පිරිසුදු මනස සිත ප්‍රබෝධමත් කරයි
Sunday, June 6, 2021
පිරිසුදු මනස සිත ප්‍රබෝධමත් කරයි
පිරිසුදු මනස සිත ප්‍රබෝධමත් කරයි
බන්ධනසුත්තං
බන්ධනසුත්තං
121
තෙන ඛො පන සමයෙන රඤ්ඤා පසෙනදිනා කොසලෙන මහාජනකායො බන්ධාපිතො හොති, අප්පෙකච්චෙ රජ්ජූහි අප්පෙකච්චෙ අන්දූහි අප්පෙකච්චෙ සඞ්ඛලිකාහි.
අථ ඛො සම්බහුලා භික්ඛූ පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පවිසිංසු. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං - ‘‘ඉධ, භන්තෙ, රඤ්ඤා පසෙනදිනා කොසලෙන මහාජනකායො බන්ධාපිතො, අප්පෙකච්චෙ රජ්ජූහි අප්පෙකච්චෙ අන්දූහි අප්පෙකච්චෙ සඞ්ඛලිකාහී’’ති.
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමා ගාථායො අභාසි -
‘‘න තං දළ්හං බන්ධනමාහු ධීරා,
යදායසං දාරුජං පබ්බජඤ්ච;
සාරත්තරත්තා මණිකුණ්ඩලෙසු,
පුත්තෙසු දාරෙසු ච යා අපෙක්ඛා.
‘‘එතං දළ්හං බන්ධනමාහු ධීරා,
ඔහාරිනං සිථිලං දුප්පමුඤ්චං;
එතම්පි ඡෙත්වාන පරිබ්බජන්ති,
අනපෙක්ඛිනො කාමසුඛං පහායා’’ති.
බන්‍ධන සූත්‍රය
121
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල්හි පසේනදි කොසොල් රජ විසින් මහා ජන සමූහයක් බන්දවන ලද්දේ වෙයි. සමහරු රැහැණින්ද, සමහරු දම්වැලින්ද, සමහරු විලංගුවෙන්ද බන්දවන ලද්දෝය.
එකල්හි බොහෝ භික්‍ෂූහු පෙරවරු කාලයෙහි හැඳ පොරවා, පාත්‍ර සිවුරු ගෙණ පිඬු පිණිස සැවැත් නුවරට ගොස් පස්වරුයෙහි පිණ්ඩපාතයෙන් පෙරළා අවුත් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක උන්හ. එකත්පස්ව හිඳ මෙය කීහ. ස්වාමීනි, කොසොල් රජ විසින් බොහෝ දෙනා බන්දවන ලදහ. සමහරු රැහැණින්ද, සමහරු දම්වැලින්ද, සමහරු විලංගුවලින්ද බන්දවන ලද්දෝය” යනුයි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන එවේලෙහි මේ ගාථා වදාළසේක.
“යකඩින් කළාවූද, ලීයෙන් කළාවූද, බබ්බජ නම් තෘණ විශේෂයෙන් කළාවූද, බැමි තද බැමියයි නුවණැත්තෝ නොකියති. මිණිකොඬොල් ආදී ආභරණයෙහි ඇලීමද, අඹු දරුවන් කෙරෙහි අපේක්‍ෂාවද යන මෙය දැඩි තද බැම්මයයි (බුද්ධාදී) නුවණැත්තෝ කියති.
මේ බැම්ම අපායාදී පහත් බිමට අදින්නක්ද, බුරුල්වූවක්ද, එහෙත් ලෙහෙසියෙන් මිදෙනු නොහැක්කක්ද වේ. කාමයෙහි ඇළුම් නැත්තෝ මේ බැම්මද සිඳ බිඳ දමා කම් සැප හැර නිවන් මගට යෙති.
Saturday, June 5, 2021
ඉලක්කය කැපවීම සහ බුදුදහම
ඉලක්කය කැපවීම සහ බුදුදහම
රැස්වන කර්ම ගැන නිබඳව ම සිතන්න
රැස්වන කර්ම ගැන නිබඳව ම සිතන්න
අතුරුගිරිය සදහම් පදනමේ අනුශාසක
ගලිගමුවේ ඤාණදීප හිමි
අප සෑම විටම සිතනවා, කතා කරනවා. ක්‍රියාත්මක කරනවා, සිත, කය, වචනය තුන් දොරම චේතනාවක් සමඟම යි ක්‍රියාත්ම වෙන්නේ. එසේනම්, කර්ම රැස් නොකර ජීවත් වෙන ක්‍රමයක් ලොවේ කොහේවත් නැහැ. බුදුවරු පහළව අපට පෙන්වා වදාළේ, කර්ම රැස් කරන්නේ නැතිව ජීවත් වන ක්‍රම නොවෙයි. එලෙස සිටින්නට කාටවත් බැහැ. බුදුවරු පහළව පෙන්වා වදාළේ, මේ රැස්වන කර්මයන්ගෙන් එක කොටසක් තිබෙනවා , සම්පූර්ණයෙන් වළකා ගත යුතු යි. ඒ ‘සබ්බ පාපස්ස අකරණං’ සියලු පාපී අකුසල කර්මයන්ගෙන් වළකින්නැ’යි වදාළා.
මේ රැස්වන කර්මයන්ගෙන් අකුසල කර්මයන් වළකා ගත යුතු යි. ‘කුසලස්ස උපසම්පදා’ යනුවෙන් කර්ම වෙයි. කුසල කර්ම, පුණ්‍ය කර්ම ඒවා රැස්කරගත යුතු යි. සිත , කය, වචනය මුල්කරගෙන බණ අසන විට , සිල් රකින විට, දන්දෙන විට, පින් කරන විට, හැම වේලාවෙම කර්ම රැස් වෙයි. ඒ රැස් වෙන්නේ සුළු කුසල කර්ම. මේවා රැස් කරන්නැ’යි වදාළා. ‘සචිත්ත පරියො දපනං’ තමන්ගේ සිත දමනය කර ගන්න.
භාවනා කරන විටත් කර්ම රැස් වෙනවා. එය ධර්මයේ ‘අන්‍යෙයාභි සංස්කාර’ වෙයි. ඒ කර්මයට අනුව සමාධිය වඩන්නා රූපී බ්‍රහ්ම ලොවක උපත ලබයි. අරූප ධ්‍යාන වඩන්නා අරූප සමාධියට අනුව අරූපී බ්‍රහ්ම තලවල උපත ලබයි. එවිට සමථ – විපස්සනා භාවනා වඩන කෙනාටත් ඒ තුළ යම් කර්ම රැස් වෙයි. ඒ සමාධි මට්ටමට අනුව උපදින බ්‍රහ්ම තල තිබෙනවා. ඒ නිසා පින් කරන පුද්ගලයා ‘පුණ්‍යාභි සංස්ඛාර’ පිනට අනුව කර්ම රැස්කර ගන්නවා. සුගතියේ උපත පිණිස. අකුසල් රැස් කරගන්නා අකුසලයට අනුව විපාක පිණිස දුගතියට නැඹුරු වූ කර්ම රැස් කරගන්නවා. සමාධිය වඩන කෙනා රූපී, අරූපී බ්‍රහ්ම තලවල විපාක පිණිස කර්ම රැස් කරගන්නවා. එවිට මේ යන ගමන තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගය ‘කම්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව’ ලෙස පෙන්වා වදාළා.
ඒ මාර්ගය තුළ අකුසල් ප්‍රහාණය කර කුසල් වඩාගෙන, සමාධිය වඩාගෙන ම ඒ රැස්කර ගන්නා කර්මයන්ගේ විපාක ක්ෂය වීම පිණිස පවතින කර්ම රැස් වෙනවා. ඒවා රැස් වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්. කර්මය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පෙන්වූයේ ‘කම්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව’ ලෙස යි. මේ කර්මයන්ගේ විපාක ක්ෂය කරන ප්‍රතිපදාව යි. පුණ්‍ය කර්ම, පාප කර්ම එයයි රහතන් වහන්සේ ගැන කියන්නේ ‘පුණ්‍ය පාප පහී නස්ස නත්ථි ජාගරං කතො භයං’ රහතන් වහන්සේ යනු පිනේ විපාකත් අකුසල විපාකත් සියල්ල ප්‍රහාණය කරගත් උත්තමයන් පිරිසකි. ඒ නිසා සාමාන්‍ය ලෝකයා කෙලෙස් සහිතව, අවිද්‍යාව තුළ ඉන්න ලෝකයා සැම විට ම පෙර කර්ම ගෙවා අලුතෙන් සංසාරයට කර්ම රැස්කර, යන ගමනක්.
රහතන් වහන්සේ ගැන පමණයි, ධර්මයේ හඳුන්වන්නේ ‘ඛීනං පුරාණං’ උන් වහන්සේ පමණයි පෙර කර්ම ක්ෂය කර අවසන් කරන්නේ. ‘නවං නත්ථි සම්භවං’ අනාගතයේ භවයක් නිසා අලුතෙන් කර්ම රැස් කරන්නෙත් නැහැ. ‘විරත්ථ චිත්තා ආයතිකේ භවස්මිං’ පෙර කර්මත් ක්ෂය කළා. අලුත් කර්ම රැස් කරන්නෙත් නැහැ. උන් වහන්සේලාගේ සිත අලුතෙන් භවයක පිහිටා නැහැ. ‘තෙ ඛීන බීජා අවිරුළ්හිච්ඡන්දා’ බීජයක පැළවෙන ස්වභාවය නැතිවුණා වගෙ යි. ‘නිබ්බන්ති ධීරා යථා යං පදීපො’ පහනක් නිවී යනවා සේ එතනම නිවී යයි.
මේ ස්වභාවය පවතින්නේ රහතන් වහන්සේ තුළ පමණ යි. අනෙක් සෑම කෙනෙක් ම පෘතග්ජන මට්ටමෙන් කෙලෙස් සහිතව ජීවත් වන සෑම පුද්ගලයෙක් ම පෙර කර්ම ගෙවා අලුතෙන් සංසාරයට කර්ම රැස් කර යන පිරිසක්. ඒ නිසා බුදුවරු පහළව අපට පෙන්වා වදාළේ, සැම විට ම කර්මය ගැන සිතන්න. ඔබ නිබඳව ම සිහි කරන්න මා කුමන කුසලයක් කළත් එහි විපාක මම ම සංසාරයේ අරගෙන යනවා.
ඒ වගේම මා යම් අකුසලයක් කළොත් , ඒ අකුසල විපාකත් සසරේ දුක විඳ විඳ ම මට ම අරගෙන යන්නට වෙනවා. ‘යං කම්මං කරිස්සාමි කල්‍යාණං වා පාපකංවා තස්ස දායාදෝ’ මම කරන දේ යහපත් ද? යහපත් විපාක මට ලැබෙනවා. මා කරන දේ අයහපත් ද? අයහපත් විපාක මට ලැබෙනවා. මේ කාරණාව උදේ , සවස ගිහියෙක් වේවා, පැවිද්දෙක් වේවා කාටත් පොදු ධර්මතාවක්. බුදුරජාණන් වහන්සේටත්, උන් වහන්සේගේ ඥතීන්ටත් සියලු ම දෙනාට එය සාධාරණ යි.
ඔබ සිතන්න, යශෝධරාව පිරිනිවන් පාන විට මහ පොළොව කම්පිත වුණා. ඒ මහපොළොව ම පලාගෙන ගිනිදැල් පහළ වෙලා, යශෝධරාවගේ පියාණන් අපාගත වුණා. ඒ ඔහු රැස්කරගත් කර්ම විපාක යි. ඒ යශෝධරාවගෙ ම එකම සහෝදරයා දේවදත්ත, පණ පිටින් ම පොළොව පලාගෙන අපායට ඇදිලා ගියා. එවිට අපට පෙනෙන්නේ ඒ ඔහු රැස් කරගත් කර්ම යි. බුදුරජාණන් වහන්සේගේ ඥාතීන් අතර ගත්ත ද, කිහිප දෙනෙක් නිවන් දකින විට, කිහිප දෙනෙක් ම පොළොව පළාගෙන අපාගත වුණා. ඒ නිසා තම තමන් රැස් කරගත් කර්ම විපාක තමන්ම අරගෙන යන සංසාර ගමනක්. ඒ නිසා හැම වේලේම ඔබ කර්මය ගැන සිතනවා නම්, අකුසල කර්ම වලින් වළකින්න පුළුවන්. උදේ , සවස ඔබ සිතන්න ‘කම්මස්ස ඛො කොම්හි’ මම කර්මය ස්වකීය කර ගත් කෙනෙක්මි. ‘කම්ම දායාදො’ මම කර්මය දෑවැද්ද කරගත් කෙනෙක් මි. ‘කම්ම පටිසරණො’ මම කර්මය පිළිසරණ කරගත් කෙනෙක් මි. ‘කම්ම බන්ධු’ මට ඉන්න එකම ඥාතියා , මගේ එකම නෑයා මා රැස්කරගත් කර්මය යි. මා යම් හොඳක් හෝ නරකක් කළොත්, එහි විපාක මට සසරේ ගෙනියන්න වෙන බව සිතන්න. ඔබ කර්මය ගැන එලෙස සිහි කරනවා නම්, ඔබට අකුසලයෙන් වළකින්න පුළුවන්. ඔබේ සිතට තරහක්, ද්වේෂයක්, වෛරයක්, පාපී අකුසල සිතිවිලි ඇති වුණොත්, ඒ සැනින් මතක් වෙනවා කර්මය ගැන සිතන්නාට මේ දේ කළොත්, මෙහි විපාක මට ම ගෙවන්නට වෙනවා. මට ම මේ අකුසල විපාක සසරේ අරගෙන යන්න වෙනවා. මෙලෙස මතක් වෙනවා එය සිහි කරන පුද්ගලයාට. එවිට අකුසලයෙන් වළකින්න පහසු යි. සිහිය පිහිටුවන්න පුළුවන්. ඒ නිසා සැම විට ම කර්මය ගැන සිහි කරන්න. බුදුරජාණන් වහන්සේ, හැම බුදුකෙනෙක්ම පහළව පෙන්වා දුන්නේ, ‘සබ්බ පාපස්ස අකරණං’ සියලු පාපී අකුසලයෙන් වළකින්න. ‘කුසලස්ස උපසම්පදා’ පුළුවන් තරම් කුසල් වඩන්න. ‘සචිත්ත පරියො දපනං’ තමන්ගේ සිත දමනය කර ගන්න. ‘ඒතං බුද්ධාන සාසනං’ එය බුදුවරු පහළ ව පෙන්වා දුන් බුද්ධානු ශාසනාව යි.
- ජම්මික ප්‍රබෝධනී වැලිකල
අරක සූත්‍ර දේශනාව
කායික මානසික සුවයට ඔසුවක්
කායික මානසික සුවයට ඔසුවක්
අම්බලන්ගොඩ, කහව ගල්දූව
ගුණවර්ධන යෝගාශ්‍රමයේ
ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමයේ
මහා ලේඛකාධිකාරී කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි
මිනිස් සිරුරේ ධාතූන් වෙනස් වූ විට එනම්, තේජෝ ධාතුව වැඩි වූ විට උණ හට ගනියි. ආපෝ ධාතුව වැඩි නම්, සැරව ගලනවා. සෙම්ප්‍රතිශ්‍යාව, තුවාලයක් හැදුණොත් වේලෙන්නේ නැහැ. පඨවි ධාතුව වැඩි වුණොත් ශරීරය ගණ වෙනවා. වායෝ ධාතුව වැඩි වුණොත් සිරුර ඉදිමෙනවා. මේ සතර එහෙ මෙහෙ වූ විට කවුරුත් රෝගී වෙනවා. බුදුන් වහන්සේ වදාළේ, මේ ධාතු සම මට්ටමකට තබා ගත යුතු බව යි. යමෙක් ඖෂධ භාවිත කරන්නේ ධාතූන් සම මට්ටමට ගැනීමට යි.
පෙර ලිපි මඟින් කායගතාසතිය සමඟ ධාතු මනසිකාරය පහදා දුන්නා. එය කොටස් විසි දෙකකින් මෙනෙහි කළා. (මේ කයෙහි කේශයෝ වර්ණයෙන් පිළිකුල් ය... යනුවෙන්) එසේනම්, කායගතාසතියේ කොටස් තිස්දෙකම ධාතු මනසිකාරයට යොදා ගත යුතු යි. පඨවි ධාතුවට කේශාදී කොටස් විස්සක් තිබෙයි. ආපෝ ධාතුවට පිත, සෙම, සැරව ආදී කොටස් දොළහකි. තේජෝ ධාතුවට කොටස් සතරක් ද, වායෝ ධාතුවට කොටස් හයක් ද වෙයි. එවිට සියල්ල හතළිස් දෙක යි. මේ හතළිස් දෙක ම ධාතු මනසිකාරයට ගත යුතුයි.
මේ කොටස් හතළිස් දෙක ඉහත මතකයට නගා, කොටස් විසි දෙකට අන්තර්ගත කර, හොඳින් මෙනෙහි කරන්න. එවිට ධාතු මනසිකාරය හොඳට දියුණු කරන්න පුළුවනි. ගැඹුරට යන්න අපහසු නම් මේ කයෙහි කේශයෝ පඨවි ධාතුව ය. ආපෝ ධාතුවය, තේජෝ ධාතුව ය, වායෝ ධාතුව ය යනුවෙන් මෙනෙහි කරන්න. කේශා කොටසෙහි පඨවි, ආපෝ, තේජො, වායෝ ධාතු කොටස් සතරම වෙයි. කෙස් තද ගතිය නිසා පඨවි ධාතුව පමණක් බව සිතන්න. මේ ධාතු සතරම නැත්නම් කෙස් ගසක් පවතින්නේ නැහැ.
තවත් උදාහරණයක් සඳහන් කළොත්, මැටි ටිකක් ඇණීමේ දී ජලය වැඩි වුණොත් එය භාවිතයට ගන්න අපහසු යි. සිමෙන්ති ටිකට ජලය වැඩි වුණොත් එය සම මට්ටමට ගැනීමට නැවත වැලි යෙදිය යුතු යි. එලෙසම ශරීරයෙත් ධාතු කොටස් සම මට්ටමට ගත යුතු යි. වැලි කැටය එලෙස පවතින්නේ ධාතු සතරම සම නිස යි. ගඩොල් කැටය පිළිස්සී වේලී ගඩොල් කැටයක් ලෙස පවතින්නේ ධාතු සතර සමව පවතින නිස යි.
තේජෝ ධාතුව ගැන සඳහන් කිරීමේ දී එය උෂ්ණ ස්වභාවයෙන් සමන්විත යි. එනම් උණුසුම් ගතිය යි. කන බොන දේ කරණ කොට ගෙන දිරවීම, පැසවීම, ආදී අවස්ථාවල දී උපයෝගී වන සිරුරේ උෂ්ණ ගතිය තේජෝ ධාතුව යි. තේජෝ ධාතුව යමක් කරණ කොටගෙන තැවෙනවා ද? එය ‘සන්තප්පති’ තේජෝ ධාතුව යි. යමක් කරණ කොටගෙන දිරවනවා ද? එය ‘ජිරීයතී’ තේජෝ ධාතුව යි. යමක් කරණ කොට ගෙන දැවෙනවාද? එය ‘පරිදයිහිති’ තේජෝ ධාතුව යි. යමක් කරණ කොටගෙන කන බොන දේ සියල්ලක් ම පැසවනවා ද? එය ‘තේජෝ’ ධාතුව යි. ‘අසිත පීත කායිත්ථ සාහිත සම්මා පරිණාමං ගච්ඡති’ තේජෝ ධාතුවේ ක්‍රමය යි. එනම් තේජෝ ධාතු කර්මස්ථානය හේතුකොටගෙන තමන්ගේ සිරුරේ තිබෙන උෂ්ණයෙන් දැවෙන තැවෙන බව දිරවන බව මෙහි ලක්ෂණ යි. ඒවා හොඳට වටහා ගෙන ඉදිරියට මෙනෙහි කරන්න. එවිට තේජෝ ධාතුව පිළිබඳ තමන්ට මනාකොට වැටහීමක් වෙයි.
තම සිරුරේ උණ, දහදිය හට ගැනීම තේජෝ ධාතුවේ ලක්ෂණය යි. සෑම කොටසක ම තේජෝ ධාතුව අඩංගු වෙයි. එවිට ඒ කරුණු සර්ව සම්පූර්ණව ම ගෙන යා හැකි යි. ශරීරයේ දැවෙන ගතිය ඇති උෂ්ණය, තේජෝ ධාතුව යනුවෙන් ප්‍රකාශ කරයි. එය සිරුරෙහි වෙනම කොටසක් ලෙස සලකයි. නමුත් චේතනාවක් නැහැ. එය අචේතනික වූ, හිස්වූ දෙයක්. ඒ නිසා තැවෙන බව, දිරවන බව, දැවෙන බව, පැසෙන බව එනම්, තැවෙන තේජෝ ධාතුව, දිරවන තේජෝ ධාතුව, දැවෙන තේජෝ ධාතුව, පැසෙන තේජෝ ධාතුව වෙයි. මේ කොටස් සතර තේජෝ ධාතුව යනුවෙන් ව්‍යවහාර කරයි. මෙය තමන්ගේ සිරුරෙහි තිබෙන බව හොඳට වටහා ගෙන මෙනෙහි කරන්න.
ආහාර අනුභව කළ විට සියල්ල දිරවාගෙන යයි. ඒ කර්තව්‍යයට සිරුරේ උෂ්ණත්වය අවශ්‍ය වෙයි. තම සිරුරේ දිරවීමේ ලක්ෂණය හොඳින් පිහිටා තිබෙයි. තේජෝ ගතිය අධික නම්, උණ ගතිය හොඳටම වැඩි වෙයි. එවිට සිරුර සිසිල් කරවා ඖෂධ ලබා ගත යුතු යි. මෙලෙස සිරුර සම මට්ටමට ගෙන යා යුතු යි.
මෙසේ පැහැදිලි කරන්නේ තමන්ගේ සිරුරේ ඇති දෙයක් ම බව සිතන්න. චතු සමුට්ඨානික වන කර්ම, චිත්ත, ඍතු , ආහාර, යනු ධාතූන් හටගන්නා ක්‍රමය යි. එසේනම්, තේජෝ ධාතුව පිළිබඳව ගැඹුරු නුවණකින් මෙනෙහි කරන්න.
වැලි කැටයේ සිට සෑම දෙයක ම පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතු කොටස් සතරට අන්තර්ගත යි. එය එකිනෙකට සම්බන්ධ වෙයි. එය උස් පහත් වුණොත් සත්ත්වයාගේ ලෙඩ වීම ඇති වෙයි. සම මට්ටමේ තිබුණොත් කිසිවක් වන්නේ නැහැ. මේ ගැන හොඳ දැනීමක් ඇති කර ගන්න. සියලු ම දේ හට ගන්නේ කම්ම සමුට්ඨානං, චිත්ත සමුට්ඨානං, ඍතු සමුට්ඨානං, ආහාර සමුට්ඨානං කොටස් වලිනි. මෙලෙස ධාතූන් ගැනම මෙනෙහි කිරීම ලොකු ශක්තියක්.
තැවෙන බව අනිත්‍යය යි, දුක්ඛයි , අනාත්ම යි, යනුවෙන් මෙනෙහි කරන්න. දිරන බව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කරන්න. දැවෙන බව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කරන්න. පැසෙන බව අනිත්‍ය , දුක්ඛ, අනාත්ම බව මෙනෙහි කරන්න. තේජෝ ධාතුවේ ලක්ෂණය උෂ්ණය සහ සිසිලස බව හොඳට වටහා ගෙන, අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කර ගැනීම කායික මානසික සුවතාවයට හොඳම ඔසුවක්.
තමන්ට වැටහෙන යම් පමණකින් ද සතිපට්ඨාන භාවනාවට අනුකූල ව හොඳින් දියුණු කළ යුතු යි. මෙලෙස සිතම දියුණු කළොත් මිනිසා හැදෙනවා. ‘මිනිසා නොහදා ගම හදා ගත නොහැකි යි’ යනුවෙන් කියමනක් ද තිබෙයි. එසේනම්, තමන් මුලින් ම හැදී ගම සාදා රටත් හදන්න. ඒ සඳහා බුදුන් වහන්සේ පෙන්වා වදාළ භාවනා ක්‍රම මෙනෙහි කරන්න.
- ජම්මික ප්‍රබෝධනී වැලිකල
මල්ලිකාසුත්තං
මල්ලිකාසුත්තං
119
සාවත්ථිනිදානං . තෙන ඛො පන සමයෙන රාජා පසෙනදි කොසලො මල්ලිකාය දෙවියා සද්ධිං උපරිපාසාදවරගතො හොති. අථ ඛො රාජා පසෙනදි කොසලො මල්ලිකං දෙවිං එතදවොච - ‘‘අත්ථි නු ඛො තෙ, මල්ලිකෙ, කොචඤ්ඤො අත්තනා පියතරො’’ති? ‘‘නත්ථි ඛො මෙ, මහාරාජ, කොචඤ්ඤො අත්තනා පියතරො. තුය්හං පන, මහාරාජ, අත්ථඤ්ඤො කොචි අත්තනා පියතරො’’ති? ‘‘මය්හම්පි ඛො, මල්ලිකෙ, නත්ථඤ්ඤො කොචි අත්තනා පියතරො’’ති.
අථ ඛො රාජා පසෙනදි කොසලො පාසාදා ඔරොහිත්වා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච - ‘‘ඉධාහං, භන්තෙ, මල්ලිකාය දෙවියා සද්ධිං උපරිපාසාදවරගතො මල්ලිකං දෙවිං එතදවොචං - ‘අත්ථි නු ඛො තෙ, මල්ලිකෙ, කොචඤ්ඤො අත්තනා පියතරො’ති? එවං වුත්තෙ, භන්තෙ, මල්ලිකා දෙවී මං එතදවොච - ‘නත්ථි ඛො මෙ, මහාරාජ, කොචඤ්ඤො අත්තනා පියතරො. තුය්හං පන, මහාරාජ, අත්ථඤ්ඤො කොචි අත්තනා පියතරො’ති? එවං වුත්තාහං, භන්තෙ, මල්ලිකං දෙවිං එතදවොචං - ‘මය්හම්පි ඛො, මල්ලිකෙ, නත්ථඤ්ඤො කොචි අත්තනා පියතරො’’ති.
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං ගාථං අභාසි -
‘‘සබ්බා දිසා අනුපරිගම්ම චෙතසා,
නෙවජ්ඣගා පියතරමත්තනා ක්වචි;
එවං පියො පුථු අත්තා පරෙසං,
තස්මා න හිංසෙ පරමත්තකාමො’’ති.
මල්ලිකා සූත්‍රය
119
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල්හි පසේනදි කොසොල් රජ මල්ලිකා දේවිය සමග ප්‍රාසාදයෙහි මතුමහලට නැග සිටියේ වෙයි. එවිට කොසොල් රජ, “මල්ලිකාවෙනි, තමන්ට වඩා ප්‍රියකරන අන් කිසිවෙක් ලොව ඇත්තේදැ?”යි මල්ලිකා දේවියගෙන් ඇසීය.
“මහරජ, මටනම් තමන්ට වඩා ප්‍රියවූ අන් කිසිවෙක් ලොවම නැත. ඔබට තමන්ට වඩා ප්‍රියවූ අන් කිසිවෙක් සිටීදැ” යි ඇසීය.
“මල්ලිකාවෙනි, මටත් තමන්ට වඩා ප්‍රියවූ අනිකෙක් නැතැ” යි රජතෙම කීයේය.
ඉන්පසු කොසොල් රජ පහයෙන් බැස, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක උන්නේය. එකත්පස්ව හිඳ මෙය කීයේය.
“ස්වාමීනි, මම මල්ලිකා දේවිය සමග පහයේ මතු මහලේ සිටියෙමි. ‘මල්ලිකාවෙනි, ඔබට තමන්ට වඩා ප්‍රියවූ අන් කිසිවක් ඇත්තේදැ’ යි ඇසීමි. මෙසේ අසනු ලැබූ මල්ලිකා දේවී තොමෝ, ‘මහරජ, මට තමන්ට වඩා ප්‍රිය අන් කිසිවෙක් නැත, ඔබට තමන්ට වඩා ප්‍රියවූ අන් කිසිවෙක් ඇත්තේදැ’ යි ඇසුවාය. ස්වාමීනි, මෙසේ අසනු ලැබූ මම, ‘මල්ලිකාවෙනි, තමන්ට වඩා ප්‍රියවූ අන් කිසිවෙක් මටත් නැත්තේය’ යි මල්ලිකා දේවියට කීයෙමි” යි කීයේය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන, එවේලෙහි මේ ගාථාව වදාළේය.
“ලොව හැම දිසාවන්ම සෝදිසිකර බැලුවේ වී නමුත් තමන්ට වඩා ප්‍රියවූ අන් කිසිවෙක් ලොවම හමු නොවන්නේය. අනුන්ටද වෙන් වශයෙන් මෙසේ තමාම ප්‍රිය වෙයි. එහෙයින් තමන්ට හිත කැමති තැනැත්තේ අනුන්ට හිංසා නොකරන්නේය.”
පහාරාද සූත්‍රය
බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...
-
බදුල්ල, බණ්ඩාරවෙල පාර ශ්‍රී ගෞතම සමාධි බුද්ධ මන්දීරයේ දර්ශනපති බඩල්කුඹුරේ ධම්මසිද්ධි හිමි ලොව්තුරා තථාගත අමාමෑණි බුදුරජාණන් වහන්සේගේ පළම...
-
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය පරම...
-
ඛුද්දක නිකායෙහි උදාන පාලිය: මුචලින්ද නා රජුගේ බුද්ධ උපස්ථානය මහමෙව්නා භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ සහ අනුශාසක කිරිබත්ගොඩ ඤාණානන්ද...