Wednesday, April 14, 2021

වත්ථුසුත්තං

 



වත්ථුසුත්තං


54

‘‘කිංසු වත්ථු මනුස්සානං, කිංසූධ පරමො සඛා;

කිංසු භූතා උපජීවන්ති, යෙ පාණා පථවිස්සිතා’’ති (පථවිං සිතාති (සී. ස්‍යා. කං. පී.)).

‘‘පුත්තා වත්ථු මනුස්සානං, භරියා ච (භරියාව (සී.), භරියා (ස්‍යා. කං.)) පරමො සඛා;

වුට්ඨිං භූතා උපජීවන්ති, යෙ පාණා පථවිස්සිතා’’ති.

වත්‍ථු (හෙවත් කිංසුවත්‍ථු) සූත්‍රය

54

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිනූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක සිටියේය. එක්පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.

“මිනිසුන්ට පිහිට කිමෙක්ද? මේ ලෝකයෙහි උතුම් යහළුවා කවරේද? යම් ප්‍රාණි කෙනෙක් පොළොවෙහි වෙත්ද ඒ සත්ත්‍වයෝ කුමක් ඇසුරුකොට ජීවත් වෙද්ද?”

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “දරුවෝ මිනිසුන්ට පිහිටයි. භාර්‍ය්‍යාවම උතුම් යහළුවායි. යම් ප්‍රාණීහු පොළොවෙහි වෙත්නම් ඒ සත්තු වැස්ස ඇසුරු කොට ජීවත් වෙත්.”

No comments:

Post a Comment

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...