Tuesday, February 2, 2021

1.58 Ramaṇīyakuṭika Theragatha




මානකාමසුත්තං

 



මානකාමසුත්තං  9. මානකාම සූත්‍රය  

9

සාවත්ථිනිදානං. එකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි -

‘‘න මානකාමස්ස දමො ඉධත්ථි,

න මොනමත්ථි අසමාහිතස්ස;

එකො අරඤ්ඤෙ විහරං පමත්තො,

න මච්චුධෙය්‍යස්ස තරෙය්‍ය පාර’’න්ති.

‘‘මානං පහාය සුසමාහිතත්තො,

සුචෙතසො සබ්බධි විප්පමුත්තො;

එකො අරඤ්ඤෙ විහරං අප්පමත්තො,

ස මච්චුධෙය්‍යස්ස තරෙය්‍ය පාර’’න්ති.



මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එකල එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.

එක් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේට මේ ගාථාව කීය:

“මේ ලෝකයෙහි මානය කැමැත්තහුට සිතෙහි දමනයක් නැත. (එහෙයින්ම) සමාධියට නොපැමිණි (එකඟ නොවූ) සිතැත්තහුට මුනි බවෙක් නැත. (එසේවූ) ප්‍රමාදව හුදෙකලාව වෙනෙහි වසන්නේ නමුදු, මරහු සිටින තැනින් (සසරින්) එගොඩ යාගත නොහෙන්නේය.”

“මානය දුරලා මොනොවට එකඟවූ සිතැත්තේ ප්‍රඥායෙන් යුක්තවූයේ, විශේෂයෙන් මිදුණේ, හුදෙකලාව වෙනෙහි පමා නොවී වසනුයේ ඔහු සසර ඉක්මවා එගොඩ (නිවනට) පැමිණෙන්නේය” යි (භාග්‍යවතුන් වහන්සේ කී සේක.)


පූජ්‍ය මක්‌කානිගොඩ අස්‌සජි හිමි
 
 දිනක්‌ බුදුරදුන් හමුවට ආ එක්‌ දේවතාවෙක්‌ ගාථාවක්‌ ප්‍රකාශ කරමින් මෙබඳු අදහසක්‌ ඉදිරිපත් කර ඇත. මානය කැමැත්තහුට දමයෙක්‌ (හිතෙහි සන්සුන් පැවැත්මෙක්‌) නැත. සමාධියක්‌ නැත්තහුට මෞනයෙක්‌ (සිවුමඟ නුවණෙක්‌) නැත. වනයෙහි හුදකලා ව ප්‍රමත්ත ව වෙසෙන්නේ සසර පරතෙරට හෙවත් නිවනට නො පැමිණෙන්නේය. මෙම අදහස ගාථාවකින් ඉදිරිපත් කෙරුණ අතර ඊට බුදුරජාණන් වහන්සේ පහත සඳහන් ගාථාවෙන් පිළිතුරු සපයා ඇත.
 
 "මානං පහාය සුසමාහිතත්තො - සුචෙතසො සබ්බධි විප්පමුත්තො
 
 එකො අරඤ්ඤෙ විහරං අප්පමත්තො - සමච්චුදෙය්‍යයස්‌ස තරෙය්‍ය පාරන්ති"
 
 එහි තේරුම නම් මානය දුරලා මැනවින් එකඟ වූ සිත් ඇති සියලු උපධීන්ගෙන් මිදුණු අප්‍රමත්තව හුදකලාව වෙනෙහි වෙසෙන හෙතෙමේ සසර පරතෙරට පැමිණෙන්නේ යි යන්නය.
 
 පුහුදුන් පුද්ගලයාගේ ස්‌වභාවය කෙලෙස්‌ හරිතව ජීවත් වීමයි. ආත්ම දෘෂ්ටිය පෙරටුවම සියල්ල සිදුකරනු ලැබේ. නුවණ මද කම නිසා මානය අහංකාර කම වැනි පාපී සිතුවිලිවලින් ම නිතර දැවෙයි. දූෂිත වූ සිතෙන් සිදුවන සියලුම ක්‍රියා අකුසල්ය. ධනය නිලය බලය කුලය නිදසුන්ය. මානයද එබදු අකුසලයකි. මානය යනු මැනීම යි. ප්‍රථඡ්ජන බව නිසා විවිධාකාරයෙන් ඔවුනොවුන් මනිනු ලබයි. පැරණි බුද්ධ කාලීන සමාජයෙහි කුලමානය තදින්ම පැවතුණි. බ්‍රාහ්මණ, ක්‍ෂත්‍රිය කුල පිළිවෙළින් මහා බ්‍රහ්මයාගේ මුවෙන් හා බාහු යුග්මයෙන් බිහිවූ බව ප්‍රකාශ කර ඇත. ඔවුන් සමාජයේ ඉහළින්ම වැජඹුණ අතර අන් හැම දෙනාම ඉහත කී කුලදෙකට ගරුකටයුතු විය. පහත්ම පිරිස වූයේ ශුද්‍රයන්ය. ඔවුන් සැමට බැලමෙහෙවර කළ යුතු විය. කුලයට අනුව රැකියාවද තීරණය වී තිබුණි. වැඩවසම් සමාජය තුළින්ද ඊට සමාන ක්‍රියාවලියක්‌ දක්‌නට ලැබුණි. ඉඩම් හිමි ධනේෂ්වර ප්‍රභූ පිරිසට දාසකම් කිරීමට සිදුව ඇත. නූතන සමාජය තුළ පංති භේදයක්‌ නිර්මාණය වී ඇත්තේද ඊට අනුරූපවය. ධනය නිලය බලය වැනි සංසිද්ධීන් මානය උපදවා ලයි. ජාතියෙන්, ධනයෙන්, ග්‍රෝත්‍රයෙන් අහංකාරව මානයෙන් තම ඥතීන් නොසලකා හරින්නන් පිරිහෙන බව පරාභව සූත්‍රයෙන් පෙන්වා දී ඇත. මානයෙන් අන් අය නොතකා හැර ක්‍රියාකළ ජන්ම හිමියන්ට බ්‍රහ්ම දණ්‌ඩනය පනවා හික්‌මවාලූ බව සාසන ඉතිහාසය කියයි. සසර ගතව පැමිණෙන මානය රහත් බවින් නැසුවද එම වාසනා ගුණය නිසා රහත්වී සිටියදීත් අන් අයට පිරිහෙළා කථා කළ පුවත් වලින් පෙනේ. මානාධික බමුණකු බුදුරජාණන් වහන්සේට වසලයා මුඩුමහණා යනුවෙන් පිරිහෙලා කථා කළ බව අග්ගික භාරද්වාජ සූත්‍රයෙන් හෙළිවෙයි.
 
 මානය දස සංයෝජනයන්ට අයත්ය. එහි ආකාර නවයකි. නව විධ මානය යනුවෙන් හැඳින්වෙන්නේ එයයි. මානය අභිබවා ගිය අතිමානයක්‌ද ඇත. මානය නිසා විවිධ අකුසල් රැස්‌කරයි. අන් අය තලා පෙළා හෙළා කථාකරන්නේ ක්‍රියාකරන්නේ මානය නිසා වෙනි. අත්තුක්‌කංසනය පරවම්භනය යන තමා උසස්‌ කොට සිතීමත් අන් අය පහත්කොට සැලකීමත් සිදුවන්නේ එහි බලපෑමෙනි. මානය නැසිය හැක්‌කේ රහත් මාර්ග ඥනයෙනි. මානයෙහි ප්‍රතිවිරුද්ධ පැත්තක්‌ද ඇත. එය අනතිමානී බවයි. මානයෙන් තොරවීම නිහතමානීත්වයයි. එම ස්‌වභාවය උපමා කොට ඇත්තේ පාපිස්‌නා බිස්‌නකටය.
 
 මෙම සූත්‍රයේදී පෙන්වා දෙන්නේ මානය දුරලීමේ වටිනාකම ය. මානය දමනය කළ යුත්තකි. එයව සමාධිපාක්‍ෂික ධර්මයකි. අටුවාවට අනුව දමෝ යන පදය විවිධ අර්ථවල යෙදී ඇත. නිදසුන් දක්‌වන අටුවාව "සච්ෙච්න දන්තො දමසා උපේතො වෙදන්තගු වුසිත බ්‍රහ්මචරියො" යන තැන ඉන්ද්‍රිය දමනය දම යන්නෙන් අදහස්‌ කර ඇති බවත් "යදි සච්චා දමා චාගා ඛන්ත්‍යා භියේ‍යා න විඡ්ජති" යන තැන ප්‍රඥව ඉන් අදහස්‌කර ඇති බව දැක්‌වෙයි. දමනය යන්නෙන් උපෝසථ කර්මය යන්නත් අධිවාසන ක්‍ෂාන්තියත් අදහස්‌ කර ඇතැයි වැඩිදුරටත් දක්‌වා ඇත.
 
 පළමු ගාථාවෙහි දෙවන පාදයෙහි සඳහන් වන මොනමන්ථි අසමාහිතස්‌ස යන තැනද අවධානයට ලක්‌විය යුතුය. මොනං යන්නේ අදහස්‌ කරන්නේ දුක්‌ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුරාර්ය සත්‍ය පිළිබඳ වැටහීම යි. මානයෙන් යුක්‌ත වූවහුට සිතේ එකඟ බව නොමැති බැවින් සමාධියක්‌ නොලද හැකිය. එවැන්නෙක්‌ තුළ සිව්මඟ පිළිබඳ වැටහීමක්‌ කැලම නැත. අසමාහිතස්‌ස යනු නොවුවහු යන්නයි. සසර පැවැත්මට උදව් කරන්නේ මාරයා යි. සත්වයා අකුසලයට නැඹුරු කරවමින් සසර දිග්ගස්‌සන්නේ ඔහුය. මාරයාට වසඟ වූ එවන් අයෙක්‌ වනයක විසුවත් ප්‍රමාදී බව නිසාම භවගාමී වෙයි. සසරින් එතෙරට යා ගත නොහේ.
 
 දෙවන ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වාදී ඇත්තේ සසරින් මිදෙන්නේ කවරෙක්‌ද යන්නයි. ඒ අනුව මානය පහකළ යුතුය. මානං පහාය යනු ඒ අර්ථයි. මානය ප්‍රහාණය කළ හැක්‌කේ අරහත් මාර්ගයෙනි. අනාගාමී තත්ත්වයට පත්වන විට මුල් සංයෝජන ධර්ම පහක්‌ සමුච්ඡේද ප්‍රහාණයෙන් ප්‍රහාණය කර අවසන්ය. එනම් සක්‌කාය දිට්‌ඨි විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කාමරාග ව්‍යාපාද යන පස යි. අර්හත් මාර්ග ඥානයෙන් නසා දමන්නේ රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිඡ්ජා යන ධර්ම පසයි. සිත මනාව පිහිටන්නේ සුසමාහිත බව තුළයි. සමථ භාවනාව වඩන්නා තුළ ප්‍රගුණ වන උපචාර අපර්ණා සමාධිය මැනවින් ගොඩනැඟෙයි. සුෙච්තසො කර්මඵල විශ්වාසය සහිත ඥන සම්ප්‍රයුක්‌ත ස්‌වභාවයෙන් යුතු මනා සිතකි. සියලු උපාධීන්ගෙන් මිදීම සබ්බධි විප්පමුත්තො යනනෙහි අර්ථය යි. ආත්ම දෘෂ්ටියෙන් මිදී සත්ත්ව පුද්ගල සංඥවෙන් තොරව ස්‌ඛන්ධ ධාතු ආයතනාදි වශයෙන් තේරුම් ගෙන ජීවිතය හා ලෝකය පිළිබඳ යථාභූතඥානය උදාකර ගැනීම තුළින් නිවන ප්‍රතිවේධය කිරීම මෙහි අදහසයි.
 
 මෙම සූත්‍රය මගින් ත්‍රිවිධ ශික්‍ෂාව එනම් ශීල සමාධි ප්‍රඥ යන තුන ප්‍රධාන කර ගත් නිවන් මඟ දක්‌වා ඇත. මානය ප්‍රහාණය කිරීම තුළින් අධිශීල ශික්‍ෂාවත් සුසමාහිත චිත්තො යන්නෙන් අධිචිත්ත ශික්‍ෂාවත් සුචෙතසො යන්නෙන් අධි ප්‍රඥ ශික්‍ෂාවත් දක්‌වා ඇති බව අටුවා මතය යි.
 
 අප්‍රමාදී බව මෙලොව පරලොව යන උභයාථ_යටම අවශ්‍ය ගුණධර්මයකි. ධම්මපදයෙහි අප්පමාද වග්ගයෙහි ප්‍රමාද බවෙහි ආදීනවත් අප්‍රමාදයෙහි ආනිශංසයත් පැහැදිලි කර ඇත. ප්‍රමාදය මරණයට කාරණාවක්‌ බවත් අප්‍රමාදී බව නිවනට කරුණක්‌ බවත් දේශනා කොට ඇත. එසේම අප්‍රමාදී පුද්ගලයා නොමියෙන බවත් ප්‍රමාදී පුද්ගලයා ජීවත් වුවත් මළ මිනියක්‌ හා සමාන බවත් එහිම සඳහන් කොට ඇත. බුදුහිමියන්ගේ අන්තිම අවවාදය ද පමා නොවී ගුණ ධර්ම රැස්‌කරන ලෙසයි. යමෙක්‌ මානය සම්පූර්ණයෙන් දුරු කොට එකඟ වූ සිත් ඇතිව සියලු උපාධීන්ගෙන් මිදී අප්‍රමාදී විහාරයෙන් හුදකලාව අරණ්‍යයෙහි වාසය කරන්නේ නම් සසර තරණය කර නිවනට පැමිණෙන බව පැහැදිලිය.
 
 (සංයුක්‌ත නිකාය දේවතා සංයුක්‌තය නළ වග්ගය න මානකාම සූත්‍



Na Uyane Ariyadhamma Thero


 

Sunday, January 31, 2021

අප්පටිවිදිත සූත්‍රය


සාවත්ථිනිදානං . එකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි -
‘‘යෙසං ධම්මා අප්පටිවිදිතා, පරවාදෙසු නීයරෙ (නිය්‍යරෙ (ක.));
සුත්තා තෙ නප්පබුජ්ඣන්ති, කාලො තෙසං පබුජ්ඣිතු’’න්ති.
‘‘යෙසං ධම්මා සුප්පටිවිදිතා, පරවාදෙසු න නීයරෙ;
තෙ සම්බුද්ධා සම්මදඤ්ඤා, චරන්ති විසමෙ සම’’න්ති.


මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හිබබළන ශරීර වර්‍ණ ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන්වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන්වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.
එක් පසෙක සිටි ඒ දෙවතාවා භාග්‍යවතුන්වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“යම් කෙනෙකුන් විසින් ධර්‍මයෝ හාත්පසින් අවබෝධ නොකරන ලද්දෝද ඔවුහු මිත්‍ථ්‍යාදෘෂ්ටීන් කරා ගෙනයනු ලැබෙත්. (සංසාරයෙහි) නිදිගත් ඔවුහු නොපුබුදිත්. ඔවුන්ට පිබිදෙන්නට දැන් කාලයයි.”
“යම් කෙනෙකුන් විසින් ධර්‍මයෝ හාත්පසින් අවබෝධ කරන ලද්දෝද, ඔවුහු මිත්‍ථ්‍යාදෘෂ්ටීන් කරා ගෙනයනු නොලැබෙත්. මනාකොට දැන අවබෝධ කළ උතුමෝ (බුදුවරයෝ) විෂමයෙහි සමව හැසිරෙත්





Na Uyane Ariyadhamma Thero

 

Saturday, January 30, 2021

ජාගර සූත්‍රය


සාවත්ථිනිදානං. එකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි -
‘‘කති ජාගරතං සුත්තා, කති සුත්තෙසු ජාගරා;
කතිභි (කතීහි (සී.)) රජමාදෙති, කතිභි (කතීහි (සී.)) පරිසුජ්ඣතී’’ති.
‘‘පඤ්ච ජාගරතං සුත්තා, පඤ්ච සුත්තෙසු ජාගරා;
පඤ්චභි (පඤ්චහි (සී.)) රජමාදෙති, පඤ්චභි (පඤ්චහි (සී.)) පරිසුජ්ඣතී’’ති.

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්මගිය කල්හි බබළන ශරීර වර්‍ණ ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය.
එක් පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මෙී ගාථාව කීය:
“කීදෙනෙකුන් පිබිද සිටින කල්හි කීදෙනෙක් නින්‍දට පැමිණියෝද ? කීදෙනෙකුන් නිදාගත් කල්හි කීදෙනෙක් පිබිද ඉන්නාහුද? කීයෙකින් (කෙලෙස්) ධූලි අල්ලා ගනීද? කීයෙකින් පිරිසිදූවේද?”
“පස් දෙනෙකුන් (පඤෙචන්‍ද්‍රිය ධර්‍මයන්) පිබිද සිටින කල පස්දෙනෙක් (පඤච නීවරණයෝ) නිදා ඉන්නාහුය. පස්දෙනෙකුන් (පඤචනීවරණයන්) නිදිගත්කල පස්දෙනෙක් (පඤෙචන්‍ද්‍රිය ධර්‍මයෝ) පිබිද සිටින්නාහ. පස් දැයෙකින් (පඤචනීවරණයන් නිසා) කෙලෙස් ධූලි අල්ලාගනී. කරුණු පසක් කරණ කොටගෙන (ශ්‍රද්ධාදී පඤෙචන්‍ද්‍රියයන් නිසා) පිරිසිදුවේ.” (භග්‍යවතුන් වහන්සේ වදාළසේක.)
සංයුක්ත නිකායේ දේවතා සංයුත්තයේ තිබෙනවා “ජාගර සූත්‍රය” නමින් සූත්‍රයක්. දිනක් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටිද්දී එක්තරා දෙවිවරු පිරිසක් ඇවිදින් අසනවා ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, පිරිසක් නිදන විට කවුද අවදියෙන් සිටින්නේ? ඒ පිරිස අවදිවන විට වහා නින්දට යන පිරිස කවුරුන්ද?

බුදුරජාණන් වහන්සේ වදාළා දෙවිය, නිදිවරන පස් දෙනෙක් සිටිනවා. ඒ පස් දෙනා නිදාගත්විට අවදියෙන් සිටින පස් දෙනෙක්ද සිටිනවා. කවුද මේ නිදා ගන්න පස්දෙනා. ශ්‍රද්ධා, (තුණුරුවන් කෙරෙහි ඇති පැහැදීම) විරිය (අකුසලයට යන සිත කුසලයට ගන්න කරන උත්සාහය) සති (යහපත් සිහිය), සමාධි (විසුරුණු සිත එක්තැන් කිරීම), ප්‍රඥාව (ඤාණය උසස් කර ගැනීම) මේ පස් දෙනා යම් කෙනෙකුගේ සිතක නිදාගෙන නම් වහා අවදිවන පස්දෙනා වන්නේ කාමච්ඡන්දය (පස්කම්සුවය පසුපස හඹා යෑම), ව්‍යාපාදය (අනුන් නසන්න ඝාතනය කරන්න ඇතිවන ක්‍රෝධය), ථීනමිද්ධය (සිතෙයි සහ කයෙහි සිතිවිලිවල ඇතිවන බොහෝම අලස ගතිය),උද්දච්ච කුක්කුච්ච ( විසුරුණ ගතිය පසුතැවීම), විචිකිච්ඡා (තුණුරුවන් කෙරෙහි ඇතිවන සැකය, අතීත භවයක් තිබුණාද? අනාගත භවයක් තිබේද? ආදියයි). මේ පහ වහා අවදි වෙනවා ශ්‍රද්ධා, සීල, සති, සමාධි, ප්‍රඥා නිදාගෙන සිටිනවානම් හැදිය යුතු දේ අතරට වැඩිය යුතු දේ අතරට වටිනාම දේ වන්නේ සිත හදා ගැනීමයි. චිත්ත අභ්‍යාස පුහුණුවයි. එසේනම් පහක් නිදන විට පහක් ඇස අරිනවා. ඒ පහ නිදන විට අනෙක් පහ ඇස අරිනවා.

http://www.budusarana.lk/budusarana/2016/08/17/tmp.asp?ID=vision10



පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...