4. පඨමසඞ්ගාමසුත්තං
125
සාවත්ථිනිදානං. අථ ඛො රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො චතුරඞ්ගිනිං සෙනං සන්නය්හිත්වා රාජානං පසෙනදිං කොසලං අබ්භුය්‍යාසි යෙන කාසි. අස්සොසි ඛො රාජා පසෙනදි කොසලො - ‘‘රාජා කිර මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො චතුරඞ්ගිනිං සෙනං සන්නය්හිත්වා මමං අබ්භුය්‍යාතො යෙන කාසී’’ති. අථ ඛො රාජා පසෙනදි කොසලො චතුරඞ්ගිනිං සෙනං සන්නය්හිත්වා රාජානං මාගධං අජාතසත්තුං වෙදෙහිපුත්තං පච්චුය්‍යාසි යෙන කාසි. අථ ඛො රාජා ච මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො රාජා ච පසෙනදි කොසලො සඞ්ගාමෙසුං. තස්මිං ඛො පන සඞ්ගාමෙ රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො රාජානං පසෙනදිං කොසලං පරාජෙසි. පරාජිතො ච රාජා පසෙනදි කොසලො සකමෙව (සඞ්ගාමා (ක.)) රාජධානිං සාවත්ථිං පච්චුය්‍යාසි (පායාසි (සී. පී.)).
අථ ඛො සම්බහුලා භික්ඛූ පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පවිසිංසු. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං -
‘‘ඉධ, භන්තෙ, රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො චතුරඞ්ගිනිං සෙනං සන්නය්හිත්වා රාජානං පසෙනදිං කොසලං අබ්භුය්‍යාසි යෙන කාසි. අස්සොසි ඛො, භන්තෙ, රාජා පසෙනදි කොසලො - ‘රාජා කිර මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො චතුරඞ්ගිනිං සෙනං සන්නය්හිත්වා මමං අබ්භුය්‍යාතො යෙන කාසී’ති. අථ ඛො, භන්තෙ, රාජා පසෙනදි කොසලො චතුරඞ්ගිනිං සෙනං සන්නය්හිත්වා රාජානං මාගධං අජාතසත්තුං වෙදෙහිපුත්තං පච්චුය්‍යාසි යෙන කාසි. අථ ඛො, භන්තෙ, රාජා ච මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො රාජා ච පසෙනදි කොසලො සඞ්ගාමෙසුං. තස්මිං ඛො පන, භන්තෙ, සඞ්ගාමෙ රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො රාජානං පසෙනදිං කොසලං පරාජෙසි. පරාජිතො ච, භන්තෙ, රාජා පසෙනදි කොසලො සකමෙව රාජධානිං සාවත්ථිං පච්චුය්‍යාසී’’ති.
‘‘රාජා, භික්ඛවෙ, මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො පාපමිත්තො පාපසහායො පාපසම්පවඞ්කො; රාජා ච ඛො, භික්ඛවෙ, පසෙනදි කොසලො කල්‍යාණමිත්තො කල්‍යාණසහායො කල්‍යාණසම්පවඞ්කො. අජ්ජෙව (අජ්ජතඤ්ච (සී. පී.), අජ්ජෙවං (ස්‍යා. කං.)), භික්ඛවෙ , රාජා පසෙනදි කොසලො ඉමං රත්තිං දුක්ඛං සෙති පරාජිතො’’ති. ඉදමවොච...පෙ....
‘‘ජයං වෙරං පසවති, දුක්ඛං සෙති පරාජිතො;
උපසන්තො සුඛං සෙති, හිත්වා ජයපරාජය’’න්ති.
සඞගාමවත්‍ථු සූත්‍රය
125
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල්හි මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජ සිවුරඟ සෙනග සරහා කොසොල් රජුට විරුද්‍ධව යුද පිණිස කසීරට වෙත ගියේය. පසේනදි කොසොල් රජද මගධාධිපති අජාසත් රජ සිවුරඟ සෙනග සරසා ෙවිරුද්‍ධව කසීරට වෙත ආයේයයි ඇසීය.
පසේනදි කොසොල් රජද සිවුරඟ සෙනග සරසාගෙණ අජාසත් රජුට විරුද්‍ධව සටන් පිණිස කසීරටට ගියේය. ඉන්පසු මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජද, පසේනදි කොසොල් රජද යුද්ධ කළාහුය. ඒ යුද්ධයේදී මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජ පසේනදි කොසොල් රජුන් පැරදවීය. පැරදී පසේනදි කොසොල් රජ සිය රාජධානියවූ සැවැත් නුවරට පසුබැස ගියේය.
එකල බොහෝ භික්‍ෂූහු පෙරවරු කාලයෙහි හැඳ පොරවා, පාත්‍ර සිවුරු ගෙණ සැවැත් නුවරට වැඩ පසුබත් කල්හි පිණ්ඩපාතයෙන් පෙරළා ආවාහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියෝය. පැමිණ, වැඳ, එක්පස්ව හිඳ භාග්‍යවතුන් වහන්සේට මෙය කීහ. “ස්වාමීනි, මෙහි මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජ සිවුරඟ සෙනග සරසාගෙන පසේනදි කොසොල් රජුට විරුද්‍ධව සටන් පිණිස කසීරටට ගියේය. පසේනදි කොසොල් රජද මගධරට වේදේහිපුත්ත අජාසත් රජ සිවුරඟ සෙනග සරසාගෙන මට විරුද්‍ධව යුධ පිණිස කසීරටට ආවේයයි’ ඇසීය. ඉක්බිති පසේනදි කොසොල් රජද සිවුරඟ සෙනග සරසාගෙන මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජුට විරුද්‍ධව යුද පිණිස කසීරටට ගියේය. ඒ දෙදෙන එහි යුද කළහ. ඒ යුදෙහි මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජ පසේනදි කොසොල් රජ පැරදවීය. පැරදවීය. ස්වාමීනි, පැරදුනාවූ පසේනදි කොසොල් රජ සිය රාජධානියවූ සැවැත් නුවරට පසුබැස ආවේය.” යනුයි.
“මහණෙනි, මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජ පව්කාර මිත්‍රයන් ඇති, පව්කාර යහළුවන් ඇති, පව්කාරයන්ටම නැමුණු කෙනෙක. එහෙත් මහණෙනි, පසේනදි කොසොල් රජ කල්‍යාණ මිත්‍රයන් ඇති, කල්‍යාණ යහළුවන් ඇති, යහපතටම නැමුණු කෙනෙක. මහණෙනි, අද මේ රැය පැරදුනු පසේනදි කොසොල් රජ දුකසේ සයනය කරන්නේය.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාරා මේ ගාථාවද වදාළසේක:
“දිනන තැනැත්තේ වෛරය (සතුරන්) රැස් කරන්නේය. පැරදුන තැනැත්තේ දුකසේ වසන්නේය. දිනුම් පැරදුම් දෙකම හැරදමා (කෙලෙස් දුරලීමෙන්) සන්සුන් තැනැත්තේ සැපසේ වසන්නේය.”
No comments:
Post a Comment