Wednesday, June 2, 2021

අප්පකසුත්තං


 

අප්පකසුත්තං  
117
සාවත්ථිනිදානං. එකමන්තං නිසින්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච - ‘‘ඉධ මය්හං, භන්තෙ, රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි - ‘අප්පකා තෙ සත්තා ලොකස්මිං යෙ උළාරෙ උළාරෙ භොගෙ ලභිත්වා න චෙව මජ්ජන්ති, න ච පමජ්ජන්ති, න ච කාමෙසු ගෙධං ආපජ්ජන්ති, න ච සත්තෙසු විප්පටිපජ්ජන්ති. අථ ඛො එතෙව බහුතරා සත්තා ලොකස්මිං යෙ උළාරෙ උළාරෙ භොගෙ ලභිත්වා මජ්ජන්ති චෙව පමජ්ජන්ති , ච කාමෙසු ච ගෙධං ආපජ්ජන්ති, සත්තෙසු ච විප්පටිපජ්ජන්තී’’’ති.
‘‘එවමෙතං, මහාරාජ, එවමෙතං, මහාරාජ! අප්පකා තෙ, මහාරාජ, සත්තා ලොකස්මිං, යෙ උළාරෙ උළාරෙ භොගෙ ලභිත්වා න චෙව මජ්ජන්ති, න ච පමජ්ජන්ති, න ච කාමෙසු ගෙධං ආපජ්ජන්ති, න ච සත්තෙසු විප්පටිපජ්ජන්ති. අථ ඛො එතෙව බහුතරා සත්තා ලොකස්මිං, යෙ උළාරෙ උළාරෙ භොගෙ ලභිත්වා මජ්ජන්ති චෙව පමජ්ජන්ති ච කාමෙසු ච ගෙධං ආපජ්ජන්ති, සත්තෙසු ච විප්පටිපජ්ජන්තී’’ති. ඉදමවොච...පෙ....
‘‘සාරත්තා කාමභොගෙසු, ගිද්ධා කාමෙසු මුච්ඡිතා;
අතිසාරං න බුජ්ඣන්ති, මිගා කූටංව ඔඩ්ඩිතං;
පච්ඡාසං කටුකං හොති, විපාකො හිස්ස පාපකො’’ති.

අප්පකා සූත්‍රය  
117
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක එකල්හි පසේනදි කොසොල් රජතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, වැඳ එකත් පසෙක හුන්නේය.
එකත්පසෙක හුන් පසේනදි කොසොල්රජ භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, තනිව විවේකීව හුන් මට මේ විතර්‍කය පහළවිය. එනම්:- ‘මහත් මහත් භොග සම්පත් ලැබ මාන මදයෙන් මත් නොවන්නාවූද, පමා නොවන්නාවූද, කාමයන්හි ගිජු බවට නොපැමිනෙන්නාවූද, සතුන් කෙරෙහි වරදවා නොපිළිපදින්නාවූද සත්ත්‍වයෝ ලෝකයෙහි ඉතා ස්වල්ප දෙනෙක්ය. එහෙත් වැඩි කොටසක් සත්ත්‍වයෝ මහත් මහත් භෝග සම්පත් ලැබ මානාදී මදයෙන් මත් වෙති. පමාවෙති. කාමයන්හි ගිජුවෙති. සත්ත්‍වයන් කෙරෙහි වැරදිසේ පිළිපදිති.” යනුයි.
මහරජ, ඒ එසේය, මහරජ, ඒ එසේය. මහරජ, මහත් මහත් භොග සම්පත් ලැබ මත් නොවන්නාවූ, පමා නොවන්නාවූ, කාමයන්හි ගිජු නොවන්නාවූ, සත්ත්‍වයන් කෙරෙහි වරදවා නොපිළිපදින්නාවූ, සත්ත්‍වයෝ ලෝකයෙහි ඉතා ස්වල්ප දෙනෙක් වෙති. වැලිදු මහත් මහත් භෝග සම්පත් ලැබ යමෙක් මත්වෙත්ද, පමාවෙත්ද, කාමයන්හි ගිජුවෙත්ද, සතුන් කෙරෙහි වැරදි සේ පිළිපදිත්ද, මෙබඳු සත්ත්‍වයෝම ලෝකයේ බොහෝ වෙති.”
“කාම සම්පතෙහි ඇලුනාවූ, ගිජුවූ. කාමයන්හි මුළාවූ සත්ත්‍වයෝ තමන් කුශල සීමාව ඉක්මවා යන බව තේරුම් නොගනිති. මුවන්, වැද්දන් විසින් දමනලද උගුල තේරුම් නොගන්නාක් මෙනි. ඔවුන්ට පසුව කටුක දුක වෙයි. එහි විපාකයද ඒ කාන්තයෙන්ම දරුණුය.”

No comments:

Post a Comment

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...