Tuesday, December 1, 2020
Monday, November 30, 2020
අනුත්තර වූ බැබලීම-පජ්ජෝත සූත්‍රය
අනුත්තර වූ බැබලීම-පජ්ජෝත සූත්‍රය
Jan 16, 2018 | දේවතා සංයුක්තය, සදහම් සඟරාව, සූත්‍ර වර්ණනා | 0
ලෝකය ස්වභාවික ප්‍රභවයන් වූ හිරුසඳු මෙන්ම මිනිසා විසින් නිපදවන ලද කෘතිම ප්‍රභවයන්ගෙන්ද ආලෝකමත් වෙයි. ඒ සෑම එළියක්නිම වන බැබලීමකටම පැතිරිය හැකි සීමාවක් ඇත. ඉන් ඔබ්බෙහි වූ ප්‍රදේශය බබුළුවන්නට එම ආලෝකයන්ට නොහැක. බුදුරජාණන් වහන්සේගේ බැබලීම, ආලෝකය අනුත්තරීය වූවකි. අනුත්තරීය යන්නෙහි අදහස නම් ඊට වඩා උසස් දෙයක් නැති බවයි. තථාගතයන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වෙසෙන සමයක එහි පැමිණි දෙවි කෙනෙක් මේ පිළිබඳව ප්‍රශ්නයක් ඇසුවේය.
“යමෙකින් ලොව බබලයි නම් එබඳු එළි ලොව කෙතෙක්ද? අප ඒ කාරණය භාග්‍යවතුන් වහන්සේගෙන් දැනගන්නට පැමිණ කෙසේ දැන ගන්නෙමුද?”
ඊට පිළිතුරු වශයෙන් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
“චත්තාරෝ ලොකේ පජ්ජෝතෝ – පඤ්චමෙත්ථ න විජ්ජති
දිවා තපති ආදිච්චෝ – රත්තිං ආභාති චන්දිමා
අථ අග්ගි දිවාරත්තිං – තත්ථ තත්ථ පකාසති
සම්බුද්ධෝ තපතං සෙට්ඨෝ – ඒසා ආභා අනුත්තරා”
“ලෝකයෙහි ආලෝකයන් සතරකි. මෙහි පස්වෙනි ආලෝකයක් නැත. හිරු දහවල් කාලයෙහි බබලයි. සඳු රාත්‍රියෙහි බබළයි. තවද ගින්න දිවා රාත්‍රී දෙකෙහි ඒ ඒ තැන බබලයි. සම්බුදුරජාණන් වහන්සේ බබලන්නවුන් අතර ශ්‍රේෂ්ඨය. මේ සම්බුදුරජාණන් වහන්සේලාගේ ආලෝකයට වඩා උසස් ආලෝකයක් නැත.” යනු එම පිළිතුරෙහි අර්ථයයි.
හිරු දිවා කලද, සඳු රාත්‍රී කලද බබලයි. ගින්නක් දැල්වුවහොත් එහි බැබලීම සිදු වන්නේ ඊට අදාළ ප්‍රදේශයේ පමණි. තථාගතයන් වහන්සේගේ ආලෝකය ප්‍රමාණ කළ නොහැක. අනුත්තරීය වූ ඒ ආලෝකය කිහිප ආකාරයකින් තේරුම් ගත යුතුය.
ඤාණාලෝකය
බුදුරජාණන් වහන්සේගේ අපරිමිත ඥානයාගේ ආනුභාවයෙන් උපන් ආලෝකය ඤාණාලෝකයයි. පළමු බුද්ධ දේශනාව වූ දම්සක් පැවතුම් සූත්‍රයෙහි බුදුරජාණන් වහන්සේගේ මාර්ග ඥානයෙන් උපන් ආලෝකය “චක්ඛුං උදපාදි ඤාණං උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි” යැයි දේශිතය. එසේම බෝධි මණ්ඩලයෙහි වැඩ හිඳිමින් ත්‍රිවිද්‍යා උපදවා ගැනීමද ඤාණාලෝකයයි.
ප්‍රීති ආලෝකය
සියලු කෙළෙසුන් නසා බුද්ධත්වය ලබාගෙන බෝධි මණ්ඩලයෙහිදී හට ගත් ප්‍රීති ආලෝකයයි. විශේෂ වශයෙන් බුද්ධත්වය ලබා සතර වැනි සතියෙහිදී රතනාඝරයෙහි වැඩහිඳිමින් අභිධර්මයෙහි සත්වැනි ප්‍රකරණය සම්මර්ෂණය කිරීමේදී හටගත් ප්‍රීතිය කරණකොට ශරීරය බැබලෙන්නට විය. එය ප්‍රීති ආලෝකයයි.
ප්‍රසාද ආලෝකය
රතනාඝරයෙහිදීම ඇතිවුණු ප්‍රසාදය හේතුවෙන් පැතිරුණු ආලෝකය ප්‍රසාද ආලෝකයයි. එසේම දම්සක් පැවතුම් සූත්‍රය අවසානයේදී කොණ්ඩඤ්ඤ තාපසතුමා ධර්මාවබෝධය ලැබීය. තථාගතයන් වහන්සේ එහිදී “අඤ්ඤාසි වත භෝ කොණ්ඩඤ්ඤෝ” කොණ්ඩඤ්ඤ තෙම ධර්මාවබෝධය කළහ යැයි ප්‍රසාදය පළ කළහ. එහිදී උපන් ප්රසාදයද ප්‍රසාද ආලෝකයයි.
ධර්මකථා ආලෝකය
ශාස්තෲන්වහන්සේ විසින් සෑම තැනකදීම සත්ත්වයන්ට ධර්මය දේශනා කරන විට එම සත්ත්වයන්ගේ සන්තානයෙහි මෝහාන්ධකාරය දුරු කරලයි. එම නිසා එයට ධර්මකථා ආලෝකය යැයි කියනු ලැබේ. බුද්ධශ්‍රාවකයන් ධර්ම දේශනා කරනුයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මාවබෝධය නිසාය. එම නිසා බුද්ධශ්‍රාවකයන්ගේ ධර්ම කථාවලින් හටගත් ධර්මාලෝකයද බුද්ධානුභාවයකි.
අනුත්තරීය වූ බුද්ධානුභාවය සරණක් කොට ගෙන සියලු සත්ත්වයෝ සසර දුකින් එතෙරව නිවන් සැප ලබත්වා!!!
සම්පාදක – පූජ්‍ය කඩුවෙල අතුලඤාණ හිමි
Sunday, November 29, 2020
හැමදීමේ අනුසස් – ප්‍රිය උපදවන රූපයක් ලැබීම – ආදර්ශවත් අටුවා කථා 17
හැමදීමේ අනුසස් – ප්‍රිය උපදවන රූපයක් ලැබීම – ආදර්ශවත් අටුවා කථා 17
Apr 28, 2018 | සදහම් සඟරාව, සූත්‍ර වර්ණනා | 0
වත් පිළිවෙත් කිරිම භික්ෂු ජීවිතය හැඩ ගන්වා ගැනිමේ ප්‍රධාන මාර්ගයකි. ඒ අතුරින් ඇමදීම නිසා විශේෂ ආනිසංස රාශියක් ලැබේ. මෙවැනි කටයුත්තක යෙදීම නිසා අභය තෙරුන් වහන්සේට ද එක්තරා අමාත්‍ය පුත්රයෙකුටද එහි කුසල විපාක වශයෙන් දෙදෙනාම වඩාත් ප්‍රිය උපදවන ලෙස උපත ලැබීය.
අභය තෙරුන් වහන්සේ ද අමාත්‍ය පුත්‍රයාද අතරින් වඩාත් පැහැදීම ඇති කරන පෙනුමක් ඇත්තේ කාහට දැයි පැනයක් උද්ගත විය. දෙදෙනාම එකම ස්ථානයක දී බැලිය යුතු යැයි කතිකාවක් වීය. ඥාතීන් විසින් අමාත්‍ය පුත්‍රයා සරසවා වහා වහා චෛත්‍ය වන්දනා කිරීමට පිටත් කරනු ලැබීය. තෙරුන් වහන්සේ මව්තුමිය ද නව චීවරයක් කරවවා තෙරුන් වහන්සේට ලබා දුන්නේය. උන්වහන්සේ ද සිවුරු ගෙන භික්ෂු සංඝයා පිරිවරා මහා චෛත්‍ය වන්දනා කිරීමට නික්මුණු සේක. දෙදෙනාම මහා චෛත්‍ය මළුවේදී මුණ ගැසුනහ. එවිට කෙරුන් වහන්සේ මෙවැනි පැනයක් විමසු සේක.
“අවැත්නි කෙසේ නම් මහළු තෙරුන් වහන්සේ ඇමදු කසළ ඉවත් කොට තමන් වහන්සේ සමග තරඟයට පිවිසියේ ද? ”
පෙර ජීවිතයක දී තෙරුන් වහන්සේ මහළු තෙරුන් වහන්සේ නමක්ව සිට කාචරගාම සෑ මළුව ඇමදූ සේක. අමාත්‍ය පුත්‍රයා මහා උපාසකයෙක් ව සිට ඒ කසල සියල්ල ඉවත දැමීමේ කාර්යයෙහි පමණක් නිරත වුයේය. මෙහි විපාක ලෙස දෙදෙනාටම ප්‍රිය උපදවන සුළු රූපයක් ලැබුණි. කුසලය සිදු කරන අවස්ථාවේදී වැඩි වෙලාවක් ඇමදීම නිසා දෙදෙනා අතුරින් තෙරුන් වහන්සේ වඩාත් ප්‍රිය උපදවන්නේය. එනිසා පෙර දක්වන. “අවැත්නි කෙසේ නම් මහළු තෙරුන් වහන්සේ ඇමදු කසළ ඉවත් කොට තමන් වහන්සේ සමග තරඟයට පිවිසියේ ද? ” යි අමාත්‍ය පුත්‍රයාගෙන් විමසු සේක.
ඉහත කථා ප්‍රවෘතියේ සදහන් වන පරිදි තෙරුන් වහන්සේ වැඩි කාලයක් ඇමදීම ම කළ අතර, උපාසක තෙමේ කසල ඉවත් කිරිම පමණක් සිදු කළේය. නමුදු කසළ ඉවත් කිරිමේ මාත්‍රයෙන්ම ඔහු මතු ජීවිතයක දී රූප සම්පන්න විය. එම නිසා බොහෝ වෙලාවක් මනා ලෙස සිත පිහිටුවා සිදු කරන ඇමදීමේ කුසලයක මහේශාක්‍ය බව අප වටහා ගත යුතුය.
සම්පාදක
පූජ්‍ය පූජාපිටියේ සූරියරතන හිමි
-
බදුල්ල, බණ්ඩාරවෙල පාර ශ්‍රී ගෞතම සමාධි බුද්ධ මන්දීරයේ දර්ශනපති බඩල්කුඹුරේ ධම්මසිද්ධි හිමි ලොව්තුරා තථාගත අමාමෑණි බුදුරජාණන් වහන්සේගේ පළම...
-
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය පරම...
-
ඛුද්දක නිකායෙහි උදාන පාලිය: මුචලින්ද නා රජුගේ බුද්ධ උපස්ථානය මහමෙව්නා භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ සහ අනුශාසක කිරිබත්ගොඩ ඤාණානන්ද...