නඛසිඛා සූත්‍රය
74
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසයකරන සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නිය පිට පස් ස්වල්පයක් තබාගෙන භික්ෂූන් ඇමතූසේක.
“මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? මා විසින් යම් මේ නිය පිට තබන ලද පස් ස්වල්පයද, මේ මහ පොළොවද යන දෙකින් කුමක් වනාහි වඩා ලොකු වෙයිද” “ස්වාමීනි, යම් මේ මහ පොළොවක් වේද, එයම වඩා ලොකුවෙයි. භාග්‍යවතුන් වහන්සේ විසින් නිය පිටට ගන්නා ලද, මේ පස් ස්වල්පය ඉතා සුළුය. භාග්‍යවතුන් වහන්සේ විසින් නිය පිටට ගන්නා ලද, පස් ස්වල්පය මහ පොළොව හා සමග සසඳා බලන කල්හි, සියයෙන් කොටසකටද නොපැමිණෙයි. දහසින් කොටසකටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසකටද නොපැමිණෙයි.’
“මහණෙනි, එසේම වනාහි සෝවාන් මාර්ග සම්‍යක්දෘෂ්ටියෙන් යුක්තවූ, නුවණින් ආර්යසත්‍යය අවබෝධ කළාවූ, ආර්යශ්‍රාවක පුද්ගලයාගේ යම් මේ දුකක් ක්ෂයවූයේද, කෙළවරවූයේද ඒ ක්ෂයවූ කෙළවරවූ දුකම ඉතා වැඩිය. ඉතිරිවූ දුක ඉතා ස්වල්පය. ක්ෂයවූ කෙළවරවූ, දුක්ගොඩ හා සමග සැසඳීමේදී යම් මේ සත්වරක් (ඉපදීම) පරමකොට ඇති, මේ දුක සියයෙන් කොටසටද නොපැමිණෙයි. දහසින් කොටසටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසටද නොපැමිණෙයි.
“මහණෙනි, ධර්මාවබෝධය වනාහි මේසා මහත්වූ අර්ථ ඇත්තේය. දහම් ඇස ලැබීම මේසා මහත්වූ අර්ථ ඇත්තේය.”
(පළමුවෙනි නඛසිඛා සූත්‍රය නිමි.)
No comments:
Post a Comment