අසු මහා ශ්රාවක වහන්සේලා - 15
(පහලොස්වන ලිපිය )
කංඛා රේවත මහ රහතන් වහන්සේ
අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි ශ්රාවකයන් අතර ධ්යානයන්ට සම වදින භික්ෂූන් අතුරින් කංඛා රේවත රහතන් වහන්සේ අග්ර යයි වදාරා උන්වහන්සේට අග තනතුර දී වදාළා. බුදුරදුන් සම වදින සමාපත්තීන්ගෙන් කිහිපයක් හැර සෙසු සියලු සමාපත්තීන්ට සම වැදීමට උන්වහන්සේ සමත් වුණා.අප බුදුරදුන් ලෝ පහළ වූ විට සැවැත්නුවර මහත් සම්පත් ඇති කුලයක උපත ලැබීමෙන් අනතුරුව රේවත යනුවෙන් නම් කළා. සුදුසු නුසුදුසු කැප අකැප සෑම දෙයක් කෙරෙහිම සැක උපදවන හෙයින් පාලි භාෂාවෙන් සැක සහිත යන අර්ථය ඇති කංඛා යන වචනය සහිතව ව්යවහාර කිරීම නිසා ලැබුණු නම තමයි රේවත යන්න.
උපතින් ටික කලකට පසු ධර්ම ශ්රවණය සඳහා යන සැවැත්නුවර මහ පිරිස සමග ආරාමයට ගොස් එක් දිනක් පිරිස් කෙළවර සිට බණ ඇසුවා. පැහැදීමට පත් ඔහු ලබා ගත් පැවිද්දෙන් අනතුරුව උපසම්පදාවට පත්ව සිත දියුණු කොට ධ්යාන උපදවා නොකඩවා භාවනා කිරීමෙන් රහත් භාවයට ද පත් වූවා. යම් කෙනකුට ධ්යාන ලැබීමට හෝ රහත් භාවයට පත්වීමට කෙලෙස් නැති කරන්න ඕන. එහෙත් ධ්යාන ඉපදවීමෙන් නැති කරන කෙලෙස් කවර මොහොතක හෝ මතු වී අවුත් ලබා ගත් ධ්යානයන්ගෙන් පිරිහෙන්නට පුළුවනි. එහෙත් භාවනාවෙන් සිත දියණු කොට ගෙන රහත් භාවයට පත් වීමෙන් කෙලෙස් නැති කර ගත් කල්හි ඒ කෙලෙස් නැවත කිසි දිනක ඇති නොවන අන්දමට (සමුච්ඡේද) සම්පූර්ණයෙන් විනාශ වෙනවා. නිවනට පත් වූවා කියන්නේ මේ තත්වයයි.
කංඛා රේවත හිමියන් ධ්යානයට සම වදින භික්ෂූන් අතර අග්ර වුණා. ධ්යාන යන්නට දිය හැකි කෙටි එක් අර්ථයක් නම් “එක්කොට ගැනීම” යන්නයි. එක්කොට ගත්තේ මොනවාද? විතක්ක. විචාර පීති සුඛ එකග්ගතා යන මේවායි. මෙයින් ධ්යාන සිතෙහි යෙදුණූ විතක්ක තමන් හා පෙනී සිටි චිත්ත චෛතසික ධර්ම අරමුණට පත්වෙනවා. විචාරය මගින් තමයි ඔවුන් අරමුණෙහි හසුරුවන්නේ. පී්රතිය මගින් ඔවුන් අරමුණෙහි ලා පිනවනවා. සුඛය මගින් ඔවුන් ඔද වඩවනවා. ඒකග්ගතාව මගින් එහි මෙහි යා නොදී ඔවුන් නවතා ගෙන රැක ගන්නවා. මේ අන්දමට එකසේ අරමුණෙහි ක්රියා කරනවා. ඒ නිසා මේ පහ එක් කොට ගැනීම ධ්යාන නමින් දැන්වෙනවා.
රථය යැයි කියන්නේ නිම් වළලු, රෝද, බොස්ගෙඩි, දැති ආදිය එක් වූ එකයි. මෙහි දැක්වූ බොස් ගෙඩිය රථය නොවෙයි. නිම් වළලු රථය නොවෙයි. රෝද රථය නොවෙයි. දැති රථය නොවෙයි. මේ සියල්ල එක් වූ කල්හි රථය යැයි අප කියනවා. එමෙන් කලින් දැක්වූ විතක්කය පමණක් ගත් කල්හි එය ධ්යාන නොවේ. විචාරාදී ඉතිරි සතර ද වෙන වෙනම ගත් විට ධ්යාන නොවේ. ඒවා ඒ ඒ නම් වලින්ම හැඳීන්වෙනවා. මේ පස් දෙන සමබරව එකකට එකක් අඩු වැඩි නැතිව එක විටම නැගි සිටීම ධ්යාන වශයෙන් දැක්වෙනවා. ප්රතිවිරුද්ධ ධර්මයක් දවාලන අර්ථයෙන් ද ධ්යාන නම යොදනවා. දවාලන ධර්ම මොනවාද? ඒවා නම් කාමච්ඡන්ද ,ව්යාපාද, ථීනමිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, හා විචිකිච්ඡා යන පහයි.
චිත්ත වෛතසිකයන් පිළිබඳව අලසකම (ථීනමිද්ධය) කලින් දැක්වූ විතක්කය මගින් දවනවා. බුදුන්, දහම් ආදී අටතැන්හි සැකය (විචිකිච්ඡාව) විචාරය විසින් දවනවා. සිතේ සැඩ බව (ව්යාපාදය) පී්රතිය මගින් දවනවා. සිතේ නොසන්සුන් බව හා කුකුස (උද්දච්ච කුක්කුච්චය) සුඛය මගින් දවනවා. කාමයන්හි ඇති කැමැත්ත (කාමච්ඡන්දය) ඒකාග්රතාව මගින් දවනවා. මේ අන්දමට විතක්ක ආදී පස් දෙන එකට සිටිමින් කාමච්ඡන්ද ආදී ධර්මයන් දවාලන නිසා ධ්යාන යන නම ලබනවා.
මේ ධ්යාන ප්රධාන වශයෙන් ආලම්බනොපනිධ්යාන ලක්ෂණොපනිධ්යාන යනුවෙන් කොටස් දෙකක් තිබෙනවා. පඨවි කසින ආදි යම් අරමුණක් සිතට ගෙන පුරුදු කොට වැඩි දියුණු කිරීමෙන් අෂ්ට සමාපත්ති ලබා ගැනීම ආලම්බනෝපනිධ්යාන නමින් හැදින්වෙනවා. අනිත්ය , දුක්ඛ,අනාත්ම යන ත්රිලක්ෂණ මෙනෙහි කිරීමෙන් උපදවා ගන්නා විදර්ශනා මාර්ග ඵල අයත් වන්නේ ලක්ෂනොපනිධ්යාන වලට යි. මෙහි සඳහන් අෂ්ට සමාපත්ති රූපාවචර හා අරූපාවචර වශයෙන් කොටස් දෙකක් තිබෙනවා. සිත දියුණු කිරීමේ භාවනාවේ යෙදීමෙන් උපදවා ගන්නා පඨම, ද්විතීය, තෘතීය හා චතුර්ථ යන ධ්යාන සතර රූපාවචර ගණයට අයත් වෙනවා. අරූපාවචර වශයෙන් දැක්වූයේ ආකාසානඤචායතනය විඤ්ඤාතඤ්චායතන, ආකිඤ්චඤ්ඤායතන හා නෙවසඤ්ඤානාසඤ්ඤායතන යන සතරයි.
ධ්යාන ලැබීමට බලාපොරොත්තුවන අය පළමුව සතර සංවර සීලයෙහි පිහිටන්න ඕන. අවාස කුල ආදී දස පළිබෝධයන්ගෙන් තුරන්ව ශ්රද්ධාසීලාදි ගුණයෙන් යුත් කල්යාණ මිත්රයෙකුගේ ආශ්රය ලබන්න අවශ්යයි. චරිතයට ගැළපෙන පඨවි, ආපෝ ආදි කමටහන් හතළිහෙන් එකක්ගෙන භාවනාවට සුදුසු ස්ථානයක් තෝරා ගෙන කුඩා පළිබෝධ පවා හැරදා භාවනාවේ යෙදෙන්න ඕන. කංඛා රේවත මහා ශ්රාවකයන් වහන්සේ මෙහි සඳහන් කළ ක්රමයන් අනුව භාවනා කිරීමෙන් නොපමාව ධ්යාන උපදවා ගැනීමෙන් අග්රස්ථානයට පත් වීම ශ්රේෂ්ඨ තත්වයට පත් වීමට හේතු වූවා.

No comments:
Post a Comment