කති ලොකස්මිං පජ්ජොතා, යෙහි ලොකො පකාසති (පභාසති (ක. සී.));
භගවන්තං (භවන්තං (ක.)) පුට්ඨුමාගම්ම, කථං ජානෙමු තං මය’’න්ති.
‘‘චත්තාරො ලොකෙ පජ්ජොතා, පඤ්චමෙත්ථ න විජ්ජති;
දිවා තපති ආදිච්චො, රත්තිමාභාති චන්දිමා.
‘‘අථ අග්ගි දිවාරත්තිං, තත්ථ තත්ථ පකාසති;
සම්බුද්ධො තපතං සෙට්ඨො, එසා ආභා අනුත්තරා’’ති.
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය..
එක් පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීය:
“යමෙකින් ලොව බබළා නම්, ඒ ලොව එලිය කරන දේ කොතෙක්ද? භාග්‍යවතුන් වශන්සේ වෙතින් විචාරන්නට අවුත් සිටිමු. අපි එය කෙසේ නම් දැන ගනිමුද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “ලොව එළිය කරන දේ සතරෙකි. මෙහි පස්වැන්නෙක් නැත. දහවල් හිරු බබළයි. රෑ සඳු බබළයි. තවද දිවා රෑ
දෙක්හි ගින්න ඒ ඒ තැන බබළයි. සම්බුද්ධයන් වහන්සේ බබළන්නවුන් අතරෙහි ශ්‍රේෂ්ඨය. මේ හැමටම වැඩි තරම්වූ ආලෝකයයි.
No comments:
Post a Comment