‘තපොච බ්‍රහ්ම චරියඤ්ච
අරියසච්චාන දස්සනං
නිබ්බාණ සච්ඡි කිරියාච
ඒතං මංගල මුත්තමං
මෙම ගාථාවෙහි ඇතුළත් මංගල කාරණා හතර නම් තපස, බ්‍රහ්මචර්යාව, චතුරාර්ය සත්‍යය දැකීම , නිර්වාණය ප්‍රත්‍යක්‍ෂ කිරීම යනුයි.
මෙහිදී කෙලෙස් සිතට ඇතුළු වන්නේ ඉන්ද්‍රිය මාර්ගයෙනි. මිනිසාගේ ඇස කණ නාසය දිව ශරීරය යන පංච ඉන්ද්‍රිය මාර්ගයෙන් මිනිස් සිතට විවිධ කෙලෙස් ඇතුළු වෙයි. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ යන පංචකාම සම්පත් ගොදුරු විමෙන් මෙම කෙලෙස් වැඩෙයි. මේ ඇතුළු වන කෙලෙස් ධර්ම වල ප්‍රධාන අංශ දෙකකි. පි‍්‍රයශීලි ශුභදායක ආරම්මණයක් ග්‍රහණය කරන විට අභිධ්‍යා නැමැති දැඩි ලෝභය හෙවත් අල්වා ගැනීම ඇලීම ඇති කරවයි. ඉන් මිනිසා සම්පූර්ණයෙන් විකෘති වී සසර ගමන දිගුකර ගනිමින් දුක් විදියි. එසේම අපි‍්‍රය අශුභ නරක ආරම්මණයන් සමග ව්‍යාපාද නැමැති දැඩි තරහ ගතියක් හට ගනියි. ව්‍යාපාදය ඇති තැන ගැටීම් අධික වෙයි. මේ නිසාම සිත දූෂ්‍ය කරන විවිධ කෙලෙස් කයට ඇති කරවයි. මෙහි සඳහන් කළ අභිධ්‍යා දැඩි ආශාව , ව්‍යාපාද දැඩි තරහා ගතිය මෙම ප්‍රබල ක්ලේශ ධර්ම දෙක තවා ගැනීමට හෙවත් මර්ධනය කර ගැනීමට ඉන්ද්‍රිය සංවරයක් අත්‍යවශ්‍ය වෙයි. මේ චක්‍ෂු ආදි පංච ඉන්ද්‍රිය තුළින් ගන්නා සෑම ආරම්මණයක් තුළින්ම මිනිසාගේ සිත විකෘති වෙයි. මේ නිසාම මිනිසා අයහපතට පරිහානියට පත්වෙයි. එම නිසා කළ යුතු එකම දේ එම ඉන්ද්‍රිය සංවරයක් ඇති කර ගැනීමයි.
ඉන්ද්‍රියානි මනුස්සානං
හිතාය අහිතාය ච
අරක්ඛිතානි අහිතාය
රක්ඛීතානි හිතාය ච
යන ධම්මපද ගාථාවෙන් ද කියැවෙන්නේ මිනිසුන්ගේ ඉන්ද්‍රියවලින් ඔවුන්ගේ දියුණුව හෝ පරිහානිය ඇති කර වන බවත් ආරක්ෂා කළ ඉන්ද්‍රිය ඇති අය දියුණට යහපතට පත්වෙන අතර අනාරක්‍ෂිත ඉන්ද්‍රිය ඇති අය පරිහානියට අයහපතට පත් වන බවත්ය. එසේ නම් මෙහිදී ඉන්ද්‍රිය පාලනයක් කර ගැනිම වැදගත් වෙයි. මේ ඉන්ද්‍රිය සංවරය තුළින් සිතට ඇතුළු වන ශුභ අශුභ ආරම්මණ පාලනය වෙයි. එසේම අභිධ්‍යා ව්‍යාපාද ආදි කෙලෙසුන් ගෙන් සිත ආරක්‍ෂා කර ගත හැකිය. එය තපස නම් වෙයි. මෙහිදී සම්මා සතියෙන් මනා සිහි කල්පනාවෙන් යුතුව ක්‍රියා කරතොත් මේ ඉන්ද්‍රිය සංවර්ය ඇති කරගත හැකිය. එමෙන්ම මේ මනා සිහි කල්පනාවෙන් යම් අරමුණක් ඉන්ද්‍රිය ගත වූ වහාම එම අරමුණෙහි නිසරු බව අනිත්‍ය බව දුක් බව මනාව වැටහෙයි. එම නිස්සාර සංකල්පනාවත් සමග ඉන්ද්‍රිය පාලනයක් මෙන්ම සිත කෙලෙසුන්ගෙන් ආරක්‍ෂා කිරීමක් මනාව සිදුවෙයි. මෙය තපස නැමැති මංගලමය අවස්ථාවයි.
ඊළඟට මංගල කාරණය වන්නේ බ්‍රහ්මචර්යාවයි. මෙහි බ්‍රහ්ම යනු උතුම් ශ්‍රේෂ්ඨ යන අදහසයි. චර්යාව යනු හැසිරීමයි. උදාර උතුම් හැසිරීම් රටාව බ්‍රහ්මචර්යාවයි. ඉහත සඳහන් කළ කාමභෝගී ජීවිතයෙන් ඈත්වීම අනගාරික ප්‍රතිපදාව අනුගමනය කිරීමයි.
බ්‍රහ්මචර්යාවේදී මේ අනාර්ය ප්‍රතිපදාව ප්‍රතික්‍ෂේප කොට එම කාම වස්තූන්හි නිසරු බව අස්ථිර බව වටහා ගෙන ඉන් මිදීමේ ආර්යපයෙ¸ෂණයෙහි නිරත වෙයි. එය උදාර ප්‍රතිපදාවකි.
මෙම ගාථාවෙහි ඇතුළත් තුන් වන මංගල කාරණය වන්නේ අරිය සච්චාන දස්සනං යන්නයි. ආර්ය සත්‍ය දැකීම එහි අදහසයි. මෙලොව ඇති උතුම් සත්‍ය (ඇත්ත) හතරකි. එය දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග යනුයි. චතුරාර්ය සත්‍ය ධර්මලෙස හඳුන්වන මෙය මුල් බුදු සමයට අයත් ඉතා ගැඹුරු වැදගත් දර්ශනයකි.
මීට පෙර සඳහන් කළ කාම වස්තූන් ගෙන් මිදීම සඳහා මෙම ආර්ය සත්‍ය සතර උපයෝගී වන අතර එය ආර්ය පර්යේෂණයක ප්‍රතිඵලයකි. මෙහි දුක්ඛාර්ය සත්‍යය තුලින් ජාති, ජරා, ව්‍යාධී, මරණ අප්පියෙහි සම්පයොගො පියෙහි විප්පයොගො ආදී වශයෙන් සංක්ෂිප්තව මේ මුළු පඤ්චස්කන්ධයම දුක බව කියවෙයි.
ජාති උපත දුකයි. ඕනෑම කෙනෙක් උපදින විටම හඬා වැළපීමෙන් මේ බව කියාපායි. උපතින් පසු දිරීමට හෙවත් වයසට පත්වෙයි. මෙය ජරා නම් වෙයි. මොහොතින් මොහොත සෑම සත්වයෙක්ම දිරීමට පත්වෙයි. ව්‍යාධී රෝගීවෙයි. විවිධ රෝගා බාධ වලට මේ කය තෝතැන්නකි. අද කාලයෙහි මිනිසා කායික මානසික ආතතිවලින් වෙලී දුකට පත්වෙයි. මරණ දුක යනු මේ ලැබු ජීවිතය අවසන් වීමයි.
ජීවිතය උපතින් හිමි කරගත් දායාදයකි. සෑම සත්වයෙක්ම මරණින් මේ භවය කෙළවර කළ යුතුය. මෙය විශාලම දුකකි. මෙලොව හටගත් ජීවි අජීවි සියල්ලම මේ දුකට භාජනය විය යුතුය.
එය වැළැක්විය නොහැකිය.
අපි‍්‍රයයන් සමග එකතුවීම ද දුකකි. පි‍්‍රයශීලි පුද්ගලයින් සමග වෙන්වීමද විශාල දුකකි. එසේම තමන් කැමැති ආශාවන් සපුරා ගත නොහැකි විට ද දුක්ගෙන දෙයි. මේ සියල්ල අවසානයෙහි දුක් සියල්ලටම මූල බීජය ලෙස මේ පංචස්කන්ධයම දක්වා ඇත. මෙසේ දුක්ඛාර්ය සත්‍යය වටහා ගැනීම බෞද්ධ ඔබගේ සමබර දිවියට මගකි. සසර දුක නසන පිළිවෙතකි.
දෙවන ආර්ය සත්‍ය දුක හට ගැනීමේ හේතුව කියැවෙන සමුදයාර්ය සත්‍යයයි. දුක හට ගනු ලබන්නේ සත්වයා තුළ පවතින තෘෂ්ණාව නිසයි . එසේම මේ තෘෂ්ණාව ක්‍ෂය කිරීම නැති කිරීම තණ්හාකඛයො නිරොධො නිබ්බාණං යන්නෙන් පැහැදිලි කරනුයේ නිරෝධාර්ය සත්‍යයයි. දුක නැති කර වන එකම මඟ නිවනයි “ “ සෑම බෞද්ධයෙකුගේ ඒකායන ප්‍රාර්ථනාව විය යුත්තේ් මෙයයි. මේ නිවනට මග ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. එය චතුරාර්ය සත්‍ය ධර්මයේදි දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා යනුවෙන් දක්වා ඇත. මාර්ග ආර්ය සත්‍ය ලෙසද දක්වයි. මේ මාර්ගය නම් අරි අටගි මඟයි.
මෙහි ඉතා සංක්‍ෂිප්තව දක්වා ඇති චතුරාර්ය සත්‍යය ධර්මය දර්ශනය වීම මෙහි සඳහන් කළ තුන් වන මංගල කාරණයයි.
ඊළඟට අවසාන මංගල කරුණ වන්නේ නිබ්බාණ සච්ඡිකිරියාච යන්නයි. නිර්වාණය ප්‍රත්‍යක්‍ෂ කිරීමයි. ඉහතින් දක්වන ලද තපස බ්‍රහ්මචර්යාව ප්‍රගුණ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගනියි. ඒ සමගම නිවන ලබයි.
නිර්වාණ යනු වාන සංඛ්‍යාත තෘෂ්ණාව නැති කිරීමයි. තෘෂ්ණාව නිසා සත්වයා නැවත නැවත සසර උපදියි. මෙය සන්තානගත ඇලීම් ස්වභාවයකි. මේ නිසාම හැම කුසලාකුසල කර්මයක්ම සිත වට කර ගෙන මේ තෘෂ්ණාව ඇලී පවතියි. කවදා හෝ මිනිස් සිරුරින් සිත ගිලිහුණොත් (මිනිසා මැරුණොත්) එම තෘෂ්ණාවෙන් විවිධ කර්ම අලවාගෙන තිබුණු විඤ්ඤාණය හෙවත් සිත වෙනත් භවයට ගොස් වැටෙහි. එතැන අර තෘෂ්ණාව නිසා ඇලෙයි. මේ ඇලීම අනර්භවයයි. පුතිසන්ධියයි. ඉන් පසු එතැන ‘විඤ්ඤාණ පච්චයා නාමරූපං’ යන හේතු ඵලවාදීව නාමරූප පුඤ්ජයක් (සත්වයෙක්) ගොඩ නැගෙයි .මෙයයි ජාති නමින් හදුන්වනු ලබන්නේ ඉන්පසු ජරා මරණාදි දුක් ගෙන දෙයි. මෙයට හේතුවූ තෘෂ්ණාව නැති කිරීම කළහොත් එතැන නැවත උපතක් නැත.
“ යංකිඤ්චි සමුදය ධම්මං සබ්බ තං නිරෝධ ධම්මං යනුවෙන්ද පෙන්වා දී ඇත්තේ තෘෂ්ණාව නැමැති සසර ඇලෙන ස්වභාවය චතුරාර්ය සත්‍ය දර්ශනය තුළින් සෝදා හළහොත් එතැන නිරෝධයයි. නිර්වාණයයි. පරම අවේදයිත නිවන ලැබීම ද උත්තම මංගල කාරණයකි.
No comments:
Post a Comment