Thursday, July 8, 2021
අසුරින්ද සූත්‍රය
Tuesday, June 29, 2021
අප්පමාදසුත්තං
අප්පමාදසුත්තං
128
සාවත්ථිනිදානං . එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච - ‘‘අත්ථි නු ඛො, භන්තෙ, එකො ධම්මො යො උභො අත්ථෙ සමධිග්ගය්හ තිට්ඨති - දිට්ඨධම්මිකඤ්චෙව අත්ථං සම්පරායිකඤ්චා’’ති?
‘‘අත්ථි ඛො, මහාරාජ, එකො ධම්මො යො උභො අත්ථෙ සමධිග්ගය්හ තිට්ඨති - දිට්ඨධම්මිකඤ්චෙව අත්ථං සම්පරායිකඤ්චා’’ති.
‘‘කතමො පන, භන්තෙ, එකො ධම්මො, යො උභො අත්ථෙ සමධිග්ගය්හ තිට්ඨති - දිට්ඨධම්මිකඤ්චෙව අත්ථං සම්පරායිකඤ්චා’’ති?
‘‘අප්පමාදො ඛො, මහාරාජ, එකො ධම්මො, යො උභො අත්ථෙ සමධිග්ගය්හ තිට්ඨති - දිට්ඨධම්මිකඤ්චෙව අත්ථං සම්පරායිකඤ්චාති. සෙය්යථාපි, මහාරාජ, යානි කානිචි ජඞ්ගලානං (ජඞ්ගමානං (සී. පී.)) පාණානං පදජාතානි, සබ්බානි තානි හත්ථිපදෙ සමොධානං ගච්ඡන්ති, හත්ථිපදං තෙසං අග්ගමක්ඛායති - යදිදං මහන්තත්තෙන; එවමෙව ඛො, මහාරාජ, අප්පමාදො එකො ධම්මො, යො උභො අත්ථෙ සමධිග්ගය්හ තිට්ඨති - දිට්ඨධම්මිකඤ්චෙව අත්ථං සම්පරායිකඤ්චා’’ති. ඉදමවොච...පෙ....
‘‘ආයුං අරොගියං වණ්ණං, සග්ගං උච්චාකුලීනතං;
රතියො පත්ථයන්තෙන, උළාරා අපරාපරා.
‘‘අප්පමාදං පසංසන්ති, පුඤ්ඤකිරියාසු පණ්ඩිතා;
අප්පමත්තො උභො අත්ථෙ, අධිග්ගණ්හාති පණ්ඩිතො.
‘‘දිට්ඨෙ ධම්මෙ ච යො අත්ථො, යො චත්ථො සම්පරායිකො;
අත්ථාභිසමයා ධීරො, පණ්ඩිතොති පවුච්චතී’’ති.
අප්පමාදසුත්තං
128
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නේය. එකත් පසෙක හුන් පසේනදි කොසොල් රජ, “ස්වාමීනි, මෙලොව අභිවෘද්ධියද පරලොව අභිවෘද්ධියද යන දෙයාකාර අර්ත්ථසිද්ධියම ගෙන දෙන එක් දෙයක් ඇත්තේදැයි” භාග්‍යවතුන් වහන්සේගෙන් විචාළේය.
“මහරජ, මෙලොව අභිවෘද්ධියද පරලොව අභිවෘද්ධියද යන දෙවැදෑරුම් අභිවෘද්ධියම ඇතිකරණ එක් දෙයක් ඇත්තේය.” “ස්වාමීනි, මෙලොව අභිවෘද්ධියද පරලොව අභිවෘද්ධියද යන දෙවැදෑරුම් අභිවෘද්ධියම ඇතිකරණ එක් දෙය කිමෙක්ද?”
“මහරජ, අප්පමාදයයි (එළඹසිටි සිහි ඇති බව) නම්වූ එකම දේ මෙලොව අභිවෘද්ධියද පරලොව අභිවෘද්ධියද යන දෙයාකාර අභිවෘද්ධියම ගෙනදෙන එක දෙයයි. මහරජ, ඇවිදින තොයි සතුන්ගේත් පියවර හෙවත් පා සටහන් ඇත් පියවර ඇතුළතම යම්සේ පිහිටත්ද, ඒ ඇත් පියවර මහත් බැවින් ඒ හැම පියවරටම වඩා අග්‍රයයි කියනු ලැබේද, එමෙන්ම මේ අප්පමාද නම් එතම ධර්මය මෙලෝ පරලෝ යන දෙවැදෑරුම් අභිවෘද්ධියම හොඳාකාර දරාසිටී.
ආයුෂද, නීරෝගී බවද, ලක්ෂණද, සැපයෙන් අග්‍ර බවද, උසස් කුලයෙහි ඉපදීමද, කුදු මහත් උදාර සම්පත්තීන්ද පතන්නා විසින් පින් දහම් කිරීමෙහි නොපමාව පුරුදුකළ යුතුයයි (බුද්ධාදී) පණ්ඩිතයෝ පසසා පවසති. (පින් දහම්හි) නොපමාවූ නුවණැත්තෝ දෙලෝ වැඩම සිද්ධකරගනී. මෙලොව යම් අභිවෘද්ධියක් ඇද්ද, පරලොව යම් වැඩකුත් ඇද්ද මෙකී දෙවැඩම අත්කර ගන්නා බැවින් ධෘතිමත් (ස්ථිර) පුද්ගලයා පණ්ඩිතයායයි කියනු ලැබේ.
Wednesday, June 23, 2021
Friday, June 11, 2021
ජීවන ගමනේ අතරමං නොවීමට නම්
ජීවන ගමනේ අතරමං නොවීමට නම්...
බත්තරමුල්ල
සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක ආචාර්ය
මිරිස්සේ ධම්මික හිමි
මෙලොව පමණක් නොවෙයි. සංසාරික වශයෙන් ද අනාරක්ෂිත නොවන්නට නම්, තමන් මෙලොව රක්ෂිත විය යුතු ය. තමන්ට රැකවරණයක් සලසාගත යුතු ය. තමා තමාට පිහිටක් වී, රැකවරණයක් වී බාහිර වස්තූන් ද රැකවරණයට උපකාරී කර ගැනීම ධර්ම මාර්ගයෙන් පෙන්වා දෙන අදහසයි.
තමන් ආරක්ෂා නොකර අන් අය හෝ බාහිර වස්තු හෝ රැක ගැනීමෙන් තමන්ට යහපතක් නොවන බව සංයුක්ත නිකායේ කෝසල සංයුත්තයට අයත් අත්තරක්ඛිත සූත්‍ර දේශනාවේ දී භාග්‍යවතුන් වහන්සේ දේශනා කළහ. උන්වහන්සේ අවධාරණය කළේ පළමුව තමා රැකගෙන අන් අය හෝ අන්වස්තු හෝ රැක ගැනීම ප්‍රඥාවන්තයන් විසින් කළයුතු මාර්ගය බව ය.
ජීවන ගමනේ සංතෘෂ්ටිය සොයාගෙන යන බොහෝ පිරිස් විසින් සංතෘෂ්ටිය සොයනු ලබන්නේ අන් අය හෝ අන්වස්තූන් හෝ එනම්, බාහිර පුද්ගලයන් හා බාහිර වස්තූන් කෙරෙහි විශ්වාසය තැබීමෙනි. බාහිර වස්තු සොයාගැනීමෙනි, ඒවා රැක ගැනීමෙනි. මට සතුටක් තියෙනවා. ආරක්ෂාවක් තියෙනවා යන අදහසිනි.
බාහිර පුද්ගලයන් මගේ කර ගැනීමෙන්, මගේ යැයි අයිතිකර ගැනීමෙන් රැකවරණයක්, ආරක්ෂාවක් ඇතිවෙනවා යන අදහසිනි. ආරම්භයේ දී ම ඔබට මෙසේ සඳහන් කරමි. තමන්වත් තමාට හිමි නැති ශරීර පුංජයක් දරාගෙන, ඒ ඒ පුද්ගලයන්ටවත් අයිති නැති ඒ ඒ පුද්ගලයන්ගේ ශරීර පුංජයන්ගෙන් පිහිටක් සතුටක් ලබන්නට ප්‍රාර්ථනා කිරීම නුවණැත්තන් විසින් කළ යුතු මඟක් නොවන බව පැහැදිලි කරගත යුතුම ය.
මේ නිසා මෙලොව පමණක් නොවෙයි. සංසාරික වශයෙන් ද අනාරක්ෂිත නොවන්නට නම්, තමන් මෙලොව රක්ෂිත විය යුතු ය. තමන්ට රැකවරණයක් සලසාගත යුතු ය. තමා තමාට පිහිටක් වී, රැකවරණයක් වී බාහිර වස්තූන් ද රැකවරණයට උපකාරී කර ගැනීම ධර්ම මාර්ගයෙන් පෙන්වා දෙන අදහසයි.
ස්වාමියා, බිරිඳ, මවුපියන්, දරුවෝ, සොහොයුරු සොහොයුරියන් ආදී වශයෙන් ඔවුනොවුන් පවසන්නේ ‘නුඹ මගේ ය. නුඹ මට සිටිනවා. නුඹ සිටිනා කල් මට බිය විය යුතු කිසිවක් නැත’. ආදී වශයෙනි. එහෙත් තමාගේ සිතෙහි දහමේ පෙන්වා දෙන ආකාරයෙන් මනා වූ රැකවරණයක් සලසා ගත්තේ නම්, බාහිර පුද්ගලයන් මොනතරම් තමා සමීපයේ සිටියත්, බාහිර වස්තූන්, මිල මුදල්, ධන ධාන්‍ය වැනි දෑ තමා සන්තකයේ මොනතරම් පැවතුණත්, මනසින් මොනතරම් අනාරක්ෂිත වී ඇත්දැයි හඬන, වැළපෙන හිස් ආකාසය දෙස බලාගෙන සුසුම් හෙළන බොහෝ පිරිස් දැකීමෙන්, ඔවුන්ට ඇහුම්කන් දීමෙන් තේරුම්ගත හැකි වන්නේ ය. මේ කතාව ඔබේ ජීවිතයේ ඔබේ ම අත්දැකීමක් ද විය හැකිය.
මේ නිසා අත්තරක්ඛිත සූත්‍ර දේශනාවේ පෙන්වා දෙන සදහම් පෙළ ඔබගේ ජීවිතයට ගළපා ගන්නටත්, කල්‍යාණ මිත්‍ර ආශ්රයෙන් අන් අයත් ඒ දහම් මඟට යොමු කරන්නටත් ඔබට ඉතාමත් කරුණාවෙන් ආරාධනා කරමි. මේ මාර්ගය දැනගැනීමෙන් ම ලෞකික වශයෙන් ධර්මානුකූල සංතෘෂ්ටියක් ලැබීමත්, මෙලොව වශයෙන් ම පරමාර්ථ ධර්මය අවබෝධ කර ගන්නටත් එමගින් සියලු කෙලෙසුන් නැසීමේ මාර්ගය සකසා ගැනීමටත් අවස්ථාව සැලසේ.
දිනක් පසේනදි කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණ ගෞරවකොට මෙසේ සඳහන් කළේ ය. “භාග්‍යවතුන් වහන්ස, මම හුදකලාව සිටින අවස්ථාවක මගේ සිතට මෙවැනි අදහසක් පැන නැගුණා. ඒ කුමක් ද? කවුරුන් විසින් ආත්මය රක්නා ලද්දේ ද? කවුරුන් විසින් ආත්මය නොරකිනා ලද්දේ ද? යනුවෙනි”. භාග්‍යවතුන් වහන්ස, ඒහා සමඟින් ම මගේ සිතට මෙවැනි අදහස් රාශියක් ඇතිවුණා. යම් කිසි කෙනෙක් කයෙන් දුසිරිත් කෙරන්නේ ද? වචනයෙන් දුසිරිත් කරන්නේ ද? සිතින් දුසිරිත් කරන්නේ ද? ඔහු විසින් තමා නොරකිනා ලද්දේ ය. යම් ආකාරයෙන් ඔහු ඇතුන් පිරිසක් රකින්නේ වෙයි. අශ්වයන් සමූහයක් මගේ යැයි කියමින් ආරක්ෂා කරන්නේ වෙයි. ඒ වගේ ම රථ සමූහයක් තමා වෙත පවත්වා ගන්නේ වෙයි. පාබල සෙනග හෙවත් බොහෝ පිරිස තමා වෙත පවත්වාගෙන රකින්නේ වෙයි. එනමුත් ඔවුන් විසින් තමා ම නොරක්නා ලද්දේ වේ. එයට හේතුව කුමක් ද? ඉහත සඳහන් කළ ඇත්, අස්, රිය, පාබල නම් වූ සියලු වස්තූන් බාහිර දේ ම ය. ඒවා රැකීම බැහැර වස්තූන් රැකීමක් වන්නේ ය. ආරක්ෂා කිරීමක් වන්නේ ය. ඒවා රැක ගැනීම තමාගේ අධ්‍යාත්මය රැකගැනීමක් වන්නේ නැත. තමාගේ ඇතුළත රැක ගැනීමක් වන්නේ නැත. එනම් තමාගේ සිත රැක ගැනීමක් වන්නේ නැත. එසේ නම් ඔහු විසින් තමා නොරක්නා ලද්දේ යැයි මට හැඟෙනවා”.
කොසොල් රජතුමා තවදුරටත් මෙසේ සඳහන් කළේ ය. “භාග්‍යවතුන් වහන්ස යම් කිසි කෙනෙක් කයෙන් සුසිරිත් කරනවා ද? වචනයෙන් සුසිරිත් කරනවා ද? සිතින් සුසිරිත් කරනවා ද? ඔවුන් විසින් හැබෑවට ම තමා රක්නා ලද්දේ වෙයි. එනම් ආරක්ෂා කරගත්තේ වෙයි. ඔහු විසින් ම ඇත්, අස්, රිය, පාබල නොරකිනා ලද නමුත්, ඔහු සුචරිත මාර්ගය අනුගමනය කිරීම නිසා තමාගේ ආත්මය, තමාගේ ජීවිතය, තමාගේ පැවැත්ම මනාකොට රැක ගන්නා ලද්දේ වේ ම ය. එය අධ්‍යාත්මික ආරක්ෂාවක් බවට ම පත්වන්නේ ය. එය රැකීම බැහැර ආරක්ෂාවක් බවට පත්වන්නේ නැත. එනම් ඔහු විසින් තමන් ආරක්ෂා කරන ලද්දේ යැයි මට අවබෝධ වුණා. භාග්‍යවතුන් වහන්ස, මා නිවැරදි ද? දේශනා කරනු ලබන සේක්වා”.
බුදුරජාණන් වහන්සේ කොසොල් රජතුමාට මෙසේ පිළිතුරු දේශනා කළහ. “මහරජ එය එසේම ය. යම් කිසි කෙනෙක් කයෙන් දුසිරිත් කෙරෙත් ද? වචනයෙන් දුසිරිත් කෙරෙත් ද? සිතෙන් දුසිරිත් කෙරෙත් ද? ඔහු විසින් තමා නොරක්නා ලද්දේ වෙයි. සඳහන් කළ අයුරින් ඔවුන් ඇත්, අස්, රිය, පාබල රකින්නේ ද? එසේ රකින්නේ නමුත් ඒ සියල්ල ඔහුගේ රැකීමක්, ඔවුන්ගේ ඇතුළත හෙවත් අධ්‍යාත්මය රැකීමක් නොවන්නේ ය. එනම් ඔහු නො රකිනා ලද්දේ ය. ඒ කවර හෙයින් ද? ඒ සියලු ආරක්ෂාව, රැකවරණය, බැහැර රැකීමක් වන නිසා ය. ඒ රැකීම තමාගේ අධ්‍යාත්මය හෙවත් ඇතුළත රැකීම නොවන්නේ ය. එහෙයින් ඔහු විසින් තමා නො රකිනා ලද්දේ යැයි පැවසිය යුතුමය. මහරජ, යම් කිසි කෙනෙක් කයෙන් සුසිරිත් කරනවා ද? වචනයෙන් සුසිරිත් කරනවා ද? සිතින් සුසිරිත් කරනවා ද? ඔහු විසින් තමා රක්නා ලද්දේ ම ය.
මුලින් සඳහන් කළ පරිදි ඇත්, අස්, රිය, පාබල රකින්නේ හෝ රැකගත්තේ නැති වූව ද, තමා විසින් තමා රැකගත්තේ බවට පත්වන්නේ ය. එයට හේතුව තමාගේ අභ්‍යන්තරය හෙවත් අධ්‍යාත්මය තමා විසින් රැක ගැනීම ය. එනම් සුචරිත මාර්ගයේ හැසිරීම ය. සුචරිතය රැකීම බැහැර රැකීමක් නොවේ. තමන් විසින් තමන් ම රැක ගැනීම ය.
මෙසේ දේශනා කළ භාග්‍යවතුන් වහන්සේ කොසොල් රජතුමාට උතුම් ගාථා රත්නයක් දේශනා කළ සේක.
කායෙන සංවරො සාධූ
සාධු වාචාය සංවරො
මනසා සංවරො සාධූ
සාධු සබ්බත්ථ සංවරො
සබ්බත්ථ සංවුතො ලජ්ජී
රක්ඛිතෝති පවුච්චති
කයෙන් සංවරවීම මැනවි, වචනයෙන් සංවර වීම මැනවි. සිතින් සංවරවීම මැනවි. හැම තන් හි ම සංවරය මැනවි. හැම තන්හි ම ආරක්ෂා වූයේ පාපයට, අවබෝධයෙන් ලජ්ජාවක් ඇති වූයේ, තමා රැකුණේ යැයි කියනු ලැබේ.
මේ දහම් කතාව අප සියලු දෙනාගේ ම ජීවිතවලට ගළපා ගනිමු. ගෘහස්ථ ජීවිතයක හෝ වේවා, පැවිදි ජීවිතයක හෝ වේවා තමා තමාට ලෙන්ගතු නම්, ප්‍රියවන්ත නම්, කුමක් කළ යුතු දැයි අප විසින් තේරුම් ගත යුතුම ය. පැවිදි ජීවිතයක සියලු දුක් නසා නිවන සාක්ෂාත් කර ගැනීම හෙවත් අවබෝධය පිණිස, ගෘහස්ථ ජීවිතයෙන් බැහැරව කසාවත් ඇඳ පැවිදි ජීවිතයට පත්වන්නේ නම් තමා රැක ගත යුතු ය. අධ්‍යාත්මය ආරක්ෂා කර ගතයුතු ය. එනම් කයින්, වචනයෙන්, සිතින් සිදුවන දුසිරිත්වලින් බැහැරව සුචරිත මාර්ගයට අවබෝධයෙන් ම සිත යොමු කර ගත යුතු ය. ඒ වෙනුවෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ත්‍රිපිටකය පුරා ම අන්තර්ගත ව පවතී. කෙටියෙන් සඳහන් කරන්නේ නම්, ප්රාතිමෝක්ෂ සංවර සීලයේ පිහිටීමේ පටන් සිල්වත් විය යුතුවන්නේ ය. ඒ පළමු ව තමා රැක ගැනීම ය.
දීපා පෙරේරා
Sathi pattana
ලොවේ කිසිවක් නිත්‍ය නොවේ
සීවතික භාවනාව
අම්බලන්ගොඩ, කහව ගල්දූව
ගුණවර්ධන යෝගාශ්‍රමයේ
ශ්‍රී කල්‍යාණ යෝගාශ්‍රමයේ
මහා ලේඛකාධිකාරී කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි
සතිපට්ඨාන සූත්‍රයට අදාළ ව කායානුපස්සනාවට ඇතුළත් සීවතික නවයක් තිබෙනවා. සීවතික යනු සොහොනක දැමූ මෘත ශරීරය නම් තේරුම යි. පසුගිය ලිපියෙන් පළමු සීවතිකය ගැන සඳහන් කළා. එනම්, දින දෙක තුනක් ඉක්ම වූ, සැරව ගලන මෘත සිරුර යි. තමාගේ සිරුරත් මෙලෙස පත්වන බව මෙනෙහි කරන්නැ’යි සඳහන් වුණා.
දෙවන සීවතිකය, මෘත ශරීරය සොහොනට දැමූ පසු ව නොයෙක් සතුන් කා දමයි. ඒ මෘත සිරුරේ මස් ඇද බඩවැල් ඇද, දමමින් කා දමයි. එසේනම්, දෙවන සීවතිකයෙන් සඳහන් කරන්නේ මෘත ශරීරයට වන විපත්තිය යි. කපුටන්, උකුස්සන්, ගිජු ලිහිණියන්, හිවලුන්, එලෙස ම තවත් නොයෙක් පක්ෂීන් පැමිණ මේ මෘත ශරීරයේ නොයෙක් කොටස් ඇද දමමින් කා දමයි. මෙලෙස බලා මේ ශරීරයේ ස්වභාවය මට තවම පැමිණ නැහැ. නමුත් මා ද අනිවාර්යයෙන් මේ මෘත ශරීරය සේ ම එවැනි තත්ත්වයට පත්වෙන බව මෙනෙහි කරන්න. එලෙස මෙනෙහි කරද්දී තමන්ට ජීවිතය පිළිබඳ අස්ථීර බව වැටහෙනවා. මරණය ස්ථීර බව වැටහෙනවා. කුමන දෙයක් කළත් වැඩක් නැහැ. අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මේ පද තුන වැටහෙන්නට පටන් ගන්නවා. මේ පද තුන වටහා ගන්නට ශක්තියක් ලබා ගත යුතු යි. එය යි වැදගත් ම කාරණය.
වනාන්තරයක හෝ කුමන ස්ථානයක හෝ මෘත ශරීරයක් තිබෙන විට ඒ මෘත ශරීරය සතුන් කා දමන ආකාරය තමන්ට දැක ගන්නට පුළුවනි. එය මෙනෙහි කිරීම භාවනාව යි. මෙහි දී ‘ජීවිතය අනියත යි. මරණය නියත යි’ යනුවෙන් ද පැහැදිලි වෙයි. ශරීර කූඩුවෙන් ගත යුතු කිසිවක් නොමැති බව ද පැහැදිලි වෙයි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණත්රය පැහැදිලිව වටහා ගන්නට පුළුවන් කමක් ද තිබෙයි. එසේ නැතිනම්, පංච උපාදානස්ඛන්ධය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් හොඳට වටහා ගත යුතු යි. දුර්ගන්ධය හොඳින් වැටහෙයි. ඇතැම් මෘත ශරීර දැක ගන්නට තරම් බිය ජනක යි. එතරම් ම විරූපී වෙලා. මෙවැනි මෘත සිරුරට බිය වන අය සීවතික භාවනාව නොකළ යුතු යි. නිර්භීත, සිතේ බියක් නොමැති අයට පමණයි මේ භාවනාව තිබෙන්නේ. මේ භාවනාව ගුරු උපදෙස් ඇති ව ම කළ යුතු යි. නමුත් කොයි කාටත් ‘ජීවිතය අනියත යි, මරණය නියත යි’ යනුවෙන් මෙනෙහි කිරීම සුදුසු වෙයි. විපත්තිය ගැන, ජීවිතයේ අස්ථීර බව ගැන, මරණයේ ස්ථීර බව ගැන පැහැදෙන්න. එය බොහොම හොඳයි.
බුදුන් වහන්සේ අතීත සංසාරයේ සිදු කරගත් පුණ්‍ය පාරමිතාවන්ගේ බල මහිමයෙන් බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේ පිළිබඳ ව හොඳ අවබෝධයක් ලබා ගත්තා. රහතන් වහන්සේට මෙවැනි මෘත සිරුරු ඇති සොහොනක වුවද වාසය කළ හැකි යි. උන් වහන්සේ බිය නැති කර ‘අභය’ නම් නිවනට පත් වුණා. ඒ වගේ ම උන් වහන්සේට කිසිම දෙයක් කෙරෙහි අමුතුවෙන් කිව යුතු දෙයක් නැහැ. ධර්මය මනාකොට අවබෝධ කර තිබෙනවා. ඒ අවබෝධයට භාවනාව විශේෂයෙන් අත්‍යවශ්‍ය වනවා.
අප කවා පොවා සරසන සිරුරේ ස්වභාවය කවුරුත් තේරුම් ගත යුතු යි. මේ පිළිබඳ ව බුදුරජාණන් වහන්සේ මනාකොට දේශනා කර වදාළා. ධර්මය අවබෝධ කරගන්නට පහසුවක් ලෙස ශරීරයේ තිබෙන තත්ත්වය වටහා ගත්තා. උන් වහන්සේ හිසකෙස් පටන් පාදාන්තය දක්වා ම ශරීරයේ තිබෙන සියලු ම කොටස් මනාකොට දේශනා කර වදාළා. සිරුරේ ගත යුතු කිසිවක් නැති බව පැහැදිලිව දේශනා කර වදාළා.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ, පසේ බුදුරජාණන් වහන්සේ , මහ රහතන් වහන්සේ ආදී උතුමන් වහන්සේ පිරිනිවීමට පත් වුණා නම්, ලෝක සත්ත්වයා ගැන කවර කතා ද? ඒ වගේ ම පෘතග්ජන සත්ත්වයා අවසන් ගමන් යනවා. ඒ ගමන දෙවියන්ටත් පොදු ධර්මතාවක්. මනු ලොව , තිරිසන් ලොව සත්ත්වයන්ගේ පංචස්ඛන්ධය දිරා යාම, දුර්ගන්ධය හැමීම ප්රබලව ම පැහැදිලිව ම පෙනෙනවා. මෙහි ඇත්තේ චුත වීමක් නොවෙයි. මරණයක් ම පමණ යි. එය හොඳින් තේරුම් ගත යුතු යි. පින තිබේ නම්, මරණයට බිය විය යුතු නැහැ. පින නැති අය මරණයට බය යි.
තමන්ගේ රැකියාව, අධ්‍යාපනය, වෙළෙඳාම , ආර්ථික කටයුතු කරන ගමන් පරලොවට යමක් ලබා ගත යුතු යි. දාන, ශීල, භාවනා වශයෙන් සංසාර ගමනට අවශ්‍ය ආයුෂ, වර්ණ , සැප , බල , ප්‍රඥා බෝග සම්පත්, සුගති සම්පත්, පරිවාර සම්පත් ලැබෙනවා. ඒවා පරිශීලනය කරමින් ශීල, සමාධි, ප්‍රඥා , ගුණ දියුණු කළොත් ධර්මය අවබෝධ කරගන්න අපහසු නැහැ. මෙවැනි වටිනා ධර්මය වටහා ගැනීම ඔබ අප කාගෙත් පරම යුතුකමක්.
ජම්මික ප්‍රබෝධනී වැලිකල
සඞගාමවත්‍ථු සූත්‍රය
සඞගාමවත්‍ථු සූත්‍ර
එත්ථ ‘‘අථ ඛො රාජා පසෙනදි කොසලො චතුරඞ්ගිනිං සෙනං සන්නය්හිත්වා රාජානං මාගධං අජාතසත්තුං වෙදෙහිපුත්තං අබ්භුය්යාසී’’ති ආදිනා පාඨෙන භවිතබ්බං. අට්ඨකථායං හි ‘‘අබ්භුය්යාසීති පරාජයෙ ගරහප්පත්තො...පෙ.... වුත්තජයකාරණං සුත්වා අභිඋය්යාසී’’ති වුත්තං) අථ ඛො රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො චතුරඞ්ගිනිං සෙනං සන්නය්හිත්වා රාජානං පසෙනදිං කොසලං අබ්භුය්යාසි යෙන කාසි. අස්සොසි ඛො රාජා පසෙනදි කොසලො - ‘‘රාජා කිර මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො චතුරඞ්ගිනිං සෙනං සන්නය්හිත්වා මමං අබ්භුය්යාතො යෙන කාසී’’ති. අථ ඛො රාජා පසෙනදි කොසලො චතුරඞ්ගිනිං සෙනං සන්නය්හිත්වා රාජානං මාගධං අජාතසත්තුං වෙදෙහිපුත්තං පච්චුය්‍යාසි යෙන කාසි. අථ ඛො රාජා ච මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො රාජා ච පසෙනදි කොසලො සඞ්ගාමෙසුං. තස්මිං ඛො පන සඞ්ගාමෙ රාජා පසෙනදි කොසලො රාජානං මාගධං අජාතසත්තුං වෙදෙහිපුත්තං පරාජෙසි, ජීවග්ගාහඤ්ච නං අග්ගහෙසි. අථ ඛො රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස එතදහොසි - ‘‘කිඤ්චාපි ඛො ම්යායං රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො අදුබ්භන්තස්ස දුබ්භති, අථ ච පන මෙ භාගිනෙය්යො හොති. යංනූනාහං රඤ්ඤො මාගධස්ස අජාතසත්තුනො වෙදෙහිපුත්තස්ස සබ්බං හත්ථිකායං පරියාදියිත්වා සබ්බං අස්සකායං පරියාදියිත්වා සබ්බං රථකායං පරියාදියිත්වා සබ්බං පත්තිකායං පරියාදියිත්වා ජීවන්තමෙව නං ඔසජ්ජෙය්ය’’න්ති (ඔස්සජ්ජෙය්යන්ති (සී. ස්‍යා. කං. පී.)).
අථ ඛො රාජා පසෙනදි කොසලො රඤ්ඤො මාගධස්ස අජාතසත්තුනො වෙදෙහිපුත්තස්ස සබ්බං හත්ථිකායං පරියාදියිත්වා සබ්බං අස්සකායං පරියාදියිත්වා සබ්බං රථකායං පරියාදියිත්වා සබ්බං පත්තිකායං පරියාදියිත්වා ජීවන්තමෙව නං ඔසජ්ජි (ඔස්සජි (සී.), ඔස්සජ්ජි (ස්‍යා. කං. පී.)).
අථ ඛො සම්බහුලා භික්ඛූ පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පවිසිංසු. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං -
‘‘ඉධ , භන්තෙ, රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො චතුරඞ්ගිනිං සෙනං සන්නය්හිත්වා රාජානං පසෙනදිං කොසලං අබ්භුය්යාසි යෙන කාසි. අස්සොසි ඛො, භන්තෙ, රාජා පසෙනදි කොසලො - ‘රාජා කිර මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො චතුරඞ්ගිනිං සෙනං සන්නය්හිත්වා මමං අබ්භුය්යාතො යෙන කාසී’ති. අථ ඛො, භන්තෙ, රාජා පසෙනදි කොසලො චතුරඞ්ගිනිං සෙනං සන්නය්හිත්වා රාජානං මාගධං අජාතසත්තුං වෙදෙහිපුත්තං පච්චුය්‍යාසි යෙන කාසි. අථ ඛො, භන්තෙ, රාජා ච මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො රාජා ච පසෙනදි කොසලො සඞ්ගාමෙසුං. තස්මිං ඛො පන, භන්තෙ, සඞ්ගාමෙ රාජා පසෙනදි කොසලො රාජානං මාගධං අජාතසත්තුං වෙදෙහිපුත්තං පරාජෙසි, ජීවග්ගාහඤ්ච නං අග්ගහෙසි. අථ ඛො, භන්තෙ, රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස එතදහොසි - ‘කිඤ්චාපි ඛො ම්යායං රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො අදුබ්භන්තස්ස දුබ්භති, අථ ච පන මෙ භාගිනෙය්යො හොති. යංනූනාහං රඤ්ඤො මාගධස්ස අජාතසත්තුනො වෙදෙහිපුත්තස්ස සබ්බං හත්ථිකායං පරියාදියිත්වා සබ්බං අස්සකායං සබ්බං රථකායං සබ්බං පත්තිකායං පරියාදියිත්වා ජීවන්තමෙව නං ඔසජ්ජෙය්ය’’’න්ති.
‘‘අථ ඛො, භන්තෙ, රාජා පසෙනදි කොසලො රඤ්ඤො මාගධස්ස අජාතසත්තුනො වෙදෙහිපුත්තස්ස සබ්බං හත්ථිකායං පරියාදියිත්වා සබ්බං අස්සකායං පරියාදියිත්වා සබ්බං රථකායං පරියාදියිත්වා සබ්බං පත්තිකායං පරියාදියිත්වා ජීවන්තමෙව නං ඔසජ්ජී’’ති. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමා ගාථායො අභාසි -
‘‘විලුම්පතෙව පුරිසො, යාවස්ස උපකප්පති;
යදා චඤ්ඤෙ විලුම්පන්ති, සො විලුත්තො විලුප්පති (විලුම්පති (සී. පී. ක.)).
‘‘ඨානඤ්හි මඤ්ඤති බාලො, යාව පාපං න පච්චති;
යදා ච පච්චති පාපං, අථ දුක්ඛං නිගච්ඡති.
‘‘හන්තා ලභති (ලභති හන්තා (සී. ස්‍යා. කං.)) හන්තාරං, ජෙතාරං ලභතෙ ජයං;
අක්කොසකො ච අක්කොසං, රොසෙතාරඤ්ච රොසකො;
අථ කම්මවිවට්ටෙන, සො විලුත්තො විලුප්පතී’’ති.
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල්හි මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජ සිවුරඟ සෙනග සරසාගෙන පසේනදි කොසොල් රජුට විරුද්ධව කසීරටට ගියේය. පසේනදි කොසොල් රජද මගධරට වේදේහිපුත්ත අජාසත් රජ සිවුරඟ සෙනග ගෙන මට විරුද්ධව කාසියට ආවේයයි’ ඇසීය.
ඉක්බිති පසේනදි කොසොල් රජද සිවුරඟ සෙනග සරහා ගෙන මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජුට විරුද්ධව කසීරටට ගියේය. එකල මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජද, පසේනදි කොසොල් රජද, යුද්ධ කළාහුය. ඒ යුද්ධයෙදී පසේනදි කොසොල් රජ මගධරට වේදේහිපුත්ත අජාසත් රජුන් පැරදවීය. ඒ අජාසත් රජ පණපිටින් අල්වාගත්තේද වේ.
එවිට කොසොල් රජුට මේ සිත විය. මේ මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජ දොා්හි නොකරන්නාවූ මට දොා්හි කරන්නේවී නමුත් ඔහු මගේ බෑනා වෙයි. එහෙයින් මම මේ මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජුගේ මුළු ඇත් සෙනගද අල්වාගෙන, අස් සෙනගද අල්වාගෙන, අස් සෙනගද අල්වාගෙන, රිය සෙනගද අල්වාගෙන, පාබල සෙනගද අල්වාගෙන, ඒ අජාසත් රජ පමණක් පණපිටින් මුදාහරින්නෙමි නම් මැනවැයි’ කියායි.
ඉක්බිති පසේනදි කොසොල් රජ, මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජුගේ මුළු ඇත් සෙනගද අල්වාගෙන, අස් සෙනගද අල්වාගෙන, අස් සෙනගද අල්වාගෙන, රිය සෙනගද අල්වාගෙන, පාබල සෙනගද අල්වාගෙන, ඒ අජාසත් රජ පණපිටින් මුදාහැරියේය.
එකල බොහෝ භික්ෂූහු පෙරවරු කාලයෙහි හැඳ පොරවා, පා සිවුරු ගෙණ, පිඬු පිණිස සැවැත් නුවරට පිවිස බතින් පසු පිණ්ඩපාතයෙන් පෙරළා ආවාහු, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියෝය. පැමිණ වැඳ, එකත්පස්ව හිඳ භාග්‍යවතුන් වහන්සේට මෙය කීහ. “ස්වාමීනි, මෙහි මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජ සිවුරඟ සෙනග සරහාගෙන පසේනදි කොසොල් රජුට විරුද්ධව කසීරටට ගියේය. පසේනදි කොසොල් රජද මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජ සිවුරඟ සෙනග ගෙන මට විරුද්ධව කාසියට ආවේයයි’ ඇසීය.
ඉක්බිති පසේනදි කොසොල් රජද සිවුරඟ සෙනග සරහාගෙන මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජුට විරුද්ධව කසීරටට ගියේය. එකල මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජද, පසේනදි කොසොල් රජද, යුද්ධකළාහුය. ඒ යුද්ධයෙදී පසේනදි කොසොල් රජ මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජුන් පැරදවීය. ඒ අජාසත් රජ පණපිටින් අල්වාගත්තේද වේ.
එවිට කොසොල් රජුට මේ සිත විය: මේ මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජ දොා්හ නොකරන්නාවූ මට දොා්හ කරන්නේවී නමුත් ඔහු මගේ බෑනා වෙයි. එහෙයින් මම මේ මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජුගේ මුළු ඇත් සෙනගද අල්වාගෙන, අස් සෙනගද අල්වාගෙන, අස් සෙනගද අල්වාගෙන, රිය සෙනගද අල්වාගෙන, පාබල සෙනගද අල්වාගෙන, ඒ මගධරට රජවූ අජාසත් රජ පමණක් පණපිටින් මුදාහරින්නෙමි නම් මැනවැයි’ කියායි.
ඉක්බිති පසේනදි කොසොල් රජ, මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජුගේ මුළු ඇත් සෙනගද අල්වාගෙන, අස් සෙනගද අල්වාගෙන, අස් සෙනගද අල්වාගෙන, රිය සෙනගද අල්වාගෙන, පාබල සෙනගද අල්වාගෙන, ඒ අජාසත් රජ පණපිටින් මුදාහැරියේය.” යනුයි.
එවිට භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන එවේලෙහි මේ ගාථාවන් වදාළසේක:
“මිනිස් තෙමේ තමහට හැකිතාක් කල් අනුන් පෙළයි. යම් විටක අන්‍යයෝ ඔහු පෙළත්ද, එකල අනුන් විසින් ඔහු පෙළනු ලබන්නේ වේ, යම්තාක් කල් පව
පල නොදේද, ඒ තාක් ඒ අඥානයා එය සතුටට කරුණක් සේ සිතයි. යම් විටෙක පව විපාක දෙන්නට පටන් ගනීද, එකල ඒ අඥානයා දුකට පැමිණේ. අනුන් පෙළන්නා තමන් පෙළන්නෙකුත් ලබයි. අනුන් පරදවන්නා තමුන් පරදවන්නෙකුත් ලබයි. අණුන්ට බණින්නා තමුන්ට බණින්නෙකුත් ලබයි. අනුන්ට රොස් කරන්නා තමුන්ට රොස් කරන්නෙකුත් ලබයි. නැවත මේ කර්මය පෙරළි පෙරළී මුහුකුරා යාමෙන් ඒ පීඩකයා පීඩිතද වේ.
Wednesday, June 9, 2021
චතුරාර්ය සත්‍යය
අනර්ථය පිණිස හේතුවන අන්ත දෙක
පොල්පිටිමූකලානේ
පඤ්ඤාසිරි හිමි
තථාගත බුදු පියාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව දේශනා කර වදාළ ප්‍රථම සූත්‍රය වන දසදහසක් සක්වල කම්පා කරවමින් දේශනා කළ ධම්මචක්කපවත්වන සූත්‍රයෙහි පළමුවරට අපට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ගැන ඉගෙන ගන්නට ලැබෙනවා. එහිදී තමයි මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය ගැන අපට ප්‍රථම වතාවට ඉගෙන ගන්නට ලැබෙන්නේ. එහිදී උන්වහන්සේ දේශනා කරනවා පැවිද්දන් විසින් අත්හල යුතු අන්ත දෙකක් පිළිබඳව. (ද්වේ මේ භික්ඛවේ අන්තා පබ්බජිතේන නසේවි තබ්බා)
ඉන් පළමුවැනි අන්තය තමයි කාමයන්හි අලී ගැලී වාසය කරන කාමසුඛල්ලිකානු යෝගය. බුදුරජාණන් වහන්සේ එය හැඳින්වූයේ හීන වු (හීනෝ) ග්‍රාම්‍ය වූ (ගම්මෝ) පෘථග්ජනයන්ට අයත්වු (පෝතුජ්ජනිකෝ) උතුම් නෙවු (අනරියෝ) අනර්ථය පිණිස පවතින (අනත්ථ සංහිතෝ) දෙයක් කියලා. දෙවැන්න තමයි අත්ථකිලමතානුයෝගය. එය දුක පිණිස පවතින ( දුක්ඛෝ) උතුම් නොවු (අනරියෝ) අනර්ථය පිණිස පවතින (අනත්ත සංහිතෝ) දෙයක් බවයි. මෙහිදී බුදුරජාණන් වහන්සේ එම අන්ත දෙකෙන් විශේෂණ පද රාශියකින් කාමයන්හි ඇලී ගැලී වාසය කිරීම නුසුදුසු බව පෙන්වා දී තිබෙනවා. එය අවධාරණය කිරීමට හීන, ග්‍රාම්‍ය, පෘථග්ජනයන්ට අයිති, උතුම් නොවන, අනර්ථය පිණිස පවතින යන විශේෂණ පද උන්වහන්සේ භාවිත කර තිබෙනවා.
අත්ථකිලමතානු යෝගයට භාවිත කරන්නේ දුක පිණිස පවතින, උතුම් නොවන, අනර්ථය පිණිස යන විශේෂණ පදයි. එනිසා උන්වහන්සේ දේශනා කරන්නේ මෙම අන්ත දෙකම අතහැර මධ්‍යම ප්‍රතිපදාවට පැමිණ සම්බුද්ධත්වයට පත් වූ බවයි.
ආර්ය අෂ්ඨාංගික මාර්ගය යනු කුමක්ද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යි.
මෙම ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිබඳ ප්‍රථම ධර්ම දේශනාවේ දී ද සච්ච විභංග සූත්‍රයේ දී ද වෙනත් සූත්‍ර ගණනාවකදී ද විශේෂයෙන් ම මජ්ක්‍ධිම නිකායේ තුන්වන කොටසේ මහා චත්තාරීසික සූත්‍රයෙන් ද විස්තර වෙනවා. මහා චත්තාරීසික සූත්‍රයට අනුව සම්මා දිට්ඨිය දෙයාකාරයි. එහි දී මිථ්‍යා දෘෂ්ඨිය මිථ්‍යා දෘෂ්ඨිය වශයෙන් හඳුනා ගන්නා අතර සමමා දිට්ඨිය සම්මා දිට්ඨිය වශයෙන් හඳුනා ගන්නවා. මිථ්‍යා දෘෂ්ඨිය යනු දන්දීමේ විපාක නැත. පූජා පැවැත්වීමේ විපාක නැත, ඇප උපස්ථාන කිරීමේ විපාක නැත, හොඳ නරක කර්මවල ඵල විපාක නැත, මෙලොවක් නැත, පරලොවක් නැත, මව කියා විශේෂ කෙනෙක් නැත. පියා කියා විශේෂ කෙනෙක් නැත, ඕපපාතික සත්ත්වයෙක් නැත. (ඉබේ පහළ වන සත්ත්වයන් වන අපායේ නිරි සතුන් , පේ‍්‍රතයන්, අසුරයන්, දෙවියන් බ්‍රහ්මයන් වැනි අය නැතැයි සිතීම ) මෙලොවත් , පරලොවත් විශිෂ්ට නුවණින් දැනගෙන කියාදෙන ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් නැත යන දෘෂ්ඨියයි.
සම්මා දිට්ඨිය යනු එහි විරුද්ධ පැත්තයි. එය දෙයාකාරයි. ඒ කියන්නේ ආස්‍රව සහිත වු , පින් කරන්නට අනුබල ලැබෙන, මතුවට සැප විපාක ලබා දෙන සම්මා දිට්ඨිය ඒ වගේම ආර්ය වු ආස්‍රව නැති ලෝකෝත්තර මාර්ග අංගයක් වූ සම්මා දිට්ඨියකුත් තියෙනවා .
ඒ කියන්නේ පින්වතුනි උතුම් වූ ආස්‍රව නැති ලෝකෝත්තර මාර්ග අංගයක් වන ආර්ය මාර්ගය ප්‍රගුණ කරන යම් කෙනෙකුගේ යම්කිසි ප්‍රඥාවක් තිබෙනවාද? ප්‍රඥා ඉන්ද්‍රියක් තිබෙනවාද? ප්‍රඥා බලයක් තිබෙනවාද? ධම්ම විචය සම්බෝක්ධජංගයක් සම්මා දිට්ඨි මාර්ගාංගයක් තිබෙනවද?
අන්න ඒ නිසා පින්වතුනි, ඒ ශ්රාවකයා මිථ්‍යා දෘෂ්ඨිය ප්රහාණය කිරීමට, ඒ වගේම, සම්මා දිට්ඨිය උපදවා ගැනීමට උත්සාහ කරනවා. එය තමයි ඒ පුද්ගලයාගේ සම්මා වායාමය. ඔහු සිහියෙන් මිථ්‍යා දෘෂ්ඨිය අත්හරිනවා. සිහියෙන් සම්මා දිට්ඨිය උපදවාගෙන වාසය කරනවා. ඒ තමයි ඔහුගේ සම්මා සතිය, ඔය විදියට ඒ ශ්රාවකයා තුළ ධර්ම තුනක් සම්මා දිට්ඨියට අනුව වේගයෙන් සකස් වෙනවා. ඒඅනුව පවතිනවා. ඒ තමයි සම්මා දිට්ඨිය, සම්මා වායාමය, සම්මා සතිය.
ඇත්තෙන්ම සම්මා දිට්ඨිය, සරලව කියනව නම් දුක පිළිබඳ දැනීම, දුකේ හටගැනීම පිළිබඳ දැනීම, දුකේ නැතිවීම පිළිබඳ දැනීම, දුක නැතිවීම පිළිබඳ ප්‍රතිපදාව දැනීම ලෙස හඳුන්වන්න පුළුවන්. කොහොම වුණත් මජ්ක්‍ධිම නිකායේ පළමු කොටසේ සම්මා දිට්ඨි සූත්‍රයෙන් සම්මා දිට්ඨිය ගැන දීර්ඝ වශයෙන් විස්තර කෙරෙනවා.
සම්මා සංකප්පයත් මහා චත්තාරීසික සූත්‍රයට අනුව ඉහත ආකාරයට විස්තර කරන්න පුළුවන් වුවත් එහිදී පාඨකයා විසින් ඉතිරි අංග පිළිබඳව ඒ ආකාරයෙන් අවබෝධ කර ගැනීම වටිනවා. මෙම ලිපිය මඟින් අවස්ථානුකූලව අනිකුත් මාර්ග අංග විස්තර කෙරෙනවා. සම්මා සංකප්පය ප්‍රධාන වශයෙන් කොටස් තුනකින් දක්වන්න පුළුවන්. නෙක්ඛම්ම සංකප්පය, අව්‍යපාද සංකප්පය, අවිහිංසා සංකප්පය ආදි වශයෙන්. කාමයන්ගෙන් නික්මීම නෙක්ඛම්ම සංකල්පනාවයි. සියලු සතුන් කෙරෙහි මෙත් සිතින් වාසය කිරීම අව්‍යාපාද සංකල්පනාවයි. සියලු සතුන්ට හිංසා නොකිරීම අවිහිංසා සංකල්පනාවයි.බොහෝ දුරට අපි පුංචිකාලෙ ඉඳල ඉගෙන ගෙන තියෙන්නේ යහපත් සංකල්පනාව කියන කොට අව්‍යාපාද,අවිහිංසා, නෙක්ඛම්ම කියලා.
ඒ කියන්නේ කාමයන්ගේ නික්මීම අගට දාල තියෙන්නේ. එය කෙසේ සිදු වූවාද යන්න ප්‍රශ්නයක්. නමුත් බුද්ධ වචනවයට අනුව යහපත් සංකල්පනාවල පළමු වැන්න වන්නේ කාමයන්ගෙන් නික්මීමයි. කාමයන්ගෙන් වෙන්වීමයි. නැත්නම් කාමයන් අත්හැරීමයි.
යහපත් වචනය කියන්නේ බොරු කීමෙන්, කේලාම් කීමෙන් , පරුෂ වචන කීමෙන්, හිස් වචන කීමෙන් වෙන්වීම. යහපත් කර්මාන්ත කියන එකත් බොහෝ අය වරදවා වටහාගෙන තිබෙනවා. ඔවුන් හිතන්නේ වැරැදි වෙළෙඳාම් නොකිරීම ලෙසයි. නමුත් සම්මා කම්මන්ත කියන්නේ සතුන් මැරීමෙන් වෙන්වීම, සොරකමින් වෙන්වීම, වැරැදි කාම සේවනයෙන් වෙනවීම.
සම්මා ආජීවය කියන්නේ මිථ්‍යා ජීවය බැහැර කරලා යහපත් දිවි පැවැත්මෙන් කටයුතු කිරීමයි. මහා චත්තාරීසික සූත්‍රයේ මිථ්‍යා ආජීවය ඉතාම පැහැදිලිව විස්තර කරනවා. ඒ කියන්නේ වංචාවෙන් ජීවත්වීම ලාභ සත්කාර ලබා ගැනීමේ කැමැත්තෙන් වර්ණනා කර කතා කිරීම ලාභ ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් විශේෂ ලකුණූ ඉස්මතු කර කතා කිරීම සත්‍ය වහල කටයුතු කිරීම ලාභයෙන් ලාභය උපයනවා. බොහෝ දෙනෙක් වැරැදි වෙළදාමේ ආදියත් මිථ්‍යා ආජීවය ලෙස විග්රහ කර ගන්නවා.
සම්මා වායාම කියන්නේ නුපන් අකුසල් නොඉපදීමට කැමැත්ත ඇතිකර ගැනීම, වෑයම් කිරීම, වීරිය ආරම්භ කිරීම, හිත දැඩි කර ගැනීම, ඒ අනුව කටයුතු කිරීම,උපන් අකුසල් ප්රහාණය කිරීමට කැමැත්ත ඇතිකර ගැනීම, වෑයම් කිරීම, වීරිය ආරම්භ කිරීම, හිත දැඩිකර ගැනීම, ඒ අනුව කටයුතු කිරීම ඒ වගේම නූපන් කුසල් ඉපදවීමට කැමැත්ත ඇතිකර ගැනීම, වෑයම් කිරීම, වීරිය ආරම්භ කිරීම, සිත දැඩිකර ගැනීම, ඒ අනුව කටයුතු කිරීම.
උපන් කුසල් පවත්වාගෙන යාම සඳහා ඒ කුසල ධර්මයන් විනාශ නොවීම පිණිස වඩ වඩා වර්ධනය වීම පිණිස වැඩීම පිණිස , පරිපූර්ණත්වය පිණිස කැමැත්ත ඇතිකර ගැනීම , වෑයම් කිරීම, වීර්ය ආරම්භ කිරීම හිත දැඩි කර ගැනීම ඒ අනුව කටයුතු කිරීමයි. සම්මා සතිය කියන්නේ සතර සතිපට්ඨානයයි. කය අනුව බලමින් වාසය කිරීම (කායානුපස්සනාව) විඳීම අනුව බලමින් වාසය කිරීම (වේදනානුපස්සනාව) සිත අනුව බලමින් වාසය කිරීම (චිත්තානුපස්සනාව) සිතේ ස්වභාවය අනුව බලමින් වාසය කිරීම (ධම්මානුපස්සනාව) යන සතර සතිපට්ඨානය මජ්ක්‍ධිම නිකායේ පළවෙනි කොටසේ සතිපට්ඨාන සූත්‍රයේ හා දීඝ නිකායේ මහා සතිපට්ඨාන සූත්‍රයෙන් මෙය ඉතා මැනවින් විස්තර කෙරෙනවා.
සම්මා සමාධි කියන්නේ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවැනි ධ්‍යාන හතරයි. ඒ නිසා මේ උතුම් ආර්ය මාර්ගය ඉගෙනගෙන ඒ පිළිබඳව විශ්වාසය ඇතිකරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගනිමු.
-
බදුල්ල, බණ්ඩාරවෙල පාර ශ්‍රී ගෞතම සමාධි බුද්ධ මන්දීරයේ දර්ශනපති බඩල්කුඹුරේ ධම්මසිද්ධි හිමි ලොව්තුරා තථාගත අමාමෑණි බුදුරජාණන් වහන්සේගේ පළම...
-
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය පරම...
-
ඛුද්දක නිකායෙහි උදාන පාලිය: මුචලින්ද නා රජුගේ බුද්ධ උපස්ථානය මහමෙව්නා භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ සහ අනුශාසක කිරිබත්ගොඩ ඤාණානන්ද...