Sunday, March 28, 2021

Na Uyane Ariyadhamma Thero


 

1.73 Māṇava Theragatha

කිංදදසුත්තං

කිංදදො බලදො හොති, කිංදදො හොති වණ්ණදො;
කිංදදො සුඛදො හොති, කිංදදො හොති චක්ඛුදො;
කො ච සබ්බදදො හොති, තං මෙ අක්ඛාහි පුච්ඡිතො’’ති.
‘‘අන්නදො බලදො හොති, වත්ථදො හොති වණ්ණදො;
යානදො සුඛදො හොති, දීපදො හොති චක්ඛුදො.
‘‘සො ච සබ්බදදො හොති, යො දදාති උපස්සයං;
අමතං දදො ච සො හොති, යො ධම්මමනුසාසතී’’ති

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවනලද ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය කල්හි එක් දෙවියෙක් බබළන වර්‍ණ ඇත්තේ මුඵ ජේතවනය බබුඵවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.
“කුමක් දෙන තැනැත්තේ ශක්තිය දෙන්නේ වේද? කුමක් දෙන තැනැත්තේ පැහැය දෙන්නේ වේද? කුමක් දෙන තැනැත්තේ සැප දෙන්නේ වේද? කුමක්
දෙන තැනැත්තේ ඇස් දෙන්නේ වේද? සියල්ල දෙන තැනැත්තෙක් වේ නම් කවරෙක්ද? මවිසින් විචාරණ ලද ඔබ මට (මේ) කියාදෙනු මැනවි.
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “ආහාර දෙන තැනැත්තේ ශක්තිය දෙන්නේ වේ. වස්ත්‍ර දෙන්නා වර්‍ණය දෙන තැනැත්තේ වේ. යාන වාහන දෙන තැනැත්තේ සැප පහසු දෙන තැනැත්තේ වේ. එලිය දෙන තැනැත්තේ ඇස් දෙන තැනැත්තේ වේ. යමෙක් වාසස්ථාන දේ නම් ඔහුම සියල්ල දෙන තැනැත්තා නම් වේ. යමෙක් ධර්‍මනුශාසනා කෙරේ නම් ඔහු අමෘත දානය දෙන තැනැත්තේ නම් වේ.”

Friday, March 26, 2021

ආදිත්තසුත්තං






එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො අඤ්ඤතරා දෙවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවතො සන්තිකෙ ඉමා ගාථායො අභාසි -
‘‘ආදිත්තස්මිං අගාරස්මිං, යං නීහරති භාජනං;
තං තස්ස හොති අත්ථාය, නො ච යං තත්ථ ඩය්හති.
‘‘එවං ආදිත්තකො ලොකො, ජරාය මරණෙන ච;
නීහරෙථෙව දානෙන, දින්නං හොති සුනීහතං.
‘‘දින්නං සුඛඵලං හොති, නාදින්නං හොති තං තථා;
චොරා හරන්ති රාජානො, අග්ගි ඩහති නස්සති.
‘‘අථ අන්තෙන ජහති, සරීරං සපරිග්ගහං;
එතදඤ්ඤාය මෙධාවී, භුඤ්ජෙථ ච දදෙථ ච;
දත්වා ච භුත්වා ච යථානුභාවං;
අනින්දිතො සග්ගමුපෙති ඨාන’’න්ති.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවනලද ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන වර්‍ණ ඇත්තේ මුඵ ජේතවනය බබුඵවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථා කීය.
“ගෙයක් ගිනිගත් කල යම් භාජනයක් එයින් පිටතට ගනියිද, එය ඔහුට වැඩ පිණිස වේ. යමක් එහි දැවේ නම් එය වැඩ පිණිස නොවේ.
“එසේම ලොව ජරායෙනුත් මරණයෙනුත් ඇවිලගත්තේ වේ. දීමෙන්ම පිටතට ගතයුතු. දෙනලද දේ මැනවින් පිටත්කරන ලද්දේ නම්වේ.
“දුන් දේ සැප විපාක ඇතිකරන්නේ වේ. ත්‍නාදුන් දේ එසේ සැප විපාක නොදේ. එය සොරු හැරගෙන යත්. රජහු හෝ හැර ගනිත්. ගින්න හෝ දවයි. නැසී හෝ යන්නේය.
“තවද, වස්තු සහිත ශරීරය මරණයෙන් හැර දමයි. නුවණැත්තේ මෙය දැන තම වස්තුව ප්‍රයෝජනයට ගැනීමද කරන්නේය. දීමද කරන්නේය. එසේ ශක්ති පරිදි සම්පත් අනුභවයද කොට, දීමද කොට, නින්‍දා නොලබන්නෙක්ව දිව්‍ය ලෝකයට (සැප ඇති තැනට) පැමිණෙයි.”




1.71 Vacchapāla Theragatha

Na Uyane Ariyadhamma Thero

 


Thursday, March 25, 2021

පඨමපජ්ජුන්නධීතුසුත්තං

 

එවං මෙ සුතං - එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො කොකනදා පජ්ජුන්නස්ස ධීතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං මහාවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො සා දෙවතා කොකනදා පජ්ජුන්නස්ස ධීතා භගවතො සන්තිකෙ ඉමා ගාථායො අභාසි -

‘‘වෙසාලියං වනෙ විහරන්තං, අග්ගං සත්තස්ස සම්බුද්ධං;

කොකනදාහමස්මි අභිවන්දෙ, කොකනදා පජ්ජුන්නස්ස ධීතා.

‘‘සුතමෙව පුරෙ ආසි, ධම්මො චක්ඛුමතානුබුද්ධො;

සාහං දානි සක්ඛි ජානාමි, මුනිනො දෙසයතො සුගතස්ස.

‘‘යෙ කෙචි අරියං ධම්මං, විගරහන්තා චරන්ති දුම්මෙධා;

උපෙන්ති රොරුවං ඝොරං, චිරරත්තං දුක්ඛං අනුභවන්ති.

‘‘යෙ ච ඛො අරියෙ ධම්මෙ, ඛන්තියා උපසමෙන උපෙතා;

පහාය මානුසං දෙහං, දෙවකාය පරිපූරෙස්සන්තී’’ති.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විශාලාමහනුවර සමීපයෙහිවූ මහවනයෙහි කූටාගාරශාලා විහාරයෙහි වසන සේක. එකල්හි වනාහි පජ්ජුන්ත දෙවිහුගෙ දූ වූ කෝකනදා දෙවඟන රෑ පෙරයම ඉක්මුණු පසු බබළන ශරීර ප්‍රභා ඇත්තී සියලු මහාවනය බබුඵවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියාය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියාය. එක් පසෙක සිටි පජ්ජුන්න දෙවියාගේ දූ වූ කෝකනදා දෙව්දූ තොම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීවාය.

“(වහන්ස,) විසාලාමහනුවර සමීපයෙහි මහවනයෙහි වසන සත්ත්‍ව සමූහයාට අග්‍රවූ සම්බුද්ධයන් වහන්සේ කෝකනදා නම්වූ මම හොඳින් වඳිමි. පජ්ජුන්නගේ දූවූ කෝකනදා මම වෙමි.

“පසැස් ඇති තථාගතයන් වහන්සේ විසින් ධර්‍මය අවබෝධ කරන ලදැයි පෙර මවිසින් අසනලද පමණක්ම විය. ඒ මම දැන් දහම් දෙසන සුගත් මුනිහුගේ ධර්‍මය ප්‍රත්‍යක්‍ෂයෙන් දනිමි. යම් අනුවණ කෙනෙක් ආර්‍ය්‍ය ධර්‍මයට නින්‍දා කෙරෙමින් හැසිරෙක්ද, ඔවුහු දරුණුවූ නපුරු නරකයට පැමිණෙත්. (එහි) බොහෝ කාලයක් දුක් විඳිත්.

“යම් කෙනෙක් වනාහි ආර්‍ය්‍ය ධර්‍මයෙහි ක්‍ෂාන්තියෙන්ද, කෙලෙස් සන්සිඳීමෙන්ද යුක්ත නම්, ඔවුහු මනුෂ්‍යාත්මය හැර දෙව් පිරිස පුරා ලන්නාහ. (දෙව් ලොව උපදනාහ.)”


පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...