Friday, March 12, 2021
ශ්‍රද්‍ධා සූත්‍රය
එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො සම්බහුලා සතුල්ලපකායිකා දෙවතායො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො එකා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි -
‘‘සද්ධා දුතියා පුරිසස්ස හොති,
නො චෙ අස්සද්ධියං අවතිට්ඨති;
යසො ච කිත්තී ච තත්වස්ස හොති,
සග්ගඤ්ච සො ගච්ඡති සරීරං විහායා’’ති.
අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමා ගාථායො අභාසි -
‘‘කොධං ජහෙ විප්පජහෙය්‍ය මානං,
සංයොජනං සබ්බමතික්කමෙය්‍ය;
තං නාමරූපස්මිමසජ්ජමානං,
අකිඤ්චනං නානුපතන්ති සඞ්ගා’’ති.
‘‘පමාදමනුයුඤ්ජන්ති , බාලා දුම්මෙධිනො ජනා;
අප්පමාදඤ්ච මෙධාවී, ධනං සෙට්ඨංව රක්ඛති.
‘‘මා පමාදමනුයුඤ්ජෙථ, මා කාමරති සන්ථවං;
අප්පමත්තො හි ඣායන්තො, පප්පොති පරමං සුඛ’’න්ත්න්ත්ති.
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල්හි වනාහි බොහෝ සතුල්ලපකායික දෙවියෝ රෑ පෙරයම ඉක්මුණු පසු බබළන ශරීර ප.්‍රභායෙන් සියලු ජේතවනය බබුඵවා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක සිටියහ.
එක් පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වශන්සේ සමීපයෙහි මේ ගාථාව කීය.
“ලෞකික ලෝකෝත්තර සැප කරා යන පුරුෂයාට ශ්‍රද්‍ධාව ඔහු සමග යන දෙවැන්නා වෙයි ඔහු අශ්‍රද්‍ධායෙහි බැස නොසිටී නම් ඒ හේතුයෙන් ඔහුට පිරිවරද, කීර්තියද වෙයි. මේ ශරීරය හැර ඔහු ස්වර්‍ගයටද යෙයි.”
එකල අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාවන් කීය.
“ක්‍රෝධය නසන්නේ නම්, මානය දුරු කරන්නේ නම්, සියලු සංයෝජන ඉක්මවා ලන්නේ නම්, නාම රූප දෙක්හි නොඇලෙන, හිරිහැර නැති, ඒ පුද්ගලයා කරා සංයෝගයෝ (බැමි) නොපැමිණෙත්.”
(එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.) “අනුවණ මෝඩ ජනයෝ ප්‍රමාදයෙහි යෙදෙත්. නුවණැත්තේ අප්‍රමාදය ශ්‍රේෂ්ඨ ධනයක් මෙන් රකී.
“ප්‍රමාදයෙහි නොයෙදෙවු: කාමරතිය හා එක්වීමෙහි නොයෙදෙවු. ධ්‍යාන වඩන, නොපමා තැනැත්තාම පරම සැපයට පැමිණේ.
Thursday, March 11, 2021
න සන්ති සූත්‍රය
එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො සම්බහුලා සතුල්ලපකායිකා දෙවතායො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො එකා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි -
‘‘න සන්ති කාමා මනුජෙසු නිච්චා,
සන්තීධ කමනීයානි යෙසු (කාමෙසු (ක.)) බද්ධො;
යෙසු පමත්තො අපුනාගමනං,
අනාගන්තා පුරිසො මච්චුධෙය්‍යා’’ති.
‘‘ඡන්දජං අඝං ඡන්දජං දුක්ඛං;
ඡන්දවිනයා අඝවිනයො;
අඝවිනයා දුක්ඛවිනයො’’ති.
‘‘න තෙ කාමා යානි චිත්‍රානි ලොකෙ,
සඞ්කප්පරාගො පුරිසස්ස කාමො;
තිට්ඨන්ති චිත්‍රානි තථෙව ලොකෙ,
අථෙත්ථ ධීරා විනයන්ති ඡන්දං.
‘‘කොධං ජහෙ විප්පජහෙය්‍ය මානං,
සංයොජනං සබ්බමතික්කමෙය්‍ය;
තං නාමරූපස්මිමසජ්ජමානං,
අකිඤ්චනං නානුපතන්ති දුක්ඛා.
‘‘පහාසි සඞ්ඛං න විමානමජ්ඣගා (න ච මානමජ්ඣගා (ක. සී.), න විමානමාගා (ස්‍යා. කං.)),
අච්ඡෙච්ඡි තණ්හං ඉධ නාමරූපෙ;
තං ඡින්නගන්ථං අනිඝං නිරාසං,
පරියෙසමානා නාජ්ඣගමුං;
දෙවා මනුස්සා ඉධ වා හුරං වා,
සග්ගෙසු වා සබ්බනිවෙසනෙසූ’’ති.
‘‘තං චෙ හි නාද්දක්ඛුං තථාවිමුත්තං (ඉච්චායස්මා මොඝරාජා),
දෙවා මනුස්සා ඉධ වා හුරං වා;
නරුත්තමං අත්ථචරං නරානං,
යෙ තං නමස්සන්ති පසංසියා තෙ’’ති.
‘‘පසංසියා තෙපි භවන්ති භික්ඛූ (මොඝරාජාති භගවා),
යෙ තං නමස්සන්ති තථාවිමුත්තං;
අඤ්ඤාය ධම්මං විචිකිච්ඡං පහාය,
සඞ්ගාතිගා තෙපි භවන්ති භික්ඛූ’’ති.
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිඅනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල්හි සතුල්ලපකායික නම්න් දන්නා ලද බොහෝ දෙවි කෙනෙක් රෑ පෙරයම ඉක්මුණුකල මනා පැහැ ඇක්කාහු සියලු ජේතවනය බබුඵවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමුණුනාහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක සිටියහ.
එක් පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“මිනිසුන් කෙරෙහි නිත්‍ය කාම වස්තූහු නැත්තාහ. යම් කාම වස්තුවක් කෙරෙහි බැඳුණු තැනැත්තේ, යම් කාම වස්තූන්හි පමාවූ තැනැත්තේ භවයන් (නික්ම) නිවණට නොයන්නේ වේද, එසේවූ, සිත් අදනා, රූපාදී ආරම්මණයෝ නම් මෙහි (ලෝකයෙහි) ඇත්තාහ.
(පඤචස්කන්‍ධ) දුක තන්හායෙන් උපදනේය. සසර දුක තණ්හායෙන් හටගැනේ. තණ්හාව නිරුද්‍ධ කිරීමෙන් (පඤච) ස්කන්‍ධ නිරෝධය වේ. ස්කන්‍ධ නිරෝධයෙන් (සංසාර) දුක්ඛ නිරෝධය වේ.”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “ලොව විසිතුරු රූපාදී යම් අරමුණු කෙනෙක් වෙත්ද, ඔවුහු කාමයෝ නොවෙති. පුරුෂයාගේ ඇලීම නම්වූ රාගය කාම නම්. ලොව විසිතුරු රූපාදීහු තමන් සිටි ලෙසම සිටිත්. එතෙකුදූ වුවත් නුවණ ඇත්තෝ එහි ඇල්ම දුරලත්.
“ක්‍රෝධය දුරලන්නේය. මානය හාත්පසින් බැහැර ලන්නේය. සියලු සංයෝජනයන් ඉක්මවන්නේය. නාම රූප දෙක්හි නොඇලෙන්නාවූ, ලොව කිසිත් (ඇලුම්) නැති, ඔවුන් අතර දුක්ඛයෝ කඩා නොවැටෙත්.”
“යමෙක් සත්ත්‍වාදී ප්‍රඥප්තිය දුරලීද, නැවත ඉපදීම් වශයෙන් මවුකුෂ නමැති විමානයට නොපැමිණියේද, මේ නාම රූප දෙකෙහි තණ්හාව දුරලීද, සිඳලූ සියලු පළිබෝධ ඇති, දුක් නැති, ආශා නැති, ඒ රහතුන් දෙවියෝත් මිනිස්සුත් මෙහි හෝ පරලොව හෝ ස්වර්‍ගයන්හි හෝ සියලු සත්‍වාවාසයන්හි හෝ සොයන්නාහු නුමුත් දැක්ක නොහැක්ක.”
ආයුෂ්මත් මෝඝරාජ තෙම මෙසේ කීය. “ඉදින් දෙවියෝත් මිනිස්සුත් මෙලොවෙහිත් අන් තන්හිත් සොයන්නාහු, එසේ මිදුනු රහතුන් නොදක්නාහු නම්, නරෝත්තමවූ, සත්නට හිත වැඩ සලසන, එසේවූ බුදුරජුන් යම් කෙනෙක් නමදිත් නම් ඔවුහු පැසසුම් ලැබිය යුත්තෝය.”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “මොඝරාජය, එසේ මිදුණු රහතුන් යම් කෙනෙක් නමදිත්ද, ඒ භික්‍ෂූහු පැසසුම් ලද යුත්තෝය. ඒ භික්‍ෂූහු දහම් දැන, සැක දුරලා, රාගාදී බැමි ඉක්මවූවෝ වෙත්.”
10-1 සවග මහණුන්ගේ පළමුවන කථා පුවත.
10-1 සවග මහණුන්ගේ පළමුවන කථා පුවත.
සබ්බෙ තසන්ති දණ්ඩස්ස, සබ්බෙ භායන්ති මච්චුනො;
අත්තානං උපමං කත්වා, න හනෙය්‍ය න ඝාතයෙ.
සියලු සත්වයෝම වධබන්ධනාදියට තැතිගන්නාහ. සියල්ලෝම මරණයට බියවෙති. තමා උපමාකොට හිංසා නොකරන්නේය. අනුන් ලවා හිංසා නොකරවන්නේය.
[“සබ්බේ තසන්ති” යන මේ ධර්ම දේශනාව ශාස්තෲන් වහන්සේ සැවත් නුවර දෙව්රම් වෙහෙරේ වැඩසිටිය දී ෂඩ්වර්ගීය (හයේ කණ්ඩායම වූ) භික්ෂූන් නිමිති කරගෙන දේශනා කළ සේක.
එක් අවස්ථාවකදී භික්ෂූන් දහසයේ කණ්ඩායමක් විසින් සෙනසුන් පිළියෙළ කරන අතරතුරදී - සයවර්ගීය භික්ෂූන් - අපි වඩා වැඩිහිටි අය වෙමු. එනිසා මෙය අපට අයත් වේ. යයි කියා සිටියදී. එම දහසය වර්ගීය භික්ෂූන් විසින් අපි නොදන්නෙමු. අප විසින් මෙය පළමුවෙන් පිළියෙළ කරන ලදැයි පැවසූවිට - එම භික්ෂූන්ට පහර දෙන ලදී.
දහසය වර්ගීය භික්ෂූහු මරණ බියෙන් යුතුව මහා හඬින් විලාප නගන්නට වූහ. බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ හඬ අසා මේ මහ ශබ්දය කුමක්දැයි විමසා - මේ හේතුවෙන් යයි දැනගත් විට මහණෙනි ! මෙතැන් සිට භික්ෂූන් විසින් නම් මෙසේ නොකළ යුතුය. යම් භික්ෂුවක් නැවත මෙසේ පහර දෙයිද ඇවත් සිදුවේයයි “පහරදාන විනය සිඛ පදය” පනවන ලදහ. මෙම ශික්ෂාපදය පනවා මහණෙනි ! තමන් දඬුවමට බියවන්නා සේම අනෙක් අයද දඬුවමට බිය වෙතැයිද, මරණයට බිය වේයයිද. දැනගෙන භික්ෂුවක් විසින් අන් භික්ෂුවකට පහර නොදිය යුතුය. ඝාතනය නොකළ යුතුයයි පවසා, පෙර පසු සම්බන්ධ කර දහම් දෙසමින් මෙම ගාථාව දේශනා කළහ.
බිය වෙති හැම දෙනම මරණෙට දඬුවමට
හොඳ නැහැ මරණ දඬුවම් නැති වරදකට
තම සිත තම සිරුර අරගෙන උවමකට
සතෙකුටම මෙත පතුරනු දියුණුවට
සියල්ලෝ දඬුවමට බියවෙති සියල්ලෝ මරණයට බියවෙති - තමාගේ බියවීම උපමා වශයෙන් ගෙන සත්ත්ව හිංසාවෙන් හා ඝාතනයෙන් වැළකිය යුතුය.
එහි සබ්බේ තසන්ති - යනු සියළු සත්ත්වයෝ තමා කෙරෙහි දඬු මුඟුරු පතිත වන විට ඒ දඬුවමට - දඬුවම්වලට බියවෙති. මච්චුනො මරණයට ද බියවෙත්ම ය. මෙම දේශනයේ ව්‍යඤ්ජනාර්ථය, සම්පූර්ණ අර්ථය නම් අවශේෂ වෙයි. යම් ලෙස රජු විසින් සියල්ලන් එක් රැස් වේවායි. අණබෙර යැවූවිට - රජ මහ ඇමති අත්හැර සෙසු අය රැස්වෙති. මෙලෙසම සියල්ලෝ බියවෙත් යයි පැවසූවිටද ආජානේය ඇත් - අස් හා කේශර සිංහයෝ ද රහතන්වහන්සේලා ද යන මේ සිව් පිරිස අත්හැර අනෙක් අය බිය වෙතියි දතයුතු මොවුන් අතර රහතන් වහන්සේලා නම් සක්කාය දෘෂ්ටිය දුරුකර ඇති හෙයින් කයේ බිඳීමක් විනා මියයන කෙනෙක් නොදකින්නේ බිය නොවෙති. අනෙක් තිදෙන මමය මාගේය යන දෘෂ්ටියෙන් බලවත් නිසා තමන්ට ප්‍රතිපක්ෂ වූ කෙනෙක් නොදකින්නේ බිය නො වෙති.
න හන්‍යාන න ඝාතයෙ, යම්සේ මා මෙන්ම අනෙක් සත්ත්වයෝ ද මරණයට බියවෙතියි අන් අය නොපෙළති අන් සතුනට අන් අය ලවා හෝ හිංසා නොකරවති. යන අරුත් දේ දේශනය අවසානයේ බොහෝ දෙන සෝවාන් ඵලය ආදීයට පත්වූහ.
Monday, March 8, 2021
9-12 දොළොස්වන සුප්‍රබුද්ධ නම් ශාක්‍යයාගේ වස්තුවයි.
9-12 දොළොස්වන සුප්‍රබුද්ධ නම් ශාක්‍යයාගේ වස්තුවයි.
න අන්තලික්ඛෙ න සමුද්දමජ්ඣෙ, න පබ්බතානං විවරං පවිස්ස;
න විජ්ජතී සො ජගතිප්පදෙසො, යත්ථට්ඨිතං (යත්‍රට්ඨිතං (ස්‍යා.)) නප්පසහෙය්‍ය මච්චු.
යම් තැනෙක්හි සිටි සත්ත්වයා මරණ තෙම අභිභවනය නො කෙරේ ද, (හෙවත් මැඩැ නො පියා ද), (කෙසගක් පමණ වු ද) එසේ වූ භුමිප්‍රදෙෂයෙක් නැත. සමුද්‍රමධ්‍යයෙහි දු මරණින් මිදෙන්නට හැකි ප්‍රදෙශයෙක් නැත. පර්වතයන්ගේ විවරයට වැද ද මරණින් මිදෙන්නට හැකි ප්‍රදෙශයෙක් නැත.
න අන්තලික්ඛෙ ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් නිග්‍රෝධාරාමයෙහි වැඩ සිටින කාලයේ සුප්‍රබුද්ධශාක්‍යයා අරභයා දේශනා කරනලදි.
හෙතෙම වනාහි මොහු මගේ දුව හැරදමා ගියේයයිද මගේ පුතා පැවිදිකර වෛරියකුගේ තැන තැබීයයිද මේ කරුණු දෙක නිසා බුදුන් කෙරෙහි ආඝාත බැඳ, මොහුට ආරාධනා ලබන තැනට ගොස් වළඳන්ට නොදෙන්නෙමියි ගමන්මග අහුරා මත්පැන් බිබී වීථියෙහි නැවතී සිටියේය. ඉන්පසු බුදුරජාණන්වහන්සේ භික්‍ෂූන් පිරිවරා එතැනට වැඩමවූ පසු බුදුන් වැඩියබව දැන්වූහ.
එහා පාරෙන් යන ලෙස ඔහුට කියව්. ඔහු මහල්ලෙක් නොවේ. ඔහුට මේ පාර ඉඩ නොදෙමියි කීවේය. නැවත නැවතත් කීවේ නමුත් එසේම කියමන් හුන්නේය. ශාස්තෘන්වහන්සේ මාමාගෙන් මාර්ගයෙන් ඉඩ නොලබා එතැනම නැවතුණහ. හෙතෙම බුදුරදුන් වෙත චරපුරුෂයන් යවමින්, යව, ගොස් කියන්නේ මොනවාදැයි දැනගෙන එවයි කීය. බුදුරජාණන්වහන්සේත් සිනා පහළ කළ කල්හි ආනන්‍ද තෙරණුවෝ ස්වාමීනි, සිනා පහළ කරනලද්දේ කුමක් නිසාදැයි ඇසූවිට, ආනන්ද සුප්පබුද්ධ ඔබට පෙනෙන්නේදැයි ඇසූහ. ස්වාමීනි, එසේය. ආනන්ද මා වැනි බුදුකෙනෙකුන්ට මාර්ගය නොදී ඔහු කෙළේ බරපතළ ක්‍රියාවකි. මෙයින් හත්වෙනි දිනයේ යට ප්‍රාසාදයෙහි ඉණිමංමුලිදී ඔහු පොළොවෙහි ගිළීයන්නේය.
චරපුරුෂයෝ ගොස් තමන් ඇසූ කතාව සුප්‍රබුද්ධට කීහ. ළඟට ගිය තොපට මගේ බෑණා නැවැත්වීම ගැන කුමක් කීයේදැයි ඇසූවිට බුදුන් වදාළ හැටියෙන්ම ඒ කථාව කීහ. හෙතෙම ඒ වචන අසා, මෙතනදී මගේ බෑණාගේ කථාවේ වරදක් නැත. ඒකාන්තයෙන්ම ඔහු කියන දේ එසේම වෙයි. එසේ වුවත් ඔහුට මුසාවාදයෙන් නිග්‍රහ කරන්නෙමි. හෙතෙම මා මෙයින් හත්වෙනි දිනයේ පෘථුවියෙහි ගිළී යන්නේ යයි අනියමින් නොකියා යට ප්‍රාසාදයෙහි හිණිමංමුල පොළොවේ ගිළී යන්නේයයි කීවේය.
මෙතැන් පටන් මම එතැනට නොයන්නෙමි. ඉන්පසු ඔහු කියන තැනින් පොළොවට ප්‍රවිෂ්ට නොවී මුසාවාදයෙන් නිග්‍රහ කරන්නෙමියි හෙතෙම තමන්ගේ පරිහරණයට ගන්නා සියල්ල සත්මහල් පහයේ ඉහළම මහළට ගෙනගොස් ඉණිමග ඉවත්කොට දොර වසා අනිත් එක් එක් දොරටුවක රැකවලුන් දෙදෙනා බැගින් හිඳුවා, ඉදින් මම ප්‍රමාදයකින් හෝ යටට බසිනු කැමති වුවහොත් එය වලක්වව්යයි කියා හත්වෙනි ප්‍රාසාදතලයෙහි ශ්‍රීයහන් ගබඩාවේ හුන්නේය.
ශාස්තෘන්වහන්සේ එපවත් අසා මහණෙනි, සුප්‍රබුද්ධ හුදෙක් ප්‍රාසාද තලයෙන් අහසට නැගී හෝ සිටියත් නැවකන් ගොස් මූදට පැන්නත්, පර්වත මැදකට හෝ පැමිණියත් බුදුවරුන්ගේ කතාවක දෙවිධියක් නැත. මා කී තැනින්ම ඔහු පොළොවට පිවිසේනනේමයයි වදාරා දහම්දෙසමින් මේ ගාථාවද වදාළහ:
අහසෙහි උඩට හෝ
මුහුදෙහි පතුළටම හෝ
පරුවත මැදක ගොස් හෝ
පව්කර සිටින කෙනෙකුට
මෙ කියූ තැන්වලට ගොස්
මරුගෙන් මිදෙනු නොහැකිය
එහි නප්පසහෙථ මච්චු යනු යම් පෙදෙසක සිට මරණය නොඉවසා, එයට යටත් නොවී සිටීමට පුළුවන් කෙස් අගක් ප්‍රමාණවූ පෘථිවි ප්‍රදේශයක් නැත. සෙස්ස පෙරසේමය. දේශනාවසානයේ බොහෝ දෙනා සෝවාන් ඵලාදියට පැමිණියාහුය.
සත්වෙනි දිනයෙහි බුදුරදුන් භික්‍ෂාවෙහි හැසිර අවසන්වූ පසු යට ප්‍රාසාදයෙහි සුප්‍රබුද්ධගේ මංගල අශ්වයා මත්වී උද්දාමයෙන් ඒ ඒ බිත්තිවලට ගසන්ට පටන් ගත්තේය. උඩ සිටි සුප්‍රබුද්ධ මේ අසා ඒ කිනම් ශබ්දයක්දැයි විමසීය. මගුල් අසු මත්වී බිත්තිවලට ගසන ශබ්දය යයි දැනගත්තේය. ඒ අශ්වයාත් සුප්‍රබුද්ධ දැකම සන්සුන් වන්නෙකි. ඉන්පසු ඔහු අසු නැවැත්වීම සඳහා හුන් තැනින් නැගිට ද්වාරය දෙසට ආවේය. දොරවල් තමන්ම විවෘත විය. හිණිමග සිය ස්ථානයේම පිහිටියේය. දොරටුවේ සිටි මල්ලවයන් ඔහු බෙල්ලෙන් අල්ලාගෙන යටට තල්ලුකර දැම්මේය. මේ ආකාරයෙන්ම මහල් සතේම දොරවල් ඉබේම විවෘත විය. හිණිමං තිබුණු තැන්වලම නැවත පිහිටියේය. ඒ ඒ මහල්වල සිටි රැකවල්ලු ඔහු බෙල්ලෙන් අල්ලා යට මහල්වලටම තල්ලුකර දැම්මේය. ඉන්පසු ඔහු යටම මහලේ හිණිමංමුලට පැමිණෙනවාත් සමග මහපොළොව පැලී විවරව ඔහු පිළිගත්තේය. හෙතෙම ගොස් නිරයෙහි උපන්නේය.
දේශනා කෙළවර බොහෝ අය සෝවාන්ඵලාදියට පැමිණියාහුය.
පාපවර්ග වර්ණනාව නිමියේය.
නවවෙනි වර්ගයයි.
සාධු සූත්‍රය
සාවත්ථිනිදානං . අථ ඛො සම්බහුලා සතුල්ලපකායිකා දෙවතායො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො එකා දෙවතා භගවතො සන්තිකෙ ඉමං උදානං උදානෙසි -
‘‘සාධු ඛො, මාරිස, දානං;
මච්ඡෙරා ච පමාදා ච, එවං දානං න දීයති;
පුඤ්ඤං ආකඞ්ඛමානෙන, දෙය්‍යං හොති විජානතා’’ති.
අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං උදානං උදානෙසි -
‘‘සාධු ඛො, මාරිස, දානං;
අපි ච අප්පකස්මිම්පි සාහු දානං’’.
‘‘අප්පස්මෙකෙ පවෙච්ඡන්ති, බහුනෙකෙ න දිච්ඡරෙ;
අප්පස්මා දක්ඛිණා දින්නා, සහස්සෙන සමං මිතා’’ති.
අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං උදානං උදානෙසි -
‘‘සාධු ඛො, මාරිස, දානං; අප්පකස්මිම්පි සාහු දානං;
අපි ච සද්ධායපි සාහු දානං’’.
‘‘දානඤ්ච යුද්ධඤ්ච සමානමාහු,
අප්පාපි සන්තා බහුකෙ ජිනන්ති;
අප්පම්පි චෙ සද්දහානො දදාති,
තෙනෙව සො හොති සුඛී පරත්ථා’’ති.
අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං උදානං උදානෙසි -
‘‘සාධු ඛො, මාරිස, දානං; අප්පකස්මිම්පි සාහු දානං;
සද්ධායපි සාහු දානං; අපි ච ධම්මලද්ධස්සාපි සාහු දානං’’.
‘‘යො ධම්මලද්ධස්ස දදාති දානං,
උට්ඨානවීරියාධිගතස්ස ජන්තු;
අතික්කම්ම සො වෙතරණිං යමස්ස,
දිබ්බානි ඨානානි උපෙති මච්චො’’ති.
අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං උදානං උදානෙසි -
‘‘සාධු ඛො, මාරිස, දානං; අප්පකස්මිම්පි සාහු දානං;
සද්ධායපි සාහු දානං; ධම්මලද්ධස්සාපි සාහු දානං;
අපි ච විචෙය්‍ය දානම්පි සාහු දානං’’.
‘‘විචෙය්‍ය දානං සුගතප්පසත්ථං,
යෙ දක්ඛිණෙය්‍යා ඉධ ජීවලොකෙ;
එතෙසු දින්නානි මහප්ඵලානි,
බීජානි වුත්තානි යථා සුඛෙත්තෙ’’ති.
අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං උදානං උදානෙසි -
‘‘සාධු ඛො, මාරිස, දානං; අප්පකස්මිම්පි සාහු දානං;
සද්ධායපි සාහු දානං; ධම්මලද්ධස්සාපි සාහු දානං;
විචෙය්‍ය දානම්පි සාහු දානං; අපි ච පාණෙසුපි සාධු සංයමො’’.
‘‘යො පාණභූතානි (පාණභූතෙසු (සී. පී.)) අහෙඨයං චරං,
පරූපවාදා න කරොන්ති පාපං;
භීරුං පසංසන්ති න හි තත්ථ සූරං,
භයා හි සන්තො න කරොන්ති පාප’’න්ති.
අථ ඛො අපරා දෙවතා භගවන්තං එතදවොච - ‘‘කස්ස නු ඛො, භගවා, සුභාසිත’’න්ති?
‘‘සබ්බාසං වො සුභාසිතං පරියායෙන, අපි ච මමපි සුණාථ -
‘‘සද්ධා හි දානං බහුධා පසත්ථං,
දානා ච ඛො ධම්මපදංව සෙය්‍යො;
පුබ්බෙ ච හි පුබ්බතරෙ ච සන්තො,
නිබ්බානමෙවජ්ඣගමුං සපඤ්ඤා’’ති.
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි සතුල්ලපකායික නම්න් දන්නාලද බොහෝ දෙවි කෙනෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල මනා වර්‍ණ ඇත්තාහු සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්ාස් කරා එළඹුනාහ. එළඹ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත් පසෙක සිටියහ.
එක් පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කළේය.
“නිදුකානන් වහන්ස, දන් දීම යහපති.
“මසුරු බව නිසාත් ප්‍රමාදය නිසාත් මෙසේ දන් දෙනු නොලැබේ. පින් පල දන්නා, පින් නැමැත්තහු දන් දිය යුතු.”
එවිට වෙනත් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ප්‍රීති වාක්‍යය පහළ කෙළේය.
“නිදුකානන් වහන්ස, සැබව: දීම යහපත. තවද දාන වස්තු ස්වල්පයක් ඇති කලද දීම යහපත.
“ඇතැම්හු මඳ දෙයක් ඇති කලද දෙත්. ඇතැම්හු බොහෝ වස්තුව ඇතිවද නොදෙත්. මඳ දෙයින් දුන් දන, දහසක් ධන විසඳා දුන් දනට සමකොට ප්‍රමාණ කරනලදී.”
එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කළේය.
“නිදුකානන් වහන්ස, දීම යහපත. මඳ දෙයක් ඇති කල වුවද දීම යහපති. තවද ශ්‍රද්‍ධාවෙන් දීම යහපති.
“දානයද, යුද්‍ධයද සමාන කොට කියත්. යුද්‍ධයෙහි ටික දෙනෙක්වම බොහෝ (ෂතුරන්) දිනත්ද, එමෙන්ම මඳ දෙයක් වුවද කම්පල අදහමින් දෙන්නේද ඒ හේතුයෙන්ම ඔහු පරලෙව්හිදී සැප ඇතියෙක් වෙයි.”
එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කළේය. “නිදුකානන් වහන්ස, දීම යහපත. මඳක් ඇතිකලද දීම යහපත. ශ්‍රද්‍ධායෙන් දීමද යහපත. එහෙත් දැහැමින් ලත් වස්තුව ආර්‍ය්‍ය පුද්ගලයෙකුට දීමම යහපත.”
“යම් සත්‍වයෙක් නොපසුබට වීර්‍ය්‍යයෙන් සැපයූ, දැහැමින් ලත් වස්තුව දන්දේද, හෙතෙම යමයාගේ වේකරණී නිරය ඉක්මවා ගොස් දිව්‍යලෝකයට පැමිණේ.’
එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත මේ ප්‍රීති වාක්‍යය පහළ කළේය.
“නිදුකානන් වහන්ස, දීම යහපත. මඳ දෙයක් ඇතිකල දීමද යහපත. ශ්‍රද්‍ධාවෙන් දීමද යහපත. දැහැමෙන් සැපයූ දෙයින් දීමද යහපත. එහෙත් දෙන දෙයක් සොයා බලා දීම යහපති.”
“පරීක්‍ෂාකොට බලා දීම බුද්ධාදී උතුමන් විසින් පසස්නාලදී. මේ සත්ත්‍ව ලෝකයෙහි දෙන දේ ලබන්නට සුදුසු පුද්ගල කෙනෙක් වෙත්ද, ඔවුන්ට දුන් දන් මහත්ඵලය. සරු කෙතක වැපුරූ ධාන්‍ය මෙනි.”
එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කළේය.
“නිදුකානන් වහන්ස, දීම යහපත්මය. මඳ දෙයක් ඇතිකල එයින් දීමද යහපත්මය. සැදැහැයෙන් දීමද යහපත්මය. දැහැමින් ලත් දෙයින් දීමද යහපත්මය. විමසා බලා දීමද යහපත්මය. තවද ප්‍රාණවධයෙන් වැළැක්මද යහපත.
“යමෙක් සතුන් කෙරේ හිංසා නොකොට හැසිරෙනුයේ අනුන්ගෙන් ලැබෙන චෝදනාවට බියෙන් ප්‍රාණඝාත ආදී පවු නොකෙරේද, ඒ බිය තැනැත්තා (නුවණැත්තෝ) පසසත්. එහි (පවට) බියනැති ප්‍රාණවධයෙහි දක්‍ෂයා ඔවුහු නොපසසත්. සත්පුරුෂයෝ (පවට) බියෙන් පව් නොකෙරෙත්.”
එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේට, “භාග්‍යවතුන් වහන්ස,” (මොවුන්ගෙන්) කාගේ නම් කීම මැනැවින් කියන ලද්දේදැ” යි කීය.
(එවිට භාග්‍යවතුන් වහන්සේ) “තොප හැම කීදේම ඒ එ ්කාරණය අනුව යහපත්ය. එහෙත් මාගේ වචනද අසවු.
“සැදැහැයෙන් දීම බොහෝ ලෙස පසස්නා ලදී. එහෙත් දානයට වඩා ධර්‍මපදය (නිවන) උතුමි. පෙර සිටියාවූද වඩාත් පෙර සිටියාවූද නුවණ ඇති සත්පුරුෂයෝ නිර්‍වාණයම ලැබූහ” යි. (වදාළ සේක.)
.
පහාරාද සූත්‍රය
බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...
-
බදුල්ල, බණ්ඩාරවෙල පාර ශ්‍රී ගෞතම සමාධි බුද්ධ මන්දීරයේ දර්ශනපති බඩල්කුඹුරේ ධම්මසිද්ධි හිමි ලොව්තුරා තථාගත අමාමෑණි බුදුරජාණන් වහන්සේගේ පළම...
-
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය පරම...
-
ඛුද්දක නිකායෙහි උදාන පාලිය: මුචලින්ද නා රජුගේ බුද්ධ උපස්ථානය මහමෙව්නා භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ සහ අනුශාසක කිරිබත්ගොඩ ඤාණානන්ද...