Sunday, February 28, 2021

9-7 හත්වන මහදන වෙළඳාගේ වස්තුවයි.

9-7 හත්වන මහදන වෙළඳාගේ වස්තුවයි.

වාණිජොව භයං මග්ගං, අප්පසත්ථො මහද්ධනො;

විසං ජීවිතුකාමොව, පාපානි පරිවජ්ජයෙ.

බොහෝ ධනය ඇති, කැටිව යන බොහෝ වෙළඳුන් නැති වෙළෙඳෙකු භය සහිත මඟ මෙන්ද ජීවත්වනු කැමති එකක්හු විස මෙන්ද අකුශල කර්මයන් දුරින් දුරුකරන්නේය.

වාණිජොව යනාදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයේදී මහත්ධන වෙළඳා අරභයා දේශනා කරනලදි.

පන්සීයක් සොරු වෙළෙන්දාගේ ගෙදර බිඳීමට අවකාශයක් බලමන් සිටියත් එබඳු අවකාශ වේලාවක් නොලැබූහ. පසු කලක වෙළෙන්දා ගැල් පන්සීයක බඩු පුරවා භික්‍ෂූන්වහන්සේලාට, ස්වාමීනි මම වෙළඳාමට අසවල් තැනට යමි. ඔබවහන්සේලාත් යනු කැමති නම් පිටත්වෙනු මැනවි. අතරමගදී භික්‍ෂාවෙන් අපහසුවක් නැතැයි කීවේය. ඒ ඇසූ භික්‍ෂූන් පන්සීයක් ඔහු සමග යෑමට පිටත්වූහ. අර සොරුත් ඔහු වෙළඳාම සඳහා පිටත්වූබව අසා එහි ගොස් කැලෑවටවී සිටියහ. වෙළෙන්දාත් ගොස් කැලෑමුවදොර එක් ගමක නවාතැන් ගෙන දෙතුන්දිනක් ගොනුන් හා ගැල්ආදිය සකස්කර ගත්තේය. ඔහු ඒ භික්‍ෂූන්ට නිබඳව භික්‍ෂා දුන්නේය. සොරු එහි කල් ගතවී යන හෙයින් යව, ඔහු ගමෙන් පිටත් වෙන දවස දැනගෙන එවයි එහි යැවූහ. හෙතෙම ඒ ගමට ගොස් එක් එක් සහායකයෙකු අමතා, වෙළෙන්දා පිටත්ව යන්නේ කවදාදැයි ඇසීය. හෙතෙම දෙතුන්දිනකින්යයි කියා, කුමක් සඳහා එසේ අසන්නේදැයි ඇසීය. ඉන්පසු ඔහු, අපි පන්සීයක් සොරු මේ කරුණ නිසා කැලෑවේ සිටින්නෙමුයයි කීවේය. අනිකා එසේ නම් යව, ඉක්මනින් පිටත් වන්නෙමුයයි ඔහු යවා කිම සොරුන් වළක්වන්නෙම්ද, නැතහොත් වෙළෙන්දාදැයි සිතා සොරුන්ගෙන් මට වැඩක් නැත. වෙළෙන්දා නිසා පන්සීයක් භික්‍ෂූහු ජිවත් වෙති. වෙළෙන්දාට සංඥාවක් දෙන්නෙමියි හෙතෙම එහි ගොස් පිටත්වන්නේ කවදාදැයි අසා තුන්වෙනි දිනයේයයි කීකල්හි, මගේ වචනය අසව, කැලෑවෙහි තොප එනතුරු පන්සීයක් සොරු බලාගෙන සිටිති. දැන්මම නොයවයි කීය.

ඔබ එය දැනගත්තේ කෙසේද? ඔවුන් අතර මගේ යහළුවෙක් ඇත. ඔහුගේ කථාවෙන් මම එය දැන ගතිමි. එසේනම් මෙහෙන් යාමෙන් වැඩක් නැතැයිද, නැවතී ගෙදරම යන්නෙමියි කීවේය. ඔවුන් කල් යවන හෙයින් නැවත ඒ සොරුන් විසින් යවන ලද පුරුෂයා එහි ගොස් ඒ යහළුවාගෙන් අසා එපුවත දැන නැවත ගෙදරම යනබව දැන ගොස් සොරුනට දන්වා සිටියේය.

ඒ ඇසූ සොරු එතැනින්ම නික්මී ගොස් වෙනත් මාර්ගයක සිටියාහුය. එහිද කල්යවන හෙයින් නැවතත් සහායකයා සොයා ගියහ. හෙතෙම ඔවුන් එහි සිටිබව දැන වෙළෙන්දාට නැවත දන්වා සිටියේය. වෙළෙන්දා මෙතැනත් මට අඩුවක් නැත. එනිසා මෙතැනිනුත් නොයමියි, මෙතැන් පටන් මෙහිම වසමියි සිතා භික්‍ෂූන් ළඟට ගොස්, ස්වාමීනි, සොරු මා කොල්ලකන අටියෙන් මාර්ගයෙහි රැක සිට, නැවත මා නවතින බව දැන මේ මාර්ගයෙහිත් රැක සිටිති. මම එහෙ මෙහෙ නොයා ටික කලක් මෙහිම වසමි. ඔබ වහන්සේලාත් මෙහිම වසනු කැමැත්තාහු නම් එසේ කරනු මැනවි. රුචියක් නොවන අය වඩිනු මැනවැයි දන්වා සිටියේය.

භික්‍ෂූහු මෙසේ ඇති කල අප නොනවතින්නෙමුයයි වෙළෙන්දාට දන්වා දෙවෙනි දවසේම සැවතට ගොස් බුදුන් වැඳ සිටියාහුය. බුදුරජාණන්වහන්සේ කිම මහණෙනි මහාධන වෙළඳා සමග නොගියාහුදැයි ඇසූහ. ස්වාමීනි, එසේය, මහධන වෙළඳා කොල්ලකෑම පිණිස පාරවල් දෙකකම සොරු රැක සිටිත්. එහෙයින් ඔහු එහිම නැවතුණේය. ඒ නිසා අපි ආවෙමුයයි කීහ. මහණෙනි, මහත්ධන වෙළඳා සොරුන් ඇතිනිසා මාර්ගය අත්හැරියේය. ජීවත්වනු කැමති මිනිසා හලාහල විෂය හැරදමයි. භික්ෂූන් විසන්ද ත්‍රිවිධ භවයන් සොරුන් රැකගෙන සිටින මගක් මෙන් සලකා පාපය හැර දැමීම කළ යුතුයය වදාරා අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාවද ප්‍ර‍කාශ කළහ:

සොරු ඇති මග ඉවත ලන

රැකවරණය නැති වෙළඳෙකු මෙන්

දිවිය නිසා විෂ හරිනු සේ

සියලු පව්කම් හැරදමනු යෙහෙකි

එහ භයං යනු බියවියයුතු, සොරුන් රැකසිටින නිසා පැමිණිය හැකි බියක් යන අර්ථයි. මෙයම මෙසේත් කියා ඇත. මහධන වෙළඳා රැකවරණයක් නැති නිසා භය සහිත මග හැරදැමුවාක් මෙන්, දිවි රැකගැනීමේ අදහසින් හලාහල විෂය හැර දමන්නාක්මෙන් නුවණැති භික්‍ෂුව ස්වල්පමාත්‍ර‍වූ පාපයත් හැරදැමිය යුත්තේය.

දේශනා කෙළවර ඒ භික්‍ෂූහු ප්‍ර‍තිසම්භිදා සහිතව රහත්බවට පැමිණියාහුය. සපැමිණි මහාජනයාටද එම දේශනාව ප්‍රයෝජනවත්විය.

අරහන්ත සූත්‍රය

‘‘යො හොති භික්ඛු අරහං කතාවී,
ඛීණාසවො අන්තිමදෙහධාරී;
අහං වදාමීතිපි සො වදෙය්‍ය,
මමං වදන්තීතිපි සො වදෙය්‍යා’’ති.
‘‘යො හොති භික්ඛු අරහං කතාවී,
ඛීණාසවො අන්තිමදෙහධාරී;
අහං වදාමීතිපි සො වදෙය්‍ය,
මමං වදන්තීතිපි සො වදෙය්‍ය;
ලොකෙ සමඤ්ඤං කුසලො විදිත්වා,
වොහාරමත්තෙන සො (ස (?)) වොහරෙය්‍යා’’ති.
‘‘යො හොති භික්ඛු අරහං කතාවී,
ඛීණාසවො අන්තිමදෙහධාරී;
මානං නු ඛො සො උපගම්ම භික්ඛු,
අහං වදාමීතිපි සො වදෙය්‍ය;
මමං වදන්තීතිපි සො වදෙය්‍යා’’ති.
‘‘පහීනමානස්ස න සන්ති ගන්ථා,
විධූපිතා මානගන්ථස්ස සබ්බෙ;
ස වීතිවත්තො මඤ්ඤතං (මානනං (සී.), මඤ්ඤීතං (?)) සුමෙධො,
අහං වදාමීතිපි සො වදෙය්‍ය.
‘‘මමං වදන්තීතිපි සො වදෙය්‍ය;
ලොකෙ සමඤ්ඤං කුසලො විදිත්වා;
වොහාරමත්තෙන සො වොහරෙය්‍යා’’ති.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සිවිත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැ්මිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය.
එක් පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීය:
“සිවු මගින් කළ යුතු දෙ කොට නිමවූ, කෙලෙස් නැසූ, අන්තිම ආත්ම බව දරන යම් රහත් භික්‍ෂුවෙක් වේනම්, ඔහු ‘මම කිසමි’ කියාත් කියන්නේද? ‘(ඔවුහු) මට කියති’ කියාත් කියන්නේද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) “කළ යුතු දේ කොට නිමවූ, කෙලෙස් නැසූ, අන්තිම ආත්ම බව දරන්නාවූ, යම් රහත් භික්‍ෂුවෙක් වේ නම්, ඔහු ‘මම කියමි’ කියාත් කියන්නේය. ‘මට කියත්ය’ කියාත් කියන්නේය. නුවණැති ඔහු ලෝක ව්‍යවහාරයද දැන ව්‍යවහාර මාත්‍රයෙන් (’මම කියමි’, ‘මට කියති’ යනාදිය) ව්‍යවහාර කරන්නේය.”
“කළයුතු දේ කොට නිමවූ, කෙලෙස් නැසූ, අන්තිම ආත්ම බව දරන, යම් රහත් භික්‍ෂුවෙක් වේ නම්, ඔහු මානය නිසා හෝ ‘මම කියමි’ කියාත් ‘මට කියති’ යි කියාත් කියන්නේද?”
“ඔහුගේ මානය ප්‍රහීණය. මාන (ගැට) ඔහුට නැත. ඔහු විසිත් සියලු මාන ගැට හාත්පසින් නසනලදී. මනා නුවණැති ඔහු තණ්හා ඉක්මවූයෙක. (එසේවූ) ඔහු ‘මම කියමි’ කියාද, ‘මට කියති’ කියාද කියන්නේය. නුවණැති ඔහු ලෝක ව්‍යවහාරයද දැන හුදෙක් ව්‍යවහාර වශයෙන් (’මම’, ‘මට’ යන ආදිය) කියන්නේය.

මෛත්‍රී භාවනාව – 05 කොටස – ‘මුහුණ පැහැපත් කරගන්න. මෙත් වඩන්න’

 මෛත්‍රී භාවනාව – 05 කොටස – ‘මුහුණ පැහැපත් කරගන්න. මෙත් වඩන්න’

Feb 21, 2021 | සිත නිවන භාවනා | 0 


මෛත්‍රී භාවනාව –  05 කොටස – ‘මුහුණ පැහැපත් කරගන්න. මෙත් වඩන්න’




මෙත් වඩන තැනැත්තාට මෙලොව දී ම දශ ආනිසංසයක් ද පරලොව දී එක් ආනිසංසයක් ද වශයෙන් එකොළොස් ආනිසංසයක් අත් වන බව බුදුරජාණන් වහන්සේ ‘මෙත්තාය භික්‍ඛවෙ චෙතොවිමුත්තියා ආසෙවිතාය, භාවිතාය, බහුලීකතාය, යානීකතාය, වත්‍ථුකතාය, අනුට්ඨිතාය, පරිචිතාය, සුසමාරද්ධාය ඒකාදසානිසංසා පාටිකඩ්ඛා’ යැයි වදාළ සේක. ඒ අනුව මෙලොව දී ම ලැබෙන ආනිසංස 7 ක් පැහැදිලි කරන ලදී.


8. තුවටං චිත්තං සමාධියති (වහා සිත සමාධියට යයි)

මෛත්‍රී විහරණයෙන් යුත් භික්‍ෂුවගේ සිත වහා සමාධියට පත් වේ. පුද්ගලයකුගේ සිත නිරන්තරයෙන් කිළිටි කරවන ධර්මයන් වන්නේ රාගය, ද්වේෂය, මෝහය ආදිය යි. මේ ධර්මයන්ගෙන් මැඩගත් සිත් ඇති තැනැත්තාට සමාධියක් ඉපදවීම පහසු නො වේ. නිරන්තරයෙන් මෛත්‍රී විහරණයෙන් සිටිනා පුද්ගලයා තමන්ගේ සිතට අරමුණු වන සෑම අරමුණක දී ම මෙත් සිත පැවැත්වීමට උත්සාහ දරයි. ඒ අනුව නිතර මෙත් සිත පෙරදැරිව කටයුතු කරන බැවින් සිත ඉක්මනින් සමාධිමත් කර ගත හැකි වේ.


වෙනත් කර්මස්ථානයකින් සමාධියක් නො උපදවන ලද තැනැත්තාට මෛත්‍රී භාවනාවෙන් ඉතා ඉක්මනින් සමාධියක් ඉපදවිය හැකි වේ. පිළිවෙළින් මෛත්‍රිය පුරුදු කිරීමෙන් ඉතා ඉක්මනින් මෛත්‍රී ධ්‍යානය ද උපදවාගෙන සුවයෙන් වාසය කළ හැකි වේ.


9. මුඛවණ්ණො විප්පසීදති (මුව පැහැය විශේෂයෙන් පැහැදෙයි)

මෛත්‍රී භාවනාව වඩන තැනැත්තාගේ මුහුණ බෙහෙවින් පැහැපත් වේ. නිතර මෛත්‍රී විහරණයෙන් කටයුතු කරන තැනැත්තාගේ නිරන්තරයෙන් කුශල සිත් ඇති වන බැවින් ශරීරයේ රුධියට පිරිසිදු වේ. ඒ පිරිසිදු රුධිරය සියලු සිරුර පුරා ම ගමන් කිරීමෙන් සිරුර පැහැපත් වේ. විශේෂයෙන් ම මුහුණ ප්‍රසන්න බවට පත් වේ.


10. අසම්මූළ්හො කාලං කරොති (සිහි නොමුළාව කළුරිය කරයි)

නිරන්තරයෙන් මෛත්‍රී භාවනාව පුරුදු පුහුණ කරගෙන භාවිතා කරන තැනැත්තා සෑම මොහොතක ම කුශලය අරමුණු කරගත් සිහියෙන් අප්‍රමාදීව කටයුතු කරයි. එසේ නිරන්තරයෙන් කුශලය අරමුණු කරගෙන සිහියෙන් වසන තැනැත්තා මරණාසන්න මොහොතේ දී ද මුළා භාවයට පත් නො වේ. තමන් ගේ ආචීර්ණ කර්මය වශයෙන් මෙත් සිත ම එළඹ සිටී. මෛත්‍රී ධ්‍යාන ලබා සිටි තැනැත්තාට මරණාසන්න මොහොතේ ඒ මෛත්‍රී දැහැන් සිත එළඹ සිටින බැවින් නො මුළා බවට පත් වේ. නොමුළාව නින්දට පිවිසියාක් මෙන් මරණයට පත් වේ.


11. උත්තරිං අප්පටිවිජ්ඣන්තො බ්‍රහ්මලෝකූපගො හෝති (මතුයෙහි මගඵලයකට පත් නො වූයේ බඹලොව උපදියි)

මෛත්‍රී සමාපත්ති ලාභී භික්‍ෂුවට ඒ මෛත්‍රී ධ්‍යානය පදනම් කරගෙන විදසුන් වඩා සෝවාන් ආදි මගඵල පිළිවෙළින් අර්හත්වය ද සාක්‍ෂාත් කර ගත හැකි වන්නේය. එසේ නො හැකි වන භික්‍ෂුවට මරණාසන්න මොහොතේ නොමුළාව තමන්ගේ මෛත්‍රී ධ්‍යානය අරමුණු වීමෙන් මරණින් මතු බ්‍රහ්ම ලෝකයේ උපත ලැබීමට හේතු වේ.

අංගුත්තර නිකාය සත්තක නිපාතයේ මෙත්ත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ තමන් වහන්සේ බෝධිසත්ත්ව අවධියේ එක්තරා ආත්මභාවයක දී සත් වසක් මෛත්‍රිය වඩා සංවට්ට-විවට්ට කල්ප සතක් නැවතත් මෙලොවට නො පැමිණි බවයි. ලෝකය විනාශවන සංවට්ටකල්පයේ දී ආභස්සර බඹලොව උපත ලබා විසූහ. ලෝකය යළි නිර්මාණය වන විවට්ට කල්පයේ දී ශූන්‍ය බ්‍රහ්ම විමානයක උපත ලැබූහ.


එපමණක් ද නොව සත්වසක් මෙත් වැඩීමේ ආනිසංස වශයෙන් මහා බ්‍රහ්මයා වශයෙන් ද උපත ලැබූහ. තිස් හය වරක් ශක්‍රයාව උපත ලැබූහ. නොයෙක් සියවර සක්විති රජ විය. මෙසේ ඒ සත්වසක් මෛත්‍රිය වැඩීමේ ආනිසංස වශයෙන් නොයෙක් සැප විපාක ලද බව වදාළ සේක.


මෙසේ මෙත් වඩා ධ්‍යාන උපදවන ලද භික්‍ෂුව නො සිස් ධ්‍යාන ඇතිව කළුරිය කර මරණින් මතු බඹලොව උපත ලබයි.


මෛත්‍රී භාවනාව ආරම්භ කිරීමට කැමති යෝගියා මෙසේ බුදුරජාණන් වහන්සේ විසින් වදාළ මෙත් වැඩීමේ ආනිසංස සිහිපත් කර ගත යුතු වේ. ආනිසංස සිහිපත් කරගෙන ආරම්භ කිරීමෙන් මෛත්‍රී සිත බලවත්ව පහළ කර ගත හැකි වේ.


එසේ ම මෛත්‍රී භාවනාව ආරම්භ කරනු කැමති යෝගියා මෙත් වැඩීමේ අනුසස් මෙන් ම ද්වේෂයේ ආදීනව ද සිහිපත් කර ගත යුතු වේ. ද්වේෂය නිසාවෙන් ලෝකයේ බොහෝ අනර්ථකාරී දේ සිදු වේ. ඉතා සුලුවෙන් පුද්ගලයන් දෙදෙනකු අතර ඇති වන ගැටීමක පටන් රට රටවල් යුද්ධ කිරීම්, ලෝක යුද්ධ දක්වා ම පැතිර පවත්නේ මෙම ද්වේෂයයි. ඒ තුළින් බොහෝ මිනිස් ඝාතන සිදුවේ. බොහෝ සත්ත්ව ඝාතන සිදු වේ. තවත් බොහෝ දෙනෙක් නොයෙක් දුක් පීඩාවලට පත් වේ. මේ සියල්ල ද්වේෂය නිසා ඇති වන අනර්ථයන් බව සිහිපත් කර ගත යුතු වේ.


ද්වේෂය විෂ කටුවක් මෙනි. විෂ කටුවක් ඇණුනු තැනැත්තා එයින් පීඩාවට පත් වේ. වේදනාවට පත් වේ. එසේ ම ඒ විෂ සකල ශරීරය පුරා පැතිර යයි. ඒ තුළින් බොහෝ කාලයක් දුකට පත් වේ. එසේ ම ද්වේෂය සිතේ ඇති වූ තැනැත්තා පීඩාවට පත් වේ. සිත නො සන්සුන් වීමෙන් වෙහෙසට පත් වේ. එසේ ම චිත්ත සන්තානය පුරාවට ද්වේෂය පැතිරීමෙන් බොහෝ කාලයක් අනර්ථකාරී දුක් වේදනාවන්ට පැමිණේ.


මෛත්‍රී භාවනාව මඟින් ද්වේෂය ප්‍රහාණය කළ යුතු වේ. එබැවින් ද්වේෂයේ ආදීනව මෙනෙහි කළ යුතු වේ. එසේ ම මෛත්‍රී භාවනාවෙන් අධිවාසනා ක්‍ෂාන්තිය හෙවත් ඉවසීමට පැමිණිය යුතු වේ. එබැවින් ද්වේෂයේ ආදීනවයන් සිහි කරගෙන අනතුරුව බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ඉවසීමේ ආනිසංසය ද සිහිපත් කර ගත යුතු වේ. ‘ඛන්තී පරමං තපෝ තිතික්ඛා, නිබ්බාණං පරමං වදන්ති බුද්ධා’ යැයි වදාළේ ඉවසීම හෙවත් ක්‍ෂාන්තිය උතුම් ම තපස බවයි. එසේ ම නිර්වාණය උතුම් ම බවයි. මේ බව සිහිපත් කරගෙන මෛත්‍රී භාවනාව ආරම්භ කළ යුතු වේ.

මෙසේ ආරම්භ කරන මෛත්‍රී භාවනාව පිළිවෙළින් වඩන ආකාරය මතු ලිපිවලින් අනාවරණය කිරීමට අදහස් කරමු.


දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,

පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

Na Uyane Ariyadhamma Thero

 


Pali 2

 අපි පළමු පාඩමේ දී ස්වර හා ව්‍යඤ්ජන මොනවාදැයි ඉගෙන ගතිමු. ඇත්තෙන් ම ව්‍යඤ්ජන අක්ෂරයක් තනිව උච්චාරණය කළ නොහැකි ය. අපි ස්වරයක් එක්කොට එය උච්චාරණය කරන්නෙමු.

“ක්” යනු ව්‍යඤ්ජනයකි. එයට “අ” යන ස්වරය එක් කොට “ක” යන අක්‍ෂරය සාදාගනී. එසේ “ක්” යන ව්‍යඤ්ජනාක්‍ෂරයට ස්වර එක්කොට සාදාගන්නේ මෙසේ ය.


අ ක් + අ = ක          ආ ක් + ආ = කා

ඉ ක් + ඉ = කි         ඊ ක් + ඊ = කී

උ ක් + උ = කු         ඌ ක් + ඌ = කු

එ ක් + එ = කෙ      ඔ ක් + ඔ = කො


“ම්” යන ව්‍යඤ්ජනාක්‍ෂරයට ස්වර එක් වන්නේ මේ ආකාරයටයි.

අ ම් + අ = ම         ආ ම් + ආ = මා

ඉ ම් + ඉ = මි        ඊ ම් + ඊ = මී

උ ම් + උ = මු       ඌ ම් + ඌ = මූ

එ ම් + එ = මෙ   ඔ ම් + ඔ = මො


“ස්” යන ව්‍යඤ්ජනයට ස්වර අක්‍ෂර එක්වන ආකාරයත් අපි විමසා බලමු.


අ ස් + අ = ස         ආ ස් + ආ = සා

ඉ ස් + ඉ = සි        ඊ ස් + ඊ = සී

උ ස් + උ = සු        ඌ ස් + ඌ = සු

එ ස් + එ = සෙ     ඔ ස් + ඔ = සො


වචන කිහිපයක ස්වර ව්‍යඤ්ජන වෙන්කරන අයුරු අපි විමසා බලමු.


1. මාතා = ම් + ආ + ත්+ ආ

2. වානරො = ව් + ආ + න්+ අ+ ර්+ ඔ

3. දෙවො = ද් + එ + ව්+ ඔ

4. රුක්ඛො = ර් + උ + ක්+ ඛ්+ ඔ

5. බුද්ධො = බ් + උ + ද්+ ධ්+ ඔ


ස්වර ව්‍යඤ්ජන වෙන් වෙන්ව ඇති පද කිහිපයක් එක්කර බලමු.


1. ප්+ඉ+ත්+ආ = පිතා

2. ග්+ආ+ම්+ඔ = ගාමො

3. ව්+ඉ+හ්+ආ+ර්+ඔ = විහාරො

4. ව්+ඉ+ස්+ආ+ඛ්+ආ = විසාඛා

5. අ+න්+ආ+ථ්+අ+ප්+ඉ+ණ්+ඩ්+ඉ+ක්+අ= අනාථපිණ්ඩික


මේ ආකාරයට ඔබ ඕනෑම පදයක ස්වර ව්‍යඤ්ජන වෙන් කිරීමට පුරුදු වන්න. අප ඉදිරියේ දී බැඳී අකුරු පිළිබඳ ඉගෙන ගනිමු. ඒ සඳහා මෙම ස්වර ව්‍යඤ්ජන වෙන්කිරීමට පුරුදු වී සිටීම ඉතාම වැදගත් වේ.

මෙම පාඩම මෙම සතියේ සිකුරාදා සහ ඉරිදා රාත්‍රී 07.45 ට බෞද්ධයා රූපවාහිනියෙන් ද (The Buddhist TV) විකාශනය වේ.



Saturday, February 27, 2021

මෛත්‍රී භාවනාව – 04 කොටස – අමනුෂ්‍යයන්ට පවා ප්‍රිය උපදවන මෛත්‍රි භාවනාව

 මෛත්‍රී භාවනාව – 04 කොටස – අමනුෂ්‍යයන්ට පවා ප්‍රිය උපදවන මෛත්‍රි භාවනාව

Feb 21, 2021 | සිත නිවන භාවනා | 0 



මෛත්‍රී භාවනාව –  04 කොටස – අමනුෂ්‍යයන්ට පවා ප්‍රිය උපදවන මෛත්‍රි භාවනාව

මෙත් වඩන තැනැත්තාට මෙලොව දී ම දශ ආනිසංසයක් ද පරලොව දී එක් ආනිසංසයක් ද වශයෙන් එකොළොස් ආනිසංසයක් අත් වන බව බුදුරජාණන් වහන්සේ ‘මෙත්තාය භික්‍ඛවෙ චෙතොවිමුත්තියා ආසෙවිතාය, භාවිතාය, බහුලීකතාය, යානීකතාය, වත්‍ථුකතාය, අනුට්ඨිතාය, පරිචිතාය, සුසමාරද්ධාය ඒකාදසානිසංසා පාටිකඩ්ඛා’ යැයි වදාළ සේක. ඒ අනුව ආනිසංස 4 ක් පසුගිය ලිපියෙන් පැහැදිලි කරන ලදී.


5. අමනුස්සානං පියෝ හෝති (අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙයි)

නිරන්තරයෙන් මෙත් වඩන තැනැත්තා අමනුෂ්‍යයන්ට ද ප්‍රිය වේ. අමනුෂ්‍යයන්ට ප්‍රිය වන බව ඇසීම ඇතැම් කෙනෙක් බියට පත් කරන කාරණයක් විය හැකි. සමාජයේ ඇති වැරදි මතයක් වන්නේ මෙත් වඩන තැනැත්තා පසුපස අමනුෂ්‍යයන් එන බවත් එයින් ඔහුට කරදර ඇති විය හැකි බවත් ය. එහෙත් මෙත් වඩන තැනැත්තා අමනුෂ්‍යයන්ට ප්‍රිය වන බැවින් අමනුෂ්‍යයන්ගෙන් ඔහුට කරදර සිදු නො වේ. අමනුෂ්‍යයන් විසින් මේ තැනැත්තාට නිරන්තරයෙන් සුඛ විහරණය සලසා දෙනු ලැබේ. ඒ බව පැහැදිලි කර ගැනීමට අර්ථකථාවල එන විශාඛ ස්ථවිරයන් වහන්සේගේ කථාව වැදගත් වේ.

පැලලුප් නුවර විසූ විශාඛ නම් කෙළෙඹි පුත්‍රයෙක් ලක්දිව කසාවතින් බැබළෙන බවත් සද්ධර්මය ජීවමාන බවත් ඍතු සත්ප්‍රාය බව, සේනාසන සත්ප්‍රාය බව, පුද්ගල සත්ප්‍රාය බව, ධර්මශ්‍රවණ සත්ප්‍රාය බව යනාදිය ඇති බවත් ඒ ඒ තැන කමටහනක් ගෙන භාවනා කිරීමෙන් විශේෂ අධිගමයන්ට පත් විය හැකි බවත් අසීය.


එසේ අසා තමන්ගේ සියලු භෝගස්කන්ධය පුත්‍ර දාරාදීන්ට පවරා දී හැඳ සිටි වස්ත්‍ර කෙළවර එක් කහවණුවක් ගැට ගසාගෙන නිවසින් නික්ම නැව් තොටට පැමිණ නැවක් පැමිණෙන තෙක් එක් මසක් බලාපොරොත්තු වීය. හෙතෙමේ දක්‍ෂ බැවින් නැවක් බලාපොරොත්තුවෙන් සිටි කාලය තුළ තමන් සතු කහවණුවෙන් භාණ්ඩ මිලට ගෙන විකිණීමෙන් දැහැමි වෙළඳාමෙන් කහවණු දහසක් උපයා ගත්තේය. අනතුරුව නැව් නැඟී අනුපිළිවෙළින් මහාවිහාරයට සපැමිණ පැවිද්ද ඉල්ලා සිටියේය.


පැවිදි කිරීම සඳහා සීමාවට කැඳවාගෙන වේලේ තම ඔඩොක්කුවේ තිබූ කහවණු පොදිය බිම දැමුවේය. තෙරුන් වහන්සේලා විසින් මේ කිමෙක් දැ යි ඇසූ කල ‘ස්වාමීනි කහවණු දහසකි’ යැයි පිළිතුරු දුන්නේය. ‘උපාසකය පැවිදි වූ කාලයේ පටන් කහවණු පිළිබඳ විචාරණයක් කළ නොහැකිය. එහෙයින් දැන් ම පිළිවෙළක් කරන්නැ’යි තෙරුන් වහන්සේලා විසින් දැන්වූ කල ‘විශාඛගේ පැවිදි වීම බලන්නට පැමිණි අය හිස් අතින් නොයාවා’යි කහවණු සීමා මළුවේ විසුරුවා පැවිදි වූයේය. පැවිදිව උපසම්පදා විය.


උපසම්පදාවෙන් පස් වසක් යන තෙක් ඇදුරුවරයන් සමීපයේ හැසිර භික්‍ෂු-භික්‍ෂුණී උභය ප්‍රාතිමෝක්‍ෂ ප්‍රගුණ කොට සුදුසු කමටහනක් ගෙන එක් එක් විහාරයක සාරමාසය බැගින් වසමින් හැසිරෙමින් භාවනාව ප්‍රගුණ කළහ.

සිතුල්පව් විහාරයට යාමට පිටත් වූ විශාඛ ස්ථවිරයන් වහන්සේ දෙමංසන්ධියකට පැමිණ කවර මාර්ගයකින් යන්නේ දැ යි සැක සිතී මඳක් නැවතී බලා සිටියහ. එවිට පර්වතයක අධිගෘහිත දේවතාවෙක් ‘මෙය යි මාර්ගය’ යැයි අත දිගු කොට පෙන්වීය. ඒ විශාඛ තෙරුන් වහන්සේ සිතුල්පව්වට ගොස් සාර මාසයක් එහි වාසය කොට පසු දින අලුයම පිටත් වන්නේ යැයි සිතූහ. සක්මන කෙළවර වෘක්‍ෂයේ අධිගෘහිත දේවතාවා උන්වහන්සේගේ කුටියේ පඩිපෙළ මුල හිඳ හඬන්නට වූයේය.


තෙරුන් වහන්සේ ‘මේ කවරෙක් දැ’ යි ඇසූහ. තමන් ඒ වෘක්‍ෂයට අධිගෘහිත දේවතාවා බව පැවසූ කල්හි ‘කුමකට හඬන්නේ දැ’යි ඇසූහ. ඒ දේවතාවා කියා සිටියේ තෙරුන් වහන්සේගේ ගමන නිසාවෙන් හඬන බවයි. එවිට තෙරුන් වහන්සේ අසා සිටියේ තමන් වහන්සේ එහි වාසය කිරීමෙන් ලැබෙන ප්‍රයෝජනයක් ඇත් ද යන්නයි.


එවිට දේවතාවා පවසා සිටියේ ‘ස්වාමීනි, නුඹ වහන්සේ මෙහි වසන කල අමනුෂ්‍යයෝ එකිනෙකා මෛත්‍රිය ලබත්. නුඹ වහන්සේ ආපසු වැඩම කළ පසු ඔවුහු නැවත කළහ කරත්. නොමනා දේ ද කරත්’ යනුවෙනි. තෙරුන් වහන්සේ මෛත්‍රී විහරණයෙන් යුතු බැවින් එහි වාසය කිරීමෙන් දෙවියන්ට පහසුවක් වන බව ඒ දේවතාවා පවසා සිටියේය.


‘ඉදින් මා මෙහි විසීමෙන් නුඹලාට පහසුවක් වේ නම් එය සොඳුරු’ යැයි තෙරුන් වහන්සේ තවත් සාර මාසයක් එහි විසූහ. නැවතත් සාරමාසයකට ඇවෑමෙන් පිටත් වීමට සූදානම් වන විට දේවතාවා පෙර පරිදි ම හැඬීය. නැවතත් ගමන වැළැක්වූ තෙරුන් වහන්සේ මේ ක්‍රමයෙන් ඒ සිතුල්පව් විහාරයේ ම වාසය කර එහි ම පිරිනිවී ගියහ.


මෙසේ මෛත්‍රී විහරණයෙන් යුක්ත භික්‍ෂුව අමනුෂ්‍යයන්ට ප්‍රිය වේ. එයින් උන්වහන්සේට අමනුෂ්‍යයන්ගෙන් කරදර පීඩාවක් ඇති නොවන අතර පහසුවෙන් මහණදම් පුරා ගැනීමට අවකාශ සැලසේ. බුදුරජාණන් වහන්සේ කරණීයමෙත්ත සූත්‍රය උගන්වා වදාළේ ද මේ ආකාරයෙන් දෙවියන්ගෙන් වන පීඩාවන් වළක්වා ගැනීමට වේ. එහි දී ද භික්‍ෂූන් වහන්සේලා මෙත් වැඩීමෙන් දෙවියන්ට ප්‍රිය වී තමන් වහන්සේලාගේ පහසු විහරණය සලසා ගත්හ. එබැවින් මෙත් වඩන තැනැත්තා අමනුෂ්‍යයන්ට ද ප්‍රිය වේ.


6. දේවතා රක්‍ඛන්ති (දෙවියෝ රකිත්)

අමනුෂ්‍යයන්ට ප්‍රිය වන බැවින් ම දෙවියන්ට ද ප්‍රිය වන මෙත්වඩන භික්‍ෂුව මව් පියන් සිය දරුවෙකු රක්නා පරිද්දෙන් දෙවියන් විසින් රකිනු ලැබේ. කරණීයමෙත්ත සූත්‍ර නිදාන කථාවෙන් මේ බව හොඳින් ම හෙළි වේ.


7. නාස්ස අගිගි වා විසං වා සත්‍ථං වා කමති (ගිනි හෝ විෂ හෝ සැත් ඔහුට නොම වදියි)

මෛත්‍රී විහරණයෙන් ගත කරන තැනැත්තාට ගින්නෙන් අනතුරක් නො සිදුවේ. බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩ වෙසෙන සමයේ පුණ්ණ සිටු දියණිය වූ උත්තරා නම් උපාසිකාව තම සැමියාට කහවණු පසළොස් දහසකට සිරිමා නම් ගණිකාවක් පාවා දී අඩමසක් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් දීම් ආදි පින් කළාය. අවසන් දින දැළි කුණු වැකුණු උත්තරාව දැක සිටු පුත්‍රයා සිනහසෙනු දුටු සිරිමා ගණිකාව ඇය කෙරෙහි වෛර බැඳ මුළුතැන් ගෙයි උණු තෙල් කටාරමකින් කකියන උණු තෙල් හැන්දක් ගෙන උත්තරාවගේ හිසේ වත් කළාය. උණු තෙල් හැන්දක් ගෙන ඇය ඉදිරියට එනු දුටු උත්තරාව ‘මැය මට මිතුරියක් සේ බොහෝ උපකාර කළාය. මැය නිසාවෙන් මම අඩමසක් දානාදි පින්කම් කළෙමි. ධර්මශ්‍රවණය ලැබුවෙමි. ඉදින් මැය කෙරෙහි මාගේ කෝපයක් ඇත්නම් මේ කකියන ගිතෙල් මා දවාවා. නැත්තේ නම් නොම දවාවා’යි ඇය කෙරෙහි මෙත් සිත පැතිරවීය. එයින් ඇය මත්තෙහි වත් කළ ඒ උණු තෙල් සීසිල් දිය මෙන් විය. එබැවින් මෙත් සිත පතුරුවන තැනැත්තාට ගින්නෙන් හානියක් නොම සිදුවේ.


එසේ ම මෙත් විහරණයෙන් සිටින අයට වසවිෂ නිසාවෙන් හානි නො සිදුවේ. සංයුක්තභාණක චූළසිව ස්ථවිරයන් වහන්සේට මෛත්‍රී විහරණය නිසා වසවිෂවලින් සිදුවීමට තිබූ හානියක් වැළකුණු බව සඳහන් වේ.


එසේ ම මෛත්‍රී භාවනාව පුරුදු කර ඇති තැනැත්තාට සැතකින් කරදරයක් නො සිදුවේ. උදේනි රජු සාමාවතී ප්‍රමුඛ බිසවුන් පන්සියයක් දෙනා එක පෙළට සිටුවා එක් හීයකින් විද මරනු කැමතිව සූදානම් විය. සාමාවතිය සෙසු සියලු දෙනාට කියා සිටියේ මෛත්‍රී කරන ලෙසයි. මෛත්‍රී බලය නිසාවෙන් රජුට දුනු දිය ඇද හීය විදීමට නොහැකිව සිටියේය. එබැවින් මෙත් වඩන අයට සැත්වලින් හානි නොම සිදුවේ.

මෙසේ බොහෝ ආනිසංස ඇති බව සලකා මෛත්‍රී භාවනාව වැඩිය යුතු වේ.


දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,

පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

Na Uyane Ariyadhamma Thero

 


Friday, February 26, 2021

මෛත්‍රී භාවනාව – 03 කොටස – “සුවසේ නිදන්න – මෙත් වඩන්න”

 මෛත්‍රී භාවනාව – 03 කොටස – “සුවසේ නිදන්න – මෙත් වඩන්න”

Feb 21, 2021 | සිත නිවන භාවනා | 





මෛත්‍රී භාවනාව – 03 කොටස – “සුවසේ නිදන්න – මෙත් වඩන්න”

‘මෙත්තාය භික්‍ඛවෙ චෙතොවිමුත්තියා ආසෙවිතාය, භාවිතාය, බහුලීකතාය, යානීකතාය, වත්‍ථුකතාය, අනුට්ඨිතාය, පරිචිතාය, සුසමාරද්ධාය ඒකාදසානිසංසා පාටිකඩ්ඛා’ යනුවෙන් බුදුරජාණන් වහන්සේ මෙත්තානිසංස සූත්‍රයේ දී දේශනා කරන ලද්දේ ‘ආසේවනය කරන ලද, වඩන ලද, බහුල කරන ලද, යානයක් මෙන් වසඟයේ පවත්වන ලද, පිහිටීමට වස්තුවක් මෙන් කරන ලද, අත නොහරින ලද, භාවනානුරූපීව රැස් කරන ලද, මැනවින් අරඹන ලද මෛත්‍රී චෙතොවිමුක්තිය පිළිබඳ එකොළොස් ආනිසංසයක් කැමති විය යුතු බව’යි. මෙලොවදී ම ලබන දස ආනිසංසයක් සහ පරලොව දී ලබන එක් ආනිසංසයක් වශයෙන් එකොළොස් ආනිසංසයක් මෙත් වැඩීමෙන් අත් වන බව මෙහි වදාළ සේක.


මෛත්‍රී භාවනාව වඩන යෝගාවචරයා මෙම ආනිසංස පිළිබඳ මෙනෙහි කළ යුතු වේ. භාවනාව ආරම්භ වීමට මත්තෙන් එහි ආනිසංස මෙනෙහි කිරීමෙන් එකී භාවනාවේ නියැළීමට ඡන්දය ඇති වී උනන්දුවෙන් භාවනාවේ නියැළීම සිදු වේ. එවිට ඉතාමත් ඉක්මනින් කමටහන සමෘද්ධමත් භාවයට පත් කර ගත හැකි වේ.

මෙත්තානිසංස සූත්‍රයේ දී පළමුව බුදුරජාණන් වහන්සේ මෙත් වඩන පුද්ගලයාට මෙලොව දී ම ලැබෙන ආනිසංස දහයක් (10) වදාළ සේක.

1. සුඛං සුපති (සුවසේ නින්ද යාම)

මෛත්‍රී භාවනාව වඩන පුද්ගලයා සුවසේ නින්දට එළඹෙන බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක. සිතේ මෙත් සිතිවිලි පැවතීම නිසා දුක් fදාම්නස්වලින් තොරව නින්දට යා හැකි පුද්ගලයා එයින් සැහැල්ලු සිතින් නින්දට එළඹේ. ඒ නිසා ම ඔහුගේ නින්ද ඉක්මනින් ඔහු වෙත ළඟා කර ගත හැකි වේ.


වර්තමානයේ ඇතැම් අය නින්ද නොලැබීම නිසාවෙන් බොහෝ පීඩාවලට පත් වෙති. නින්ද ලබා ගැනීම පිණිස ඖෂධ පවා සොයති. එහෙත් බුදුරජාණන් වහන්සේ නින්ද ළඟා කර ගැනීමට පහසු ම මඟක් ලෙස පෙන්වා දෙන්නේ මෙත් වැඩීමයි. මෙත් වඩන පුද්ගලයාගේ සිතේ කිළිටි පහව යාම නිසා ඒ පුද්ගලයා සැහැල්ලු භාවයට සන්සිඳීමට පත් වීම ඉක්මනින් නින්ද ළඟා වීමට හේතුව වේ. බොහෝ දෙනෙක් නිදාගැනීමට ගොස් නොයෙක් දේ කල්පනා කරමින් කාලය ගත කිරීම නිසා බොහෝ වේලාවක් නිදා ගත නොහැකිව ගත කරති. එහෙත් නින්දට ගොස් සිත මෙත් වැඩීමට යොමු කරගන්නා පුද්ගලයාට ඉක්මනින් නින්ද ළඟා කර ගත හැකි වේ.


2. සුඛං පටිබුඤ්ජති (සුවසේ අවදි වේ)

නිදා ගන්නා තැනැත්තාගේ අවදි වීම ද සුවපත් විය යුතුය. ඇතැම් අය අවදි වන්නේ ඉතාමත් අපහසුවෙනි. සමහර කෙනෙක් බිය වී අවදි වෙති. මෙත් වඩන පුද්ගලයාගේ නින්දෙන් අවදි වීම සුවපත් වන බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක.


3. න පාපකං සුපිනං පස්සති (ලාමක සිහින නො දකී)

ඇතැම් කෙනෙක් නින්දට ගිය විට නොයෙක් ආකාරයේ නපුරු සිහින දකී. නපුරු සිහින දැකීමෙන් බියට පත් වී අවදි වේ. එතැන් පටන් සමහර විට හොඳ නින්දක් ලැබිය නො හැකි වේ. නපුරු සිහින දැකීමේ කරදරයෙන් මිදීම පිණිස මෙත් වැඩිය යුතු වේ.


සිහින දැකීම ආකාර 4 කට සිදු වන බව ධර්මයේ සඳහන් වේ. එනම් පෙර ගත් අරමුණක් අනුව සිහින පෙනීම, සෙම් පිත් ආදි ධාතු කිපීම නිසා සිහින පෙනීම, පූර්ව නිමිති වශයෙන් සිහින පෙනීම සහ දෙවියන් විසින් පෙන්වීම වශයෙනි. සිහින දකින්නේ කපි (වඳුරු) නින්දේ දී බව ධර්මයේ සඳහන් වේ. කපි නින්ද යනු අඩ නින්දයි. නින්දත් නොනින්දත් අතර සිටීමයි. එවිට නොයෙක් සිත් පහළ වන අතර ඒ සිත්වලට එම දින තමන් ඇසූ, කියූ, දුටු දේ අනුව ගත් නිමිති අරමුණු විය හැකි වේ. ඒ අනුව සිහින පෙනීම සිදු විය හැකිය. නිරන්තරයෙන් මෙත් වඩන පුද්ගලයාගේ ආසන්න අරමුණු ගැනීම මෛත්‍රී සහගත බැවින් නපුරු නිමිති අරමුණු නොවීම නිසා නපුරු සිහින පෙනීම සිදු නොවේ. ධාතු කිපීම නිසා හෝ පූර්ව නිමිති වශයෙන් හෝ සිහින පෙනීම සිදු විය හැකි වුව ද මෙත් සිතින් වාසය කරන තැනැත්තා සුව නින්දකට බැසගනී. සුව නින්දක දී සිහින පෙනීම සිදු නොවන බැවින් නපුරු සිහින පෙනීම ද සිදු නොවේ. ඇතැම් විට දෙවියන් විසින් ද සිහින පෙන්වීම සිදු කරයි. මෙත් වඩන තැනැත්තාට දෙවියන් ප්‍රිය වන නිසාවෙන් දෙවියන් විසින් නපුරු සිහින පෙන්වීමක් සිදු නොවේ. මෙසේ මෛත්‍රී භාවනාව හොඳින් ප්‍රගුණ කර ජීවිතයට එකතු කරගත් තැනැත්තාට නපුරු සිහින නොදැක සුව නින්දක් ලැබිය හැකි වේ.


4. මනුස්සානං පියො හොති (මිනිසුන්ට ප්‍රිය වේ)

මෛත්‍රිය යනු මිතුරු බවයි. මෛත්‍රිය වැඩීමෙන් සිදු වන්නේ සියලු දෙනාට මිතුරු බව පැතිරවීමයි. එබැවින් මෙත් වඩන තැනැත්තා මිනිසුන්ට ප්‍රිය පුද්ගලයෙක් වේ. මෙය ප්‍රායෝගිකව මෙත් වඩන පුද්ගලයාට ලැබෙන විශේෂ ප්‍රතිලාභයක් වේ. මෙත් වඩන තැනැත්තාට ඒ මෛත්‍රී භාවනාවේ බලයෙන් බොහෝ ප්‍රයෝජන අත් කර ගත හැකි වේ.


උදාහරණයක් ලෙස කිසියම් ආයතනයක නිළධාරියෙකු ලවා වැඩ කටයුත්තක් කර ගත යුතුව ඇති තැනැත්තාට මෛත්‍රී භාවනාවේ බලයෙන් පහසුවෙන් තම කටයුත්ත සිදු කර ගත හැකි වේ. නිතර මෙත් වඩා පුරුදු තැනැත්තා අදාළ පුද්ගලයා මුණ ගැසීමට පෙර ඔහු සිහියට නඟාගෙන ඔහුට ටික වේලාවක් මෙත් වැඩිය යුතු වේ. ඉන්පසු එම පුද්ගලයා වෙත ගොස් තමන්ගේ වුවමනාව පැහැදිලි කිරීමේ දී ඉක්මනින් මිතුරු භාවය ගොඩ නඟාගෙන තමන්ගේ කටයුත්ත කළ හැකි වේ.


සමහර පුද්ගලයෙක් ප්‍රකෘතියෙන් ම සැර පරුෂ බව නිසා අන් අය සමඟ මිතුරු නොවේ. එවැනි අයෙක් ලවා වැඩක් කරවා ගැනීමට මෛත්‍රී භාවනාව උපකාරී කරගත හැකි වේ. බුදුරජාණන් වහන්සේ බොහෝ දුර්දාන්ත පුද්ගලයන් හා සත්ත්වයන් දමනය කිරීමට උන්වහන්සේගේ අසමසම මෛත්‍රී බලය භාවිතා කළ සේක. අංගුලිමාල වැනි දාමරිකයෙක් තමන් වහන්සේ වෙත කඩුව අමෝරාගෙන දිව එන විට ඔහුව දමනය කිරීමට උන්වහන්සේගේ අසමසම මෙත් සිත උපකාරී විය. නාලාගිරි ඇතු කිසිදු හොඳ නරකක් නොදැන බුදුරජාණන් වහන්සේ අභිමුවට දිව එන විට ඉදිරිපත් වූයේ බුදුරජාණන් වහන්සේගේ ඒ අසමසම මෙත් සිතයි. එබඳු අසමසම මෙත් සිතක් නොමැති වුව ද අප සෑම දෙනෙකුට ම පුරුදු කළ මෙත් සිත නොයෙක් ලෙස උපකාරී කරගත හැකි වේ.


මෙසේ නොයෙක් ආකාරයෙන් මෙලොව ආනිසංස ලැබිය හැකි බැව් බුදුරජාණන් වහන්සේ මෙත්තානිසංස සූත්‍රයේ දේශනා කරන ලදී.


දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,

පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

Na Uyane Ariyadhamma Thero


 

Thursday, February 25, 2021

මෛත්‍රී භාවනාව – 02 කොටස – මැනවින් අරඹන ලද චේතෝවිමුක්තිය

 මෛත්‍රී භාවනාව – 02 කොටස – මැනවින් අරඹන ලද චේතෝවිමුක්තිය

Feb 21, 2021 | සිත නිවන භාවනා | 0 


මෛත්‍රී භාවනාව – 02 කොටස – මැනවින් අරඹන ලද චේතෝවිමුක්තිය




මෛත්‍රී භාවනාව විස්තර කෙරෙන සූත්‍ර දේශනාවල දී ඒ පිළිබඳ භාවිතා කරන විශේෂ පද කිහිපයක් හමු වේ. මෙත්තානිසංස සූත්‍රයේ ‘මෙත්තාය භික්‍ඛවෙ චෙතොවිමුත්තියා ආසෙවිතාය, භාවිතාය, බහුලීකතාය, යානීකතාය, වත්‍ථුකතාය, අනුට්ඨිතාය, පරිචිතාය, සුසමාරද්ධාය ඒකාදසානිසංසා පාටිකඩ්ඛා’ යනුවෙන් ‘ආසේවනය කරන ලද, වඩන ලද, බහුල කරන ලද, යානයක් මෙන් වසඟයේ පවත්වන ලද, පිහිටීමට වස්තුවක් මෙන් කරන ලද, අත නොහරින ලද, භාවනානුරූපීව රැස් කරන ලද, මැනවින් අරඹන ලද මෛත්‍රී චෙතොවිමුක්තිය පිළිබඳ එකොළොස් ආනිසංසයක් කැමති විය යුතු බව’ දේශනා කරන ලදී. එබැවින් මෛත්‍රී භාවනාව පිළිබඳ ඉගෙන ගන්නා තැනැත්තා මෙම පද පිළිබඳව ද අර්ථ වශයෙන් දැන ගත යුතු වේ.


මෛත්‍රී භාවනා බලයෙන් සිත කෙලෙසුන් කෙරෙන් මුදවා ගැනීම ‘මෛත්‍රී චෙතොවිමුක්තිය’ ලෙස හැඳින්වේ. මෙත් වැඩීම් වශයෙන් කුශල සිතක් ඇති කර ගැනීමෙන් තදංග වශයෙන් කෙලෙස් ප්‍රහීණ වන අතර පුරුදු කරන ලද මෛත්‍රී භාවනාව ඇති පුද්ගලයාගේ සිත මෛත්‍රී දැහැන්ගත වීමෙන් විශ්කම්භන වශයෙන් ද කෙලෙස් ප්‍රහීණ කරයි. ඒ මතු ද නොව මෛත්‍රී භාවනාව පදනම් කරගෙන විදසුන් වඩා සහමුලින් ම කෙලෙස් ප්‍රහීණ කිරීම ද කළ හැකි වේ. එබැවින් මෙම මෛත්‍රී භාවනාවේ දී ‘මෛත්‍රී චෙතොවිමුක්තිය’ ලෙස හැඳින්වෙන්නේ පුරුදු කරගත් මෛත්‍රීය ඇති පුද්ගලයෙක් සිය සිත කෙලෙස්වලින් මුදවාගෙන මෛත්‍රී වසයෙහි පවත්වා ගැනීමයි.


මෙසේ මෛත්‍රී චෙතොවිමුත්තිය පැවැත්වීම පිළිබඳ ආසේවිතාය, භාවිතාය යනාදි වශයෙන් ආකාර කිහිපයක් දැක්වේ. ‘ආසේවනය කිරීම’ යන්නෙන් අදහස් වන්නේ ආදරයෙන් සේවනය කිරීමයි. මෙත් වැඩීම පුරුදු කරන තැනැත්තා එය ආදරයෙන් සේවනය කළ යුතු වේ. තවත් කෙනෙකුගේ බල කිරීමකට කරන මෙත් වැඩීම දියුණුවට පත් නොවේ. ඒ පිළිබඳ තමන් තුළින් ම ඇති වූ ඡන්දයක් පැවතිය යුතු වේ. මෙලොව ආනිසංස සලකමින්, පරලොව ආනිසංස සලකමින්, ලොකෝත්තර වශයෙන් නිර්වාණ ප්‍රතිලාභය සලකමින් ඒ සඳහා අවශ්‍යයෙන් ම අත නොහැර කළ යුතු කටයුත්තක් වශයෙන් මෙත් වැඩීම කරන්නේ නම් ‘ආසේවනය’ කරන ලද්දේ වෙයි.

එසේ ආදරයෙන් සේවනය කරන මෛත්‍රිය භාවනාවක් වශයෙන් පුරුදු කිරීම ‘භාවිත කිරීම’ නම් වේ. මෙලොව ආනිසංස අපේක්‍ෂාවෙන් ද පරලොව ආනිසංස අපේක්‍ෂාවෙන් ද නිර්වාණ ප්‍රතිලාභය අපේක්‍ෂාවෙන් ද මෙත් වැඩීම කළ යුතු යැයි සලකන තැනැත්තා එය භාවනා වශයෙන් වැඩීමෙන් පුරුදු කර ගත යුතු වේ.


භාවනා වශයෙන් වැඩීමෙන් පුරුදු පුහුණු වූ මෛත්‍රිය නැවත නැවත වැඩීම ‘බහුල කිරීම’ නම් වේ. නිරන්තරයෙන් භාවනා මනසිකාරයක් වශයෙන් මෛත්‍රිය වැඩීම කළ හැකි වේ. මෙත් වැඩීමට සුදුසු වචනයක් තමන්ට හුරු කර ගැනීමෙන් නිතර එය මෙනෙහි කළ හැකි වේ. ඒ තුළින් සිතේ මෙත් සිතුවිලි නිරන්තරයෙන් පවතී. නැවත නැවත මෛත්‍රි භාවනාව වැඩීමක් සිදු වේ. බහුල වේ.


යම් දක්‍ෂ රියදුරෙක් ආජඤ්ඤ අශ්වයින් යෙදූ රථය තමන් කැමති ආකාරයට හසුරුවයි. කැමති කැමති තැනට යයි. කැමති තැනින් නතර වෙයි. මෙසේ දක්‍ෂ රියදුරෙක් රථයක් තමන් වසඟයේ පවත්වන්නාක් මෙන් මෛත්‍රිය වඩන යෝගියාට ද මෛත්‍රී භාවනාව තමන් වසඟයේ පැවැත්විය හැකි විය යුතුය. එසේ යානයක් තමන් වසඟයේ පවත්වන්නාක් මෙන් කැමති ඕනෑම වේලාවක, ඕනෑම අවස්ථාවක මෛත්‍රී ධ්‍යානයට සම වැදිය හැකි ලෙස වසඟයේ පැවැත්විය හැකි විය යුතු. එය ‘යානිකතා’ නම් වේ.


යම් දෙයක් පිහිටීමට සුදුසු බිමක් වස්තුවක් නම් වේ. පිහිටීමට මනා භූමියක් ඇති විට පමණක් එහි මැනවින් පිහිටයි. සුදුසු බිමක් නොමැති තැන මනා පිහිටීමක් සිදු නොවේ. මෙත් සිත වඩන තැනැත්තාගේ සිත මෛත්‍රී සිතුවිලිවලට පිහිටීමට සුදුසු බිමක් විය යුතුය. එසේ සුදුසු බිමක් කරගත් සිතේ වඩන ලද මෛත්‍රිය මැනවින් රෝපණය වේ. මැනවින් ඵල දරයි. මෙලොව පරලොව ආනිසංස ඵලය ද කෙළවර ලොකෝත්තර නිර්වාණ ඵලය ද අත්පත් කර දෙයි. එබැවින් මෛත්‍රිය පිහිටීමට උපකාර වන භූමියක් මෙන් සිත පවත්වා ගැනීම ‘වත්‍ථුකතා’ නම් වේ.

භාවනා වශයෙන් බහුල කර වැඩීමෙන් මෛත්‍රිය නැවත නැවත එළඹ සිටියේ නම්, අත නොහැර සිටියේ නම් එය ‘අනුට්ඨිතා’ නම් වේ. මෛත්‍රී භාවනාව පුරුදු කරන යෝගියා එය එක් දිනක් සිදු කර අතහැර දැමිය යුතු නොවේ. දිනක්, දෙකක් වඩා යළි බොහෝ කාලයකට පසුව වැඩීමෙන් කියන ලද ආනිසංස ලැබිය හැකි නොවේ. මෛත්‍රී කර්මස්ථානය තමන් අත නොහැර පැවතිය යුතු වේ. එවිට පමණක් ම මෙලොව පරලොව ආනිසංස අත් විඳිය හැකි වේ.


සිතේ මෛත්‍රිය හාත්පසින් රැස් කරන ලද්දේ නම් එය ‘පරිචිත’ නම් වේ. සියලු ආකාරයෙන් සිතේ භාවනාවට සුදුසු සේ රැස් කළ මෛත්‍රියක් පවත්වා ගත යුතු බවයි. සාමාන්‍යයෙන් අපගේ සිත තුළ නිරන්තරයෙන් කෙලෙස් සිතිවිලි ඇති වීමට සුදුසු ඉඩකඩක් පවතී. මැනවින් පුරුදු නොකළ සිතක් ඇති යෝගියාගේ සිතේ රාගාදි කෙලෙස් නිතර ඇති වේ. ඇතැම් විට ඒ බව තමන් දන්නේ හෝ නො වේ. යෝගියා ප්‍රඥාව සේ දකින්නේ කෙලෙස් සිතිවිල්ලක් විය හැකි වේ. එබැවින් මෛත්‍රිය නමැති සත් චේතනාව නිරන්තරයෙන් සිතේ එක් රැස් කළ යුතු වේ. එවිට කෙලෙස් සිතිවිලිවලට පිවිසීමට සිතේ ඉඩක් නො ලැබේ.


සිතේ මෛත්‍රී සිතිවිලි අතිශයින් උපදවා ගැනීම, මැනවින් උපදවා ගැනීම කළ යුතු වේ. මෛත්‍රිය පුරුදු පුහුණු කරන යෝගියා පළමුව තමන්ට මෙත් සිත ඇති කර ගත යුතු වේ. තමන්ට තමන් මෙන් මිතුරු අන් කිසිවකුත් නැති බැවිනි. එසේ ම තමන්ගේ හිතවත්, මැදහත්, අහිතවත් යන සියලු දෙනාට මැනවින් මෙත් සිත පැවැත්විය යුතු වේ. මෙත් සිත මැනවින් ඇරඹිය යුතු වේ. එසේ මැනවින් මෙත් සිත ඇරඹීම ‘සුසමාරද්ධ’ නම් වේ.


මෙසේ ආදරයෙන් සේවනය කරන ලද, භාවනා වශයෙන් වඩන ලද, බහුලකොට වඩන ලද, තමන් වසඟයේ පැවැත්විය හැකි යානයක් මෙන් කරන ලද, පිහිටීමට බිමක් මෙන් කරන ලද, අත නොහැර පුරුදු කරන ලද, හාත්පසින් භාවනානුරූපීව රැස් කරන ලද, මැනවින් අරඹන ලද මෛත්‍රී චෙතොවිමුක්තිය ඇති යෝගියාට මෙලොව දී ම ආනිසංස දහයක් අත් විඳිය හැකි බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක. එසේ ම පරලොව වශයෙන් ද එක් ආනිසංසයක් වදාළ සේක.


දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,

පූජ්‍ය මහව ඤාණාලෝක හිමි





   

Na Uyane Ariyadhamma Thero

 


Wednesday, February 24, 2021

Na Uyane Ariyadhamma Thero


 

මෛත්‍රී භාවනාව – 01 කොටස

මෛත්‍රී භාවනාව – 01 කොටස – අසුරු සැණක් මෙත් වඩා නොසිස් දැහැනින් …
Feb 21, 2021 | සිත නිවන භාවනා | 0 

මෛත්‍රී භාවනාව – 01 කොටස – අසුරු සැණක් මෙත් වඩා නොසිස් දැහැනින් …
‘ඣායථ භික්‍ඛවෙ මා පමාදත්‍ථ. මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්‍ථ’ යනු බුදුරජාණන් වහන්සේගේ අවවාදයයි. ඒ අනුව නිවන් ගමනේ පියවර නඟන සෑම පුද්ගලයෙක් ම අප්‍රමාදීව සිහි නුවණින් යුතුව නිරතුරු කමටහනක් මෙනෙහි කිරීමේ නිරත විය යුතු වේ. මෙය ‘භාවනාව’ යන නමින් හැඳින්වේ. මෙසේ නිවනට උපකාරී වන බෞද්ධ භාවනා ක්‍රමය ත්‍රිපිටක පෙළ, අර්ථකථා ඇසුරෙන් විවරණය කිරීමේ ලිපි මාලාවේ ආනාපානසති භාවනාව සහ බුද්ධානුස්සති භාවනාව විස්තර කළෙමු. මෙතැන් පටන් ඇරඹෙන්නේ මෛත්‍රී භාවනාව පිළිබඳ විස්තර කිරීමයි. සියලු සත්ත්වයන්ට මෙත් වඩා මෛත්‍රී සහගත සිතින් යුතුව නිවන් මඟ ගමන් කිරීම බුදුරජාණන් වහන්සේගේ අවවාදය බැවින් ඒ සඳහා පිළිපන් සැදැහැවත හට මේ ලිපි පෙළ උපකාරයක් වේවා.

බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකාය ඒකක නිපාතයේ දේශනා කරන ලද්දේ අසුරු සැණක් ගසන කාලයක් තරම් ඉතා කුඩා කාලයක් නමුදු යම් කෙනෙක් මෙත් සිතක් පවත්වන ලද්දේ නම් මෙත් සිත වඩන ලද්දේ නම් මෛත්‍රී මනසිකාරයක් පවත්වන ලද්දේ නම් ඒ තැනැත්තා නොසිස් දැහැන් ඇත්තෙක් වන බවයි. ශාස්තෘන් වහන්සේගේ ශාසනය ඉටු කරන ලද බවයි. භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය ඉටු කරන බවයි. අසුරු සැණක් යනු ඉතා කුඩා කාලයකි. එතරම් කුඩා කාලයක් නමුදු මෙත් සිත පැවැත්වීමෙන් මෙසේ ආනිසංස ලැබෙන්නේ නම් බහුලව මෙත් සිත වඩන්නාට ඒකාන්තයෙන් ම මහත් ඵල මහානිසංස වන බව අවබෝධ කරගත යුතු වේ.
මෛත්‍රිය යනු මිතුරු බවයි. යම් කෙනෙක් ලෝකයේ සෑම සත්වයෙකුට ම එක හා සමානව මිතුරු බව පවත්වන්නේ නම් ඔහු මෛත්‍රී කරන කෙනෙක් වේ. තමන්ට හිතවත් අයට පමණක් නොව මැදහත්, අහිතවත් අයට ද එක හා සමානව මිතුරු බව පැවැත්විය යුතු වේ. එසේ මෙත් සිත පැවැත්වීමෙන් මෙලොව පරලොව දෙකේ ම මහත් ආනිසංස අත් විඳිය හැකි වේ.

භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වෙසෙන සමයෙක වස්සාන සමය ආසන්නයේ පන්සියයක් පමණ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගෙන් කමටහන් අසාගෙන සප්පාය ගොදුරු ගමක් සොයමින් ගියහ. හිමවතට සම්බන්ධ එක්තරා වනයක් අසබඩ ගම් වැසියන්ගේ ඇරයුමෙන් ඒ වනයෙහි සාදා දුන් කුටි සෙනසුන්වල වස් එළඹුණහ. ඇරඹූ වීර්ය ඇතිව යෝනිසෝමනසිකාරයෙන් රුක්මුල්වලට එළඹ පලඟ බැඳගෙන බවුන් වඩන්නට වූහ. ඒ භික්‍ෂූන්ගේ ශීල තේජසින් ඒ රුක්වලට අධිගෘහිත දෙවිවරුන්ට එහි වාසය කළ නොහැකි විය. රජ වරුන් රාජ මහාමාත්‍යයන් ගම්වලට වැද ගම් වැසියන්ගේ නිවෙස්වල නතර වූ විට ඒවායෙන් ඉවත් වීමට සිදුවන ගම් වැසියන් කවදා නම් මොවුන් නික්මේ දැ යි බලාපොරොත්තු වන්නා සේ ඒ රුක් දෙවිවරුන් ද තමතමන්ගේ විමානවලින් ඉවත්ව ‘කවදා නම් මේ ස්වාමින් වහන්සේලා ඉවත් වන්නේ දැ’යි බලාපොරොත්තු වූහ. ‘පළමුව ම වස් එළඹි මේ භික්‍ෂූන් ඒකාන්තයෙන් මේ තෙමස ම මෙහි වසනු ඇත. අපට වාසය කිරීමට තැනක් නැති වන්නේ’ යැයි කල්පනා කළ ඒ දෙවිවරු මේ භික්‍ෂූන්ට නොයෙක් භයානක අරමුණු දක්වන්නට වූහ. ඔවුහු රාත්‍රියෙහි භික්‍ෂූන් ශ්‍රමණ ධර්ම කරන වේලෙහි නොයෙක් බියජනක යක්‍ෂ රූප මවාගෙන ඉදිරියෙහි සිටිති. බිය ජනක ශබ්ද කරති. භික්‍ෂූන් ඒ බිය ජනක අරමුණු දැක, බිය ජනක ශබ්ද අසා ඒ හේතුවෙන් දුර්වර්ණ වූහ. සුදුමැලි වූහ. ඔවුන්ට සිත එකඟ කරගැනීමට නො හැකි විය. එකඟ නොවූ සිත් ඇති බැවින් සිහි මුළා බවට පත් වූ උන්වහන්සේලාට නොයෙක් දුර්ගන්ධයන් දැනෙන්නට සැලැස්වූහ. එයින් හිස් වේදනා ඇති විය. එහෙත් කිසිවෙකුත් අන් භික්‍ෂුවකට ඒ බව දැනුම් නො දුන්හ.

දිනක් සංඝ ස්ථවිරයන් වහන්සේ සියලු දෙනා රැස් වූ අවස්ථාවක මේ එකිනෙකාගේ වෙනසට හේතු අසා තම තමන්ට අරමුණු වන භයානක අරමුණු ආදිය පිළිබඳව පවසා පිළිසරණක් අපේක්‍ෂාවෙන් ආපසු නැවත සැවැත්නුවර බලා වැඩම කළහ. තමන් මුහුණ දුන් දුෂ්කර බව භාග්‍යවතුන් වහන්සේට සැල කිරීමෙන් අනතුරුව ඒ භික්‍ෂූන්ට සප්පාය සෙනසුන පිළිබඳව ආවර්ජනය කළ භාග්‍යවතුන් වහන්සේ සියලු දඹදිව ඔවුන්ට සප්පාය අන් කිසිදු සෙනසුනක් නොදැක ඒ වනයට ම පිටත් කර යැවූ සේක. එහි දී දෙවියන්ට ප්‍රිය බව පිණිසත්, ඒ භික්‍ෂූන්ට අර්හත්වය දක්වා කර්මස්ථානයක් වශයෙනුත් මෙත්ත සූත්‍රය (කරණීයමෙත්ත සූත්‍රය) වදාළ සේක. එහි දී නිවන් සාක්‍ෂාත් කර ගනු කැමති පුද්ගලයාට කරණීය ධර්ම සහ අකරණීය ධර්ම දේශනා කළ බුදුරජාණන් වහන්සේ ‘සුඛිනෝ වා ඛේමිනෝ හොන්තු’ යනාදි වශයෙන් දෙවියන්ට ප්‍රිය වනු පිණිස ද ආරක්‍ෂාව පිණිස ද විදර්ශනා පාදක ධ්‍යාන වශයෙන් කමටහනක් ලෙස ද මෛත්‍රී කර්මස්ථානය වදාළ සේක. ඒ අනුව මෙත්ත සූත්‍රය තමන්ට ආරක්‍ෂාවක් වශයෙන් ද කර්මස්ථානයක් වශයෙන් ද භාවිත කළ ඒ භික්‍ෂූන් පන්සිය නම සව් කෙලෙස් නසා උතුම් අර්හත්වයට පත් වූහ.

එබැවින් මෙත් වැඩීම දෙව් මිනිසුන්ගේ ප්‍රිය භාවය ඇති වන මෙලොව ආනිසංස සහිත භාවනාවක් වේ. එසේ ම ඒ මෛත්‍රී ධ්‍යානය පාදක කරගෙන විදසුන් වඩා උතුම් නිර්වාණය සාක්‍ෂාත් කරගැනීමට ද හැකි වේ. බුදුරජාණන් වහන්සේ ‘අරිත්තජ්ඣානො විහරති’ යැයි අසුරු සැණක් පමණ මෙත් වඩන තැනැත්තා නමුදු නොසිස් ධ්‍යාන ඇතිව වාසය කරන බව වදාළ සේක. සිටීම්, හිඳීම් ආදි සියලු ඉරියව්වල දී ධ්‍යාන ඉපදවීමට හැකි පුද්ගලයෙක් ලෙස නොසිස්ව වාසය කරන බව බුදුරජාණන් වහන්සේ වදාළහ. බුදුරජාණන් වහන්සේගේ අවවාදය වන්නේ සියලු සත්ත්වයන් හට සම මෙත් සිත පැවැත්විය යුතු බවයි. එබැවින් මොහොතක් නමුදු මෙත් සිත පවත්වන භික්‍ෂුව බුදුරජාණන් වහන්සේගේ අවවාදය ඉටු කරන ලද්දේ වෙයි. තව ද බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද්දේ සිතේ සමාධියක් උපදවන භික්‍ෂුව රටවැසියා විසින් සැදැහැයෙන් පූජා කරන දානය නො සිස් ව වළඳන බවයි. එබැවින් මොහොතක් නමුදු මෙත් සිත පවත්වන භික්‍ෂුව නොසිස්ව රට වැසියාගේ දානය වළඳන්නෙක් වේ.
මෙසේ නොයෙක් ආකාරයෙන් ආනිසංස වදාරණ ලද මෛත්‍රී භාවනාව සිත එකඟ කරගෙන සමාධි ඉපදවීමටත්, මෙලොව දී ම ලැබෙන ආනිසංස සමුදායක් නිසාවෙනුත්, විදසුන් වැඩීමට පාදක කරගත හැකි බැවිනුත්, මරණින් මතු සුගති උත්පත්ති ලැබීම් වශයෙනුත් සුවිශේෂී භාවනාවක් වේ. භාවනාව ආරම්භ කරන ආධුනිකයෙකුට පහසුවෙන් ම සිත එකඟ කර ගැනීමට උපකාර කරගත හැකි භාවනාවක් වේ. එසේම ද්වේෂ චරිතවත් පුද්ගලයාට භාවනාවට පූර්වයේ සිත පිරිසිදු කරගැනීමටත් මෛත්‍රී භාවනාව වැදගත් වේ.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

Sunday, February 21, 2021

මනො නිවාරණ සූත්‍රය

‘යතො යතො මනො නිවාරයෙ,
න දුක්ඛමෙති නං තතො තතො;
ස සබ්බතො මනො නිවාරයෙ,
ස සබ්බතො දුක්ඛා පමුච්චති’’.
‘‘න සබ්බතො මනො නිවාරයෙ,
න මනො සංයතත්තමාගතං;
යතො යතො ච පාපකං,
තතො තතො මනො නිවාරයෙ’’ති.

මා විසින් මෙසේ අසනලදී. එත් තලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලදජේතවනාරාමයෙහි වැඩවසන සේත.
එකල වනාහි එකතරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්මගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.
එකත් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“යමෙකින් යමෙකින් සිත වළක්වා ගන්නේ නම්, ඒ ඒ දෙයින් ඔහුට දුකෙක් නොපැමිණේ. එබැවින් සියල්ල කෙරෙන්ම සිත වළක්වා ලන්නේ නම් ඔහු සියලු දුකින් මිදේ.”
. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.)
“සිත සියල්ලෙන්ම නොවළකන්නේය. (වැළකිය යුතු නොවේ.) සංයත බවට පැමිණි සිත නොම වළකන්නේය. යමෙකින යමෙකින් අකුසල් උපදනේ නම්, ඒ ඒ දෙයින් සිත වළක්වා රැකගන්ාන්ය.”

Channa Theragatha

පාලි I - කොටස

 I - කොටස

මෙම වෙසක් පොහොය දිනෙන් ආරම්භවන මෙම පාලි භාෂා පාඩම් මාලාව සතිපතා එනම් සතර පොහොයට ම බුදු සරණ පත්‍රයෙහි පළ වේ. පාලි භාෂාව ඉගෙනීමට කැමැති පිරිසට මෙම පාඩම් වැදගත් වේ.


දහම්පාසල් දරුවන්ට, පිරිවෙන්වල අධ්‍යාපනය ලබන පොඩි ස්වාමීන් වහන්සේලාට මෙන් ම පාලි ඉගෙනීමට කැමැති ඕනෑම කෙනෙකුට පහසුවෙන් තේරුම්ගත හැකි පරිදි මුල සිටම මෙම පාඩම් ආරම්භ වේ. බුදුසරණ පුවත්පතේ පළ වන මෙම සෑම පාඩමක් ම එම සතියේ සිකුරාදා සහ ඉරිදා රාත්‍රී 07.45 ට බෞද්ධයා රූපවාහිනියෙන් ද (ඊඩඥ ඕභඤඤඩඪඵබ ඊඍ) විකාශනය වේ.


01. වන පාඩම


පාලි භාෂාව ඉගෙන ගත යුත්තේ ඇයි?


පාලි භාෂාව ඉගෙන ගත යුත්තේ ඇයි යන ප්‍රශ්නය කිහිප දෙනෙකුගෙන් විමසුවහොත් ලබාදෙන පිළිතුරු කිහිපයකි.


1. ඕනෑම භාෂාවක් ඉගෙන ගැනීම වැදගත් වන නිසා.


2. බුදුරජාණන් වහන්සේ ගේ භාෂාව පාලි නිසා. අප බෞද්ධයෝ නිසා.


3. බුදු දහම හෙවත් ත්‍රිපිටකය පාලි භාෂාවෙන් ඇති නිසා, ඒවා කියවා තේරුම් ගැනීමට පාලි භාෂාව වැදගත් වන නිසා.


4. අප කියන ගාථා, පිරිත් ආදියේ තේරුම් නොදන්නා නිසා ඒවා දැනගැනීම වැදගත් නිසා.


5. අටුවා ටීකා ආදී පොත් කියවා තේරුම් ගැනීමට භාෂාව අවශ්‍ය නිසා.


6. එකම දේ නොයෙක් ආකාරයෙන් විස්තර කරන නිසා. නිවැරැදි තේරුම කුමක් ද කියා දැනගැනීමට භාෂාව දැන සිටීම වැදගත් නිසා.


7. අධර්මවාදීන්ගේ ධර්ම විකෘති කිරීම් හමුවේ අසරණ වන නිසා ඒවා නිවැරැදිව හඳුනා ගැනීමට අවශ්‍ය නිසා.


8. වරද්දන්නේ නැතිව පාලි ගාථා ආදිය කිව හැකි නිසා.


9. නිර්වාණය අවබෝධ කරගැනීමට භාෂාවත් උපකාරි වේය යන හැඟීම නිසා.


මෙවැනි පිළිතුරු එක් එක් අය ලබාදෙයි. කෙසේ කුමන අරමුණක් ඇතිව හෝ පාලි භාෂාව ඉගෙන ගන්නා ඔබට මෙම පාඩම් මාලවේ දී මුල සිට ඉතා සරලව පාලි භාෂාව කියා දීම අපේ අරමුණ යි.


අද අපේ සමාජයේ බොහෝ දෙනෙකු භාෂාව නොදන්නාකම නිසා පිරිත් දේශනා කරනවිට මෙන් ම බුද්ධ වන්දනාවේ දී පවා වැරැදි ලෙස උච්චාරණය කරනු අපට දක්නට ලැබේ. ඒවාට උදාහරණ කිහිපයක් මෙසේ දැක්විය හැකි ය.


වැරැදි ලෙස කියවෙන ඒවා නිවැරැදිව කියන අයුරු


ඉතිබිසෝ භගවා........


ඉතිපි සො භගවා


පුරුෂ ධම්ම සාරථි.............


පුරිස දම්ම සාරථි


වර්ණ ඝන්‍ධ ගුණෝපේතං...


වණ්ණ ගන්‍ධ ගුණෝපේතං


ඒකං කුසුම සන්තොසින්....


ඒතං කුසුම සන්තතිං


සබ්බ ඨානේ සුපතිට්ඨිතං.........


සබ්බඨානෙසු පතිට්ඨිතං


සුරාමේරය මජ්ජපමා දස්ඨානා.......


සුරාමේරය මජ්ජපමා දට්ඨානා


මෙවැනි වූ වැරැදි නිවැරැදි කරගෙන හොඳීන් පාලි භාෂාව ඉගෙන ගෙන ත්‍රිපිටකය කියවීමට හැකිවන පරිදි මෙම පාඩම් මාලාව සකස්කොට ඇත. සියලුදෙනාටම ධර්මාවබෝධය පිණිසත් මෙම පාඩම් මාලාව උපකාරවේවා යනු අපගේ පැතුම යි.


පාලි හෝඩිය


පාලි හෝඩියේ අක්‍ඛර (අකුරු) 41 කි.


අප කතා කරන දේ ලිවීමට උපකාර වන්නේ අක්‍ෂර නොහොත් අකුරු යි. එම අකුරු භාෂාවෙන් භාෂාවට වෙනස්කම් ඇත. පාලි හෝඩියක් ඇති නමුත් ඒවා ලිවීමට විශේෂ සංකේත නැතිනම් අකුරු නැත. අපිට ඒ සඳහා සිංහල අකුරු භාවිත කළ හැකි ය. එම පාලි හෝඩියට අනුව පාලි අක්ෂර 41 කි. ස්වර අටක් (8) හා ව්‍යඤ්ජන තිස්තුනකි (33) කි.


සර (ස්වර) 08


අ ඉ උ


ආ ඊ ඌ එ ඔ


මෙහි දී එ ඔ යන අක්ෂර දෙක එසේ ලිවුව ද උච්චාරණය කිරීමේ දී ඒ ඕ කියා උච්චාරණය කළ යුතු ය. එවං කියා ලියන වචනය ඒවං කියා කිය යුතු ය. ඔවිනාති යන වචනය ඕවිනාති කියා කිය යුතු ය. එසේ අන් වචන ද භාවිතයේ දී ඉගෙන ගත හැකි වේ.


ව්‍යඤ්ජන 33


ක ඛ ග ඝ ඞ


ච ඡ ජ ඣ ඤ


ට ඨ ඩ ඪ ණ


ත ථ ද ධ න




ප ඵ බ භ ම


ය ර ල ව


ස හ ළ

http://www.budusarana.lk/budusarana/2019/05/18/tmp.asp?ID=vision25



Na Uyane Ariyadhamma Thero

 


Saturday, February 20, 2021

9-6 සවන බිළාලපාදක සිටුහුගේ වස්තුවයි.

9-6 සවන බිළාලපාදක සිටුහුගේ වස්තුවයි.

මාවමඤ්ඤෙථ පුඤ්ඤස්ස, න මන්තං ආගමිස්සති;

උදබින්දුනිපාතෙන, උදකුම්භොපි පූරති;

ධීරො පූරති පුඤ්ඤස්ස, ථොකං ථොකම්පි ආචිනං.

ඒ (සුලු කුශලය) (විපාකදීම් වශයෙන්) නොඑන්නේයයි කුශල කර්මය සුලුකොට නොසිතන්නේය. (කුශල කර්මය සුළුයයි නොසිතන්නේය) එක එක දිය බිඳ වැටීමෙන් කළය යම්සේ පිරේද, (එසේම) මඳ මඳ කොටද කුශල් රැස්කරන්නාවූ නුවණැත්තා කුශල කර්මයෙන් පිරෙන්නේය.

මාප්පමඤ්ඤෙථ පුඤ්ඤස්ස ආදි මේ ධර්ම දේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයෙහි, ඛිළාලපාදක නම් සිටුවරයා උදෙසා දේශනා කරන ලදි.

එක් කාලයක සැවැත්නුවර වාසී මිනිස්සු කොටස් වශයෙන් බෙදාගෙන බුදුන් ප්‍ර‍මුඛ මහාසංඝයාට දන් දුන්හ. දිනක් බුදුරජාණන්වහන්සේ අනුමෝදනා බණ කියමින්,

උපාසකවරුනි, මේ ලෝකයෙහි සමහරු තමන් තනියම දන් දෙති. අනුන් ඒ සඳහා සම්මාදන් කරනොගනිති. ඔහු උපනුපන් තැන්වලදී භොගසම්පත් ලබයි. පරිවාර සම්පත් නොලබයි. සමහරු තමන් දන් නොදෙයි. අනුන් ඒ සඳහා සම්මාදන් කරවයි. ඔහු උපනුපන් තැන්වල පිරිවර සම්පත් ලබයි. භෝගසම්පත් නොලබයි. තව එකෙක් තමනුත් නොදෙයි. අනුනුත් සම්මාදන් නොකරවයි. ඔහු උපනුපන් තැන්වල භෝග හා පිරිවර සම්පතත් යන දෙකම නොලබයි. තවත් පුද්ගලයෙක් තමනුත් දන් දෙනගමන් අනුනුත් සම්මාදන් කරගනී. ඔහු උපනුපන් තැන්වලදී භෝගසම්පතත්, පරිවාරසම්පතත් යන දෙකම ලබයි.

එක් නුවණැති පුද්ගලයෙක් ඒ ධර්මදේශනාව අසා අහෝ, එය අසිරිමත් කරුණකි. මම දැන් උභයසම්පත් ලබාදෙන ක්‍රියාවක් කරන්නෙමියි සිතා බුදුන් නැගිට යන වේලාවෙහි ස්වාමීනි, හෙට දිනයේ අපෙන් භික්‍ෂාව ගනු මැනවැයි ආරාධනා කෙළේය. උපාසකය ඔබට කෙතරම් භික්‍ෂූන් අවශ්‍යද? ස්වාමීනි, සිටින සියලුම භික්‍ෂූන්වහන්සේලා අවශ්‍යයි. බුදුරජාණන්වහන්සේ ඒ ආරාධනය පිළිගත්හ.

හෙතෙම ගමට ගොස් මෑණිවරුන, පියවරුනි, සහෝදරියනි, සහෝදරවරුනි, මම හෙට දානය පිණිස බුදුන් ප්‍ර‍මුඛ මහා සංඝයාට ආරාධනා කෙළෙමි. යමෙකුට යම් පමණ භික්‍ෂූන්ට දිය හැකිනම් එතෙක් භික්‍ෂූන්ට කැඳ ආදිය සඳහා අවශ්‍ය සහල් ආදිය දෙන්න. එක්තැනකදී උයා දෙන්නෙමු යයි උද්ඝෝෂණය කරමින් ගම වටා ඇවිදියි. පසුව එක් සිටුවරයෙක් තමන්ගේ වෙළෙඳසැල වෙත පැමිණි ඒ පුද්ගලයා, දැක, මොහු තමන්ට දියහැකි තරමින් භික්‍ෂූන්ට ආරාධනා නොකොට ගමපුරා සම්මාදමේ යයි කෝපවී ඔබ ගෙනා භාජනය ගෙනෙන්නැයි කියා ඇඟිලි තුනට අසුවන ප්‍ර‍මාණයක් සහල් මුං මෑ ආදියෙන් දුන්නේය. ඔහු එතැන් පටන් බිළාල පාදක (බළල්කකුල්) සිටු නමින් ප්‍ර‍කට විය. ගිතෙල්, පැණි ආදියෙන් දුන්නේ කළයට කරඬියේ කොණක් ඔබා එක් කොණකින් බිංදුව බැගින් වැගිරෙන ප්‍ර‍මාණයකි. උපාසක තෙම, අනිත් අය දුන් දේවල් එක්වකොට පිසවා, සිටුවරයා දුන් දේවල් වෙනවෙනම පිසවා වෙනම තැබුවේය. සිටුවරයා ඒ දැක, මොහු මා දුන් දේවල් වෙන් කොට තබයි. මෙසේ සිතා ඊළඟට කරන්නේ කුමක්දැයි බලන ලෙස ඔහුගේ පිටුපසින් සුළුසේවකයෙක් යැවීය. ඔහු දන් පිළිගන්වද්දී සිටුවරයාට මහත්ඵල වේවායි කැඳබත් කැවිලිද මුං මෑ ආදියද තෙල් පැණි බිංදුද සියලු භාජනවලට දැම්මේය. සුළුසේවකයා ගොස් ඒ බව සිටුවරයාට දැන්වීය.

ඒ ඇසූ සිටුවරයා, යම්හෙයකින් ඔහු පිරිස මැද නුගුණ කියා මගේ නම කීවොත්, ඒ වෙලාවේම ගසා මොහු මරන්නෙමියි කලවෙහි පිහියක් බැඳ ඊළඟ දිනයේ ගොස් දානශාලාවෙහි සිටියේය. ඒ පුරුෂයා බුදුන් ප්‍ර‍මුඛ භික්‍ෂුසංඝයා වළඳවා භාග්‍යවතුන්වහන්සේට, ස්වාමීනි, මම මහාජනයාත් හවුල් කරගෙන මේ දානය දුන්නෙමි. ඒ සඳහා සම්මාදන් වුණු මිනිස්සු තමතමන්ගේ ශක්ති ප්‍ර‍මාණයෙන් බොහෝවූත් ස්වල්පමාත්‍ර‍ වශයෙනුත් සහල් ආදිය දුන්හ. ඒ සියලු දෙනාටම මේ පින මහත්ඵල වේවායි කීය.

ඒ අසා සිටි සිටුවරයා, මම අසවල් පුද්ගලයා විසින් ඇඟිලිවලින්ගෙන සහල් ආදිය දුන්නේයයි මගේ නම කී හැටියේ මොහු මරන්නෙමියි ආවෙමි. මොහු සියලුදෙනාම සංග්‍ර‍හ කළවුන් හැටියට සලකා නැලි ආදියෙන් මැන දුන් අයටත් ඇඟිලිතුඩුවලින් ගෙන දුන් අයටත් පින සමසේ මහත්ඵල වේවායි කියයි. ඉදින් මම මෙබඳු පුද්ගලයා සමාකරවා නොගත්තොත් දේවදඬුවම මා හිසමත වැටෙන්නේයයි සිටුවරයා ඔහුගේ පාමුල වැඳවැටී ස්වාමීනි, මට සමාවෙන්නැයි ඉල්ලා සිටියේය. මේ කුමක්දැයි ඔහු ඇසූ කල්හි සියලු ප්‍ර‍වෘත්තිය දන්වා සිටියේය. ඒ ක්‍රියාව දුටු ශාස්තෘන්වහන්සේ මේ කිමෙක්දැයි දානයට ව්‍යාවෘතවුණු අයගෙන් විචාළහ. හෙතෙම මුල පටන් ඒ පුවත දන්වා සිටියේය. ඉන්පසු භාග්‍යවතුන්වහන්සේ, සිටුවරය, එසේදැයි අසා, එසේය ස්වාමීනියි කීකල්හි, උපාසකය පිනනම් අල්පයයි නිග්‍ර‍හ කළයුතු නැත. මාවැනි බුදුකෙනෙකුන්ට, බුද්ධප්‍ර‍මුඛ සංඝයාට හෝ දන්දී අල්පයයි නොසිතිය යුතුය. නුවණැති මිනිස්සු පින් කරන විට විවෘත භාජනයක් මත ජලබින්දු වැටී පිරෙන්නාක් මෙන් පින්ද සම්පූර්ණ වන්නේයයි කියා අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාවද වදාළහ:

එය කුඩා කුසලකි

එයිනුදු පල ලැබේමැයි

යනුවෙන් සිතාගෙන

සුළුවුවද පින් කළයුතු

බිඳුව බැගින් වැගිරෙන

ජලය කළයක් පුරවයි

එහි අර්ථය නම්, නුවණැති මනුෂ්‍යයෝ මම කුඩා පින්කමක් කෙළෙමි. එහි විපාක වශයෙන් මට කිසිවක් නොලැබේ. මෙබඳු කුඩා කර්මයක් කෙසේ නම් මා දකියිද, මම හෝ එය කොහිදී දකින්නද, කවදා නම් එබඳු පිනක් විපාක දෙන්නේදැයි අවමානය ලක් නොකරයි. නිරන්තරයෙන් දියබිඳු වැටීමෙන් විවෘතකොට තබන ලද කළගෙඩි වැනි භාජන ජලයෙන් පිරෙන්නාක් මෙනි. මෙසේ ධෛර්ය සම්පන්න නුවණැති පුරුෂයා ටිකටික පින් රැස්කරමින් විශාල පිනක් ලබාගනියි.

දේශනා කෙළවර ඒ සිටුවරයා සෝවාන්ඵලයට පැමිණියේය. සපැමිණි පිරිසට එම දේශනාව ප්‍රයෝජනවත් විය.

Na Uyane Ariyadhamma Thero


 

Friday, February 19, 2021

පස්වන අසංයත ලෙස පිරිකර පරිහරණය කළ භික්‍ෂුවගේ වස්තුවයි.

 



පස්වන අසංයත ලෙස පිරිකර පරිහරණය කළ භික්‍ෂුවගේ වස්තුවයි. 

මාවමඤ්ඤෙථ (මාප්පමඤ්ඤෙථ (සී. ස්‍යා. පී.)) පාපස්ස, න මන්තං (න මං තං (සී. පී.), න මත්තං (ස්‍යා.)) ආගමිස්සති;

උදබින්දුනිපාතෙන, උදකුම්භොපි පූරති;

බාලො පූරති (පූරති බාලො (සී. ක.), ආපූරති බාලො (ස්‍යා.)) පාපස්ස, ථොකං ථොකම්පි (ථොක ථොකම්පි (සී. පී.)) ආචිනං.

ඒ (සුලුවූ අකුශල කර්මය) (විපාකදීම වශයෙන්) නොඑන්නේයයි අකුශල කර්මය සුලුකොට නොසිතන්නේය. (අකුශල කර්මය ස්වල්පයයි නොසිතන්නේය) (එක එක) දිය බිඳ වැටීමෙන් දිය බඳුන යම්සේ පිරේද, එමෙන්ම මඳ මඳ කොටද පව් රැස් කරන අඥානතෙම අකුශලයෙන් පිරෙයි.

මාප්පමඤ්ඤෙථ පාපස්ස ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයෙහි අසංයතව පිරිකර පාවිච්චිකරන එක් භික්ෂුවක් නිමිති කරගෙන දේශනා කරනලදි.


ඒ භික්‍ෂුව ආරාමයෙහි ඇති ඇඳන්පුටු ඇතිරිලි ආදි පිරිකර එළියට ගෙනවුත් ඒවා පරිහරණය කොට එහිම දමා එයි. ඒවා වැස්සට තෙමෙමින් අව්වට වියළෙමින් වේයන් මීයන් ආදීන් විසින් කනු ලබමින් විනාශවෙයි. හෙතෙම, සෙසු භික්‍ෂූන් විසින්, ඇවැත්නි මේ පිරිකර පරෙස්සම් කළයුතු නොවේදැයි කීකල්හි, ඇවැත්නි මම සුළුදෙයක් පමණක් ගතිමි. ඒවාට සිත්පිත් නැතැයි කියමින් නැවත නැවතත් එසේම කරයි. භික්‍ෂූහු ඔහුගේ ඒ ක්‍රියාව බුදුන්ට දැන්වූහ. බුදුරජාණන්වහන්සේ ඒ භික්‍ෂුව කැඳවා මෙය සැබෑදැයි ඇසූහ. ඔහු බුදුන් එසේ ඇසුවත්, මේ කුඩා වරද ගැන බුදුරදුන් මෙසේ අසන්නේ ඇයි? මේවා සිත්පිත් නැති ද්‍ර‍ව්‍යයයි කියා අවමානයෙන් ඇසීය.


ඉන්පසු භාග්‍යවතුන්වහන්සේ, මහණ, භික්‍ෂූන් විසින් මෙසේ නොකළ යුතුය. පව්කම කුඩායයි ගණන් නොගෙන සිටියයුතු නොවෙයි. ඉඩ ඇති තැනක උඩුකුරුව තැබූ කළය වැසි වසින විට එක බින්දුවකින් නොපිරුණත් නැවත නැවතත් වැසි වසිනවිට පිරෙන්නේමය. මේ ලෙසින් පව්කරන පුද්ගලයා ක්‍ර‍මයෙන් පව් රැසක් කරගන්නේයයි වදාරා අනුසන්ධි ගළපා දහම්දෙසමින් මේ ගාථාවද වදාළහ:


එය කුඩා වරදකි


පලයක් එයින් නොලැබේ


යනුවෙන් සිතාගෙන


සුළු වරදවුව නොකරනු


බිංදුව බැගින් වැගිරෙන


ජලය කළයක් පුරවයි


එහි මාප්පමඤ්ඤෙථ යනු අවමන් නොකළයුතුය. පාපස්ස යනු පාපයයි. න මන්තං ආගමිස්සති යනු මා කෙළේ කුඩා වරදකි. මෙය පැසවා ගොස් කවදා නම් විපාක දෙන්නේදැයි කියමින් අවමන් නොකළයුතුය යන අර්ථයයි. උදකුම්භොපි යනු වැසි වසිනවිට මුව උඩුකුරුව තැබූ කළය වැනි භාජනයකට එක එක දියබිංදුව බැගින් වැටී ක්‍ර‍මයෙන් පිරීයයි. මෙසේ මෝඩ පුද්ගලයා ටිකටික කරන පව් රැස්කරමින් වර්ධනය කරමින් පව් රැසක් පුරවා ගන්නේය යන අර්ථයයි.


දේශනා කෙළවර බොහෝ අය සෝවාන්ඵලාදියට පැමිණියාහුය. ශාස්තෘන්වහන්සේත්, අභ්‍යවකාශයෙහි නිදාගැනීමට එලූ ඇතිරිල්ල මුලින් තිබූ ආකාරයට එය තැන්පත් නොකොළොත් මෙනම් වරදට හසුවන්නේයයි ශික්‍ෂාපද පැනවූහ.

Na Uyane Ariyadhamma Thero


 

Na Uyane Ariyadhamma Thero

 


Thursday, February 18, 2021

Na Uyane Ariyadhamma Thero


 

1.68 Ekudāniya Theragatha

ජටා සූත්‍රය


‘‘අන්තො ජටා බහි ජටා, ජටාය ජටිතා පජා;
තං තං ගොතම පුච්ඡාමි, කො ඉමං විජටයෙ ජට’’න්ති.

‘‘සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො, චිත්තං පඤ්ඤඤ්ච භාවයං;
ආතාපී නිපකො භික්ඛු, සො ඉමං විජටයෙ ජටං.
‘‘යෙසං රාගො ච දොසො ච, අවිජ්ජා ච විරාජිතා;
ඛීණාසවා අරහන්තො, තෙසං විජටිතා ජටා.
‘‘යත්ථ නාමඤ්ච රූපඤ්ච, අසෙසං උපරුජ්ඣති;
පටිඝං රූපසඤ්ඤා ච, එත්ථෙසා ඡිජ්ජතෙ (විජටෙ (ක.)) ජටා’’ති.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.
එකත්පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීයේය:
“ඇතුළතද අවුල්ය. පිටතද අවුල්ය. සත්ත්‍ව සමූහයා අවුලෙන් බැඳුණේය. ගෞතමයන් වහන්ස, කවරෙක් මේ අවුල බේරිය හැකි වන්නේද? එය ඔබ අතින් විචාරමි”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:)
“නුවණැති යම් කෙනෙක් ශීලයෙහි පිහිටා, චිත්තයත් (සමාධියත්), ප්‍රඥාවත් (විදර්‍ශනාවත්) වඩන්නේද, කෙලෙස් තවන වීර්‍ය්‍ය උැති, ස්ථානොචිත ප්‍රඥාවෙන් යුක්තවූ (සසර බිය දක්නා ගති ඇති) ඒ භික්‍ෂු තෙම මේ අවුල බේරිය හැකි වන්නේය.
“රාගයත්, ද්වේෂයත්, අවිද්‍යාවත් යම් කෙනෙකුන් විසින් දුරලන ලද්දාහුද, ඔවුහු ආශ්‍රව (කෙලෙස්) දුරලූ රහත්හු වෙති. ඔවුන් විසින් මේ අවුල ලිහන ලදී.
“යම් තැනෙක නාමයත්, රූපයත් නොඉතිරිවම නිරුද්ධ වේද, කාම භවයත්, රූප භවයත් අරූප භවයත් නැසේද එතැනදී මේ අවුල සිඳීයෙයි.”

මෛත්‍රිය

 



උපුටා ගැනීම කී 

මෛත්‍රිය යනු මිතුරු බව යි. අප තිලෝගුරු බුදු හිමිපාණෝ බුද්ධත්වය අවබෝධ කරගැනීමෙහි ලා මෛත්‍රිය පාරමිතාවක් ලෙස පිරූ සේක. පෘථග්ජන පුද්ගලයකුට මෛත්‍රිය වැඩීම එතරම් පහසු නො වේ. එය උදාර සිතිවිල්ලක් මෙන් ම භාවනාවක් ද වේ. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, ව්‍යාපාදය, උපහාසය මෙයට විරුද්ධ දේ ය.


තමන්ගේ අඹු-දරුවන්ට සෙත් පැතීම, මෛත්‍රිය කිරීම ඉතා පහසුවෙන් ම කළ හැකි ය. එය ආශාව, රාගය, ඇලීම නිසා ම සිදු කරන්නකි. එහෙත් අපට සතුරකුට පහසුවෙන් මෛත්‍රී කළ හැකි ද? එය අපහසු වන්නේ ඔහු අපට කළ දෝෂාරෝපණ, විරුද්්ධවාදීකම් මෛත්‍රිය වැඩීමට ඇරඹූ වේලේ සිට සිහි වන නිසා ය.


මේ සියල්ල යටපත් කරගෙන තම මිතුරාට මෙන් ම සතුරාටත්, මැදහත් අයටත් මෙත් සිත පැතිරවීම මෙත්තා පාරමිතාව යි. මවක් තම එක ම දරුවා තම ජීවිතය මෙන් ආරක්ෂා කරයි ද, එමෙන් ම සියලු සතුන් කෙරෙහි ම අප්‍රමාණ ව මෛත්‍රිය වැඩිය යුතු බව කරණීය මෙත්ත සූත්‍රයේ “මාතා යථා නියං පුත්තං - ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ” යන ගාථාවෙන් දැක්වේ.


බුද්ධ දේ්ශනාව අනුව මෛත්‍රිය වැඩීමට නියම වේලාවක් නැත. නොනිඳා සිටින සෑම වේලෙහි ම තමාට, තමාගේ නෑ-හිතවතුන්ට, මැදහත් අයට, විරුද්ධවාදීන්ට ජාති-ආගම්-කුල භේදවලින් තොර ව සම සේ මෛත්‍රිය පැතිරවිය හැකි ය. සෑම දෙනා ම සියලු දුකින් මිදී සැප සේ ජීවත් වීම අවංක ව ම දැකීමට ඇති කැමැත්ත නියම මෛත්‍රියේ ස්වභාවය යි. ඔහුට මෙලොව දියුණුවට මග පෑදෙයි. ඉන් ඔහු ගෞරව කීර්ති ප්‍රශංසා මෙලොවදී ම ලබයි.


“සියලු සත්ත්වයෝ සුවපත් වෙත් වා!” යි මහ හඬින් කීවත් එයින් ඇති ඵලයක් නැත. හද පත්ලෙන් ම ඒ ගැන මෙනෙහි කරමින් “යහපතක් ම වේවා!” යන අරුතින් මෙත් වැඩිය යුතු ය. එයින් ලැබෙන ඵලය අතිමහත් ය. මෙත්තානිසංස සූත්‍රයේ මෛත්‍රිය වැඩීමෙන් ලැබෙන ආනිසංස එකොළහක් පිළිබඳ ව සඳහන් කර ඇත. එනම්,


1. සුව සේ නින්දයෑම, 2. සුව සේ අවදි වීම, 3. නරක සිහින නොදැකීම, 4. මිනිසුන්ට පි‍්‍රය වීම, 5. අමනුෂ්‍යයන්ට ද පි‍්‍රය වීම, 6. දෙවියන්ට පි‍්‍රය වීම (දේව ආරක්ෂාව ලැබීම), 7. අවි ආයුධවලින් ගින්නෙන් වස-විෂවලින් විපත් නොවීම, 8. සිත සමාධිගත වීම, 9. මුහුණ ප්‍රසන්න වීම, 10. සිහි මුළාවෙන් තොරව මිය යෑම, 11. මරණින් පසු බඹ ලොව ඉපදීම.


මිනිසුන්ට පමණක් නො ව, සෑම ප්‍රාණියකු කෙරෙහි ම මෙත් සිත පැතිරවිය යුතු ය. වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන් කටයුතු කරන්නාගේ සිත නිතර ම දූෂිත ය; අපිරිසිදු ය; මුහුණ බැලීමට පවා අප්‍රසන්න ය. ඔහු කායික මෙන් ම මානසික රෝගවලට ද ගොදුරු වේ.


බාහිර පෙනුමින් ශාන්ත බව හුවා දැක්වුව ද ඇතුළතින් කිපෙනසුලු නපුරු ස්වභාවය ඇති බවට වේදේහිකාගේ කථාව නිදසුනක් ලෙස දැක්විය හැකි ය. වේදේහිකා සැවැත් නුවර විසූ කාන්තාවකි. ඇයට අනලස් ව ක්‍රියා කරන ඉතා දක්ෂ සේවිකාවක් සිටියා ය. ඕ නමින් ‘කාලී’ විය. වේදේහිකා ඉතා ගුණ සම්පන්න කාරුණික තැනැත්තියක ලෙස අසල්වැසියන් අතර ප්‍රසිද්ධ වූවා ය. විශේෂයෙන් ම පුරුෂයන් කීවේ “අපේ ගෙවල්වල කාන්තාවන්ට වඩා මැය කොපමණ හොඳ ද?” යන්න ය.


මෙසේ වේදේහිකා පිළිබඳ සෑම දෙනාගේ ම මුවින් හොඳ කියැවෙද්දී කාලී මෙසේ සිතන්නට වූවා ය: ‘මාගේ ස්වාමි දුව ඇත්තට ම ගුණවත් ද? ඈ මෙසේ ශාන්ත ව සිටින්නේ මා හොඳින් වැඩ කරන නිසා ද? මා මෙය පරීක්ෂා කළ යුතු යි,’ සිතා එක් දිනක් දවල් වන තුරු නිදාගත්තා ය. උදේ තේ පානයේ සිට සියලු කටයුතු ඇනහිටිණි. වෙනදා අකුරට ම කැරුණු වැඩකටයුතු අතපසු වීම නිසා වේදේහිකාගේ ශාන්ත බව ක්‍රමයෙන් යටපත් විය. ඈ කාලී දෙස රවා බලා කෝපයෙන් කථා කළා ය. කාලී දෙවැනි දිනයේ ද ස්වාමි දුව පරීක්ෂා කරන අටියෙන් පළමු දිනට වඩා දවල් වන තෙක් නිදාගත්තා ය. එදින වේදේහිකාගේ සැර-පරුෂ බව පළමු දිනට වඩා ප්‍රබල විය. ඈ නොසෑහෙන ලෙස කාලීට දොස් පැවරුවා ය.


වේදේහිකාගේ ගතිලක්ෂණ තවත් විමසීමට සිතා තෙවැනි දිනයේ ද දවල් වී නැගිට්ටා ය. එදින වේදේහිකාට ඉවසුම් නැති විය. “ඇයි මෙපමණ දවල් වන තෙක් නිදන්නේ?” යි ඈ ඇසුවේ පාලනය කරගත නොහැකි කෝපයකිනි. “කිසි කරුණක් නැති ව” යි කාලීගේ මුවින් පිට විණි. ඉවසාගත නොහැකි කෝපයෙන් ඈ අසල තිබූ දොරපොල්ල ගෙන කාලීට ගැසුවා ය. ඇගේ හිස පැළිණි. කාලී හිසෙන් ලේ ගලමින් තිබියදී ම තමාට සිදු වූ ඇබැද්දිය අසල්වාසීන්ට දැනගන්නට සැලැස්සුවා ය. ඒ මොහොතෙහි ම වේදේහිකාගේ කීර්ති රාවය අතුරුදන් විය; ඈ දුෂ්ට ගැහැනියක ලෙස හංවඩු ගැසිණි.


මේ කථාවෙන් දැක්වෙන්නේ බාහිර පෙනුමින් ශාන්ත ව සිටියත් අභ්‍යන්තර ස්වභාවය ඊට හාත්පසින් ම වෙනස් බව ය. මෛත්‍රිය වැඩීමෙන් කළ යුත්තේ එවැනි යටපත් වූ අධර්මයන් සිතෙන් තුරන් කරගැනීම යි.


අප මහා බෝසතාණන් වහන්සේ මෛත්‍රිය පාරමී ධර්මයක් ලෙස පිරූ බව නිග්‍රෝධ මිග ජාතකයෙන් පැහැදිලි වේ. මහා කපි ජාතකයේදී බෝසතාණන් වහන්සේ වඳුරකු ව ඉපිද වනයේ විශාල වළකට වැටී ගොඩ ඒමට නොහැකි ව කෑගසන මිනිසකු දැක මහත් පරිශ්‍රමයක් යොදා ගොඩගත් අයුරු පැහැදිලි කරරෙයි. පසු ව බොහෝ විඩාවට පත් ව සිටින මේ බෝසත් වඳුරා නින්දට වැටුණු විට ගලකින් ගසා තුවාල කර මැරීමට තැත් කළ මිනිසාට ද මෛත්‍රි සහගත ව වනයෙන් එළියට යෑමට පාර පෙන්වූයේ තම තුවාලයෙන් ලේ වගුරවමිනි.


වර්තමාන ලෝකයේ ඇති වී තිබෙන ගැටුම්කාරී තත්ත්වයන්ට මුල් ම හේතුව වී ඇත්තේ ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, වෛරය ආදිය යි. බෝසත් අවධියේ සිට මෛත්‍රිය පාරමිතාවක් ලෙස පිරූ බුදුන් වහන්සේට තම පුත් රාහුල හිමියන්ටත්, තමා මරන්නට ආ දෙව්දත් තෙරුන්ටත්, සුද්ධෝදන රජුටත්, මහා ප්‍රජාපතී ගෝතමියටත්, තමන් වහන්සේ අපකීර්තියට පත් කිරීමට තැත් කළ චිංචිමාණවිකාව, සුප්‍රබුද්ධ වැන්නන්ටත් සම සිත් ඇති ව සිටීමට හැකි විය. උන් වහන්සේ මහා කරුණා සමාපත්ති ඥානයෙන් යුතු ව දිනපතා ම අසරණයන් සුඛිත-මුදිත කිරීමේ හැකියාව ලැබුවේ මෛත්‍රිය පාරමිතාවක් ලෙස ප්‍රගුණ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ය.


උදේනි රජු, සාමාවතී දේවිය ඇතුළු පන්සියයක් ස්ත්‍රීන් පෙළට සිටුවා එක ඊ පහරින් මරන්නට තැත් කළ ද එය ව්‍යර්ථ වූයේ ඔවුන්ගේ මෙත් වැඩීමේ බලයෙනි. එමෙන් ම සිරිමා ගණිකාව විසින් උත්තරා දේවියගේ හිසෙහි බහා ලූ උණු තෙල් භාජනය සිසිල් දිය දහරක් මෙන් නොදැවී හිස මත පතිත වූයේ ද එම දේවිය මෙත් සිතින් විසූ නිසා ය.


මිනිස්, නොමිනිස්, තිරිසන් ආදි සෑම කෙනෙක් ම මිතුරු බවට කැමති ය. එනිසා අල්පමාත්‍ර ඇල්මකුදු නොමැති ව අනුන්ගේ යහපත සඳහා අපේ ශක්ති පමණින් මෛත්‍රිය පතුරුවා, ඊර්ෂ්‍යා ක්‍රෝධවලින් තොර සුන්දර පරිසරයක් ගොඩනඟාගැනීමට සෑම කෙනෙක් ම අදිටන් කරගත යුතු ය.


අසුරු සණක් ගසන මොහොතක් වත් නියමාකාරයෙන් මෛත්‍රිය පතුරුවන්නට හැකි නම් එයින් මහත් ඵල ලැබෙන බව බුද්ධ දේශනාව යි.

Wednesday, February 17, 2021

9-4 සතරවන අනාථ පිණ්ඩික සිටුවරයාගේ වස්තුවයි.

 



9-4 සතරවන අනාථ පිණ්ඩික සිටුවරයාගේ වස්තුවයි. 

පාපොපි පස්සති භද්‍රං, යාව පාපං න පච්චති;

යදා ච පච්චති පාපං, අථ පාපො පාපානි (අථ පාපානි (?)) පස්සති.

යම්තාක් කල් අකුශල කර්මය (පව) විපාක නොදේද, ඒතාක් කල් පාපකාරී පුද්ගලතෙමේ පව් කරන්නේද යහපත දක්නේය. යම්කලෙක වනාහි ඔහු විසින් කරණ ලද පාප කර්මය විපාක දේද එකල්හි පව්කම් කළ පුද්ගලතෙම පාපයෙහි විපාක දක්නේය.

භද්‍රොපි පස්සති පාපං, යාව භද්‍රං න පච්චති;

යදා ච පච්චති භද්‍රං, අථ භද්‍රො භද්‍රානි (අථ භද්‍රානි (?)) පස්සති.

යම්තාක් කල් කුශල කර්මය විපාක නොදේද, ඒතාක් කල් පාපකාරී පුද්ගල තෙමේද අකුශල විපාකවූ අවැඩ දක්නේය. යම්කලෙක වනාහි ඔහු විසින් කරණ ලද සුචරිතය විපාක දේද, එකල්හි කුශලකාරීවූ සත්පුරුෂතෙම ඉෂ්ටවිපාකයන් දක්නේය.

පාපොපි පස්සති භද්‍රං යනාදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයේ අනාථපිණ්ඩික සිටුවරයා උදෙසා දේශනා කරනලදි.

අනාථපිණ්ඩික සිටුවරයා පනස්හතර කෝටියක් බුද්ධශාසනය උදෙසා වියදම්කොට කරවනලද ජේතවනවිහාරයෙහි බුදුරජාණන්වහන්සේ වැඩවාසය කරන විට දිනපතා උපස්ථාන සඳහා තුන්වරක් යයි. එසේ යනවිට, ළදරු සාමණේරවරු ගෙනාවේ මොනවාදැයි මගේ අත්දෙස බලතියි හිස්අතින් නොයයි. උදේ වරුවේ යන්නේ නම්, කැඳ රැගෙනම යයි. උදේ ආහාර වේලාවෙන් පසු යනවිට ගිතෙල්, වෙඬරු ආදිය රැගෙන යය. සවස් වේලේ යනවිට මල්ගඳවිලවුන්, රෙදි ආදිය රැගෙන යයි. මෙසේ නිරන්තරයෙන්ම දවස්පතා දන්දෙමන් සිල් රකියි.

පසුකල් යනවිට ඔහුගේ ධනය අවසන් වූයේය. මෙසේ එදිනෙදා ජීවිතය සඳහා අටළොස්කෝටියක් ණයට ගන්නාලදි. තම පාරම්පරික ධනයෙන් අටළොස්කෝටියක ධන ගංඉවුරේ සැළක බහා නිධන්කොට තිබිණි. ජලයෙන් ඉවුරු සෝදාගෙන යනවිට ධනනිධානද මූදට ගසාගෙන ගියේය. මෙසේ ක්‍ර‍මයෙන් ඔහුගේ ධනය ක්ෂය වී ගියේය. එසේවුවත් ඔහු සංඝදාන දිගටම දෙන්නේමය. එහෙත් ප්‍ර‍ණීත ලෙස දීමට අපොහොසත්විය.

දිනක් බුදුරජාණන්වහන්සේ සිටුවරයා අමතා සිටුවරය ඔබේ නිවසේ පෙර සේම දැනුත් දන් දෙන්නෙහිදැයි ඇසූහ. ස්වාමීනි, එසේය, දන්දෙමි. එහෙත් ඒ දෙන්නේ නිවුඩුහාලේ බත් කොඩිහොදිත් සමගයයි සිටුවරයා කියා සිටියේය.

ගෘහපතිය, ඔබ කටුක ලෙස දන් දෙන්නෙමියි නොසිතව. සිතේ ප්‍ර‍ණීතබව ඇත්නම් බුද්ධාදීන්ට දෙන දානයක් කටුක නොවෙයි. එය අෂ්ටාර්යපුද්ගලයන්ට දෙන දානයක් හෙයිනි. ගෘහපතිය, මම වේලාම නම් බමුණෙක්ව සිටි කාලයේ නගරයේ සියලු දෙනා නඟුල් පසෙකින් බැඳ ගොවිතැන් නොකරන කාලයේත් මහදන් දුන්නත් තිසරණගිය කෙනෙක්වත් එකල නොලැබීමි. දක්‍ෂිණාර්හ පුද්ගලයෝ ඉතා දුර්ලභයහ. එනිසා මාදුන් දානය කටුකයයි නොසිතවයි කියා වේලාම සූත්‍ර‍ය දේශනා කළසේක.

ඉන්පසු සිටුවරයාගේ දොරකොටුවෙහි අධිගෘහීත දේවතාදුව බුදුනුත් බුද්ධශ්‍රාවකයෝත් එතනින් ඇතුල් වනවිට උන්වහන්සේලාගේ ආනුභාවයෙන් එහි සිටීමට නොහැකිව, මොවුන්ට මේ ගෙයට ඇතුල් නොවීමේ ක්‍ර‍මයක් යෙදිය යුතුයයි ගෘහපතියා හා මේ පිරිස බිඳුවන්නෙමියි සිතා ඉසුරුමත් කාලයේ එය කියාගත නොහැකි වුණත්, දැන් ඔහු දුප්පත් නිසා මගේ කියමන් භාරගනු ඇතියි සිතා රාත්‍රිභාගයෙහි සිටුවරයාගේ ශ්‍රීයහන් ගැබට පිවිසි අහසෙහි සිටියාය. සිටුවරයා එය දැක මේ කවරෙක්දැයි ඇසීය. මහසිටුවරය, සතරවෙනි දොරටුවෙහි අධිගෘහිත දේවතාදුවණිය මමයි, ඔබට අවවාදයක් දෙනු පිණිස ආවෙමි. එසේනම් අවවාද කරවයි කීපසු මහසිටුවරය, ඔබ පසුකාලය ගැන නොසිතා ශ්‍ර‍මණගෞතමයන් උදෙසා බොහෝ ධනය වියදම් කෙළෙහිය. දැන් දුප්පත් වීමෙන් පසුවත් එය අත්නොහරින්නෙහිය. මෙහෙම ගියොත් කීප දිනකින්ම බඩගින්නට ආහාරවත් ඇඳීමට රෙදිවත් නැතිවීයන්නට පුළුවන. ඔබට ශ්‍ර‍මණගෞතමයන්ගෙන් වැඩක් නැත. එය අතිපරිත්‍යාගයෙන් මිදී ධනය කර්මාන්තයෙහි යොදවා පවුල රැකගනු මැනවි. ඔබ මටදෙන අවවාදය එයද? සිටුවරය එසේය. ඉවත්ව යව, තී වැනි අය ලක්‍ෂයක් ආවත් මා එයින් ඉවත්කරනු නොහැකිය. තී කියන්නේ අයුක්තියකි. මගේ ගෙදරම වසමින් මෙසේ කියන තී මගේ ගෙයින් ඉවත්ව යවයි කීවේය. සෝවාන්ව සිටි ආර්යශ්‍රාවකයාගේ වචන අසා සිටිය නොහැකිව දරුවනුත් රැගෙන නික්මුණාය. එසේ නික්මී ගොසිනුත් වාසයකිරීමට වෙනත් තැනක් ලබාගත නොහැකිව, සිටුවරයා සමා කරවාගෙන එහිම වාසය කරන්නෙමියි නගරයටම අධිපති දිව්‍යපුත්‍ර‍යා වෙත එළඹ තමන් කළ අපරාධය ගැන දන්වා මාත් සමග එන්න. සිටුවරයා ළඟට මා පමුණුවා සමාකරවා විසීමට තැනක් ලබා දෙන්නැයි කීවාය.

ඒ දිව්‍යපුත්‍ර‍යා, තී කියන්නේ අයුත්තකි. මම තී සමග එහි යෑමට උත්සාහ නොකරන්නෙමියි ඇගේ ඉල්ලීම ප්‍ර‍තික්ෂේප කෙළේය. ඈ සිව්වරම් දෙවියන් වෙත ගොස් ඔවුනුත් ඉල්ලීම ප්‍ර‍තික්ෂේප කළකල්හි, ශක්‍ර‍දිව්‍යරාජයන් වෙත ගොස් ඒ පුවත කියා දේවයන්වහන්ස, වසන තැනක් නොලැබ දරුවන් අතින් එල්ලාගෙන අනාථව ඇවිදිමි. වසන තැනක් මට සොයා දෙන්නැයි බලවත්සේ ඉල්ලා සිටියාය. ඉන්පසු සක්දෙව් රජ ඈට මෙසේ කීවේය. ඔබේ කරුණ සිටුවරයාට කීමට මමත් අපොහොසත් වෙමි. මම එක් උපායක් ඔබට කියා දෙමියි කීවේය. දේවයන්වහන්ස එසේයයි කීවිට, යව ගොසින් සිටුවරයාගේ ලියන්නකුගේ වෙස්ගෙන සිටුවරයාගෙන් ණයට ගත් අයට ලිපියක්ද ගෙන, ඔවුන් සිටින තැන්වලට ගොස් ඔවුන් විසින් ගන්නාලද අටළොස්කෙළක් ධනය තම ආනුභාවයෙන් රැගෙන අවුත් හිස් ගබඩා පුරවා, මහමුහුදට ගසාගිය අටළොස්කෙළක ධනයත්, අසවල් ස්ථානයෙහි ඇති අස්වාමික අටළොස්කෙළක ධනයක් ගෙනවුත් ඔහුගේ හිස් ගබඩා පුරවා දඬුවම් විඳ ක්ෂමාකරවානුවයි කීවේය.

ඈ යහපත දේවයිනියි ඒ කී සියල්ල කී අයුරින්ම ඉටුකොට යළි සිටුවරයාගේ සිරි යහන්ගැබ ආලෝකවත් කරමින් අහසෙහි සිට මේ කවුදැයි ඇසූවිට මම ඔබේ සිව්වැනි දොරකොටුවෙහි අධිගෘහිතමෝඩ දේවතාදුවයි, මගේ මෝඩකමෙන් මා ඔබ ළඟදී යමක් කීවෙහි නම් ඒ සියල්ලට මට සමාව දෙනු මැනව. ශක්‍රදේවේන්ද්‍ර‍යාගේ උපදෙස් අනුව සිව්පනස්කෝටියත් ගෙනුවත් හිස්ගබඩා පිරවීම දඬුවමක් වශයෙන් කෙළෙමි. වසන තැනක් නොමැතිව ක්ලාන්තව සිටිමැයි කීවාය.

අනාථපිණ්ඩික මෙසේ සිතීය, මේ දේවතාවිය දඬුවම් වින්ද බවත්, තම වරද පිළිගන්නා බවත් කියයි. මැය බුදුන්ට පෙන්වන්නෙමියි සිතීය. හෙතෙම ඇය බුදුන් හමුවට පමුණුවා තී කළ හැම දෙයක්ම දන්වන්නැයි කීවේය. දේවතාවිය බුදුන්න පාමුල හිස තබා වැඳවැටී ස්වාමීනි, මම මගේ මෝඩකමෙන් ඔබවහන්සේගේ ගුණ නොදැන පව්කාර වචන කීවෙමි. ඒ සියල්ලටම මට සමාව දෙනු මැනවයි බුදුන් සමා කරවාගෙන, මහසිටුවරයාත් සමාකරගත්තාය.

බුදුරජාණන්වහන්සේ හොඳනරක ක්‍රියාවල හැටි සිටුවරයාටත් දේවතාවියටත් පැහැදිලි කරමින් අවවාද කරමින්, ගෘහපතිය, මේ ලෝකයෙහි පව්කාර පුද්ගලයා; පාපය මුහුකුරා යනතුරු එය යහපතැයි සිතා ගනී. එය මුහුකුරා ගියපසු එය පාපයකියි දකියි. යහපත් පුද්ගලයා පින මුහුකුරා යනතුරු පාපයක් ලෙස දකියි. ඔහුගේ පින මෝරා ගියපසු එය යහපතක් ලෙස දකියි වදාරා අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාද වදාළහ:

පව්කරන අය මේ ලොව

එය පවක් සේ නොදකිති

මුහුකුරා පල දෙනවිට

එය පවක් බව වැටහෙයි

පින්කරන අය මේ ලොව

එය පිනක් සේ නොදකිති

මුහුකුරා සැප දෙනවිට

එය පිනක් සේ වැටහෙයි.

එහි පාපො යනු කායදුශ්චරිතාදියෙන් යුක්ත පුද්ගලයායි. ඔහුත් පෙරසුචරිත කිරීමේ ආනුභාවයෙන් උපන් සැප අනුභව කරමින් එය යහපත් ලෙස දකියි. යාව පාපං න පච්චති යනු යම්තාක් ඔහුට ඒ පාපය මෙලොවදී හෝ පරලොවදී විපාක නොදෙයිද එතෙක්කල්ය. යම් විටක එලොවදී හෝ පරලොව විපාක දෙයිද, මෙලොවදී නොයෙක් දුකටත්, පරලොව අපාය දුකටත් වැටී දුක්විඳින කල එය පාපයක් ලෙස දකියි.

දෙවෙනි ගාථාවේත් කායසුචරිතාදි භේද ඇති යහපත් ක්‍රියාවලින් යුක්තවූයේ යහපත් පුද්ගලයායි. ඔහුද පෙර කළ කර්මානුරූපව උපන් දුක් අනුභව කරමින් පවේ විපාක දැනගනී. යාව භද්‍රං පච්චති යනු යම්තාක් ඔහුගේ ඒ යහපත් ක්‍රියා මෙලොවදී හෝ පරලොවදී විපාක නොදේද, යම් විටකදී ඒ යහපත් ක්‍රියා මෝරා යයිද, එකල්හි මෙලොවදී හෝ පරලොවකදී හෝ ලාභසත්කාරාදිය ලැබීමේ සැපය හෝ දිව්‍යමය සම්පත් අනුභව කරන අවස්ථාවේදී හෝ කළ කර්මය යහපතක්ම ලෙස දකියි.

දේශනාවසානයෙහි ඒ දෙව්දුව සෝවාන්ඵලයෙහි පිහිටියාය. පැමිණි පිරිසටත් එය ප්‍රයෝජනවත් ධර්මදේශනාවක් විය.

තුන්වන ලාජදෙව් දුවණියගේ වස්තුවයි.


3 තුන්වන ලාජදෙව් දුවණියගේ වස්තුවයි. 

පුඤ්ඤඤ්චෙ පුරිසො කයිරා, කයිරා නං (කයිරාථෙතං (සී. ස්‍යා.), කයිරාථෙනං (පී.)) පුනප්පුනං;

තම්හි ඡන්දං කයිරාථ, සුඛො පුඤ්ඤස්ස උච්චයො.

පුරුෂයා ඉදින් පිනක් කරන්නේ වීනම් එය නැවත නැවතද කරන්නේය. ඒ කුශලයෙහි ආලය කරන්නේය. පින් රැස්වීම සුවය.

පුඤ්ඤං චෙ ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසය කරද්දී ලාජ දෙව්දුව අරභයා දේශනා කරනලදි.

මෙහි මුල්කථාව රජගහ නුවරදී උපන්නකි. ආයුෂ්මත් මහා කාශ්‍යපතෙරණුවෝ පිප්ඵලී ගුහාවෙහි වාසයකරන කාලයෙහි ධ්‍යානයට සමවැදී සත්වෙනි දින එයින් නැගිට පිඬු පිණිස හැසිරීමට සුදුසු තැනක් දිවඇසින් බලවිට එක් හැල්කෙතක පාලිකාස්ත්‍රියක් හැල්වීකරල් නෙවුත් විලද කරනු දැක, ඈ සැදැහැවත්ද නැද්දැයි බලා සැදැහැති බවත්, ඈ මට සංග්‍ර‍හයක් කිරීමට සුදුසු තත්ත්වයක සිටින්නීදැයි බැලූවිට, ඈ විශාරදවූ කුලදුවක් බවත් දැන, තමන්ට සංග්‍ර‍හ කරනබවත් එයින් මහා සම්පතක් ලබනබවත් දැන, සිවුරුපොරවා පාත්‍ර‍යක් රැගෙන හැල්කෙත ළඟට වැඩමවූහ.

ඒ කුලදුව තෙරුන්දැක පැහැදී පස්වණක් ප්‍රීතියෙන් පිනාගිය සිරුරු ඇතිව, ස්වාමීනි, වැඩහිඳිනු මැනවැයි කියා විලඳ ගෙනවුත් තෙරුන්ගේ පාත්‍රයෙහි දමා පසඟ පිහිටුවා වැඳ ස්වාමීනි, ඔබ අවබෝධකරගත් ධර්මය ලබාගැනීමට සුදුසු කෙනෙක් වෙම්වායි ප්‍රාර්ථනා කළාය. එය එසේම වේවායි තෙරණුවෝ අනුමෝදනා කළහ. ඈද තෙරුන් වැඳ තමන් දුන් දානය ගැන සිතමින් නැවතුණාය.

ඇගේ කුඹුරු සීමාවට යන මගෙහි එක් ගස් බෙනයක ඝෝර විෂ ඇති සර්පයෙක් සිටියේය. කසාවතින් වැසුණු තෙරුන්ගේ කෙණ්ඩ දෂ්ටකිරීමට සර්පයාට නොහැකිවිය. අර තැනැත්තී දුන් දානය ගැන සිහිකරමන් නැවතිනැවතී අවුත් ඒ ප්‍රදේශයට පැමිණියාය. සර්පයා බිලයෙන් පිටවී අවුත් ඈ දෂ්ටකොට එතැනම හෙළුවේය. ඈ පැහැදුණු සිතින්ම මිය පරලොව ගොස්, තිස්යොදුන් පමණවූ තව්තිසා භවනයෙහි සියලු ආකාර ඇඳුම් පැළඳුම්වලන් යුක්තව, නිදා පිබිදියාක් මෙන් උපන්නාය. ඈ දොළොස් යොදුන් පමණවූ එක් දිව්‍ය වස්ත්‍ර‍යක් ඇඳ එකක් පෙරවාගෙන දිව්‍යාප්සරාවන් දහසක් පිරිවරා පෙර කළ පින්කම් කියනු පිණිස රන්වන් විලඳවලින් බරවූ එල්ලෙන්නාවූ රත්නමය භාජන සහිතව විමාන දොරටුවෙහි සිට තම සම්පත් දැක, කිනම් පිනක් කිරීමෙන් මේ සම්පත ලැබුවේදැයි දිවැසින් බලා, ආර්යවූ මහාකාශ්‍යප හිමියන්ට මවිසින් දෙනලද විලඳදානයෙනියි දැනගත්තාය.

මෙතරම් කුඩා පරිත්‍යාගයකින් මා මේසා විශාල සම්පතක් ලබා දැන් පමාවීම නුසුදුසුය. ආර්යයන්වහන්සේට වත්පිළිවෙත් කොට මේ සම්පත් ස්ථාවර කරගන්නෙමියි සිතා උදෑසනම රත්රන්මුවා මුසුනක්ද කසළ ඉවත්කරන භාජනයක්ද ගෙන තෙරුන්ගේ ගෙමිදුල හැමද බීමටත් පරිහරණයටත් අවශ්‍ය ජලය සපයා තැබුවාය. තෙරණුවෝ ඒවා දැක කිසියම් ළමයෙකු විසින් කරන්නට ඇතියි සිතාගත්තෝය. ඈ දෙවෙනි දවසේත් එසේ කළාය. තෙරණුවෝ එදවසත් එසේම වන්නට ඇතියි සිතූහ. තුන්වෙනි දිනයෙහි තෙරණුවෝ ඇගේ හැමදීම් හඬ අසා, යතුරුසිදුරු හෝ තල්කොළ වැටවල සිදුරු ආදියෙන් ආ ශරීර ආලෝකය දැක දොරහැර මේ අමදින්නේ කවුරුන්දැයි ඇසූහ. ස්වාමීනි, ඔබවහන්සේගේ උපස්ථායිකාවක්වූ ලාජදෙව්දුවවූ මමයයි කීවාය. මට මේනමින් උපස්ථායිකාවක් ඇතිබව මතකනැතැයි කීහ.

ස්වාමීනි, මම ඇල්කෙත රකිමින් විලඳ දන් දී ප්‍රීතියෙන් සිටින අවස්ථාවේ සර්පයකු දෂ්ටකර තව්තිසාවෙහි උපනිමි. මම මේ සම්පත් ලැබුවේ ආර්යයන් වහන්සේ නිසාය. දැනුත් ඔබවහන්සේට වත්පිළිවෙත්කොට සම්පත් ස්ථාවරකර ගන්නෙමියි ආවෙමි. ඊයේත් පෙරේදාත් මෙතැන හැමදියේ තී විසින්ද? පානීය පරිභෝජනීය පැන්ගෙනාවේත් තී විසින්ද? එසේය ස්වාමීනි. දෙව්දුව මෙතනින් පහවයව. තී විසින් කළ වතාවත් එසේම වේවා, මෙතැන් පටන් මෙතැනට නොආයුතුය. ස්වාමීනි, මා නොනසනසේක්වා, ඔබවහන්සේට වතාවත් කර මගේ සම්පත් ස්ථාවරකර ගැනීමට අවසර දෙනුමැනවි. දෙව්දුව පහව යව. අනාගතයේදී විජිනිපත් රැගෙන ධර්මාසනයෙහි වැඩ සිටින ධර්මකථිකයන් විසින්, මහාකාශ්‍යප තෙරුන්වහන්සේට එක් දේවතාදුවක් අවුත් වතාවත්කොට පානීය පරිභොජනීය පැන් ගෙනවුත් උවටැන් කරන ලදැයි කීමට කථාවක් නොතැබිය යුතුයයි කීහ. දැන් මෙතනින් යව. මින්පසු මෙහි නොඑවයිද කීහ. ඈ, අනේ ස්වාමීනි, මා නොනැසුව මැනවැයි යළියළිත් ඉල්ලා සිටියාය. තෙරණුවෝ මෑ මගේ වචනය අසන්නේ නැතැයි සිතා, තීගේ ප්‍ර‍මාණය තීම දැනගනුවයි අසුරුසණක් ගැසූහ. ඈ එහි සිටිනු නොහැකිව අහස උඩට පැන ඇඳිලි බැඳගෙන සිට, ස්වාමීනි, මා ලත් සම්පත නොනැසුව මැනව, එය ස්ථාවර කර ගැනීමට ඉඩදෙන්නැයි හඬමින් වැළපෙමින් අහසෙහි සිටියාය.

ශාස්තෘන්වහන්සේ දෙව්රම ගන්ධකුටියෙහි වැඩසිටින ගමන්ම ඈ අඬන හඬ අසා ආලෝකයක් යවා දෙව්දුව ඉදිරියෙහි වැඩහිඳගෙන කථා කරන්නාක් මෙන් දෙව්දුව, මා පුත් කාශ්‍යපතෙරණුවන්ට සංවරවීම භාරය. පින් කැමති අයට මේ මේ දෙය අර්ථවත් යයි සලකා පින්කිරීම භාරය. පින්කිරීම මෙලොවටත් සැපම ගෙනදේයයි අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාවද වදාළහ:

පින් කළහොත් කවුරු හෝ

එය යළිත් කළයුතුමවේ

එයට රුචි කළයුතු

පින් රැස් කිරීමෙන්

සැපත හැමවිට ළංවේ

එහි අර්ථය නම්, පුද්ගලයා පින් කරන්නේ නම්, එක් වරක් පිනක් කොට මම පිනක් කෙළෙමි දැන් ඉතින් මේ ප්‍ර‍මාණවත්ය කියා එතැන් පටන් එහි නොඇළී නොසිට යළියළිත් පින් කළයුතුම වේ. පිනක නොයෙදන විටක වුවත් කළ පින් ගැන රුචියත් උත්සාහයත් කළයුතුම වේ. කුමක් නිසාද? සුඛො පුඤ්ඤස්ස උච්චයො පින් රැස්කිරීම, එහි වර්ධනය මෙලෝ පරලෝ සැප ගෙන දෙන බැවින් සැපයක්ම වන හෙයිනි.

දේශනාවසානයෙහි දෙව්දුව සතළිස්පස්යොදුනක් උඩ සිටම සෝවාන්ඵලයට පැමිණියාය.


 

9-2 දෙවන සෙය්‍යසක තෙරුන්ගේ වස්තුවයි.

 


9-2 දෙවන සෙය්‍යසක තෙරුන්ගේ වස්තුවයි. 

පාපඤ්චෙ පුරිසො කයිරා, න නං (න තං (සී. පී.)) කයිරා පුනප්පුනං;

න තම්හි ඡන්දං කයිරාථ, දුක්ඛො පාපස්ස උච්චයො.

පුරුෂතෙම ඉදින් අකුශල කර්මයක් කෙළේ නමුදු ඒ (අකුශල කර්මය) නැවත නැවත නොකරන්නේය. ඒ (අකුශල කර්මයෙහි) ආලයක් නොකරන්නේය. පව් රැස්වීම දුක්ය.

පාපං චෙ පුරුසො ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරද්දී සෙය්‍යසකතෙරුන් අරභයා දේශනා කරනලදි. උන්වහන්සේ ලාලුදායීතෙරණුවන්ගේ සද්ධිවිහාරිකයෙකි. උන්වහන්සේ තමන්ගේ නොඇල්ම ලාලුදායිතෙරුන්ට දැන්වූ පසු උන්වහන්සේ විසින් ප්‍ර‍ථම සංඝාදිසෙස කර්මයෙහි පිහිටුවන ලදි. අනභිරතිය උපනුඋපන් අවස්ථාවල එම කර්මයම කෙළේය.

බුදුරජාණන්වහන්සේ උන්වහන්සේගේ මේ ක්‍රියාව ගැන අසා උන්වහන්සේ කැඳවා ඔබ මෙබන්දක් කෙළෙහිදැයි අසා ස්වාමීනි එසේයයි පිළිගත්කල්හි, ඇයි මෙතරම් බරපතළ දෙයක් කෙළේ, හිස් මිනිස, ඔබ නොගැළපෙන ක්‍රියාවක් කෙළෙහියයි නානාප්‍ර‍කාරයෙන් ගර්හාකොට ශික්‍ෂාපද පණවා, මෙබදු ක්‍රියා කරන්නවුන්ට මෙලොවත් පරලොවත් එය දුක් ගෙනදීමටම හේතුවේයයි වදාරා අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාවද වදාළහ:

පව් කළහොත් කවුරු හෝ

යළිත් එයම නොකළයුතුවේ

රුචි නොකළ යුතුය එයටම

පව් රැස් කිරීමෙන් පසු

දුක් විඳීමට සිදුවේ

එහි අර්ථය නම්, යම් හෙයකින් පුද්ගලයා වරක් පාපකර්මයක් කළවිට, එකෙණෙහිම ඒ ගැන සිතාබලා මෙය නුසුදුසුය, පහත් වැඩකියි සිතා ගන්නේනම් එය නැවත නොකරන්නේය. ඒ පිළිබඳ යම් කැමැත්තක් රුචියක් හෝ උපන්නොත් එයත් නැතිකර දමන්නේමය. මක්නිසාදයත්? දුක්ඛො පාපස්ස උච්චයො පාපයාගේ රැස්කිරීම, වර්ධනයට පත්කර ගැනීම මෙලොවත් පරලොවත් දුකක්ම ගෙන දෙන හෙයිනි. දේශනා කෙළවර බොහෝදෙනා සෝවාන් ඵලාදියට පැමිණියාහුය.


Na Uyane Ariyadhamma Thero

 


පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...