ගිහි කල සිද්ධාර්ථ කුමාරයාගේ ඥාති සහෝදරයෙකු වූ අනුරුද්ධ කුමාරයා පසු කාලයකදී උපාලි කරණවෑමියා, ආනන්ද කුමරු සහ දේවදත්ත කුමරු ආදී තමන්ගේ ඥාතී පිරිසක් සමග බුදුරජාණන් වහන්සේ හමුවී පැවිදි බව ලබා ගත්තා. විදසුන් වඩා මහරහත් භාවයට පත්වුණු උන්වහන්සේ දිවැස් ලාභීන් අතර අග්රස්ථානයට පත් වුණා. බුද්ධ පරිනිර්වාණය අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ විවිධ සමාපත්තීන්වලට සම වැදෙද්දී උන්වහන්සේ පිරිනිවන් පා ඇතැයි ශිෂ්ය භික්ෂූන් වහන්සේලා සැක පළ කළා. ඒ අවස්ථාවේදී දිවැසින් බලා බුදුරජාණන් වහන්සේ තවම පිරිනිවන් පා නොමැති බවත් විවිධ සමාපත්තිවලට සම වැදී ඇති බව අනුරුද්ධ මහරහතන් වහන්සේ ප්රකාශ කළා. පළමු ධර්ම සංගායනාවෙන් පසුව අංගුත්තර නිකාය ආරක්ෂා කර ගැනීමේ වගකීම අනුරුද්ධ මහරහතන් වහන්සේ ප්රමුඛ ශිෂ්ය පරපුරට පැවරුණා.
Subscribe to:
Post Comments (Atom)
-
බදුල්ල, බණ්ඩාරවෙල පාර ශ්‍රී ගෞතම සමාධි බුද්ධ මන්දීරයේ දර්ශනපති බඩල්කුඹුරේ ධම්මසිද්ධි හිමි ලොව්තුරා තථාගත අමාමෑණි බුදුරජාණන් වහන්සේගේ පළම...
-
මෛත්‍රී භාවනාව – 01 කොටස – අසුරු සැණක් මෙත් වඩා නොසිස් දැහැනින් … Feb 21, 2021 | සිත නිවන භාවනා | 0 මෛත්‍රී භාවනාව – 01 කොටස – ...
-
තමන්ගේ ස්වභාවය පිළිබඳව මනා වූ අවබෝධයක් ලබා ගැනීමට කන්දරක සූත්‍රය පිටුවහලක් වන්නේය. ඒ තත්කාලීන සමාජය අධ්‍යනය කිරීමෙන් බුදුරජාණන් වහන්සේ එදා...
No comments:
Post a Comment