Thursday, February 4, 2021

1.59 Kosalavihāri Theragatha

නන්‍දන සූත්‍රය



එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘භික්ඛවො’’ති. ‘‘භදන්තෙ’’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -

‘‘භූතපුබ්බං, භික්ඛවෙ, අඤ්ඤතරා තාවතිංසකායිකා දෙවතා නන්දනෙ වනෙ අච්ඡරාසඞ්ඝපරිවුතා දිබ්බෙහි පඤ්චහි කාමගුණෙහි සමප්පිතා සමඞ්ගීභූතා පරිචාරියමානා (පරිචාරියමානා (ස්‍යා. කං. ක.)) තායං වෙලායං ඉමං ගාථං අභාසි -

‘‘න තෙ සුඛං පජානන්ති, යෙ න පස්සන්ති නන්දනං;

ආවාසං නරදෙවානං, තිදසානං යසස්සින’’න්ති.

‘‘එවං වුත්තෙ, භික්ඛවෙ, අඤ්ඤතරා දෙවතා තං දෙවතං ගාථාය පච්චභාසි -

‘‘න ත්වං බාලෙ පජානාසි, යථා අරහතං වචො;

අනිච්චා සබ්බසඞ්ඛාරා (සබ්බෙ සඞ්ඛාරා (සී. ස්‍යා. කං.)), උප්පාදවයධම්මිනො;

උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති, තෙසං වූපසමො සුඛො’’ති.


මා විසින් මෙසේ අසන ලදී. එත් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එකල්හ් වනාහි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” කියා භික්‍ෂූන්ට කථා කළසේක.

“පින්වතුන් වහන්සැ” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, පෙර වූවක් කියමි. තව්තිසා දෙව්ලෝ වැසි එක්තරා දෙවියෙක් නන්‍දන වනයෙහි දෙවඟනන් සමූහයා විසින් පිරිවරන ලද්දේ, දිව්‍යමයවූ පඤචකාම සම්පත්තීන් යුක්තවූයේ, සමන්විතවූයේ, රූප ශබ්දාදියෙන් විනෝද වනුයේ ඒ වේලාවෙහි මේ ගාථාව කීය:

“පරිවාර සම්පත් ඇති තව්තිසා දෙවියන්ගේ වාසස්ථානයවූ නන්‍දනවනය යම් කෙනෙක් නොදකිත්නම්, ඔවුහු සැප නම් කිමෙක්දැයි නොදක්නාහ.” යනුයි.

මෙසේ කී කළ වෙනත් දෙවියෙක් ඒ දෙවියාට :

“අනුවණය, රහතුන්ගේ වචනය යම්සේ නම් එසේ තෝ නොදන්නෙහිය. සියලු සංස්කාරයෝ අනිත්‍යයහ. (ඔහු) ඉපැදීම හා නැස්ම ස්වභාවයකොට ඇතියහ. ඒ සියල්ල ඉපිද නැසෙත්. ඒ සංස්කාරයන්ගේ සංසිඳීම (නිවන) ම සැප වේයැ’යි ගාථාවෙකින් පෙරළා කීය.”


Na Uyane Ariyadhamma Thero


 

Wednesday, February 3, 2021

අරඤඤ සූත්‍රය



සාවත්ථිනිදානං . එකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවන්තං ගාථාය අජ්ඣභාසි -
‘‘අරඤ්ඤෙ විහරන්තානං, සන්තානං බ්‍රහ්මචාරිනං;
එකභත්තං භුඤ්ජමානානං, කෙන වණ්ණො පසීදතී’’ති.
‘‘අතීතං නානුසොචන්ති, නප්පජප්පන්ති නාගතං;
පච්චුප්පන්නෙන යාපෙන්ති, තෙන වණ්ණො පසීදති’’.
‘‘අනාගතප්පජප්පාය, අතීතස්සානුසොචනා;
එතෙන බාලා සුස්සන්ති, නළොව හරිතො ලුතො’’ති.

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල වනාහි එක්තරා දේවතාවෙක් රෑ පෙරයම ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් සමීපයෙහි මේ ගාථාව කීය:
“වනයෙහි වසන, එක් වේලක් පමණක් වළඳන, ශාන්තවූ බ්‍රහ්මචාරීන්ගේ (ශරීර) වර්‍ණය කවරහෙයකින් ප්‍රසන්න වේද?”
“වනයෙහි වසන (ඒ භික්‍ෂූහු) ගිය දේ ගැන ශෝක නොකෙරෙත්. (නොපතත්) දැන් ලත් දෙයෙකින් යැපෙත්. එහෙයින් ඔවුන්ගේ (ශරීර) වර්‍ණය ප්‍රසන්න වේ.”
“නොපැමිණි දේ පැතීමෙන්ද, ගිය දේ ගැන ශෝක කිරීමෙන්ද, අනුවණයෝ රත්වූ ගලක් මත්තෙහි කපා දැමූ ළා බට දණ්ඩක් සේ වියලෙත්.” (භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.)

Na Uyane Ariyadhamma Thero