සත්ති සූත්‍රය
227
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, යම්සේ වනාහි තියුණු තලයකින් යුක්තවූ ආයුධයක් වේද, ඉක්බිති පුරුෂයෙක් එන්නේය. (අවුත්) ‘මම මේ ආයුධය අතින් හෝ මිටින් හෝ අගින් (අල්ලා) දෙකට නමන්නෙමි. මැදින් දෙකට නමන්නෙමි. නැවත දිග හරින්නෙමියි කියයි’ නම් මහණෙනි, ඒ කිමැයි සිතන්නහුද? ඒ පුරුෂතෙම මේ තියුණු තලයෙකින් යුක්තවූ ආයුධය අතින් හෝ මිටින් හෝ ගසා, අගින් (අල්ලා) දෙකට නැමීමට හෝ මැදින් දෙකට නැමීමට හෝ නැවත දිගහැරීමට හෝ සුදුසු (හැකි) වන්නේද?”
“ස්වාමීනි, එය නොවේමය.”
“ඊට හේතුව කවරේද?”
“ස්වාමීනි, මේ ආයුධය වනාහි තියුණු තලයකින් යුක්ත වූයේය. අතින් හෝ මිටින් හෝ ගසා අගින් (ගෙන) දෙකට නැමීමට හෝ මැදින් දෙකට නැමීමට හෝ නැවත දිගහැරීමට හෝ පහසු නොවේ. යම්තාක් (ඒ සඳහා උත්සාහ කරයිද) ඒතාක් ඒ පුරුෂතෙම වෙහෙසීමේ, විපතට පත්වීමේ කොටස්කාරයෙක් වන්නේය.”
“මහණෙනි, එසේම වනාහි යම්කිසි භික්ෂුවක් විසින් මෛත්‍රී සහගත සමාධිය වඩනලද්දේ, නැවත නැවත භාවිතා කරන ලද්දේ, යානාවක් මෙන් කරන ලද්දේ, වස්තුවක් මෙන් කරන ලද්දේ, එළඹසිටින ලද්දේ, මනාකොට පටන් ගන්නා ලද්දේ වේ. ඉදින් ඒ මහණහුගේ සිත කැලඹීමට යම් අමනුෂ්‍යයෙක් සිතන්නේ නම්, ඉක්බිති ඒ අමනුෂ්‍යයා තෙමේම වෙහෙසීමේ විපතට පත්වීමේ කොටස්කාරයෙක් වන්නේය.’
“මහණෙනි, එනිසා මෙහිදී, මෙසේ හික්මිය යුතු යි (කෙසේද?) ‘අපගේ මෛත්‍රී සහගත සමාධිය වඩන ලද්දේ, නැවත නැවත භාවිතා කරන ලද්දේ, යානාවක් මෙන් කරන ලද්දේ, වස්තුවක් මෙන් කරන ලද්දේ, එළඹසිටින ලද්දේ, මනාකොට පටන් ගන්නා ලද්දේ වන්නේය’ කියායි. මහණෙනි, තොප මෙසේ වනාහි හික්මිය යුතුයි.”
(පස්වෙනි සත්ති සූත්‍රය නිමි.
No comments:
Post a Comment