දෙවෙනි උපපථ සූත්‍රය
59
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබලන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.
“පුරුෂයාට කිමෙක් නම් දෙවැන්නී (දුතියිකා) වේද? ඔහුට කවරෙක් නම් අනුශාසන කෙරේද? කුමක විශේෂයෙන් ඇලුණු සත්ත්‍වයා සියලු දුකින් මිදේද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “ශ්‍රද්‍ධාව පුරුෂයාට දෙවැන්නීය. ප්‍රඥාව ඔහුට අනුශාසනා කෙරේ. නිවනෙහි විශේෂයෙන් ඇලුණු සත්ත්‍වතෙම සැම දුකින් මිදේ.”
No comments:
Post a Comment