Monday, February 8, 2021
ඛත්තිය සූත්‍රය
Sunday, February 7, 2021
නත්ථිපුත්තසමසුත්තං
සාවත්ථිනිදානං. එකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි -
‘‘නත්ථි පුත්තසමං පෙමං, නත්ථි ගොසමිතං ධනං;
නත්ථි සූරියසමා (සුරියසමා (සී. ස්‍යා. කං. පී.)) ආභා, සමුද්දපරමා සරා’’ති.
‘‘නත්ථි අත්තසමං පෙමං, නත්ථි ධඤ්ඤසමං ධනං;
නත්ථි පඤ්ඤාසමා ආභා, වුට්ඨි වෙ පරමා සරා’’ති.
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එතල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත් පසෙක සිටියේය.
එක් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ගාථාව කීය:
“පුත්‍ර ප්‍රේමය බඳු අන් ප්‍රේමයක් නැත. ගවසම්පත වැනි වෙන සම්පතෙක් නැත. හිරුට සමවූ වෙන එළියෙක් නැත. මුහුද බඳුවූ අන් විලක් නැත.”
(එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:)
“තමා කෙරෙහි ප්‍රේමය බඳු ප්‍රේමයක් වෙන නැත. ධාන්‍ය හා සමාන ධනයෙක් නැත. ප්‍රඥාව හා සමාන ආලෝකයෙක් නැත. වැස්ස හා සමාන විලක් නැත
Friday, February 5, 2021
නන්‍දති සූත්‍රය
-
බදුල්ල, බණ්ඩාරවෙල පාර ශ්‍රී ගෞතම සමාධි බුද්ධ මන්දීරයේ දර්ශනපති බඩල්කුඹුරේ ධම්මසිද්ධි හිමි ලොව්තුරා තථාගත අමාමෑණි බුදුරජාණන් වහන්සේගේ පළම...
-
තමන්ගේ ස්වභාවය පිළිබඳව මනා වූ අවබෝධයක් ලබා ගැනීමට කන්දරක සූත්‍රය පිටුවහලක් වන්නේය. ඒ තත්කාලීන සමාජය අධ්‍යනය කිරීමෙන් බුදුරජාණන් වහන්සේ එදා...
-
ඛුද්දක නිකායෙහි උදාන පාලිය: මුචලින්ද නා රජුගේ බුද්ධ උපස්ථානය මහමෙව්නා භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ සහ අනුශාසක කිරිබත්ගොඩ ඤාණානන්ද...

