14. අනාපත්ති ප්‍රශ්නය
මිලිඳු රජු -
ස්වාමීනි, යමෙක් විපාක නොදැන පව්කම් කරන්නේ නම් ඔහුට බොහෝ අකුසල් සිදුවන බව කියවෙයි. එසේනම් විනය පිටකයෙහි “මේ සත්වයා මරමි” යයි නොදන්නා අයටද පව් නැතැයි සඳහන් වන්නේ කෙසේද?
නාගසේන තෙරණුවෝ -
මහරජ, විශාලා මහනුවර භික්ෂු නමක් පිඬු සිඟා වඩිද්දී අනවසරයෙන් නිවසකට ඇතුළුවී රෙද්දක් එළා තිබූ පුටුවක වඩි විය. එහි රෙද්දකින් වසා කුඩා බිළිඳකු නිදි කරවා තිබු අතර භික්ෂුන් වහන්සේ වාඩිවීම නිසා ඒ දරුවා මිය ගියේය. එම භික්ෂුව විසින් මෙම සිද්ධිය බුදුපියාණන්ට සැළ කළ විට, ඒ බව දැනගෙන කළේදැයි විචාරා, නොදැන වූ බව පැවසූ කල පාපයක් නැතැයි වදාළහ. එහෙත් මින් පසු නිවැසියන් විචාරාම අසුන් ගන්නැයි අවවාද කළ සේක.
තවත් වරෙක භික්ෂු නමක් විෂ මිශ්‍ර භෝජනයක් ලැබ විහාරයට ගෙන ගොස් හිතවත් භික්ෂු නමක් වළඳවා විෂයෙන් මළ කල මහා ශෝකයෙන් බුදුපියාණන් කරා ගොස් සැළ කළේය. එවිට බුදුපියාණෝ ඒ බව දැනගෙන කළේදැයි විචාරා නොදැන වූ බව පැවසූ විට පව් නැතැයි වදාළහ. කර්මය යනු සිතා මතා කරන ක්‍රියාය. දරුවා මිය ගියද, භික්ෂු නම මිය ගියද ඔවුන් මැරීමේ චේතනාවක් කිසිවෙකුට නොතිබුණි. මේ අනුව අකුසල් විපාක නොදැන පව් කරන්නාට බොහෝ අකුසල් රැස්වන බවත්, “මේ ක්‍රියාව නිසා මේ සත්වයා මිය යයි” කියා නොදන්නා අයට පව් නැති බවත් සත්‍යය.
No comments:
Post a Comment