Saturday, June 5, 2021
අරක සූත්‍ර දේශනාව
කායික මානසික සුවයට ඔසුවක්
කායික මානසික සුවයට ඔසුවක්
අම්බලන්ගොඩ, කහව ගල්දූව
ගුණවර්ධන යෝගාශ්‍රමයේ
ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමයේ
මහා ලේඛකාධිකාරී කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි
මිනිස් සිරුරේ ධාතූන් වෙනස් වූ විට එනම්, තේජෝ ධාතුව වැඩි වූ විට උණ හට ගනියි. ආපෝ ධාතුව වැඩි නම්, සැරව ගලනවා. සෙම්ප්‍රතිශ්‍යාව, තුවාලයක් හැදුණොත් වේලෙන්නේ නැහැ. පඨවි ධාතුව වැඩි වුණොත් ශරීරය ගණ වෙනවා. වායෝ ධාතුව වැඩි වුණොත් සිරුර ඉදිමෙනවා. මේ සතර එහෙ මෙහෙ වූ විට කවුරුත් රෝගී වෙනවා. බුදුන් වහන්සේ වදාළේ, මේ ධාතු සම මට්ටමකට තබා ගත යුතු බව යි. යමෙක් ඖෂධ භාවිත කරන්නේ ධාතූන් සම මට්ටමට ගැනීමට යි.
පෙර ලිපි මඟින් කායගතාසතිය සමඟ ධාතු මනසිකාරය පහදා දුන්නා. එය කොටස් විසි දෙකකින් මෙනෙහි කළා. (මේ කයෙහි කේශයෝ වර්ණයෙන් පිළිකුල් ය... යනුවෙන්) එසේනම්, කායගතාසතියේ කොටස් තිස්දෙකම ධාතු මනසිකාරයට යොදා ගත යුතු යි. පඨවි ධාතුවට කේශාදී කොටස් විස්සක් තිබෙයි. ආපෝ ධාතුවට පිත, සෙම, සැරව ආදී කොටස් දොළහකි. තේජෝ ධාතුවට කොටස් සතරක් ද, වායෝ ධාතුවට කොටස් හයක් ද වෙයි. එවිට සියල්ල හතළිස් දෙක යි. මේ හතළිස් දෙක ම ධාතු මනසිකාරයට ගත යුතුයි.
මේ කොටස් හතළිස් දෙක ඉහත මතකයට නගා, කොටස් විසි දෙකට අන්තර්ගත කර, හොඳින් මෙනෙහි කරන්න. එවිට ධාතු මනසිකාරය හොඳට දියුණු කරන්න පුළුවනි. ගැඹුරට යන්න අපහසු නම් මේ කයෙහි කේශයෝ පඨවි ධාතුව ය. ආපෝ ධාතුවය, තේජෝ ධාතුව ය, වායෝ ධාතුව ය යනුවෙන් මෙනෙහි කරන්න. කේශා කොටසෙහි පඨවි, ආපෝ, තේජො, වායෝ ධාතු කොටස් සතරම වෙයි. කෙස් තද ගතිය නිසා පඨවි ධාතුව පමණක් බව සිතන්න. මේ ධාතු සතරම නැත්නම් කෙස් ගසක් පවතින්නේ නැහැ.
තවත් උදාහරණයක් සඳහන් කළොත්, මැටි ටිකක් ඇණීමේ දී ජලය වැඩි වුණොත් එය භාවිතයට ගන්න අපහසු යි. සිමෙන්ති ටිකට ජලය වැඩි වුණොත් එය සම මට්ටමට ගැනීමට නැවත වැලි යෙදිය යුතු යි. එලෙසම ශරීරයෙත් ධාතු කොටස් සම මට්ටමට ගත යුතු යි. වැලි කැටය එලෙස පවතින්නේ ධාතු සතරම සම නිස යි. ගඩොල් කැටය පිළිස්සී වේලී ගඩොල් කැටයක් ලෙස පවතින්නේ ධාතු සතර සමව පවතින නිස යි.
තේජෝ ධාතුව ගැන සඳහන් කිරීමේ දී එය උෂ්ණ ස්වභාවයෙන් සමන්විත යි. එනම් උණුසුම් ගතිය යි. කන බොන දේ කරණ කොට ගෙන දිරවීම, පැසවීම, ආදී අවස්ථාවල දී උපයෝගී වන සිරුරේ උෂ්ණ ගතිය තේජෝ ධාතුව යි. තේජෝ ධාතුව යමක් කරණ කොටගෙන තැවෙනවා ද? එය ‘සන්තප්පති’ තේජෝ ධාතුව යි. යමක් කරණ කොටගෙන දිරවනවා ද? එය ‘ජිරීයතී’ තේජෝ ධාතුව යි. යමක් කරණ කොට ගෙන දැවෙනවාද? එය ‘පරිදයිහිති’ තේජෝ ධාතුව යි. යමක් කරණ කොටගෙන කන බොන දේ සියල්ලක් ම පැසවනවා ද? එය ‘තේජෝ’ ධාතුව යි. ‘අසිත පීත කායිත්ථ සාහිත සම්මා පරිණාමං ගච්ඡති’ තේජෝ ධාතුවේ ක්‍රමය යි. එනම් තේජෝ ධාතු කර්මස්ථානය හේතුකොටගෙන තමන්ගේ සිරුරේ තිබෙන උෂ්ණයෙන් දැවෙන තැවෙන බව දිරවන බව මෙහි ලක්ෂණ යි. ඒවා හොඳට වටහා ගෙන ඉදිරියට මෙනෙහි කරන්න. එවිට තේජෝ ධාතුව පිළිබඳ තමන්ට මනාකොට වැටහීමක් වෙයි.
තම සිරුරේ උණ, දහදිය හට ගැනීම තේජෝ ධාතුවේ ලක්ෂණය යි. සෑම කොටසක ම තේජෝ ධාතුව අඩංගු වෙයි. එවිට ඒ කරුණු සර්ව සම්පූර්ණව ම ගෙන යා හැකි යි. ශරීරයේ දැවෙන ගතිය ඇති උෂ්ණය, තේජෝ ධාතුව යනුවෙන් ප්‍රකාශ කරයි. එය සිරුරෙහි වෙනම කොටසක් ලෙස සලකයි. නමුත් චේතනාවක් නැහැ. එය අචේතනික වූ, හිස්වූ දෙයක්. ඒ නිසා තැවෙන බව, දිරවන බව, දැවෙන බව, පැසෙන බව එනම්, තැවෙන තේජෝ ධාතුව, දිරවන තේජෝ ධාතුව, දැවෙන තේජෝ ධාතුව, පැසෙන තේජෝ ධාතුව වෙයි. මේ කොටස් සතර තේජෝ ධාතුව යනුවෙන් ව්‍යවහාර කරයි. මෙය තමන්ගේ සිරුරෙහි තිබෙන බව හොඳට වටහා ගෙන මෙනෙහි කරන්න.
ආහාර අනුභව කළ විට සියල්ල දිරවාගෙන යයි. ඒ කර්තව්‍යයට සිරුරේ උෂ්ණත්වය අවශ්‍ය වෙයි. තම සිරුරේ දිරවීමේ ලක්ෂණය හොඳින් පිහිටා තිබෙයි. තේජෝ ගතිය අධික නම්, උණ ගතිය හොඳටම වැඩි වෙයි. එවිට සිරුර සිසිල් කරවා ඖෂධ ලබා ගත යුතු යි. මෙලෙස සිරුර සම මට්ටමට ගෙන යා යුතු යි.
මෙසේ පැහැදිලි කරන්නේ තමන්ගේ සිරුරේ ඇති දෙයක් ම බව සිතන්න. චතු සමුට්ඨානික වන කර්ම, චිත්ත, ඍතු , ආහාර, යනු ධාතූන් හටගන්නා ක්‍රමය යි. එසේනම්, තේජෝ ධාතුව පිළිබඳව ගැඹුරු නුවණකින් මෙනෙහි කරන්න.
වැලි කැටයේ සිට සෑම දෙයක ම පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතු කොටස් සතරට අන්තර්ගත යි. එය එකිනෙකට සම්බන්ධ වෙයි. එය උස් පහත් වුණොත් සත්ත්වයාගේ ලෙඩ වීම ඇති වෙයි. සම මට්ටමේ තිබුණොත් කිසිවක් වන්නේ නැහැ. මේ ගැන හොඳ දැනීමක් ඇති කර ගන්න. සියලු ම දේ හට ගන්නේ කම්ම සමුට්ඨානං, චිත්ත සමුට්ඨානං, ඍතු සමුට්ඨානං, ආහාර සමුට්ඨානං කොටස් වලිනි. මෙලෙස ධාතූන් ගැනම මෙනෙහි කිරීම ලොකු ශක්තියක්.
තැවෙන බව අනිත්‍යය යි, දුක්ඛයි , අනාත්ම යි, යනුවෙන් මෙනෙහි කරන්න. දිරන බව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කරන්න. දැවෙන බව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කරන්න. පැසෙන බව අනිත්‍ය , දුක්ඛ, අනාත්ම බව මෙනෙහි කරන්න. තේජෝ ධාතුවේ ලක්ෂණය උෂ්ණය සහ සිසිලස බව හොඳට වටහා ගෙන, අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කර ගැනීම කායික මානසික සුවතාවයට හොඳම ඔසුවක්.
තමන්ට වැටහෙන යම් පමණකින් ද සතිපට්ඨාන භාවනාවට අනුකූල ව හොඳින් දියුණු කළ යුතු යි. මෙලෙස සිතම දියුණු කළොත් මිනිසා හැදෙනවා. ‘මිනිසා නොහදා ගම හදා ගත නොහැකි යි’ යනුවෙන් කියමනක් ද තිබෙයි. එසේනම්, තමන් මුලින් ම හැදී ගම සාදා රටත් හදන්න. ඒ සඳහා බුදුන් වහන්සේ පෙන්වා වදාළ භාවනා ක්‍රම මෙනෙහි කරන්න.
- ජම්මික ප්‍රබෝධනී වැලිකල
මල්ලිකාසුත්තං
මල්ලිකාසුත්තං
119
සාවත්ථිනිදානං . තෙන ඛො පන සමයෙන රාජා පසෙනදි කොසලො මල්ලිකාය දෙවියා සද්ධිං උපරිපාසාදවරගතො හොති. අථ ඛො රාජා පසෙනදි කොසලො මල්ලිකං දෙවිං එතදවොච - ‘‘අත්ථි නු ඛො තෙ, මල්ලිකෙ, කොචඤ්ඤො අත්තනා පියතරො’’ති? ‘‘නත්ථි ඛො මෙ, මහාරාජ, කොචඤ්ඤො අත්තනා පියතරො. තුය්හං පන, මහාරාජ, අත්ථඤ්ඤො කොචි අත්තනා පියතරො’’ති? ‘‘මය්හම්පි ඛො, මල්ලිකෙ, නත්ථඤ්ඤො කොචි අත්තනා පියතරො’’ති.
අථ ඛො රාජා පසෙනදි කොසලො පාසාදා ඔරොහිත්වා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච - ‘‘ඉධාහං, භන්තෙ, මල්ලිකාය දෙවියා සද්ධිං උපරිපාසාදවරගතො මල්ලිකං දෙවිං එතදවොචං - ‘අත්ථි නු ඛො තෙ, මල්ලිකෙ, කොචඤ්ඤො අත්තනා පියතරො’ති? එවං වුත්තෙ, භන්තෙ, මල්ලිකා දෙවී මං එතදවොච - ‘නත්ථි ඛො මෙ, මහාරාජ, කොචඤ්ඤො අත්තනා පියතරො. තුය්හං පන, මහාරාජ, අත්ථඤ්ඤො කොචි අත්තනා පියතරො’ති? එවං වුත්තාහං, භන්තෙ, මල්ලිකං දෙවිං එතදවොචං - ‘මය්හම්පි ඛො, මල්ලිකෙ, නත්ථඤ්ඤො කොචි අත්තනා පියතරො’’ති.
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං ගාථං අභාසි -
‘‘සබ්බා දිසා අනුපරිගම්ම චෙතසා,
නෙවජ්ඣගා පියතරමත්තනා ක්වචි;
එවං පියො පුථු අත්තා පරෙසං,
තස්මා න හිංසෙ පරමත්තකාමො’’ති.
මල්ලිකා සූත්‍රය
119
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල්හි පසේනදි කොසොල් රජ මල්ලිකා දේවිය සමග ප්‍රාසාදයෙහි මතුමහලට නැග සිටියේ වෙයි. එවිට කොසොල් රජ, “මල්ලිකාවෙනි, තමන්ට වඩා ප්‍රියකරන අන් කිසිවෙක් ලොව ඇත්තේදැ?”යි මල්ලිකා දේවියගෙන් ඇසීය.
“මහරජ, මටනම් තමන්ට වඩා ප්‍රියවූ අන් කිසිවෙක් ලොවම නැත. ඔබට තමන්ට වඩා ප්‍රියවූ අන් කිසිවෙක් සිටීදැ” යි ඇසීය.
“මල්ලිකාවෙනි, මටත් තමන්ට වඩා ප්‍රියවූ අනිකෙක් නැතැ” යි රජතෙම කීයේය.
ඉන්පසු කොසොල් රජ පහයෙන් බැස, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක උන්නේය. එකත්පස්ව හිඳ මෙය කීයේය.
“ස්වාමීනි, මම මල්ලිකා දේවිය සමග පහයේ මතු මහලේ සිටියෙමි. ‘මල්ලිකාවෙනි, ඔබට තමන්ට වඩා ප්‍රියවූ අන් කිසිවක් ඇත්තේදැ’ යි ඇසීමි. මෙසේ අසනු ලැබූ මල්ලිකා දේවී තොමෝ, ‘මහරජ, මට තමන්ට වඩා ප්‍රිය අන් කිසිවෙක් නැත, ඔබට තමන්ට වඩා ප්‍රියවූ අන් කිසිවෙක් ඇත්තේදැ’ යි ඇසුවාය. ස්වාමීනි, මෙසේ අසනු ලැබූ මම, ‘මල්ලිකාවෙනි, තමන්ට වඩා ප්‍රියවූ අන් කිසිවෙක් මටත් නැත්තේය’ යි මල්ලිකා දේවියට කීයෙමි” යි කීයේය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන, එවේලෙහි මේ ගාථාව වදාළේය.
“ලොව හැම දිසාවන්ම සෝදිසිකර බැලුවේ වී නමුත් තමන්ට වඩා ප්‍රියවූ අන් කිසිවෙක් ලොවම හමු නොවන්නේය. අනුන්ටද වෙන් වශයෙන් මෙසේ තමාම ප්‍රිය වෙයි. එහෙයින් තමන්ට හිත කැමති තැනැත්තේ අනුන්ට හිංසා නොකරන්නේය.”
Wednesday, June 2, 2021
අනුරුද්ධ මහරහතන් වහන්සේ
අනුරුද්ධ මහරහතන් වහන්සේ
තණමල්විල රාහුල හිමි
මෙයින් කල්ප ලක්ෂයකට පෙර, එනම් පදුමුත්තර බුදුරදුන් දවස එක් භික්ෂූන් වහන්සේ නමක් දිවැස් ඇති භික්ෂූන් අතර අගතනතුරක පිහිටුවන උතුම් අවස්ථාවක් දුටු එක් කුල පුත්‍රයෙක් ඒ උසස් තත්ත්වයට පත්වන්නට තමන්ට ද වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කළේ ය.
ඉන් පසු අපරිමිත වූ ශ්‍රද්ධා සිතින් යුතුව බුදුන් වහන්සේ ප්‍රමුඛ අසීමිත සංඝරත්නයට දානය පිරිනැමුවේ ය. ඔහුගේ ප්‍රාර්ථනය දැනගත් පදුම බුදුරජාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සමය තුළ ඒ ප්‍රාර්ථනය ඉටු වන බව දේශනා කළහ. ඉන් ඉක්බිතිව භික්ෂූන් වෙත එළඹුණු ඔහු දිවැස් ලැබීමට නම් කවර ආකාරයේ පින්කම් කළ යුතු දැයි විමසුවේ ය. දිවැස් ලැබීමට නම් පහන් පූජාව සිදු කළ යුතු බවට බුද්ධ දේශනාව විය.
පෙළදහම විමසන විට දිවැස්ලැබීමට පමණක් නොව ලස්සන ශරීර ඇතිවීමටත්, උසස් ප්‍රඥාවන්තයන් වීමටත්, අන් අය පි‍්‍රය කරන සුවඳවත් ශරීර ඇතිවීමටත්, ආලෝක පූජාවෙන් බෙහෙවින් ආනිසංශ ගෙන දෙයි. බුදුරදුන්ට පමණක් නොව විහාර මන්දිර , සංඝාවාස, සෑ මළු හා බෝ මළු සඳහා ආලෝක පූජාව සිදු කිරීම දුප්පත් ජනතාව සඳහා විදුලිය ලබාදීම ඉහත සඳහන් ආනිශංස ලබා ගැනීමට හේතු වේ.
මෙලෙස විවරණ ලැබ පින් දහම් කළ කුල පු‍්‍රත්‍රයා පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු ධාතුන් වහන්සේ නිදන් කොට සෑදු සෑයට අපමණ පහන් පූජා සිදු කළේ ය. විවරණ ලද මෙම කුල කුමරු එක් කලෙක බරණැස අන්නහාරක නමින් ඉපිද සුමන නම් සිටුවරයා ළඟ සේවය කරමින් සිටියේය. එකල විශ්වයේ පහළව සිටි උපරිඨ නම් පසේ බුදුරජාණන් වහන්සේට තමාගේ ආහාර වේල දානයක් ලෙස පූජා කළේ ය. නිරෝධ සමාපත්තියෙන් නැගී සිටි පසේ බුදුවරුන්ට කළ මෙම පූජාව දිවැසින් දුටු දෙවියෝ තෙවරක් සාධුකාර පැවැත්වූහ.
අපමණ වස්තුව තිබූ තමන් සඳහා දෙවියන් කිසිදිනෙක සාධුකාර නොදුන් බවත්,අන්නහාරක සැදැහැයෙන් ආහාර වේල පිදීම නිසා සතුටු වු දෙවියන් සාධුකාර දුන් බවත් සුමන සිටුවරයාට පැහැදිලි විය. මෙම පින අනුමෝදන් වීමට සිතූ සුමන සිටුවරයා පසේ බුදුරදුන් වෙත ගොස් මෙම පින මා හට කෙසේ අනුමෝදන් විය හැකි දැයි විමසී ය. අන්නහාරකගේ අභිමතය පරිදි එක් පහනකින් තවත් පහන් දස දහස් ගණනක් දැල් වූ නමුත් මුල් පහනේ ආලෝකය අඩුනොවන්නාක් මෙන් කළ පින කාට අනුමෝදන් කලත් එය කළ තැනැත්තාට අඩුවක් නොවන බව පෙන්වා දෙමින්, පසුව කළ පින සුමන සිටුවරයාටද අනුමෝදන් කළහ.
කළ කුසලයේ ප්‍රතිවිපාකත්, පෙර කරන ලද පින් බල මහිමයත් හේතුකොටගෙන අන්නහාරකහට සිටුවරයා ගෙන් සහ රටේ රජතුමාගෙන් අපමණ වස්තු සම්පත් හිමිවිය.අපමණ සැප සම්පත් ලබා සසර සැරිසරා අප ගෞතම බුදුරදුන් දවස සුද්ධෝදන රජුගේ සොහොයුරු අමිතෝදන රජුගේ පුත් අනුරුද්ධ ලෙස උපත ලැබුවේ ය.
අපමණ සැප සම්පත් සහිතව ජීවත් වූ ඔහුට මහානාම නමින් සහෝදරයෙක්ද විය. ශාක්‍යවංශික නිවෙස්වලින් කුල කුමරුවන් සසුන්ගත වු හෙයින් මහානාම සහ අනුරුද්ධ යන දෙසොහොයුරන්ගෙන් කෙනෙකු පැවිදි වීමට අවශ්‍ය වූහ. ගිහිදිවියේ කටුකත්වයත්, ජීවිතයේ අස්ථිර ස්වභාවයත් දැන අනුරුද්ධ කුමරු භද්දිය, ආනන්ද, භගු, කිම්බිල, දේවදත්ත යන කුමාරවරුන්ද උපාලි නම් කරණවෑමියාද සමඟ පැවිදි වීමේ අදහසින් බුදුරදුන් වෙත පැමිණියහ. ශාක්‍යයන්ගේ මානය බිඳීම සඳහා බුදුරජාණන් වහන්සේ පළමුවෙන් උපාලි කරණවෑමියා පැවිදි කර සෙසු අය ලවා වැන්දවූහ. සසුන් ගතවූ අනුරුද්ධ හිමියන් සැරියුත් මහරහතන් වහන්ස්ගෙන් කමටහන්ගෙන චේතිය රටෙහි ප්‍රාචීනවංශ නම් උයනට ගොස් විදසුන් වැඩුවේ ය.
පසුව එහි වැඩම වූ බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබූ අරියවංශ දේශනාව ඇසීමෙන් අනතුරුව රහත්භාවයට පත්විය. පසුව බුදුරජාණන් වහන්සේ දිවැස් ලද ශ්‍රාවකයන් අතර අග තනතුර දී වදාළහ. සාමාන්‍ය නුවණ ඉක්මවමින්, අභිඤ්ඤාලාභීන් අතර දිබ්බ චක්ඛු ඤාණය හෙවත් දිවැස් ලැබීම යනුවෙන් හැඳින්වේ. මෙලොව පමණක් නොව භවත්‍රය පිළිබඳව දිවැසින් දැකීමේ හැකියාව මෙකී ඤාණයේ සුවිශේෂිතාවයයි.
බුද්ධ පරිනිර්වානයෙන් පසු පැවැත්වූ ප්‍රථම ධර්ම සංගායනාවේ දීි අංගුත්තර නිකාය ප්‍රගුණ කිරීමේ කාර්ය පැවරුණේ ද අනුරුද්ද මහරහතන් වහන්සේටය. ශාසනයේ අභිවෘද්ධිය විෂයයෙහි මහඟු සේවයක් සිදු කළ අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු එකසිය පනහක් ආයු විඳ පිරිනිවන් පෑ සේක.
කර්මයට අනුව විපාකය නියතයි
කර්මයට අනුව විපාකය නියතයි
අතුරුගිරිය සදහම් පදනමේ
අනුශාසක
ගලිගමුවේ ඤාණදීප හිමි
" ‘මහණෙනි, චේතනාවක් පහළ කරලා යම් කර්මයක් රැස් කරාද, එහි විපාක නොවිඳා ප්‍රහාණය කරන ක්‍රමයක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ’ යි සඳහන් වෙනවා.'
බුදුන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී ධර්ම පරිපූර්ණ කළ ද, අවසාන මොහොතේ කාශ්‍යප බුදුන් වහන්සේගේ කාලයේ ගෞතම බෝසතාණන් වහන්සේගේ වදනින් සිදු වූ යම් අකුසලයක විපාකයක් බලවත් වූ බව සඳහන් වෙනවා. ඒ වන විට බුදුරජාණන් වහන්සේලා විසි තුන් නමකගෙන් විවරණ ලබා සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් දස පාරමී , පාරමී, උප පාරමී, පරමත්ථ පාරමී වශයෙන් සම්පූර්ණ වෙලා අවසානයට විවරණ ගන්න තිබෙන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන්.
ඒ කාලයේ බෝසතාණන් වහන්සේ ජෝතිපාල මානවක නමින් බොහොම ධනවත්, කුලවත් උසස් පවුලක උපත ලබා සිටියා. ඒ කාලයේ තමන්ගේ යාළුවෙක් සිටියා, ඔහු වළං සාදා ජීවත්වන කුඹල් කරුවෙක්. ඔහුගේ නම ඝටීකාර. ඒ තැනැත්තා බොහොම සාධාරණව වළං සාදා ඒ මුදලින් මව් පියන් පෝෂණය කරමින් අහිංසක දිවි පෙවෙතක් ගත කළා. දවසක් මේ ඝටීකාර, බුදුන් වහන්සේගෙන් ධර්මය අසා පැහැදී ධර්මය අවබෝධයක්, වැටහීමක් ඇති වුණා. ඔහු කල්පනා කළේ, තම මිත්‍ර ජෝතිපාල ද කෙසේ හෝ බණ අසන්නට රැගෙන යා යුතු බව යි. ඒ නිසා ඔහු මෙසේ පැවසුවා. ‘යහළුව, ලොවුතුරා බුදු කෙනෙක් පහළවී සිටිනවා. අපි බණ අසන්න යමුදැ’යි විමසුවා. එසේ පවසද්දී බෝසතාණන් වහන්සේ වූ ජෝතිපාලගේ මුවින් පැවසුවේ ‘මුඩු මහණන්ගෙන් බණ අසා වැඩක් නැති’ බව යි. දෙවන වතාවටත් ඝටීකාර පැවසුවේ, නෑ මිත්‍රය, බුදු කෙනෙක් පහළ වෙලා. අපි බණ අසන්න යමු’යි යනුවෙනි. දෙවන වතාවටත් ජෝතිපාල පැවසුවේ ‘මුඩු මහණන්ගෙන් බණ අසා වැඩක් නැති බව යි.’ මේ මොහොතේ ඝටිකාර උපක්‍රමයක් යෙදුවා. අපි දිය නාන්න ගඟට යමු යැ’යි පැවසුවා. ඒ කාලයේ කුල භේදය දඹදිව බලවත් ව තිබුණා. උසස් කුලයේ පුද්ගලයෙක් ගඟට බැස දිය නාද්දී , පහත් කුලයක කෙනෙක් එදාට ගඟට බසින්නේ නැහැ. ඒ නිසා ජෝතිපාල මානවකයා දිය නා අවසන් වෙද්දී, ඝටීකාර ගං ඉවුරට වී කල්පනා කළා. ඔහුගේ වෑයම වුණේ, තම මිතුරා කෙසේ හෝ බණ අසන්න රැගෙන යා යුතු බව යි. දිය නා අවසන්ව ගොඩට පැමිණෙන, ජෝතිපාල මානවකයාගේ කෙස් වැටියෙන් ඝටීකාර අල්ලා ගත්තා. බණ අසන්න එනවද, නැද්දැ’යි ඔහු විමසුවා. එලෙස අසද්දී ජෝතිපාල මානවකයා මෙලෙස කල්පනා කළා. ඝටීකාර කුඹල් කරුවෙක්. ඔහු පහත් කුලයේ කෙනෙක්. මා වගේ උසස් කුලයක කෙනෙක්ගේ කෙස් වැටිය කවදාවත් මෙලෙස අල්ලන්නේ නැහැ. කවදාවත් නැතිව ඔහු, මට සැර කළා, කෙස් වැටියෙන් අල්ලා, බණ අසන්න යනවද? නැද්ද යනුවෙන් මට සැර කළා. එසේනම්, බණ කියන්නේ ඒකාන්තයෙන් ම බුදු කෙනෙක් වෙන්න ඇති. ඒ නිසා බණ අසන්න යමු යැ’යි එදා දෙදෙනාම කාශ්‍යප බුදුරදුන් හමුවට ගියා. බණ ඇසූ ජෝතිපාල මානවකයා එදා කාශ්‍යප බුදුන් වහන්සේ ළඟ පැවිදි වුණා. පැවිදි වී විසි හතර වන වරටත් විවරණ ලබා ගත්තා. ‘මහණෙනි, මේ මහා භද්‍ර කල්පයේ ඊළඟට ගෞතම නමින් සම්මා සම්බුදු පදවිය ලබන්නේ මේ උත්තමයන් වහන්සේ බව වදාළා.
එසේනම්, සංසාරයේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා මේ කෙලෙස් සහිතව යන ගමනේ භයානකකම වදනින් වූ පුංචි වැරැද්ද, එනම්, ‘ඔය මුඩු මහණන්ගෙන් බණ අසා වැඩක් නැහැ’ කියන වදන පිට වුණා. මේ වදනින් සිදු වූ පාපී අකුසලය විපාකයක් ලෙස බුද්ධත්වයට පත්වෙන්න අවුරුදු හයක් අනේකවිධ දුක් පීඩා විඳිමින් දුෂ්කර ක්‍රියා කළා.
එසේනම්, මේ සියල්ල බුදුන් වහන්සේ ම බුද්ධත්වයට පත්ව වදාළා. ‘මහණෙනි, මේ පෙර කර්මයක්. සංසාරයේ රැස්කරගත් කර්ම විපාක, බුද්ධත්වය ලැබුවත්, පසු පස විපාක වශයෙන් පැමිණියා. එසේනම්, මේ සමාජයේ ජීවත්වන සාමාන්‍ය මිනිසුන් කරන, කියන , සිතන දේ, අපමණ අපරාධ කෙතරම් ද? මේවා සසරේ විඳිමින් යන බලවත් කර්මයන් ලෙස මිනිසුන් කෙතරම් රැස් කර ගන්නවාද? එහි විපාක ඔවුන්ට කෙතරම් කලක් විපාක වශයෙන් විඳින්නට ලැබෙයි’ ද?
බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් අහෝසි කර්ම පෙන්වා වදාළා. එය ඇතැම් මිනිසුන්ට එසේනම්, අප කරගත් කර්ම අහෝසි කරගන්නා ක්‍රමයක් ඇතැ’යි සිතෙන්නට පුළුවනි. ඇතැම් ආගම්වල පව් සමාකර ගන්නවා වගේ අහෝසි කරගන්න පුළුවන් කර්ම ස්වභාවයක් බුදුරජාණන් වහන්සේ දකින්නේ නැහැ. බුදුන් වහන්සේ පෙන්වනවා, ‘මහණෙනි, චේතනාවක් පහළ කරලා යම් කර්මයක් රැස් කරාද, එහි විපාක නොවිඳා ප්‍රහාණය කරන ක්‍රමයක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ’ යි සඳහන් වෙනවා.
යම් චේතනාවක් පහළ කර කර්මය රැස් කළොත් එහි විපාක තමන්ට කුමන ක්‍රමයකින් හෝ කැරකී, කැරැකී එනවාම යි. ඒ නිසා පින්වතුනි, අහෝසි කර්ම යනුවෙන් පෙන්වන්නේ ධර්මාවබෝධයත් සමඟ විපාක දෙන පරිසරයක් නැති වීම තුළ අහෝසිවන කොටසක්. ඒ යම්කිසි කෙනෙක් කෙසේ හෝ වීර්යයෙන් භාවනා කර සෝවාන් ඵලයට පත් වුණොත්, ඒ සමඟ ම අපායගාමී අකුසල් සියල්ල ම අහෝසි වෙනවා. ඒ නිසා ඒ උත්තමයා සතර අපායෙන් මිදෙනවා. එපමණක් නොවේ, සෝතාපන්න ඵලයට පත්වූ කෙනාට ආත්ම හතකින් විපාක දෙන යම්තාක් සසරේ කර්ම තිබුණා ද, ඒ සියල්ල අහෝසි වෙයි. එවිට සෝතාපන්න පුද්ගලයාගේ උපත උපරිම ආත්ම හතකට සීමා වෙද්දී ධර්මාවබෝධයත් සමඟ විපාක දෙන පරිසරය නොමැති වීම නිසා එතනින් එහාට විපාක දෙන්න තිබුණු සියලු කර්ම අහෝසි වෙයි.
ඊළඟට බුදුන් වහන්සේ පෙන්වා වදාළේ, කෙනෙක් මේ ජීවිතයේ වේගයෙන් වීර්යය වඩා සකදාගාමී ඵලයට පත් වුණොත්, කාම ලෝකයේ එක වතාවයි උපත ලබන්නේ. කාම ලෝකයේ එතනින් එහා විපාක දෙන කර්ම තිබුණ ද, ඒ සියල්ල අහෝසි වෙයි. ඊළඟට වීර්යය වඩා, භාවනා කළ කෙනෙක් අනාගාමී වුණොත්, එනම්, න – ආගාමී නොහොත් නැවත කාම ලෝකයට එන්නේ නැහැ’යි අර්ථය යි. අනාගාමී තත්ත්වයට පත්වන විට ම කාම ලෝකයේ විපාක දෙන කර්ම සියල්ල ම ඔහුට අහෝසි වෙලා යනවා. ඒ උත්තමයා ශුද්ධාවාස බඹලොව ඉපදී එහි පිරිනිවන් පානවා.
- ජම්මික ප්‍රබෝධනී වැලිකල
අප්පකසුත්තං
අප්පකසුත්තං | ||
117 සාවත්ථිනිදානං. එකමන්තං නිසින්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච - ‘‘ඉධ මය්හං, භන්තෙ, රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි - ‘අප්පකා තෙ සත්තා ලොකස්මිං යෙ උළාරෙ උළාරෙ භොගෙ ලභිත්වා න චෙව මජ්ජන්ති, න ච පමජ්ජන්ති, න ච කාමෙසු ගෙධං ආපජ්ජන්ති, න ච සත්තෙසු විප්පටිපජ්ජන්ති. අථ ඛො එතෙව බහුතරා සත්තා ලොකස්මිං යෙ උළාරෙ උළාරෙ භොගෙ ලභිත්වා මජ්ජන්ති චෙව පමජ්ජන්ති ‘‘එවමෙතං, මහාරාජ, එවමෙතං, මහාරාජ! අප්පකා තෙ, මහාරාජ, සත්තා ලොකස්මිං, යෙ උළාරෙ උළාරෙ භොගෙ ලභිත්වා න චෙව මජ්ජන්ති, න ච පමජ්ජන්ති, න ච කාමෙසු ගෙධං ආපජ්ජන්ති, න ‘‘සාරත්තා කාමභොගෙසු, ගිද්ධා කාමෙසු මුච්ඡිතා; අතිසාරං න බුජ්ඣන්ති, මිගා කූටංව ඔඩ්ඩිතං; පච්ඡාසං කටුකං හොති, විපාකො හිස්ස පාපකො’’ති.
|
-
බදුල්ල, බණ්ඩාරවෙල පාර ශ්‍රී ගෞතම සමාධි බුද්ධ මන්දීරයේ දර්ශනපති බඩල්කුඹුරේ ධම්මසිද්ධි හිමි ලොව්තුරා තථාගත අමාමෑණි බුදුරජාණන් වහන්සේගේ පළම...
-
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය පරම...
-
ඛුද්දක නිකායෙහි උදාන පාලිය: මුචලින්ද නා රජුගේ බුද්ධ උපස්ථානය මහමෙව්නා භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ සහ අනුශාසක කිරිබත්ගොඩ ඤාණානන්ද...