ඣත්‍වා සූත්‍රය
267
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේය.
එකත්පස්ව සිටි ශක්‍රදේවේන්‍ද්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට ගාථාවෙන් මෙසේ කීය:
“ගෞතමයන් වහන්ස, (සත්ත්‍වතෙම) කුමක් නසා සුවසේ නිදාගනීද? කුමක් නසා ශෝක නොකෙරේද? කිනම් එකම ධර්‍මයක්හුගේ විනාශය රුචිකරන සේක්ද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:) “වාසවය, ක්‍රෝධය නසා (සත්ත්‍වතෙම) සුවසේ නිදාගැනීම කෙරේ. ක්‍රෝධය නසා ශෝක නොකෙරේ,
විෂ මුල් ඇති, (ක්‍රෝධ කරනවිට සතුටු ඇති බැවින්) මිහිරි කරටිය ඇති, ක්‍රෝධය නැසීම ආර්‍ය්‍යයෝ ප්‍රශංසා කරත්. යම් හේතුවකින් ඒ ක්‍රෝධය නසා ශෝක නොකෙරේද (එහෙයිනි).”
No comments:
Post a Comment