අත්තරක්ඛිතසුත්තං
116
සාවත්ථිනිදානං. එකමන්තං නිසින්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච - ‘‘ඉධ මය්හං, භන්තෙ, රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි - ‘කෙසං නු ඛො රක්ඛිතො අත්තා, කෙසං අරක්ඛිතො අත්තා’ති? තස්ස මය්හං, භන්තෙ, එතදහොසි - ‘යෙ ඛො කෙචි කායෙන දුච්චරිතං චරන්ති, වාචාය දුච්චරිතං චරන්ති, මනසා දුච්චරිතං චරන්ති; තෙසං අරක්ඛිතො අත්තා. කිඤ්චාපි තෙ හත්ථිකායො වා රක්ඛෙය්‍ය, අස්සකායො වා රක්ඛෙය්‍ය, රථකායො වා රක්ඛෙය්‍ය, පත්තිකායො වා රක්ඛෙය්‍ය; අථ ඛො තෙසං අරක්ඛිතො අත්තා. තං කිස්ස හෙතු? බාහිරා හෙසා රක්ඛා, නෙසා රක්ඛා අජ්ඣත්තිකා; තස්මා තෙසං අරක්ඛිතො අත්තා. යෙ ච ඛො කෙචි කායෙන සුචරිතං චරන්ති, වාචාය සුචරිතං චරන්ති, මනසා සුචරිතං චරන්ති; තෙසං රක්ඛිතො අත්තා. කිඤ්චාපි තෙ නෙව හත්ථිකායො රක්ඛෙය්‍ය, න අස්සකායො රක්ඛෙය්‍ය, න රථකායො රක්ඛෙය්‍ය , න පත්තිකායො රක්ඛෙය්‍ය; අථ ඛො තෙසං රක්ඛිතො අත්තා. තං කිස්ස හෙතු? අජ්ඣත්තිකා හෙසා රක්ඛා, නෙසා රක්ඛා බාහිරා; තස්මා තෙසං රක්ඛිතො අත්තා’’’ති.
‘‘එවමෙතං, මහාරාජ, එවමෙතං, මහාරාජ! යෙ හි කෙචි, මහාරාජ, කායෙන දුච්චරිතං චරන්ති...පෙ.... තෙසං අරක්ඛිතො අත්තා. තං කිස්ස හෙතු? බාහිරා හෙසා, මහාරාජ, රක්ඛා, නෙසා රක්ඛා අජ්ඣත්තිකා; තස්මා තෙසං අරක්ඛිතො අත්තා. යෙ ච ඛො කෙචි, මහාරාජ, කායෙන සුචරිතං චරන්ති, වාචාය සුචරිතං චරන්ති, මනසා සුචරිතං චරන්ති; තෙසං රක්ඛිතො අත්තා. කිඤ්චාපි තෙ නෙව හත්ථිකායො රක්ඛෙය්‍ය, න අස්සකායො රක්ඛෙය්‍ය, න රථකායො රක්ඛෙය්‍ය, න පත්තිකායො රක්ඛෙය්‍ය; අථ ඛො තෙසං රක්ඛිතො අත්තා. තං කිස්ස හෙතු? අජ්ඣත්තිකා හෙසා, මහාරාජ, රක්ඛා, නෙසා රක්ඛා බාහිරා; තස්මා තෙසං රක්ඛිතො අත්තා’’ති. ඉදමවොච...පෙ....
‘‘කායෙන සංවරො සාධු, සාධු වාචාය සංවරො;
මනසා සංවරො සාධු, සාධු සබ්බත්ථ සංවරො;
සබ්බත්ථ සංවුතො ලජ්ජී, රක්ඛිතොති පවුච්චතී’’ති.
අත්තරක්ඛිත (රක්ඛිතන්ත) සූත්‍රය
116
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක එකල්හි පසේනදි කොසොල් රජතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, වැඳ එකත් පසෙක හුන්නේය.
එකත්පසෙක හුන් පසේනදි කොසොල්රජ භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, හුදකලාව විවේකීව හුන් මට මෙබඳු විතර්‍කයක් පහළවිය. එනම්:- කවුරුන් විසින් තමා නොරක්නා ලදද, කවුරුන් විසින් තමා රක්නා ලදද?” යනුයි.
“ස්වාමීනි, ඒ මට මේ සිත විය. ‘යම්කිසි කෙනෙක් කයින් දුසිරිතෙහි හැසිරෙද්ද, වචනයෙන් දුසිරිතෙහි හැසිරෙද්ද, සිතින් දුසිරිතෙහි හැසිරෙද්ද, ඔවුන් විසින් තමා නොරක්නා ලද්දේය. සමහරවිට ඇත් සෙනග හෝ ඔවුන් රකී. අස් සෙනග හෝ ඔවුන් රකී. රිය සෙනග හෝ ඔවුන් රකී. පාබල සෙනග හෝ ඔවුන් රකී. එසේ වුවත් ඔවුන්ගේ ආත්මය (තමා) නම් නොරක්නා ලද්දේය. ඊට හේතුනම්:- මේ ආරක්‍ෂාව බාහිර එකක් බැවිනි. මේ ආරක්‍ෂාව තමන් තුල නොපවත්නක් බැවිනි. එහෙයින් ඔවුන් විසින් තමා නොරක්නා ලද්දේය. යමෙක් කයින් සුසිරිතෙහි හැසිරෙත්ද, වචනයෙන් සුසිරිතෙහි හැසිරෙත්ද, සිතින් සුසිරිතෙහි හැසිරෙත්ද, ඔවුන් විසින් තමා රක්නා ලද්දේය. සමහරවිට ඇත් සෙනග හෝ ඔවුන් නොරකී. අස් සෙනග හෝ ඔවුන් නොරකී. රිය සෙනග හෝ ඔවුන් නොරකී. පාබල සෙනග හෝ ඔවුන් නොරකී. එසේ වුවත් ඔවුන්ගේ ආත්මය (තමා) රක්නා ලද්දේමය. ඊට හේතුනම්:- මේ ආරක්‍ෂාව තමන් තුල පවත්නා බැවිනි. මේ ආරක්‍ෂාව බාහිර නොවූවක් බැවිනි. එහෙයින් ඔවුන් විසින් තමා රක්නා ලද්දේමය.”
“මහරජ, ඒ එසේය. මහරජ, ඒ එසේය. මහරජ, යම්කිසිවෙක් කයින් දුසිරිතෙහි හැසිරෙත්ද, වචනයෙන් දුසිරිතෙහි හැසිරෙත්ද, සිතින් දුසිරිතෙහි හැසිරෙත්ද ඔවුන් විසින් තමා නොරක්නා ලදී. සමහරවිට ඇත් සෙනග හෝ, අස් සෙනග හෝ, රිය සෙනග හෝ, පාබල සෙනග හෝ ඔවුන් රකී. එසේ නමුදු ඔවුන් විසින් තමා නොරක්නා ලද්දේය, ඊට හේතු නම්:- මහරජ, මේ ආරක්‍ෂාව බාහිර වූවක් බැවිනි. මේ ආරක්‍ෂාව තමන් තුල නොවූවක් බැවිනි. එහෙයින් ඔවුන්ගේ ආත්මය (තමා) නොරක්නා ලද්දේය. මහරජ, යම්කිසි කෙනෙක් කයින් සුසිරිතෙහි හැසිරෙත්ද, වචනයෙන් සුසිරිතෙහි හැසිරෙත්ද, සිතින් සුසිරිතෙහි හැසිරෙත්ද, ඔවුන් විසින් තමා රක්නා ලදී. ඇතැම්විට ඇත් සෙනග හෝ, අස් සෙනග හෝ, රිය සෙනග හෝ පාබල සෙනග හෝ ඔවුන් නොරකී. එහෙත් ඔවුන්ගේ ආත්මය (තමා) රක්නා ලද්දේමය. ඊට හේතුනම්:- මහරජ, මේ ආරක්‍ෂාව පිටත්තර වූවක් නොවීමයි. මේ ආරක්‍ෂාව තමන් තුල වූවක් වීමයි. එහෙයින් ඔවුන් විසින් තමා රක්නා ලද්දේමය.”
“කයින් සංවරවීම හෙවත් තමන් රැකගැනීම යහපත්ය. වචනයෙන් සංවරවීම යහපත්ය. සිතින් සංවරවීම යහපත්ය. ඒ සියල්ලෙන්ම සංවරවීම යහපත්ය. ඒ හැමතන්හිම සංවරිතවූ පවට ලජ්ජා භය ඇති තැනැත්තා රැකුනේයයි කියනුලැබේ.”
No comments:
Post a Comment