සිනාසෙන ඒ කිසිවිටෙකත් ඔබට නොවැටහෙයි. බුදුරජාණන් වහන්සේ දක්වන පරිදි මේ සතුට හෝ දුක කවරක් වුව ද, එය සැකසෙන්නේ ඔබේ සිත පුරුදු කර තිබෙන පිළිවෙළ අනුව ය.
ඔබේ සිතෙහි තිබෙන්නේ කුමක්දැයි යන්න හරියටම දන්නේ ඔබ ය.ශාරීරික කි‍්‍රයාකාරිත්වයට අවශ්‍ය රසායනික කොටස් සිරුර තුළ නිපදවෙන්නේ ඔබේ සිතිවිලිවලට අනුවය. ඒවායේ බලපෑම මත මුහුණේ සහ සිරුරෙහි ස්වභාවයත් ඇතැම් අසනීප ආදියත් සැකසෙන නිසා, ඔබ කවර අයුරකින් අන් අයට ඇගවීමට උත්සාහ කළ ද ඔබේ කල දවස ගතවන්නේ සැප සේ, සතුටෙන් නොවේ නම් ඒ බව ලෝකයාට හෙළිදරව්වීම කෙසේවත් වැළැක්විය නොහැකි ය. මෙනිසාම සකසා ගත් සිතින් ලැබෙන ආශිර්වාදය අන් කවර ආශිර්වාද පූජාවකිනුදු ලැබිය නොහැකිය. බුදුරජාණන් වහන්සේ පෙන්වන පරිදි කිසිවෙකුටත් උදුරාගත නොහැකි පර ම ධනය, එය ය.
සාමාන්‍ය මිනිස් සිත කිසිම වගාවකට යොදා නොගත්, සරුසාර බිම්කඩක් වැනි ය. එය ඉතාමත් ඵලදායි ලෙස දියුණු කළ හැකි ශක්ති බීජයන්ගෙන් පිරුණකි. එහෙත්, ඔබේ අවධානය නොයෙදෙන්නේ නම් එහි වැවෙන්නේ කිසිදු පලක් නොමැති වල් පැළෑටි ය.
මජ්ඣිම නිකාය ද්වේධාවිතක්ක සූත‍්‍රයෙන් පැහැදිලි කැරෙන පිළිවෙළ පුරුදු පුහුණු වීම ඉතා පහසුය. දිනක් බෝසතණාන් වහන්සේ, තැන්පත්ව තම සිතෙන් ඒ සිත ම , පරීක්‍ෂා කරමින් වැඩ සිටින විට , එහි නිමක් නොමැති ව මතුවන, අනේකවිධ සිතිවිලි දුටහ.
ඒ දෙස හොඳින් පරීක්‍ෂාකාරීව බැලීමෙන් හොඳ සිතිවිලි මෙන් ම නරක සිතිවිලි ද විටින් විට මතුවන බව දුටු උන්වහන්සේ, මේවා එකිනෙක නම් කරන්නට පුරුදු වූහ. ලෝභ සහගත සිතිවිල්ල ලෝභ සහගත සිතිවිල්ලක් ලෙස නම් කර, පසෙකට කළහ. ද්වේශ සහගත සිතිවිල්ල, ද්වේශ සහගත සිතිවිල්ලක් ලෙස නම් කර පසෙකට කළහ. කරුණාව ඇතිවී නම් එය කරුණාවන්ත සිතිවිලි ගොඩට දැමූහ. මේ අයුරින් සිතෙහි ඇතිවන විවිධ සිතිවිලි නම් කර, හොඳ සහ නරක වශයෙන් ගොඩවල් දෙකකට ඒවා වෙන්කර තැබීමට පුරුදු වූහ. නැවත ඇතිවන අවස්ථාවල දී එම සිතිවිලි ඉතා ඉක්මනින් හඳුනාගන්නට පහසුවක් වන මේ පළපුරුද්ද යහපත් සිතිවිලි ගොඩෙහි තිබෙන ඒවා නැවත නැවත ඇතිකර ගැනීමේදීත්, අයහපත් ගොඩෙහි තිබෙන ඒවා ඇති වන විට ඒවා කෙරෙහි නොසැළකිලිමත් වෙමින් ඇතිවූ තැන ම ලොප්කර දැමීමේදීත් ,ඉක්මනින් කි‍්‍රයාත්මකවීම සඳහා මහත් පිටුවහලකි. මේ ක‍්‍රම අනුගමනය කරමින් නොබෝ කලෙකින් යහපත් සිතිවිලි සිතෙහි තහවුරු කරගන්නටත් අයහපත් සිතිවිලි සිතෙන් බැහැර කරවන්නටත් සමත් වූ උන්වහන්සේ එය ම ආදර්ශයට ගන්නා ලෙස මජ්ම නිකායෙහි ම විතක්ක සණ්ඨාන සූත‍්‍රයෙහි දී පෙන්වා දෙති.
තැන්පත් සිතක් පවත්වාගැනීමට වෑයම් කරන විට, ආශාව, තරහ හෝ මුළාව මුල්කරගත් සිතිවිලි ඇතිවන්නේ නම්, ඒවා ඔබේ සිත, කය , වචනය අසංවර කරවා, ඔබව සීලයෙන් පිරිහීමට පත්කරවයි. සිත නොසන්සුන් වී, සමාධිය සිතින් දුරුකරවයි. මුළාව ඉස්මතු වී යමක් නිවැරැදිව තේරුම් ගැනීමට අවශ්‍ය ප‍්‍රඥාව යටපත් කරවයි. එම නිසා ම මෙබඳු සිතිවිලි පාප සහගත ය. නරක යනුවෙන් වටහගෙන ඒවා ඇතිවුවහොත් එවිගස ම තමාට ගැලපෙන, යහපත් සිතිවිල්ලක් ඇතිකර ගනිමින් එම පාප සහගත සිතිවිල්ල යටපත් කරගැනීමට තරම් තමන් ඤාණවන්ත විය යුතුය. බොහෝ විට දක්නට ලැබෙන්නේ තමාගේ සිතෙහි පව්කාර සිතිවිලි ඇතිකරගෙන , ඒවා දියුණුවන්නට හැර , එසේ වූයේ මවුපියන් නිසාය. ගුරුවරුන් හෝ වෙනත් පරිබාහිර කිසිවකු නිසා යැයි චෝදනා කරමින් අලසව සිටීමට මාන බලන අය ය. නමුත් බුදුරජාණන් වහන්සේ දක්වන්නේ, තමාට තමන් මිස අන් කිසිවකුත් නැති, නිරන්තරයෙන් වෙනස් වෙමින් පවතිමින්, මරණයෙන් කෙළවර වන, යළිත් කිසියම් තැනක නැවත උපදින ජීවිතයක් ගත කරන අන් අයට චෝදනා කරමින් තමා පිළිබඳ වගකීම නොතකා කටයුතු කර පිරිහීමට ගත කරන අප අන් අයට චෝදනා කරමින් තමා පිළිබඳ වගකීම නොතකා කටයුතු කර පිරිහීමට පත්වීමේ දී සිදුවන හානිය , වෙනත් ක‍්‍රමයකින් ආවරණය කළ නොහැකි බවය.
සිතක අයහපත් සිතිවිල්ලක් ඇතිවන්නේ නම්, වහා ම ආවරණය කළ නොහැකි බවය. යහපත් සිතිවිල්ලක් ඇතිකරගනිමින් ඒ අයහපත් සිතිවිල්ල යටපත් කරදැමීමට සැළකිළිමත් වීමය. මෙහිදී උපකාර කරගතහැකි වටිනා ලක්‍ෂණයක් ස්වභාව ධර්මය අපට පෙන්වාදෙයි. ඒ හැම දෙයකටම ප‍්‍රතිවිරුද්ධ දෙයක් ද තිබෙන බව දකින්නට සලස්වා තිබීමයි. අඳුරට අකමැති අය කළ යුත්තේ ආලෝකය ඇති කර ගැනීමය. එමෙන්ම ලෝභකම පරිත්‍යාගයෙන් ද, තරහ මෛති‍්‍රයෙන්ද, මුලාව නුවණින්ද යටපත් කරවන්නට උත්සුක විය හැකිය. ඕනෑම සිතිවිල්ලක් ඊට ප‍්‍රතිවිරුද්ධ සිතිවිල්ල ඇති කරගෙන යටපත් කරවිය හැකිය.
සාමාන්‍ය ලෝකය තුළ වුව ද පාපයට විශාල පිළිගැනීමක් තිබෙන බවක් පෙනේ. පාපය ලස්සන ය. බොහෝ දෙනෙක් එයට කැමතිය. පව්කිරීම ඉතා පහසුය. ඒවා කරන අයට පිරිස් ඕනෑතරම් සිටිති. එහෙත් ඒ බොහෝ කලකට නම් නොවේ. ඒ නිසා පාප සහගත සිතිවිල්ලක් ඇති වූවිට, එහි පාප සහගත බව සිහිපත් කරමින් එය සිතෙන් බැහැර කරවිය හැකිය. එය නරක බව සිතට ඒත්තු ගන්වා, එය අනුගමනය කිරීමෙන් ඇතැම්විට සතුටු විය හැකි නමුත් පාපය දුකට මුල් වන බව දැක, එය වැරැදි ය යන බව ම සිතට ඒත්තු ගැන්වීම ය. මෙහි දී කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ දක්වන්නේ ගෙලෙහි බැඳි බලු කුණක් හා සමානකොට සලකා පාපය බැහැර කළ යුතු බවයි.
තවත් සමහර විටක දී අනුගමනය කළ හැකි පිළිවෙළකි පාපය සිහිපත් නොකර සිටීම . එය හරියටම අකැමැති දෙයක් දකින්නට සැලසුණු විට , ඇස් පියාගෙන එය මඟහැර යෑම වැනිය. ඕනෑම සිතිවිල්ලක් නැවත නැවත මෙනෙහි කිරීම නිසා සිතෙහි වඩවඩාත් තහවුරුවන බව වඩ වඩාත් ශක්තිමත්ව මුල්බැස ගන්නා බව, අත්දැකීමෙන් ම දන්නා ඔබට, මේ පිළිබඳ අමුතුවෙන් විස්තර කළ යුතු නැත.
නැවත සිහිපත් නොකර සිටීමෙන් ද යටපත් නොවන තරම් බලසම්පන්න පාප සිතිවිල්ලක් නම් එය මතුවන්නේ කවර කාරණයක් මුල් කර ගෙන දැයි සිතා බලා, එහි නිශ්ඵල බව සිතට පෙන්වාදී, එය යටපත් කර දැමීමේ ක‍්‍රමයක් ද තිබේ. එය තමන්ට කරන්නට සිතෙන කිසියම් නිශ්ඵල දෙයක් එසේ කරන්නට සිතන්නේ ඇයි දැයි තමා විසින් ම දිගින් දිගටම ප‍්‍රශ්න කරමින් , විමසමින් අවලංගු කර දැමීම වැනිය.
අවසන් වශයෙන්, තවදුරටත් පාපය බලවත් ව තිබේ නම් දත් සපාගෙන, දිව උඩුතල්ලට තදකරගෙන අධිෂ්ඨානශීලිව උත්සාහකිරීමෙන් එය යටපත් කර දැමිය හැකි යැයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙති.
පාපය කෙසේ හෝ යටපත් කළ යුතුම දෙයක් වන බැවින්, මේ කවර උපක‍්‍රමයක් හෝ යොදාගෙන කළ යුතුව ඇත්තේ තම සිතෙන් පාපය බැහැර කර ගැනීමය. කුසල් දහම්වලට දියුණුවීමට අවශ්‍ය පරිසරය නිරායාසයෙන්ම එවිට ගොඩනැගෙනු ඇත.
මහා කාශ්යප මහරහතන් වහන්සේ
(හතරවන ලිපිය )
මහා කාශ්යප මහරහතන් වහන්සේ.
ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ධූතාංගධාරී භික්ෂූන් අතරින් අග්රස්ථාන යට පත් වූ මහරහතන් වහන්සේ ය. බුදුරජාණන් වහන්සේගේ තෙවැනි මහා ශ්රාවකයන් වහන්සේ වූ උන්වහන්සේට ගෞතම බුදු සසුනේ ධර්මාධිකාරී තනතුර ද හිමි වී තිබුණි. ‘අනුබුද්ධ’ යන ගෞරව නාමයෙන් ද උන්වහන්සේ හඳුන්වනු ලැබේ.
බුදුරජාණන් වහන්සේ විසින් පරිභෝග කරන ලද දිරා ගිය පාංශුකූලික චීවරය දැරීමට හා බුදු සිරිපා හිස මත තබා ගැනීමේ දුර්ලභ අවස්ථාව ද මහා කාශ්යප මහරහත් වහන්සේට හිමි විය. බුදුරජාණන් වහන්සේගේ ශි‍්‍ර කායෙහි පිහිටි දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් මහා පුරුෂ ලක්ෂණ පහක් මහා කාශ්යප මරහතන් වහන්සේගේ ශරීරයේ පිහිටා තිබීම හා බුදුරජාණන් වහන්සේට වඩා අඟල් සතරකින් උස අඩු වීම ද මහා කාශ්යප මහරහතන් වහන්සේගේ සුවිශේෂී ශරීර ලක්ෂණ ලෙස ධර්ම ග්රන්ථයන් හි සඳහන් වී තිබේ.
පළමු ධර්ම සංගායනාව සඳහා ප්රධාන අනුශාසකත්වය ලබා දුන්නේ ද මහා කාශ්යප මහරහතන් වහන්සේ යි. ඒ තුළින් විවිධ පැහැති මල් ගොඩක් විසිරී පැතිරී තිබෙන්නාක් මෙන් වූ ත්රිපිටකය එකතු කොට සකස් කිරීමට නායකත්වය ලබා දුන්නේ ද උන්වහන්සේ ය. එම නිසා ම වර්තමානය දක්වා ම පෙළ දහම සුරක්ෂිතව පවතී.
මහා කාශ්යප මහරහතන් වහන්සේ ඉතා සරල දිවි පෙවෙතක් ගත කළ රහතන් වහන්සේ නමකි. එම නිසා උන්වහන්සේගේ වාසස්ථානය බවට පත්වූයේ කාත් කවුරුවත් නොමැති වනාන්තර, හුදෙකලා වූ සොහොන් පිටි ය. එවන් ස්ථාන උන්වහන්සේගේ සමවත් සුවයට පිහිට විය. නගරබද ප්රදේශවලට නොවැඩි උන්වහන්සේ නිහඬ බව පි‍්‍රය කළහ. පැවිදි බව ලැබූ දා පටන් පිරිනිවන්පාන දවස දක්වා ම, උන්වහන්සේ ඇඳක පිට තැබුවේ නැත. බුදුරජාණන් වහන්සේ ද නිතර ශ්රාවකයින් හට අවවාද කළේ මහා කාශ්යප මහරහතන් වහන්සේගේ දිවි පැවැත්ම තම තමන්ගේ ජීවිතවලට ආරෝපණය කර ගන්නා ලෙසට ය.
මහා කාශ්යප මහ රහතන් වහන්සේ රජ මැදුරුවල දිව්ය භෝජනවලට පි‍්‍රය නොකළහ. දුගී දුප්පත් පැල්පත්වලට වැඩම වීම උන්වහන්සේට ආගන්තුක නොවී ය. නෙත ගැටුණු, නොගැටුණු රෝගීන්ට උන්වහන්සේගේ පිහිට ලැබුණේ ය. උන්වහන්සේ තමන් වහන්සේට ලැබෙන පිණ්ඩපාතය වැළඳීමට ප්රථම සමාපත්තියට සමවැදී ඉන් නැගී සිටිමින් පිණ්ඩපාතය වැළඳුවේ ය. උන්වහන්සේ එසේ කරන්නට වූයේ පිණ්ඩපාතය පූජා කළ දුප්පත් මිනිසුන්ගේ පින තව තවත් බලවත් කිරීම සඳහා ය. උන්වහන්සේට පිණ්ඩපාතය පුජා කළ බොහෝ පිරිස් මරණින් මතු සුගතියට එළඹියහ. ඇතැමුන්ට එහි සැප විපාක මෙලොව දී ම ලැබුණි.
මහා කාශ්යප මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවේ එකසිය විසි වැනි වියේ දී ය. උන්වහන්සේගේ ශ්රී ශරීරය උතුරු ඉන්දියාවේ ‘කුක්කුටසම්පාන’ පර්වතය තුළ තවමත් සුරක්ෂිතව පවතී. මේ බව ‘සම්පිණ්ඩිත මහා නිදාන’ දුර්ලභ පාලි ග්රන්ථයේ සඳහන් වේ.
මහා කාශ්යප මහරහතන් වහන්සේගේ චරිතය තුළින් අපට ගත හැකි පූර්වාදර්ශ බොහෝ වෙති. සරල චාම් දිවි පෙවතක් ගත කිරීම, ලද දෙයින් සතුටු වීම, පහසුවෙන් පෝෂණය කළ හැකි වීම, නිහතමානී බව, දුක්වේදනා ඉවසීම, පමණ දැන ගැනීම, දුප්පත් අසරණයින්ට පිහිට වීම, ලාබ සත්කාර කීර්ති ප්රශංසාවලට ගිජු නොවීම, වගකීම් පැහැර නොහැරීම යන චරිතාදර්ශ උන්වහන්සේගේ ජීවන චරිතය තුළින් අපගේ ජීවිතයට උකහා ගත හැකිය.
තෙරුවන් සරණයි ..!
දාන පාරමිතා
මහා මංගල සූත්රය
Sunday, October 22, 2023
අච්චෙන්ති සූත්රය
ඉහත සඳහන් කළ ගාථා ධර්මය බුදුරජාණන් වහන්සේ විසින් එක්තරා දේවතාවෙක් සඳහා දෙසන ලද පිළිතුරකි. එවේලෙහි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවනාරාමයේය. මේ දේවතාවා මධ්‍යම රාති‍්‍රයෙහි එහි පැමිණ, “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස! අප සතුව ඇති කාලය ගෙවී යනවා. ඒ සමඟම ආයු කාලය රාති‍්‍ර කාලයන්ගෙන් ඉකුත් වී සත්ත්වයා මරණයට පත් කරන්නේය. මේ කරුණු සසර බියට හේතුවකි. එය මරණය සමඟ සසඳමින් කුසල් කිරීම යහපත් වේයැ”යි බුදුරජාණන් වහන්සේට සැළ කෙළේය. බුදුරජාණන් වහන්සේ එම දේව භාෂිතය අනුමත කළ සේක.
(සංයුත්ත නිකාය අච්චෙන්ති සූත‍්‍රය - දේවතා වග්ගය)
14. අනාපත්ති ප්‍රශ්නය
14. අනාපත්ති ප්‍රශ්නය
මිලිඳු රජු -
ස්වාමීනි, යමෙක් විපාක නොදැන පව්කම් කරන්නේ නම් ඔහුට බොහෝ අකුසල් සිදුවන බව කියවෙයි. එසේනම් විනය පිටකයෙහි “මේ සත්වයා මරමි” යයි නොදන්නා අයටද පව් නැතැයි සඳහන් වන්නේ කෙසේද?
නාගසේන තෙරණුවෝ -
මහරජ, විශාලා මහනුවර භික්ෂු නමක් පිඬු සිඟා වඩිද්දී අනවසරයෙන් නිවසකට ඇතුළුවී රෙද්දක් එළා තිබූ පුටුවක වඩි විය. එහි රෙද්දකින් වසා කුඩා බිළිඳකු නිදි කරවා තිබු අතර භික්ෂුන් වහන්සේ වාඩිවීම නිසා ඒ දරුවා මිය ගියේය. එම භික්ෂුව විසින් මෙම සිද්ධිය බුදුපියාණන්ට සැළ කළ විට, ඒ බව දැනගෙන කළේදැයි විචාරා, නොදැන වූ බව පැවසූ කල පාපයක් නැතැයි වදාළහ. එහෙත් මින් පසු නිවැසියන් විචාරාම අසුන් ගන්නැයි අවවාද කළ සේක.
තවත් වරෙක භික්ෂු නමක් විෂ මිශ්‍ර භෝජනයක් ලැබ විහාරයට ගෙන ගොස් හිතවත් භික්ෂු නමක් වළඳවා විෂයෙන් මළ කල මහා ශෝකයෙන් බුදුපියාණන් කරා ගොස් සැළ කළේය. එවිට බුදුපියාණෝ ඒ බව දැනගෙන කළේදැයි විචාරා නොදැන වූ බව පැවසූ විට පව් නැතැයි වදාළහ. කර්මය යනු සිතා මතා කරන ක්‍රියාය. දරුවා මිය ගියද, භික්ෂු නම මිය ගියද ඔවුන් මැරීමේ චේතනාවක් කිසිවෙකුට නොතිබුණි. මේ අනුව අකුසල් විපාක නොදැන පව් කරන්නාට බොහෝ අකුසල් රැස්වන බවත්, “මේ ක්‍රියාව නිසා මේ සත්වයා මිය යයි” කියා නොදන්නා අයට පව් නැති බවත් සත්‍යය.
අනුරුද්ධ මහා රහතන් වහන්සේ
ගිහි කල සිද්ධාර්ථ කුමාරයාගේ ඥාති සහෝදරයෙකු වූ අනුරුද්ධ කුමාරයා පසු කාලයකදී උපාලි කරණවෑමියා, ආනන්ද කුමරු සහ දේවදත්ත කුමරු ආදී තමන්ගේ ඥාතී පිරිසක් සමග බුදුරජාණන් වහන්සේ හමුවී පැවිදි බව ලබා ගත්තා. විදසුන් වඩා මහරහත් භාවයට පත්වුණු උන්වහන්සේ දිවැස් ලාභීන් අතර අග්රස්ථානයට පත් වුණා. බුද්ධ පරිනිර්වාණය අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ විවිධ සමාපත්තීන්වලට සම වැදෙද්දී උන්වහන්සේ පිරිනිවන් පා ඇතැයි ශිෂ්ය භික්ෂූන් වහන්සේලා සැක පළ කළා. ඒ අවස්ථාවේදී දිවැසින් බලා බුදුරජාණන් වහන්සේ තවම පිරිනිවන් පා නොමැති බවත් විවිධ සමාපත්තිවලට සම වැදී ඇති බව අනුරුද්ධ මහරහතන් වහන්සේ ප්රකාශ කළා. පළමු ධර්ම සංගායනාවෙන් පසුව අංගුත්තර නිකාය ආරක්ෂා කර ගැනීමේ වගකීම අනුරුද්ධ මහරහතන් වහන්සේ ප්රමුඛ ශිෂ්ය පරපුරට පැවරුණා.
-
බදුල්ල, බණ්ඩාරවෙල පාර ශ්රී ගෞතම සමාධි බුද්ධ මන්දීරයේ දර්ශනපති බඩල්කුඹුරේ ධම්මසිද්ධි හිමි ලොව්තුරා තථාගත අමාමෑණි බුදුරජාණන් වහන්සේගේ පළම...
-
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්රධාන අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි භාග්යවතුන් වහන්සේ දේශනා කළ උතුම් ශ්රී සද්ධර්මය පරම...
-
ඛුද්දක නිකායෙහි උදාන පාලිය: මුචලින්ද නා රජුගේ බුද්ධ උපස්ථානය මහමෙව්නා භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ සහ අනුශාසක කිරිබත්ගොඩ ඤාණානන්ද...