Saturday, January 30, 2021

ජාගර සූත්‍රය


සාවත්ථිනිදානං. එකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි -
‘‘කති ජාගරතං සුත්තා, කති සුත්තෙසු ජාගරා;
කතිභි (කතීහි (සී.)) රජමාදෙති, කතිභි (කතීහි (සී.)) පරිසුජ්ඣතී’’ති.
‘‘පඤ්ච ජාගරතං සුත්තා, පඤ්ච සුත්තෙසු ජාගරා;
පඤ්චභි (පඤ්චහි (සී.)) රජමාදෙති, පඤ්චභි (පඤ්චහි (සී.)) පරිසුජ්ඣතී’’ති.

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්මගිය කල්හි බබළන ශරීර වර්‍ණ ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය.
එක් පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මෙී ගාථාව කීය:
“කීදෙනෙකුන් පිබිද සිටින කල්හි කීදෙනෙක් නින්‍දට පැමිණියෝද ? කීදෙනෙකුන් නිදාගත් කල්හි කීදෙනෙක් පිබිද ඉන්නාහුද? කීයෙකින් (කෙලෙස්) ධූලි අල්ලා ගනීද? කීයෙකින් පිරිසිදූවේද?”
“පස් දෙනෙකුන් (පඤෙචන්‍ද්‍රිය ධර්‍මයන්) පිබිද සිටින කල පස්දෙනෙක් (පඤච නීවරණයෝ) නිදා ඉන්නාහුය. පස්දෙනෙකුන් (පඤචනීවරණයන්) නිදිගත්කල පස්දෙනෙක් (පඤෙචන්‍ද්‍රිය ධර්‍මයෝ) පිබිද සිටින්නාහ. පස් දැයෙකින් (පඤචනීවරණයන් නිසා) කෙලෙස් ධූලි අල්ලාගනී. කරුණු පසක් කරණ කොටගෙන (ශ්‍රද්ධාදී පඤෙචන්‍ද්‍රියයන් නිසා) පිරිසිදුවේ.” (භග්‍යවතුන් වහන්සේ වදාළසේක.)
සංයුක්ත නිකායේ දේවතා සංයුත්තයේ තිබෙනවා “ජාගර සූත්‍රය” නමින් සූත්‍රයක්. දිනක් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටිද්දී එක්තරා දෙවිවරු පිරිසක් ඇවිදින් අසනවා ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, පිරිසක් නිදන විට කවුද අවදියෙන් සිටින්නේ? ඒ පිරිස අවදිවන විට වහා නින්දට යන පිරිස කවුරුන්ද?

බුදුරජාණන් වහන්සේ වදාළා දෙවිය, නිදිවරන පස් දෙනෙක් සිටිනවා. ඒ පස් දෙනා නිදාගත්විට අවදියෙන් සිටින පස් දෙනෙක්ද සිටිනවා. කවුද මේ නිදා ගන්න පස්දෙනා. ශ්‍රද්ධා, (තුණුරුවන් කෙරෙහි ඇති පැහැදීම) විරිය (අකුසලයට යන සිත කුසලයට ගන්න කරන උත්සාහය) සති (යහපත් සිහිය), සමාධි (විසුරුණු සිත එක්තැන් කිරීම), ප්‍රඥාව (ඤාණය උසස් කර ගැනීම) මේ පස් දෙනා යම් කෙනෙකුගේ සිතක නිදාගෙන නම් වහා අවදිවන පස්දෙනා වන්නේ කාමච්ඡන්දය (පස්කම්සුවය පසුපස හඹා යෑම), ව්‍යාපාදය (අනුන් නසන්න ඝාතනය කරන්න ඇතිවන ක්‍රෝධය), ථීනමිද්ධය (සිතෙයි සහ කයෙහි සිතිවිලිවල ඇතිවන බොහෝම අලස ගතිය),උද්දච්ච කුක්කුච්ච ( විසුරුණ ගතිය පසුතැවීම), විචිකිච්ඡා (තුණුරුවන් කෙරෙහි ඇතිවන සැකය, අතීත භවයක් තිබුණාද? අනාගත භවයක් තිබේද? ආදියයි). මේ පහ වහා අවදි වෙනවා ශ්‍රද්ධා, සීල, සති, සමාධි, ප්‍රඥා නිදාගෙන සිටිනවානම් හැදිය යුතු දේ අතරට වැඩිය යුතු දේ අතරට වටිනාම දේ වන්නේ සිත හදා ගැනීමයි. චිත්ත අභ්‍යාස පුහුණුවයි. එසේනම් පහක් නිදන විට පහක් ඇස අරිනවා. ඒ පහ නිදන විට අනෙක් පහ ඇස අරිනවා.

http://www.budusarana.lk/budusarana/2016/08/17/tmp.asp?ID=vision10



No comments:

Post a Comment

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...