එවං මෙ සුතං - එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො කොකනදා පජ්ජුන්නස්ස ධීතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං මහාවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො සා දෙවතා කොකනදා පජ්ජුන්නස්ස ධීතා භගවතො සන්තිකෙ ඉමා ගාථායො අභාසි -
‘‘වෙසාලියං වනෙ විහරන්තං, අග්ගං සත්තස්ස සම්බුද්ධං;
කොකනදාහමස්මි අභිවන්දෙ, කොකනදා පජ්ජුන්නස්ස ධීතා.
‘‘සුතමෙව පුරෙ ආසි, ධම්මො චක්ඛුමතානුබුද්ධො;
සාහං දානි සක්ඛි ජානාමි, මුනිනො දෙසයතො සුගතස්ස.
‘‘යෙ කෙචි අරියං ධම්මං, විගරහන්තා චරන්ති දුම්මෙධා;
උපෙන්ති රොරුවං ඝොරං, චිරරත්තං දුක්ඛං අනුභවන්ති.
‘‘යෙ ච ඛො අරියෙ ධම්මෙ, ඛන්තියා උපසමෙන උපෙතා;
පහාය මානුසං දෙහං, දෙවකාය පරිපූරෙස්සන්තී’’ති.
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විශාලාමහනුවර සමීපයෙහිවූ මහවනයෙහි කූටාගාරශාලා විහාරයෙහි වසන සේක. එකල්හි වනාහි පජ්ජුන්ත දෙවිහුගෙ දූ වූ කෝකනදා දෙවඟන රෑ පෙරයම ඉක්මුණු පසු බබළන ශරීර ප්‍රභා ඇත්තී සියලු මහාවනය බබුඵවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියාය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියාය. එක් පසෙක සිටි පජ්ජුන්න දෙවියාගේ දූ වූ කෝකනදා දෙව්දූ තොම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීවාය.
“(වහන්ස,) විසාලාමහනුවර සමීපයෙහි මහවනයෙහි වසන සත්ත්‍ව සමූහයාට අග්‍රවූ සම්බුද්ධයන් වහන්සේ කෝකනදා නම්වූ මම හොඳින් වඳිමි. පජ්ජුන්නගේ දූවූ කෝකනදා මම වෙමි.
“පසැස් ඇති තථාගතයන් වහන්සේ විසින් ධර්‍මය අවබෝධ කරන ලදැයි පෙර මවිසින් අසනලද පමණක්ම විය. ඒ මම දැන් දහම් දෙසන සුගත් මුනිහුගේ ධර්‍මය ප්‍රත්‍යක්‍ෂයෙන් දනිමි. යම් අනුවණ කෙනෙක් ආර්‍ය්‍ය ධර්‍මයට නින්‍දා කෙරෙමින් හැසිරෙක්ද, ඔවුහු දරුණුවූ නපුරු නරකයට පැමිණෙත්. (එහි) බොහෝ කාලයක් දුක් විඳිත්.
“යම් කෙනෙක් වනාහි ආර්‍ය්‍ය ධර්‍මයෙහි ක්‍ෂාන්තියෙන්ද, කෙලෙස් සන්සිඳීමෙන්ද යුක්ත නම්, ඔවුහු මනුෂ්‍යාත්මය හැර දෙව් පිරිස පුරා ලන්නාහ. (දෙව් ලොව උපදනාහ.)”
No comments:
Post a Comment