බෝසතාණන් වහන්සේගේ අධිෂ්ඨානයශාස්ත්රපති, රාජකීය පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති හිමි සුමේධ තාපසතුමා දීපංකර බුදුරදුන් වෙතින් නියත විවරණ ලැබීමෙන් ඇති වූ චිත්ත පී‍්‍රතිය භුක්ති විඳිමින්, ඒ අසල තැනක පළඟක් බැඳ වාඩි වී සිටියා. ඉන්පසු උන්වහන්සේ බුදු බව පිණිස සිත තුළ මේ ලෙසින් දැඩි වූ අධිෂ්ඨානයක් ඇතිකර ගත්තා. බුදුවරයෝ නම් ඒකාන්ත වචන ඇත්තාහු ය. ජින නම් වූ නමින් ද හඳුන්වන බුදුපියාණන් වහන්සේ හිස් වචන නො කියන්නාහු ය. බුදුපියාණන් වහන්සේ නො සිදුවන දෙයක් නො කියති. ඒ නිසා මම ඒකාන්තයෙන් ම බුදු වන්නෙමි. යම් සේ අහසෙහි දමන ලද ගල් කැටයක් පොළොවට වැටේ ද, එසේම බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේලාගේ වචන ඒකාන්තයෙන් පි‍්‍රයමනාප සුළු ය. ශාශ්වත ය, බුදුපියාණන් වහන්සේ නො සිදුවන දෙයක් නො කියති. බුදුපියාණන් වහන්සේ නො සිදුවන දෙයක් නො කියති. ඒ නිසා මම ඒකාන්තයෙන් ම බුදු වන්නෙමි. යම් සේ සියලු සත්ත්වයන්ට මරණය ඒකාන්ත වශයෙන් වන්නේ ද, එසේම බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේලාගේ වචන ඒකාන්තයෙන් පි‍්‍රය වන සුළු ය. ශාශ්වත ය, බුදුපියාණන් වහන්සේ නො සිදුවන දෙයක් නො කියති. ඒ නිසා මම ඒකාන්තයෙන් ම බුදු වන්නෙමි. යම් සේ රාත්‍රිය ඉක්ම යනවාත් සමගින් සූර්යයාගේ උදාවීම ඒකාන්ත වශයෙන් වන්නේ ද, එසේ ම බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේලාගේ වචන ඒකාන්තයෙන් පි‍්‍රය වන සුළු ය. ශාශ්වත ය. බුදුපියාණන් වහන්සේ නො සිදුවන දෙයක් නො කියති. ඒ නිසා මම ඒකාන්තයෙන් ම බුදු වන්නෙමි. යම් සේ නින්දෙන් පිබිදුණු සිංහයාගේ නාද කිරීම ඒකාන්තයෙන් වන්නේ ද එසේම, බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේලාගේ වචන ඒකාන්තයෙන් පි‍්‍රය වන සුළු ය. ශාශ්වත ය. බුදුපියාණන් වහන්සේ නො සිදුවන දෙයක් නො කියති. ඒ නිසා මම ඒකාන්තයෙන් ම බුදු වන්නෙමි. (බුද්ධවංස පාලි, සුමේධ කථා) පෙරුම් දම් පිරීම මේ ආදී උපමාවන් තුළින් බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කළ වදන්වල සත්‍යතාවය තහවුරු කර ගත් සුමේධ තාපසතුමා බුද්ධත්වය සඳහා පිරිය යුතු බුද්ධකාරක ධර්ම මොනවාදැයි කල්පනා කළා. එසේ කල්පනා කරන විට, පෙර කල වැඩ සිටි බුදුපියාණන් වහන්සේ විසින් බුද්ධත්වය ලබනු පිණිස පුරන ලද සහ තමන් විසින් සම්පූර්ණ කළ යුතු වූ දස පාරමිතාවන් පිළිබඳ උපමා සහිත ව, අනුපිළිවෙළින් සිහිපත් වුණා. ඒ පිළිබඳ ව බුද්ධවංස පාලිය දක්වා තිබෙන්නේ මේ ආකාරයට යි. යම් සේ කිරි ආදී යමකින් පිරි කළයක් යටිකුරු කළොත් ඒ කළයේ තිබුණු දේ ඉතිරියක් නැතිව ම බිමට ගලාගෙන යන්නේ ද, ඒ කළයේ නො රැඳේ ද, ඒ ආකාරයට හීන වූ ත්, මධ්‍යම වූ ත්, උත්කෘෂ්ඨ වූ ත් යාචකයන් දැක ඉතිරි නො කර ම දන් දිය යුතුයි. යම් සේ සෙමෙර මුවෙක් සිය වලිගය කිසිවෙක පැටළුණු කල්හි වලිගය කැඩෙන්නට නො දී ආරක්ෂා කර ගෙන එහි ම මරණයට වුව පත්වන්නේ ද, ඒ ලෙසින් ප්‍රාතිමෝක්ෂ සංවර, ඉන්ද්‍රිය සංවර , ආජීව පාරිශුද්ධි ප්‍රත්‍යසන්නිශ්‍රීත යන සිල් හතර මනා කොට ආරක්ෂා කළ යුතුයි. යම් සේ බන්ධනාගාරයෙහි බොහෝ කල් විසූ, දුකින් පීඩිත වූ පුරුෂයෙක් එහි ආශා නො කොට, එයින් මිදීම සොයන්නේ ද, එසේම මේ කාමාදී සියලු භවයන් බන්ධනාගාරයක් ලෙස දැක මේ භවයෙන් මිදීමට නෛෂ්ක්‍රම්‍යයට යොමුව කටයුතු කළ යුතුයි. ප්‍රඥා පාරමිතාව යම් සේ පිඬුසිඟා වඩින ස්වාමින් වහන්සේ නමක් උසස්, මධ්‍යම, පහත් යනුවෙන් ගෙවල් අත් නොහැර ම ගොස් යැපීමට පමණක් අවශ්‍ය වන ආහාර ලබා ගන්නේ ද, එසේම හැම කල්හි ම උගත් මිනිසුන් ඇසුරු කරමින් ඔවුන් විමසමින් ප්‍රඥා පාරමිතාව සම්පූර්ණ කොට සම්බෝධියට පත් විය යුතුයි. වීර්ය පාරමිතාව යම් සේ මෘග රාජ වූ සිංහය හිදීම්, සිටීමි, ඔබ මොබ ඇවිදීම් ආදියෙහි නො පසුබස්නා වීර්යය ඇත්තේ දැඩි කොට ගන්නා ලද සිත් ඇත්තේ වේ ද, එලෙසින් ම උපනුපන් හැම භවයෙක්හි දී ම වීර්යය දැඩි කොට ගෙන වීර්ය පාරමිතාව සම්පූර්ණ කොට සම්බෝධියට පත් විය යුතුයි. ක්ෂාන්ති පාරමිතාව යම් සේ මහපොළොව තමන් මත දමන සඳුන් ආදී පිරිසුදු දේත්, අසූචි ආදි අපිරිසුදු දේත් යන සියල්ල ඉවසයි. ද, අපිරිසුදු දේ දැමීම නිසා කෝපයක් හෝ පිරිසුදු දේ දැමීම නිසා ස්නේහයක් හෝ ඇතිකර නො ගනියි ද, එසේම සියල්ලන්ගේ සම්මාන හා අවමාන ඉවසමින් ක්ෂාන්ති පාරමිතාව සම්පූර්ණ කොට සම්බෝධියට පත් විය යුතුයි. සත්‍ය පාරමිතාව යම් සේ ඕෂධී නම් තාරකාව සදේවක ලෝකයාහට තරාදියක් වැනි ව සමබර ව වැසි කාලයේ ද, සීත කාලයේ ද, ගී‍්‍රෂ්ම කාලයේ ද ගමන් මාර්ගය ඉක්මවා නොයේ ද, එසේ ම සදේවක ලෝකයාගේ ජීවිත ආරක්ෂාවෙහි නියැළෙමින්, තමන්ගේ වාසිය පිණිස සත්‍යයෙන් බැහැර වන්නේ නැතිව, සත්‍ය පාරමිතාව සම්පූර්ණ කොට සම්බෝධියට පත්විය යුතු යි. අධිෂ්ඨාන පාරමිතාව යම් සේ ගල් පර්වතයක් නොසෙල්වෙන සුලු වූයේ, මනා ලෙස පිහිටියේ, දැඩි වූ ත් වාතයෙන් කම්පා නොවේ ද, තිබෙනා තැන ම මනාව පවතී ද එසේම අධිෂ්ඨානයෙහි හැම කල්හි ම නොසෙල් වී සිටිමින් අධිෂ්ඨාන පාරමිතාව සම්පූර්ණ කොට සම්බෝධියට පත්විය යුතුයි. මෛත්‍රී පාරමිතාව යම් සේ ජලය හොඳ වූ ත්, නරක වූ ත් ජනතාව සිහිල් දියෙන් නහවන්නේ ද, කිලිටි අපවිත්‍ර දේ පිරිසුදු කර දෙන්නේ ද, එසේම තමන්ට හිතවත් වූ ත්, අහිතවත් වූ ත් අය කෙරෙහි සම සිතින්, මෙත් සිත් වඩමින්, මෛත්‍රී පාරමිතාව සම්පූර්ණ කොට සම්බෝධියට පත්විය යුතුයි. උපේක්ෂා පාරමිතාව යම් සේ මහපොළොව මතට විසිකරන ලද අපිරිසුදු දේත්.පිරිසුදු දේත් කෝපයෙන් හා ආශාවෙන් තොරව මැදහත් ව ඉවසා ද, එසේම සැප දුක දෙකෙහි සමාන වූ සිතින් වාසය කරමින් සැපෙහි ඇලෙන්නේ ද, නැතිව, දුකෙහි ගැටෙන්නේ ද නැති ව මැදහත්ව ඉවසමින් උපේක්ෂා පාරමිතාව සම්පූර්ණ කොට සම්බෝධියට පත්විය යුතුයි. මෙසේ තමන් විසින් පිරිය යුතු පාරමිතා ධර්ම සිහිපත් කරනවාත් සමගින් මහපොළොව මහත් සේ කම්පා වෙන්නට පටන් ගත්තා. මේ මහා භූමි කම්පාවෙන් තැතිගත් නුවර වැසියන් දීපංකර බුදුපියාණන් වහන්සේ වෙත ගොස් එසේ මහ පොළොව කම්පා වෙන්නේ ඇයි දැයි විමසුවා. සුමේධ තාපසතුමන් විසින් පෙර දවස වැඩ සිටි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය සඳහා කළ යුතු සහ ප්‍රගුණ කළ පාරමී ධර්ම සිහි කළ නිසා මේ මිහිකත කම්පනය වූ බව පවසා බුදුපියාණන් වහන්සේ ඒ පිරිසගේ බිය දුරු කළා. සුමේධ තාපසතුමා ඒ ප්‍රථම නියත විවරණ ගැනීමෙන් පසු නැවතත් මහ වනය වෙත වැඩම කළා. |
No comments:
Post a Comment