Monday, March 8, 2021

9-12 දොළොස්වන සුප්‍ර‍බුද්ධ නම් ශාක්‍යයාගේ වස්තුවයි.

 

9-12 දොළොස්වන සුප්‍ර‍බුද්ධ නම් ශාක්‍යයාගේ වස්තුවයි. 

න අන්තලික්ඛෙ න සමුද්දමජ්ඣෙ, න පබ්බතානං විවරං පවිස්ස;

න විජ්ජතී සො ජගතිප්පදෙසො, යත්ථට්ඨිතං (යත්‍රට්ඨිතං (ස්‍යා.)) නප්පසහෙය්‍ය මච්චු.

යම් තැනෙක්හි සිටි සත්ත්වයා මරණ තෙම අභිභවනය නො කෙරේ ද, (හෙවත් මැඩැ නො පියා ද), (කෙසගක් පමණ වු ද) එසේ වූ භුමිප්‍රදෙෂයෙක් නැත. සමුද්‍රමධ්‍යයෙහි දු මරණින් මිදෙන්නට හැකි ප්‍රදෙශයෙක් නැත. පර්වතයන්ගේ විවරයට වැද ද මරණින් මිදෙන්නට හැකි ප්‍රදෙශයෙක් නැත.

න අන්තලික්ඛෙ ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් නිග්‍රෝධාරාමයෙහි වැඩ සිටින කාලයේ සුප්‍ර‍බුද්ධශාක්‍යයා අරභයා දේශනා කරනලදි.

හෙතෙම වනාහි මොහු මගේ දුව හැරදමා ගියේයයිද මගේ පුතා පැවිදිකර වෛරියකුගේ තැන තැබීයයිද මේ කරුණු දෙක නිසා බුදුන් කෙරෙහි ආඝාත බැඳ, මොහුට ආරාධනා ලබන තැනට ගොස් වළඳන්ට නොදෙන්නෙමියි ගමන්මග අහුරා මත්පැන් බිබී වීථියෙහි නැවතී සිටියේය. ඉන්පසු බුදුරජාණන්වහන්සේ භික්‍ෂූන් පිරිවරා එතැනට වැඩමවූ පසු බුදුන් වැඩියබව දැන්වූහ.

එහා පාරෙන් යන ලෙස ඔහුට කියව්. ඔහු මහල්ලෙක් නොවේ. ඔහුට මේ පාර ඉඩ නොදෙමියි කීවේය. නැවත නැවතත් කීවේ නමුත් එසේම කියමන් හුන්නේය. ශාස්තෘන්වහන්සේ මාමාගෙන් මාර්ගයෙන් ඉඩ නොලබා එතැනම නැවතුණහ. හෙතෙම බුදුරදුන් වෙත චරපුරුෂයන් යවමින්, යව, ගොස් කියන්නේ මොනවාදැයි දැනගෙන එවයි කීය. බුදුරජාණන්වහන්සේත් සිනා පහළ කළ කල්හි ආනන්‍ද තෙරණුවෝ ස්වාමීනි, සිනා පහළ කරනලද්දේ කුමක් නිසාදැයි ඇසූවිට, ආනන්ද සුප්පබුද්ධ ඔබට පෙනෙන්නේදැයි ඇසූහ. ස්වාමීනි, එසේය. ආනන්ද මා වැනි බුදුකෙනෙකුන්ට මාර්ගය නොදී ඔහු කෙළේ බරපතළ ක්‍රියාවකි. මෙයින් හත්වෙනි දිනයේ යට ප්‍රාසාදයෙහි ඉණිමංමුලිදී ඔහු පොළොවෙහි ගිළීයන්නේය.

චරපුරුෂයෝ ගොස් තමන් ඇසූ කතාව සුප්‍ර‍බුද්ධට කීහ. ළඟට ගිය තොපට මගේ බෑණා නැවැත්වීම ගැන කුමක් කීයේදැයි ඇසූවිට බුදුන් වදාළ හැටියෙන්ම ඒ කථාව කීහ. හෙතෙම ඒ වචන අසා, මෙතනදී මගේ බෑණාගේ කථාවේ වරදක් නැත. ඒකාන්තයෙන්ම ඔහු කියන දේ එසේම වෙයි. එසේ වුවත් ඔහුට මුසාවාදයෙන් නිග්‍ර‍හ කරන්නෙමි. හෙතෙම මා මෙයින් හත්වෙනි දිනයේ පෘථුවියෙහි ගිළී යන්නේ යයි අනියමින් නොකියා යට ප්‍රාසාදයෙහි හිණිමංමුල පොළොවේ ගිළී යන්නේයයි කීවේය.

මෙතැන් පටන් මම එතැනට නොයන්නෙමි. ඉන්පසු ඔහු කියන තැනින් පොළොවට ප්‍ර‍විෂ්ට නොවී මුසාවාදයෙන් නිග්‍ර‍හ කරන්නෙමියි හෙතෙම තමන්ගේ පරිහරණයට ගන්නා සියල්ල සත්මහල් පහයේ ඉහළම මහළට ගෙනගොස් ඉණිමග ඉවත්කොට දොර වසා අනිත් එක් එක් දොරටුවක රැකවලුන් දෙදෙනා බැගින් හිඳුවා, ඉදින් මම ප්‍ර‍මාදයකින් හෝ යටට බසිනු කැමති වුවහොත් එය වලක්වව්යයි කියා හත්වෙනි ප්‍රාසාදතලයෙහි ශ්‍රීයහන් ගබඩාවේ හුන්නේය.

ශාස්තෘන්වහන්සේ එපවත් අසා මහණෙනි, සුප්‍ර‍බුද්ධ හුදෙක් ප්‍රාසාද තලයෙන් අහසට නැගී හෝ සිටියත් නැවකන් ගොස් මූදට පැන්නත්, පර්වත මැදකට හෝ පැමිණියත් බුදුවරුන්ගේ කතාවක දෙවිධියක් නැත. මා කී තැනින්ම ඔහු පොළොවට පිවිසේනනේමයයි වදාරා දහම්දෙසමින් මේ ගාථාවද වදාළහ:

අහසෙහි උඩට හෝ

මුහුදෙහි පතුළටම හෝ

පරුවත මැදක ගොස් හෝ

පව්කර සිටින කෙනෙකුට

මෙ කියූ තැන්වලට ගොස්

මරුගෙන් මිදෙනු නොහැකිය

එහි නප්පසහෙථ මච්චු යනු යම් පෙදෙසක සිට මරණය නොඉවසා, එයට යටත් නොවී සිටීමට පුළුවන් කෙස් අගක් ප්‍ර‍මාණවූ පෘථිවි ප්‍රදේශයක් නැත. සෙස්ස පෙරසේමය. දේශනාවසානයේ බොහෝ දෙනා සෝවාන් ඵලාදියට පැමිණියාහුය.

සත්වෙනි දිනයෙහි බුදුරදුන් භික්‍ෂාවෙහි හැසිර අවසන්වූ පසු යට ප්‍රාසාදයෙහි සුප්‍ර‍බුද්ධගේ මංගල අශ්වයා මත්වී උද්දාමයෙන් ඒ ඒ බිත්තිවලට ගසන්ට පටන් ගත්තේය. උඩ සිටි සුප්‍ර‍බුද්ධ මේ අසා ඒ කිනම් ශබ්දයක්දැයි විමසීය. මගුල් අසු මත්වී බිත්තිවලට ගසන ශබ්දය යයි දැනගත්තේය. ඒ අශ්වයාත් සුප්‍ර‍බුද්ධ දැකම සන්සුන් වන්නෙකි. ඉන්පසු ඔහු අසු නැවැත්වීම සඳහා හුන් තැනින් නැගිට ද්වාරය දෙසට ආවේය. දොරවල් තමන්ම විවෘත විය. හිණිමග සිය ස්ථානයේම පිහිටියේය. දොරටුවේ සිටි මල්ලවයන් ඔහු බෙල්ලෙන් අල්ලාගෙන යටට තල්ලුකර දැම්මේය. මේ ආකාරයෙන්ම මහල් සතේම දොරවල් ඉබේම විවෘත විය. හිණිමං තිබුණු තැන්වලම නැවත පිහිටියේය. ඒ ඒ මහල්වල සිටි රැකවල්ලු ඔහු බෙල්ලෙන් අල්ලා යට මහල්වලටම තල්ලුකර දැම්මේය. ඉන්පසු ඔහු යටම මහලේ හිණිමංමුලට පැමිණෙනවාත් සමග මහපොළොව පැලී විවරව ඔහු පිළිගත්තේය. හෙතෙම ගොස් නිරයෙහි උපන්නේය.

දේශනා කෙළවර බොහෝ අය සෝවාන්ඵලාදියට පැමිණියාහුය.

පාපවර්ග වර්ණනාව නිමියේය.

නවවෙනි වර්ගයයි.

සාධු සූත්‍රය



 සාවත්ථිනිදානං . අථ ඛො සම්බහුලා සතුල්ලපකායිකා දෙවතායො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො එකා දෙවතා භගවතො සන්තිකෙ ඉමං උදානං උදානෙසි -

‘‘සාධු ඛො, මාරිස, දානං;

මච්ඡෙරා ච පමාදා ච, එවං දානං න දීයති;

පුඤ්ඤං ආකඞ්ඛමානෙන, දෙය්‍යං හොති විජානතා’’ති.

අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං උදානං උදානෙසි -

‘‘සාධු ඛො, මාරිස, දානං;

අපි ච අප්පකස්මිම්පි සාහු දානං’’.

‘‘අප්පස්මෙකෙ පවෙච්ඡන්ති, බහුනෙකෙ න දිච්ඡරෙ;

අප්පස්මා දක්ඛිණා දින්නා, සහස්සෙන සමං මිතා’’ති.

අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං උදානං උදානෙසි -

‘‘සාධු ඛො, මාරිස, දානං; අප්පකස්මිම්පි සාහු දානං;

අපි ච සද්ධායපි සාහු දානං’’.

‘‘දානඤ්ච යුද්ධඤ්ච සමානමාහු,

අප්පාපි සන්තා බහුකෙ ජිනන්ති;

අප්පම්පි චෙ සද්දහානො දදාති,

තෙනෙව සො හොති සුඛී පරත්ථා’’ති.

අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං උදානං උදානෙසි -

‘‘සාධු ඛො, මාරිස, දානං; අප්පකස්මිම්පි සාහු දානං;

සද්ධායපි සාහු දානං; අපි ච ධම්මලද්ධස්සාපි සාහු දානං’’.

‘‘යො ධම්මලද්ධස්ස දදාති දානං,

උට්ඨානවීරියාධිගතස්ස ජන්තු;

අතික්කම්ම සො වෙතරණිං යමස්ස,

දිබ්බානි ඨානානි උපෙති මච්චො’’ති.

අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං උදානං උදානෙසි -

‘‘සාධු ඛො, මාරිස, දානං; අප්පකස්මිම්පි සාහු දානං;

සද්ධායපි සාහු දානං; ධම්මලද්ධස්සාපි සාහු දානං;

අපි ච විචෙය්‍ය දානම්පි සාහු දානං’’.

‘‘විචෙය්‍ය දානං සුගතප්පසත්ථං,

යෙ දක්ඛිණෙය්‍යා ඉධ ජීවලොකෙ;

එතෙසු දින්නානි මහප්ඵලානි,

බීජානි වුත්තානි යථා සුඛෙත්තෙ’’ති.

අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං උදානං උදානෙසි -

‘‘සාධු ඛො, මාරිස, දානං; අප්පකස්මිම්පි සාහු දානං;

සද්ධායපි සාහු දානං; ධම්මලද්ධස්සාපි සාහු දානං;

විචෙය්‍ය දානම්පි සාහු දානං; අපි ච පාණෙසුපි සාධු සංයමො’’.

‘‘යො පාණභූතානි (පාණභූතෙසු (සී. පී.)) අහෙඨයං චරං,

පරූපවාදා න කරොන්ති පාපං;

භීරුං පසංසන්ති න හි තත්ථ සූරං,

භයා හි සන්තො න කරොන්ති පාප’’න්ති.

අථ ඛො අපරා දෙවතා භගවන්තං එතදවොච - ‘‘කස්ස නු ඛො, භගවා, සුභාසිත’’න්ති?

‘‘සබ්බාසං වො සුභාසිතං පරියායෙන, අපි ච මමපි සුණාථ -

‘‘සද්ධා හි දානං බහුධා පසත්ථං,

දානා ච ඛො ධම්මපදංව සෙය්‍යො;

පුබ්බෙ ච හි පුබ්බතරෙ ච සන්තො,

නිබ්බානමෙවජ්ඣගමුං සපඤ්ඤා’’ති.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි සතුල්ලපකායික නම්න් දන්නාලද බොහෝ දෙවි කෙනෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල මනා වර්‍ණ ඇත්තාහු සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්ාස් කරා එළඹුනාහ. එළඹ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත් පසෙක සිටියහ.

එක් පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කළේය.

“නිදුකානන් වහන්ස, දන් දීම යහපති.

“මසුරු බව නිසාත් ප්‍රමාදය නිසාත් මෙසේ දන් දෙනු නොලැබේ. පින් පල දන්නා, පින් නැමැත්තහු දන් දිය යුතු.”

එවිට වෙනත් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ප්‍රීති වාක්‍යය පහළ කෙළේය.

“නිදුකානන් වහන්ස, සැබව: දීම යහපත. තවද දාන වස්තු ස්වල්පයක් ඇති කලද දීම යහපත.

“ඇතැම්හු මඳ දෙයක් ඇති කලද දෙත්. ඇතැම්හු බොහෝ වස්තුව ඇතිවද නොදෙත්. මඳ දෙයින් දුන් දන, දහසක් ධන විසඳා දුන් දනට සමකොට ප්‍රමාණ කරනලදී.”

එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කළේය.

“නිදුකානන් වහන්ස, දීම යහපත. මඳ දෙයක් ඇති කල වුවද දීම යහපති. තවද ශ්‍රද්‍ධාවෙන් දීම යහපති.

“දානයද, යුද්‍ධයද සමාන කොට කියත්. යුද්‍ධයෙහි ටික දෙනෙක්වම බොහෝ (ෂතුරන්) දිනත්ද, එමෙන්ම මඳ දෙයක් වුවද කම්පල අදහමින් දෙන්නේද ඒ හේතුයෙන්ම ඔහු පරලෙව්හිදී සැප ඇතියෙක් වෙයි.”

එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කළේය. “නිදුකානන් වහන්ස, දීම යහපත. මඳක් ඇතිකලද දීම යහපත. ශ්‍රද්‍ධායෙන් දීමද යහපත. එහෙත් දැහැමින් ලත් වස්තුව ආර්‍ය්‍ය පුද්ගලයෙකුට දීමම යහපත.”

“යම් සත්‍වයෙක් නොපසුබට වීර්‍ය්‍යයෙන් සැපයූ, දැහැමින් ලත් වස්තුව දන්දේද, හෙතෙම යමයාගේ වේකරණී නිරය ඉක්මවා ගොස් දිව්‍යලෝකයට පැමිණේ.’

එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත මේ ප්‍රීති වාක්‍යය පහළ කළේය.

“නිදුකානන් වහන්ස, දීම යහපත. මඳ දෙයක් ඇතිකල දීමද යහපත. ශ්‍රද්‍ධාවෙන් දීමද යහපත. දැහැමෙන් සැපයූ දෙයින් දීමද යහපත. එහෙත් දෙන දෙයක් සොයා බලා දීම යහපති.”

“පරීක්‍ෂාකොට බලා දීම බුද්ධාදී උතුමන් විසින් පසස්නාලදී. මේ සත්ත්‍ව ලෝකයෙහි දෙන දේ ලබන්නට සුදුසු පුද්ගල කෙනෙක් වෙත්ද, ඔවුන්ට දුන් දන් මහත්ඵලය. සරු කෙතක වැපුරූ ධාන්‍ය මෙනි.”

එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කළේය.

“නිදුකානන් වහන්ස, දීම යහපත්මය. මඳ දෙයක් ඇතිකල එයින් දීමද යහපත්මය. සැදැහැයෙන් දීමද යහපත්මය. දැහැමින් ලත් දෙයින් දීමද යහපත්මය. විමසා බලා දීමද යහපත්මය. තවද ප්‍රාණවධයෙන් වැළැක්මද යහපත.

“යමෙක් සතුන් කෙරේ හිංසා නොකොට හැසිරෙනුයේ අනුන්ගෙන් ලැබෙන චෝදනාවට බියෙන් ප්‍රාණඝාත ආදී පවු නොකෙරේද, ඒ බිය තැනැත්තා (නුවණැත්තෝ) පසසත්. එහි (පවට) බියනැති ප්‍රාණවධයෙහි දක්‍ෂයා ඔවුහු නොපසසත්. සත්පුරුෂයෝ (පවට) බියෙන් පව් නොකෙරෙත්.”

එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේට, “භාග්‍යවතුන් වහන්ස,” (මොවුන්ගෙන්) කාගේ නම් කීම මැනැවින් කියන ලද්දේදැ” යි කීය.

(එවිට භාග්‍යවතුන් වහන්සේ) “තොප හැම කීදේම ඒ එ ්කාරණය අනුව යහපත්ය. එහෙත් මාගේ වචනද අසවු.

“සැදැහැයෙන් දීම බොහෝ ලෙස පසස්නා ලදී. එහෙත් දානයට වඩා ධර්‍මපදය (නිවන) උතුමි. පෙර සිටියාවූද වඩාත් පෙර සිටියාවූද නුවණ ඇති සත්පුරුෂයෝ නිර්‍වාණයම ලැබූහ” යි. (වදාළ සේක.)




.                         

Na Uyane Ariyadhamma Thero

 


Sunday, March 7, 2021

9-10 දසවන මණිකාර කුලුපගතිස්ස තෙරණුවන්ගේ වස්තුවයි.

 

9-10 දසවන මණිකාර කුලුපගතිස්ස තෙරණුවන්ගේ වස්තුවයි. 

ගබ්භමෙකෙ උප්පජ්ජන්ති, නිරයං පාපකම්මිනො;

සග්ගං සුගතිනො යන්ති, පරිනිබ්බන්ති අනාසවා.

සමහර සත්තව කෙනෙක් මවුකුසට උත්පත්ති වශයෙන් පැමිණෙන්නාහ. පව්මක් කළෝ නරකයට උත්පත්ති වශයෙන් පැමිණෙත් පින් කළ හෙයින් සුන්දර ගති ඇති සත්තවයෝ දෙව්ලොවට යන්නාහ. ක්‍ෂය කළ ආස්‍රව ඇති රහත්හු නිරුපධිශේෂ පරිනිර්වාණධාතුයෙන් පිරිනිවෙන්නාහ.

ගබ්භමෙකෙ ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසය කරන කාලයේ මණිකාරකුලුපගතිස්ස තෙරුන් අරභයා දේශනා කරනලදි.

ඒ තෙරණුවෝ මැණික්කරුවකුගේ ගෙදර දොළොස් වසක් වළඳමන් එහිම සිටියහ. ඒ ගෙදර අඹුසැමි දෙදෙනා මවුපිය තනතුරේ තබා තෙරුන් පෝෂණය කළහ. දිනක් මැණික්කරුවා තෙරුන් ඉදිරියේම සිට මස් කපමින් සිටියේය. ඒ වෙලාවේ ප්‍රසේනජිත් කොසොල් රජු, මෙය සෝදා කපා විද වහා එවන්නැයි එක් මැණිකක් එවීය. මැණික්කරු ලේ තැවරුණු අතින් එය පිළිගෙන පෙට්ටියක් උඩතබා අත් සෝදාගැනීමට ගේ ඇතුළට ගියේය. ඒ ගෙදර ඇතිකරන කොස්වාලිහිණියෙක්ද සිටියේය.

ඒ ලිහිණියා ලේ ගඳින් ඉවවැටී මස් කැබැල්ලකියි සිතා ඒ මැණික තෙරුන් බලබලා සිටිද්දීම ගිලදැම්මේය. මැණික්කරු ඇවිත් මැණික නොදැක මැණික ගත්තේ කවුදැයි භාර්යාවගෙනුත් පුතුන්ගෙනුත් පිළිවෙලින් අසා ඔවුහු අපි නොගත්තෙමුයයි කීකල්හි, තෙරුන් විසින් ගන්නාලදැයි සිතා භාර්යාව සමග කථා කරමින් මැණික තෙරුන් විසින් ගන්නාලදැයි කීවේය. භාර්යාව, ස්වාමීනි, එසේ නොකියව. මෙතෙක් කල් මම තෙරණුවන්ගේ කිසි වරදක් නොදුටිමි. උන්වහන්සේ මැණික නොගන්නා ලදැයි කීවාය.

මැණික්කරුවා තෙරුන් අමතා, ස්වාමීනි, මෙතැන් තිබූ මැණික ඔබවහන්සේ විසින් ගන්නාලදද? උපාසකය නොගත්තෙමි. ස්වාමීනි මෙි වෙන කිසිවෙක් නොසිටියහ. එය ඔබම ගන්නාලදැයි, මට ඒ මාණික්‍යරත්නය දෙන්නැයි කීවේය. තෙරනම තම කථාව භාරනොගන්නා හෙයින් නැවත භාර්යාව අමතා, මැණික ගන්නා ලද්දේ තෙරුන් විසින්මයි. පීඩා කරමින් හෝ උන්වහන්සේගෙන් අසන්නෙමියි කීවේය. ඈ, හිමියනි, අප වනසන්ට එපා, අපි දාසයන්වීම මීට වඩා උතුම්ය. තෙරුන්ට මෙසේ කීම අයුතුයයි කීවාය. අපි සියලු දෙනාම දාසයන් බවට පත්වුණත් මේ මැණික තරම් නොවටින්නෙමුයයි කියා, ලණුවක් රැගෙන තෙරුන්ගේ හිස වෙළා දඬුවකින් මිරිකා තද කෙළේය. තෙරුන්ගේ හිසෙන් හා නාසයෙන් ලේ වැගිරෙන්නට විය. ඇස් එළියට එන්නාක් මෙන් දැනිණි. තෙරණුවෝ වේදනාවෙන් බිම ඇදගෙන වැටුණහ. ලිහිණියා ඒ ලේ ගදින් එතැනට අවුත් ලේ බීවේය. ඉන්පසු මැණික්කරුවා තෙරුන් සමග උපන් කෝප වේගයෙන් තෝ මෙතැන කුමක් කරන්නේදැයි පාදයෙන් පහරක් ගසා හෙළීය.

ලිහිණියා එකපාරෙන්ම මැරී උඩුකුරුව වැටුණේය. ඒ දුටු තෙරණුවෝ, උපාසකය මගේ හිසෙහි වෙළුම මදක් බුරුල්කොට මේ කොස්වාලිහිණියා ගැන බලව. ඌ මියගොස්ද නැද්දැයි බලවයි කීහ. ඉන්පසු ඔහු තෙරණුවන් අමතා, මේ පක්‍ෂියා වගේම ඔබත් මැරෙන්නෙයයි කීවේය. උපාසකය, මේ ලිහිණියා ඒ මැණික ගිල්ලේය, මූ නොමැරුණා නම්, මම දිවිහිමියෙන් ඒ බව නොකියමි. එවිට මැණික නිසා ඔබ මූ මරන්නේය. මැණික්කරු උගේ බඩ පලා මැණික දැක වෙව්ලමින් තැතිගත් සිතින් යුක්තව තෙරුන් පාමුල වැඳ වැටී, නොදන්නාකමින් මා කළ වරදට සමාවුව මැනවැයි කීවේය.

උපාසකය ඔබේ දෝෂයක් නැත. මගේත් දෝෂයක් නැත. මෙය සංසාරදෝෂයයි. ඔබට සමාවදෙන්නෙමියි කීවිට ස්වාමීනි, මට සමාව දෙන්නෙහි නම් පෙර කළසේ මෙන්ම මගේ ගෙදර නැවතී භික්ෂාව ගනුමැනවැය කීවේය. උපාසකය, මම අද පටන් අනුන්ගේ ගෙදරක වහළයක් යටට ඇතුළු නොවෙමි. ගෙවල් ඇතුළට යාමේ වරද මෙයයි. මෙතැන් පටන් දෙපයේ වීරියෙන් ගෙවල්වල සිටගෙනම භික්ෂාව ලබාගන්නෙමි කියා ධුතාංග සමාදන්වී මේ ගාථාව ප්‍ර‍කාශකළහ:

අහර ටික ටික ඉල්ලා

ගැනීමට මුනිවරුන් උදෙසා

පිසෙයි බත් හැම තැන

පිඬු සිඟා ගෙන යන්නෙමි

දෙපා වාරුව ඇතිතෙක්

මෙසේ පැවසූ තෙරණුවෝ එම ආබාධයෙන්ම නොබෝ කලකින් පිරිනිවන් පෑහ. කොස්වාලිහිණියා මැණික් කපන්නාගේ බිරිඳගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. මැණික් කපන්නා මියගොස් නිරයෙහි උපන්නේය. මැණික් කපන්නාගේ බිරිඳ තෙරුන් කෙරෙහි මෘදුසිත් ඇතිකරගත් හෙයින් මියපරලොව ගොස් දෙව්ලොව උපන්නාය.

භික්‍ෂූන්වහන්සේලා ඔවුන් ඉපදුණු තැන් ගැන බුදුරජාණන්වහන්සේගෙන් අසා සිටියහ. බුදුරජාණන්වහන්සේ, මහණෙනි, මේ ලොව සමහරු මවුකුස උපදිති, පව්කරන සමහරු අපායෙහි උපදිත් කළ පින් ඇත්තෝ දෙව්ලොව උපදිති. අනාශ්‍ර‍ව රහතන්වහන්සේලා වනාහි පිරිනිවන්පාතියයි වදාරා අනුසන්ධි ගලපා දහම් දෙසමින් මේ ගාථාවද වදාළහ.

සමහරු මවුකුසද

පව්කාරයෝ නිරයෙද

පිනැත්තෝ සුගතියෙහිද

නිකෙලෙස්හු නිවනට ද යෙති

එහි ගබ්භං යනුවෙන් මනුෂ්‍යගර්භයක්ම අදහස් කරනලදි. මෙහි සෙසු විස්තර කියනලද අර්ථමය. දේශනාවසානයෙහි බොහෝ දෙනා සෝවාන්ඵලාදියට පැමිණියාහුය.


මච්ඡරි සූත්‍රය


එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො සම්බහුලා සතුල්ලපකායිකා දෙවතායො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො එකා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි -
‘‘මච්ඡෙරා ච පමාදා ච, එවං දානං න දීයති (දිය්‍යති (ක.));
පුඤ්ඤං ආකඞ්ඛමානෙන, දෙය්‍යං හොති විජානතා’’ති.
අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමා ගාථායො අභාසි -
‘‘යස්සෙව භීතො න දදාති මච්ඡරී, තදෙවාදදතො භයං;
ජිඝච්ඡා ච පිපාසා ච, යස්ස භායති මච්ඡරී;
තමෙව බාලං ඵුසති, අස්මිං ලොකෙ පරම්හි ච.
‘‘තස්මා විනෙය්‍ය මච්ඡෙරං, දජ්ජා දානං මලාභිභූ;
පුඤ්ඤානි පරලොකස්මිං, පතිට්ඨා හොන්ති පාණින’’න්ති.
අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමා ගාථායො අභාසි -
‘‘තෙ මතෙසු න මීයන්ති, පන්ථානංව සහබ්බජං;
අප්පස්මිං යෙ පවෙච්ඡන්ති, එස ධම්මො සනන්තනො.
‘‘අප්පස්මෙකෙ පවෙච්ඡන්ති, බහුනෙකෙ න දිච්ඡරෙ;
අප්පස්මා දක්ඛිණා දින්නා, සහස්සෙන සමං මිතා’’ති.
අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමා ගාථායො අභාසි -
‘‘දුද්දදං දදමානානං, දුක්කරං කම්ම කුබ්බතං;
අසන්තො නානුකුබ්බන්ති, සතං ධම්මො දුරන්වයො (දුරන්නයො (සී.)).
‘‘තස්මා සතඤ්ච අසතං (අසතඤ්ච (සී. ස්‍යා. කං.)), නානා හොති ඉතො ගති;
අසන්තො නිරයං යන්ති, සන්තො සග්ගපරායනා’’ති.
අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ එතදවොච - ‘‘කස්ස නු ඛො, භගවා, සුභාසිත’’න්ති?
‘‘සබ්බාසං වො සුභාසිතං පරියායෙන; අපි ච මමපි සුණාථ -
‘‘ධම්මං චරෙ යොපි සමුඤ්ජකං චරෙ,
දාරඤ්ච පොසං දදමප්පකස්මිං;
සතං සහස්සානං සහස්සයාගිනං,
කලම්පි නාග්ඝන්ති තථාවිධස්ස තෙ’’ති.
අථ ඛො අපරා දෙවතා භගවන්තං ගාථාය අජ්ඣභාසි -
‘‘කෙනෙස යඤ්ඤො විපුලො මහග්ගතො,
සමෙන දින්නස්ස න අග්ඝමෙති;
කථං (ඉදං පදං කත්ථචි සීහළපොත්ථකෙ නත්ථි) සතං සහස්සානං සහස්සයාගිනං,
කලම්පි නාග්ඝන්ති තථාවිධස්ස තෙ’’ති.
‘‘දදන්ති හෙකෙ විසමෙ නිවිට්ඨා,
ඡෙත්වා වධිත්වා අථ සොචයිත්වා;
සා දක්ඛිණා අස්සුමුඛා සදණ්ඩා,
සමෙන දින්නස්ස න අග්ඝමෙති.
‘‘එවං සතං සහස්සානං සහස්සයාගිනං;
කලම්පි නාග්ඝන්ති තථාවිධස්ස තෙ’’ති.


මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි පිහිටි අනේපිඬු
සිටාණන් විසින් කරවනලද ජෙීතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල්හි සතුල්ලපකායික නම්න් දන්නා ලද බොහෝ දෙවි කෙනෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල බබළන පැහැ ඇත්තාහු සියලු ජේතවනය බබුඵවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියෝය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියහ.
එකත්පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“මෙසේ මසුරුබවත්, පමාවත්, කරණකොට ගෙන දන් දෙනු නොලැබේ. (දීමෙහි ඵල ඇතැයි) දන්නා පින් කැමැත්තහු විසින් දන් දිය යුතු වෙයි.”
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ මේ ගාථා කීය:
“යමකට බියෙන් මසුරා දන් නොදේද, නොදෙන ඔහුට ඒ බියම වේ.
“බඩගින්නද පිපාසාවද යන යමකට මසුරා බිය වේද, එයම මෙලොවද පරලොවද ඒ දන් නොදෙන අනුවණයා වෙතම පැමිණෙයි.
“එබැවින් මසුරු බව දුරලා මසුරුමළ මැඩලන්නෙක්ව දන් දෙන්නේය. පින් පරලෙිවෙහිදී ෂත්හට පිහිටවේ.”
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුක් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීය:
“යම් කෙනෙක් මහ කතරක යන්නාහු, මඳ දෙයක් ඇති කලද, එය (තමා) සමග යන්නවුන්ට බෙදා දෙන්නාහු නම්, ඔවුහු මළවුන් අතුරෙහි නොමැරෙත්. මේ පුරාණ ධර්‍මයෙකි.
“ඇතැම් කෙනෙක් වස්තුව ස්වල්පව ඇතිකල්හිද දෙත්. ඇතැම්හු බොහෝ වස්තුයෙන් යුක්තව ඉඳත් දන් නොදෙත්. ස්වල්පයක් ඇතියහු ඒ ස්වල්ප දෙයින් දුන් දන දහසක් ධනයෙන් දුන් දනක් හා සමයැයි ප්‍රමාණ කරණ ලදී.”
එකල අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීය:
“දීමට දුෂ්කරවූ දානය දෙන, කරන්නට අමාරුවූ පින්කම් කරන, තැනැත්තවුන් අනුව අසත්පුරුෂයෝ ක්‍රියා නොකෙරෙත්. සත්පුරුෂයන්ගේ ධර්‍මය අසත්පුරුෂයන් විසින් අනුගමනය කළ නොහැක්ක. එබැවින් සත්පුරුෂයන්ගේද අසත්පුරුෂයන්ගේද මෙයින් මතු පරලොව ගතිය වෙනස් වෙයි. අසත්පුරුෂයෝ නිරයට යෙත්. සත්පුරුෂයෝ සුගතියට යත්.”
එවිට අන් දෙවියෙක්, “භාග්‍යවතුන් වහන්ස, මොවුන්ගෙන් කාගේ කියුම් මැනැවින් කියන ලද්දෙක්දැ?” යි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසුවේය. “තොප හැම කීදේ ඒ ඒ කාරණයේ සැටියෙන ්මනා කොට කියන ලද්දේය. එතෙකුදු වුවත් මගේ කීමද අසවු:
“යමෙක් දුකසේ අඹු දරුවන් රකිමින් වෙසෙන්නේද, ඔහු ස්වල්ප වස්තුවක් ඇති කල්හි එයින් දන් දෙමින් කුසල් කරන්නේද, එසේ වූවහුගේ ඒ දානයේ සියයෙන් කොටසක් පමණටවත් වරකට දහසක් වියදම් කොට, ලක්‍ෂයක් දෙනෙකුට දන් දුන්නවුන්ගේ දාන සිය දහස නොවටනේය.
එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය:
“මහත්වූ උදාර බවට පත් මේ දානය කවර කරුණෙකින් (දිළින්දා) ඒ දැහැමෙන් උපයා දුන් දානයාගේ අගයට (ළංව) නොපැමිණේද? දහස් ගනන් දන් දෙන්නහුගේ ඒ දාන (දිළින්දා දුන්) එබඳු දානයාගේ සියෙන් පංගුවටක් කවර හෙයින් නො අගිත්ද?”
එවිට භාග්‍යවතුන් වහන්සේ ඒ දෙවියාට ගාථාවෙකින් මෙසේ වදාළසේක.
“ඇතැම්හු විෂම කර්‍මයන්හි පිහිටියාහු අනුන් ශෝකයට පත්කොට දන් දෙත්. ඒ ශෝකයට පත්කර දුන් දඬු මුගුරුවලින් අනුන් බියගන්වා තළාපෙළා දුන් දානය, දැහැමෙන් දිළින්දා දුන් දානයේ වටිනාකමට නොඑයි. මෙසේ වරකට ලක්‍ෂයක් දෙනෙකුට දහසක් බැගින් දුන් ඒ දානයෝ දිළින්දා අනුන් නොරිදුවා සපයාගත් දෙයින් දුන් එබඳු දානයේ සියෙන් කොටසකටද නොවටනේය.”


දන් දීමයි අනුසස් ලැබීමයි අත් හැරීමයි නිරාමිස සතුටයි
රත්මලානේ ශ්‍රී රත්නාරාමය
බොරලැස්ගමුවේ සිරි සෝනුත්තර විහාරය යන
උභය විහාරාධිපති බස්නාහිර පළාත සහිත
කොළඹ නව තොටමුණේ
ප්‍රධාන අධිකරණ සංඝ නායක
සූරියගොඩ සිරිධම්ම නා හිමි

දේවතා සංයුත්තයේ දානය පිළිබඳව විශේෂයෙන් සඳහන් වන සූත්‍ර අතර ආදිත්ත, කිංදද, වනරෝප, ජේතවන, සාධු සහ මච්ඡරි නමින් සූත්‍ර දේශනා සඳහන් වෙයි. මේ අතරින් මච්ඡරි සූත්‍ර දෙකක් තිබෙයි. එක් මච්ඡරි සූත්‍රයක් සතුල්ලපකායික වර්ගයටත්, අනෙක් මච්ඡරි සූත්‍රය ආදිත්ත වර්ගයටත් අයත්.

දේවතා සංයුත්තය පිළිබඳව විමසිලි ඇසින් බලන විට බොහෝම මාතෘකා ඔස්සේ අදහස් ඉදිරිපත් කරන්නට පුළුවන්. දානය හෝ පරිත්‍යාගය පිළිබඳව දෙවිවරුන් විසින් විවිධ මති මතාන්තර අදහස් දැරු බව පෙනෙන්නට තිබෙනවා.

දේවතා සංයුත්තයේ දානය පිළිබඳව විශේෂයෙන් සඳහන් වන සූත්‍ර අතර ආදිත්ත, කිංදද, වනරෝප, ජේතවන, සාධු සහ මච්ඡරි නමින් සූත්‍ර දේශනා සඳහන් වෙයි. මේ අතරින් මච්ඡරි සූත්‍ර දෙකක් තිබෙයි. එක් මච්ඡරි සූත්‍රයක් සතුල්ලපකායික වර්ගයටත්, අනෙක් මච්ඡරි සූත්‍රය ආදිත්ත වර්ගයටත් අයත්. නමුත් මේ සූත්‍ර දෙකෙන්ම පැහැදිලි කරන කාරණා දෙපැත්තට විහිදුන කාරණා නොවෙයි. ඒ දෙවර්ගයේදීම දෙවිවරුන් විසින් අසා ඇත්තේ දානය පිළිබඳවයි.

අද අප මේ සූත්‍ර අතරින් මච්ඡරි සූත්‍රය ගැන පැහැදිලි කරමු. මච්ඡරී යනු මසුරුකමයි. ඒ මසුරුකම මුල් කරගෙන දානය පිළිබඳ අදහස් මෙම සූත්‍රයේ ඇතුළත්. ඒ වගේම මච්ඡරි සූත්‍රයේ දන් දිය යුත්තේ කවුද? කියා සාකච්ඡා කරනවා.

දෙවැනි මච්ජරී සූත්‍රයේදී සාකච්ඡාවට භාජනය වන්නේ දෙන්නාගේ සහ නො දෙන්නාගේ වෙනසයි. මේ සියල්ලම අපට ඉතාමත් වැදගත් මෙන්ම ඉතාමත් ප්‍රයෝජනවත් කරුණුයි.

මච්ඡරි සූත්‍රයේ දාන ආනිසංස බොහෝ විස්තර කොට තිබෙනවා. සතුල්ලපකායික දෙවි දේවතාවන් විසින් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටියදී මුළු ජේතවනය ඒකාලෝකමත් කරගෙන පැමිණ මෙසේ විමසා සිටියා.

නිදුකාණන් වහන්ස, මසුරුකමත්, ප්‍රමාදයත් නිසා ඇතැම් අය දන් දෙන්නේ නැහැ. පින් කැමැති දානඵල දන්නා අය, දාන ආනිශංස දන්නා අය දන් දිය යුතු වෙනවා. මේ දේවතාවාගේ දානය පිළිබඳව ප්‍රශ්නය ඉදිරිපත් කරන්නේ මසුරුකම සහ ප්‍රමාදය නිසා දන් නො දෙන්නා පිළිබඳවයි. නමුත් පින් කැමැති දානයේ ආනිශංස දන්නා අය දන් දීමට මැළි වන්නේ නැහැ. අප දන්නවා වර්තමානයේ ඇතැම් අය ශ්‍රද්ධාව මුල්කරගෙන වගේම දානයේ අනුසස් දැනගෙනත් දන් දෙනවා. ඇතැම් අය දන් දෙන්නේ තමන්ගේ චිත්ත සන්තානයේ ඇති ලෝභය, ද්වේෂය, මෝහය යටපත් කිරීමටයි. මෙය දානය පිළිබඳව ඇති ධර්මානුස්වභාවය යි.

නමුත් අද සමාජයේ ඇතැම් අය දන් දෙනුයේ අවබෝධයකින් නොවෙයි. විවිධ භය නිසා, මළගිය අය නිසා, ඔවුන්ගෙන් සිදුවන කරදර නිසා දන් දීමට පෙළෙඹනවා. එසේ නොමැතිව ශ්‍රද්ධාවෙන් දන් දෙන අයට ඒ පිළිබඳව හොඳ අවබෝධයෙන් මඟ පෙන්වන සූත්‍රයක් තමයි මච්ඡරි සූත්‍රය.

තවත් එක් දේවතාවෙක් බුදුරජාණන් වහන්සේ අභියස දී මෙසේ ප්‍රකාශ කළා. ස්වාමිනි නිදුකාණන් වහන්ස , මසුරා, දැඩි ලෝභයා යම් කටයුත්තකට බියෙන් දන් නොදෙයි. එයම ඔහුට භය පිණිස පවතිනවා. මසුරු තැනැත්තා ඒ නිසාම මෙලොවත්, පරලොවත් දුක් විඳියි. දුක බාලයා ස්පර්ෂ කරයි. ඒ නිසාම මසුරුකම හැරදා එය මැඬලීම පිණිස දන් දිය යුතුයි. ඒ වගේම නිදුකාණන් වහන්ස, මියයන සත්ත්වයාට පරලොවදී පිහිට පිණිස පවතින්නේ පිනයි. ඒ නිසා පින් කර ගන්නට ඕන. පින් කිරීමට නම් දන් දීම අවශ්‍ය යැයි ඒ දෙවියා බුදුරජාණන් වහන්සේ අභියසදී ප්‍රකාශ කළා.

මේ පින පිළිබඳව අර්ථ දක්වන තැන්වලදී බුදුරජාණන් වහන්සේ වදාළා ගිහි අයට ද, දෙවියන්ටද, පැවිදි උතුමන්ටද පින අවශ්‍යයි. පින අනුවයි මේ සියලු දෙනාගේම බැබළීම සිදුවන්නේ. පින පරලොවදී සත්ත්වයාට පිහිට පිණිස පවතියි කියා.

තව දේවතාවෙක් පවසනවා යමෙක් සමඟ ගමනක් යන කෙනෙකුට ලැබුණ දේ බෙදා ගන්නාක් මෙන් ටිකක් ඇති කල්හිත් දන් දෙනවා නම් ඒ අය මළවුන් අතර නොමැරී සිටිනවා යැයි කියා සිටියා.

අප දන්නවා ඇතැම් අයට විශාල ලෙස මිල මුදල් තිබෙනවා. ඇතැම් අයට ටිකක් තිබෙනවා. ටිකක් තිබෙන කෙනෙක් ශ්‍රද්ධාව නමැති ධනය මුල්කරගෙන දන් දෙනවානම් ඒ තැනැත්තා මළවුන් අතර, නො මළ කෙනෙක්. ඇතැම් අය ටිකක් ඇති විටත් දන් දෙනවා. ඇතැම් අය බොහෝ තිබියදීත් දන් නොදේ. නමුත් සුළුවෙන් තිබියදී හෝ ශ්‍රද්ධාව නමැති ධනය මුල්කරගෙන දන් දෙනවා නම් එය දෙලොව යහපතට හේතු වෙනවා.

තවත් දේවතාවෙක් ප්‍රකාශ කරනවා අසද්පුරුෂයෝ ස්වල්පයක් ඇති කල්හී දුෂ්කර වූ දානය දෙන සද්පුරුෂයා අනුගමනය කරන්නේ නැහැ. ස්වල්පයක් ඇති කල්හිත් දීම නැමැති දුෂ්කර, සුචරිත ක්‍රියාව පුරුදු කළ යුතු බවයි මේ දේවතාවා කියන්නේ. ඒ දේවතාවා තවදුරටත් කියා සිටියා මේ සමාජයේ ටිකක් තිබෙන සද්පුරුෂයෝ ඉන්නවා ඒ වගේම ඉන්නවා ටිකක් තිබෙන අසද්පුරුෂයෝ. එයින් ටිකක් තිබෙන සද්පුරුෂයෝ දීම නමැති ඒ සුචරිත ක්‍රියාව ප්‍රගුණ කිරීම නිසා සුගතියේ ඉපදෙනවා .

ස්වාමිනි, සද්පුරුෂයාගේ ධර්මය පිරීම ඉතා අමාරුයි. එය ඉදිරියට ගෙන යාම, ව්‍යාප්ත කිරීම ඉතා අමාරුයි. අද සමාජයේ වුවත් හොඳ කරන අය අඩුයි. ඒ අය කරන ක්‍රියාවන්ද අසන්න ලැබෙන්නේ අඩුවෙන්. ඒ නිසා සද්පුරුෂයාගේ ධර්මය පිරීම අසීරු බවයි මේ දේවතාවා කියන්නෙ. අප දන්නවා බෝසතාණන් වහන්සේ දසපාරමිතා පුරන අවදියේ ඒ පාරමිතා පිරුවේ පහසුතා ලබාගෙන නොවේ. බොහෝම දුෂ්කරතා මැද දස පාරමිතා, දස උප පාරමිතා, දස පරමත්ත පාරමිතා පුරා සම්මා සම්බුද්ධත්වයට පත්වුණේ. ඒ නිසා අප තේරුම් ගන්න ඕන සද්පුරුෂයාගේත් අසද්පුරුෂයාගේත් වෙනස්කම් පවතිනවා. සද්පුරුෂයා මෙලොවින් පරලොව යනවිට සුගතියට යනවා. අසද්පුරුෂයා නිරයට යනවා කියන කාරණයයි මේ දේවතාවා ප්‍රකාශ කරන්නේ. මේ ආකාරයට දානය පිළිබඳව විවිධ අදහස් දෙවිවරුන් විසින් ප්‍රකාශ කර සිටියා.

ඒ දෙවි පිරිස පසෙකින් සිටි විට එක් දෙවියෙක් ඉදිරියට පැමිණ කියන්නේ ස්වාමිනි නිදුකාණන් වහන්ස, අප ප්‍රකාශ කළ ප්‍රකාශ වලින් වඩාත් වැදගත් නිවරැදි සාධු ධර්මය, සුභාෂිත ප්‍රකාශය කිව්වේ කවුද?

ඒ අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ වදාළා දේවේන්ද්‍රය, ඔබ සියලු දෙනාගේම කියමන් ඉතාමත්ම සුභාෂිතයි. ඒ වගේම මාගේ ප්‍රකාශයත් අසන්න. දේවේන්ද්‍රය, යමෙක් දුකසේ ජීවත්වෙමින් ධර්මානුකූලව හැසිරේ ද? අඹු දරුවන් පෝෂණය කර, ටිකක් තිබියදීත් දන් දෙයිද? ලක්ෂ ගණන් වියදම් කොට සිය ගණන් යාග කරන්නාගේ දීම ඔහුගේ දානයෙන් සියයෙන් පංගුවක් නො වටී කියායි. එහිදී භාග්‍යවතුන් වහන්සේ අවධාරණය කළේ දුකසේ ජීවත්වෙමින් ධර්මානුකූලව හැසිරෙමින්, අඹුදරුවන් පෝෂණය කරමින්, ධනය ටිකක් තිබියදීත් දන් දෙනවා නම් ඒ දන් දීම අධාර්මිකව හරිහම්බ කර දන් දෙන පුද්ගලයාට වඩා වටිනවා කියන කාරණය බුදුරජාණන් වහන්සේ දෙවියන් අරභයා වදාළා.

මේ දේ අද සමාජයටත් වැදගත් වෙනවා. දෙන දේ ධාර්මිකව, සිල්වත්ව උපයාගෙන එය ශ්‍රද්ධාවෙන් දීම ඉතා හොඳ බව මෙයින් අවධාරණය කරන්නේ.එනිසා ටිකක් හරි දෙන දේ ශ්‍රද්ධාවෙන් දෙන්න. දෙන්නම් වාලේ දෙන්න එපා. දෙන ටික හෝ තේරුම් අරගෙන දෙන්න. මම දෙන මේ පරිත්‍යාගය මාගේ චිත්ත සන්තානයේ ප්‍රසාදය පිණිස හේතුවේවා කියා දෙන්න. ආශාව සංසිඳීමටත්, මුලාව බැහැර කිරීම සඳහාත් කියන හොඳ සිතිවිලි ඇතිකරගෙන දන්දීම කළයුතු වෙනවා.

දන් දෙනවිට දහඩිය මහන්සියෙන් සොයා ගත් දෙයකින් දන් දීම වටිනවා. කෙසේ නමුත් දානයක් දීමේදී වඩා අර්ථවත් වන්නේ කර්මය, කර්මඵල දැනගෙන දීමයි. දැහැමින් දුන් දෙයි වටිනාකම වැඩියි. අධාර්මිකව හම්බ කරන දේ කෝටි ගණන් දුන්නත් එය මහත්ඵල මහානිසංස නොවෙයි. ඉහත කී දෙය දෙවි දේවතාවන් අරමුණු කරගෙන භාග්‍යවතුන් වහන්සේ වදාළද එය අද සමාජයටත් ඉතා වැදගත්. අකාලික මුනි දහම එසේමයි. එනිසා ටිකක් දන් දුන්නත් චේතනාව බලවත්නම් එය මහත්ඵල මහානිසංස යි. ඇතැම් කෙනෙක් විෂම පැවැත්මෙන් යුතුව අනුන් තලා පෙළා ශෝක කරවා හැඬු කඳුළු ඇතිකරවා දන් දෙනවා. එය මහත්ඵල මහානිශංස වන්නේ නැහැ. ඒ නිසා දේවතා සංයුත්තයේ මච්ඡරි සූත්‍රය අපේ ජීවිතවලට ඉතාමත් වැදගත් වෙනවා.

දන් දෙන්නේ කෙසේද කියන කාරණය මෙන්ම දන් දිය යුත්තේ කටද? කියන දෙයත් මච්ඡරි සූත්‍රයෙන් ඉතාමත් මැනවින් පැහැදිලි වෙනවා.


පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...