එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො සම්බහුලා සතුල්ලපකායිකා දෙවතායො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො එකා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි -
‘‘සබ්භිරෙව සමාසෙථ, සබ්භි කුබ්බෙථ (ක්‍රුබ්බෙථ (ක.)) සන්ථවං;
සතං සද්ධම්මමඤ්ඤාය, සෙය්‍යො හොති න පාපියො’’ති.
අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි -
‘‘සබ්භිරෙව සමාසෙථ, සබ්භි කුබ්බෙථ සන්ථවං;
සතං සද්ධම්මමඤ්ඤාය, පඤ්ඤා ලබ්භති (පඤ්ඤං ලභති (ස්‍යා. කං.)) නාඤ්ඤතො’’ති.
අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි -
‘‘සබ්භිරෙව සමාසෙථ, සබ්භි කුබ්බෙථ සන්ථවං;
සතං සද්ධම්මමඤ්ඤාය, සොකමජ්ඣෙ න සොචතී’’ති.
අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි -
‘‘සබ්භිරෙව සමාසෙථ, සබ්භි කුබ්බෙථ සන්ථවං;
සතං සද්ධම්මමඤ්ඤාය, ඤාතිමජ්ඣෙ විරොචතී’’ති.
අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි -
‘‘සබ්භිරෙව සමාසෙථ, සබ්භි කුබ්බෙථ සන්ථවං;
සතං සද්ධම්මමඤ්ඤාය, සත්තා ගච්ඡන්ති සුග්ගති’’න්ති.
අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි -
‘‘සබ්භිරෙව සමාසෙථ, සබ්භි කුබ්බෙථ සන්ථවං;
සතං සද්ධම්මමඤ්ඤාය, සත්තා තිට්ඨන්ති සාතත’’න්ති.
අථ ඛො අපරා දෙවතා භගවන්තං එතදවොච - ‘‘කස්ස නු ඛො, භගවා, සුභාසිත’’න්ති? සබ්බාසං වො සුභාසිතං පරියායෙන, අපි ච මමපි සුණාථ -
‘‘සබ්භිරෙව සමාසෙථ, සබ්භි කුබ්බෙථ සන්ථවං;
සතං සද්ධම්මමඤ්ඤාය, සබ්බදුක්ඛා පමුච්චතී’’ති.
ඉදමවොච භගවා. අත්තමනා තා දෙවතායො භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායිංසූති.
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි පිහිටි අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල සතුල්ලපකායික නම්න් දන්නාලද බොහෝ දෙවි කෙනෙක් රෑ පළමු දසපැය ඉක්මුණු කල මනා පැහැ ඇත්තාහු සියලු ජේතවනය බබුඵවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමුණුනාහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, පසෙක සිටියහ.
පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“සත්පුරුෂයන් හාම එක්ව විසිය යුතුය. සත්පුරුෂයන් හාම මිත්‍ර සමාගමය කළ යුතුය. සත්පුරුෂයන්ගේ සද්ධර්‍මය දැනගැන්මෙන් වැඩි දියුණුව වෙයි. පිරිහීමෙක් නොවෙයි.”
එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“සත් පුරුෂයන් හාම එක්ව විසිය යුතුය. සත් පුරුෂයන් හාම මිත්‍ර සමාගමය කළ යුතුය. සත්පුරුෂයන්ගේ සදහම් දැනගැන්මෙන් ප්‍රඥාව ලැබෙයි. අන් පරිද්ිදකින් නොලැබෙයි.”
එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් සමීපයෙහි මේ ගාථාව කීය:
“සත්පුරුෂයන් හාම එක්ව විසිය යුතුය. සත්පුරුෂයන් හාම මිත්‍ර සමාගමය කළ යුතුය. සත්පුරුෂයන්ගේ සත්දහම් දැන්මෙන් ශෝක කරන්නක් මැද ශෝක නොකෙරෙයි.”
එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් සමීපයෙහි මේ ගාථාව කීය:
“සත්පුරුෂයන් හාම එක්ව විසිය යුතුය. සත්පුරුෂයන් හාම මිත්‍ර සමාගමය කළ යුතුය. සත්පුරුෂයන්ගේ සත්දහම් දැනගැන්මෙන් නෑයන් මැද වෙසෙසින් බබළයි.”
එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් සමීපයෙහි මේ ගාථාව කීය:
“සත්පුරුෂයන් හාම එක්ව විසිය යුතුය. සත්පුරුෂයන්ගේ සාම මිත්‍ර සමාගමය කළ යුතුය
සත්පුරුෂයන්ගේ සත් දහම් දැනගැන්මෙන් සත්‍වයෝ සුගතියට යෙත්.”
එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“සත්පුරුෂයන් හාම එක්ව විසිය යුතුය. සත්පුරුෂයන් හාම මිත්‍ර සමාගමය කළ යුතුය. සත්පුරුෂයන්ගේ සත් දහම් දැනගැන්මෙන් නිරතුරුව සැපසේ සිටිත්.”
එවිට අන් දෙවියෙක් මෙසේ කීවේය. “භාග්‍යවතුන් වහන්ස, කාගේ කීම මනාකොට කීමද?”
(එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:) “තොප සියල්ලන්ම කී දේ එකි එකී කාරණා වශයෙන් යහපත් කීම්ය. එතෙකුදු වුවත් මගේ වචන අසවු: “සත්පුරුෂයන් හාම එක්ව විසිය යුතුය. සත්පුරුෂයන් හාම මිත්‍ර සමාගමය කළ යුතුය. සත්පුරුෂයන්ගේ සත් දහම් අවබෝධ කරගැන්මෙන් සියඵම දුකින් මිදේ.”
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. සතුටු සිත් ඇති ඒ දෙවියෝ භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණු කොට, එහිම අතුරුදහන් වූහ.
සියලු දුකෙන් මිදිය හැකි සද්පුරුෂයාගේ ඇසුර
රත්මලානේ ශ්‍රී රත්නාරාමය
බොරලැස්ගමුවේ සිරි සෝනුත්තර විහාරය යන උභය විහාරාධිපති
බස්නාහිර පළාත සහිත
කොළඹ නව තොටමුණේ ප්‍රධාන අධිකරණ සංඝ නායක
සූරියගොඩ සිරිධම්ම නා හිමි
"මනුස්ස ලෝකයේ මිනිසුන් ලෙස ඉපදී දාන, සීල, භාවනා සිදු කරමින් ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, ත්‍යාග, ප්‍රඥා වඩමින් බොහෝ පින්කම් කොට මරණින් මතු බොහෝ දෙනා දෙව්ලොව උපදී. ඒ දෙව්ලොවදී සද්ධර්මය දෙවියන්ට ඇසුණු විට මේ ධර්මය තමන් විසින් මිනිස් ලොවදී පුරුදු කළානේ කියා සිහි වෙයි."
අප සරණ ගිය අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ සද්පුරුෂ ඇසුර විවිධ අවස්ථාවලදී විවිධ අයුරින් වර්ණනා කර තිබේ. සද්පුරුෂයාගේ ඇසුර මෙලොව මෙන්ම පරලොවටද බොහෝ ලෙස උපකාරි වෙයි. ඒ නිසාම දෙවියන් විසින්ද සද්පුරුෂයාගේ වටිනාකම ඉස්මතු කරමින් කළ ප්‍රකාශ අපට හමු වෙයි.
මනුස්ස ලෝකයේ මිනිසුන් ලෙස ඉපදී දාන, සීල, භාවනා සිදු කරමින් ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, ත්‍යාග, ප්‍රඥා වඩමින් බොහෝ පින්කම් කොට මරණින් මතු බොහෝ දෙනා දෙව්ලොව උපදී. ඒ දෙව්ලොවදී සද්ධර්මය දෙවියන්ට ඇසුණු විට මේ ධර්මය තමන් විසින් මිනිස් ලොවදී පුරුදු කළානේ කියා සිහි වෙයි. මේ දේවතා සංයුත්තයේ සගාථ වර්ගයේ ඇති දෙවි දේවතාවන් විසින් අසන ප්‍රශ්න දෙස බලද්දී ද පැහැදිලි වන්නේ ඔවුන් මනුස්ස ලෝකයේ ජීවත්ව සිටියදී ඉගෙන ගත් දේ බුදුරජාණන් වහන්සේ මුණ ගැසී නැවත නැවත විවිධ අයුරින් අසන ආකාරය යි.
අද අප කතා කරන “සබ්භි සූත්‍රය” සතුල්ලපකායික වර්ගයට අයත් මනරම් දේශනාවක්. දෙවියන් විසින් සද්පුරුෂයා වර්ණනා කළ ආකාරය මෙයින් විස්තර වෙයි.
එදා බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටි අවස්ථාවේදී මනා ඡවිවර්ණ ඇති සතුල්ලපකායික දෙවිවරුන් (අල්පේශාක්‍ය දෙවියන්) පිරිසක් තථාගතයන් වහන්සේ අභියසදී සද්පුරුෂ ඇසුර පිළිබඳව ඇසූ කරුණු මෙහි ඇතුළත් වෙයි. ඒ දෙවිවරු මුළු ජේතවනාරාමයම බබුළුවාගෙන පැමිණ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට පසෙකින් සිට මෙසේ විමසා සිටියා.
සබ්භිරේව සමාසේථ සබ්භි කුබේබථ සත්ව වං
සතං සද්ධම්මමඤ්ඤාය සෙය්‍යො හොති න පාපියොති
නිදුකාණන් වහන්ස, සද්පුරුෂයන් සමඟමයි ඉන්න ඕන. සද්පුරුෂයාමයි ඇසුරු කරන්න ඕන. සද්පුරුෂයාගේ ධර්මය දැනගත් කෙනාට දියුණුවක්මයි සිදුවන්නේ. පිරිහීමක් නම් සිදු නොවෙයි.
සද්පුරුෂයා සමඟ ඇසුර පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ විසින් මංගල සූත්‍රය දෙවියෙකු ඇසු ප්‍රශ්නයකට පිළිතුරක් ලෙස වදාළ සූත්‍රයකි. එහිදීද උන්වහන්සේ වදාළේ ආශ්‍රය පිළිබඳව යි. පණ්ඩිතයන් ඇසුරු කරන්න. බාලයන් ඇසුරු නොකරන්නැයි වදාළ අතර, එය මිනිස් සමාජයට අද ද බෙහෙවින් බලපායි.
එවිට තව එක් දෙවියෙක් පැමිණ කියන්නේ නිදුකාණන් වහන්ස, සද්පුරුෂයන් සමඟමයි ඉන්න ඕන. සද්පුරුෂයාමයි ඇසුරු කරන්න ඕන. සද්පුරුෂයාගේ ධර්මය දැනගත් පුද්ගලයාට ප්‍රඥාව ලැබෙනවා. වෙන දෙයකින් ප්‍රඥාාව ලැබෙන්නේ නැහැ.
ප්‍රඥාව මිනිසා සතු උසස්ම ගුණාංගයකි. භාග්‍යවතුන් වහන්සේ වදාළේ මාගේ ධර්මය ප්‍රඥාවන්තයන්ට බවයි. ප්‍රඥාව නැති ඕනෑම කෙනෙකු වෙනත් අයෙකුට ග්‍රහණය කර ගැනීම ඉතාම පහසුයි.
ඉන්පසු පැමිණි දේවේන්ද්‍රයා කියා සිටින්නේ නිදුකාණන් වහන්ස, සද්පුරුෂයන් සමඟමයි ඉන්න ඕන. සද්පුරුෂයාමයි ඇසුරු කරන්න ඕන. සද්පුරුෂයාගේ ධර්මය දැනගත් පුද්ගලයාට ශෝක වෙන ජනයා මැද ශෝක නොවී සිටින්නට පුළුවන්.
අප දන්නවා මේ සමාජයේ විවිධ පුද්ගලයන් විවිධ අවස්ථාවලදී යම් යම් හේතුන් නිසා කනගාටුවට, ශෝකයට දුකට පත්වෙනවා. එවැනි අවස්ථාවලදී ශෝක නොවි, කනගාටු නොවී දොම්නස් නොවී මැදිහත්ව සිටීමට ශක්තිය ලැබෙන්නේ සද්පුරුෂයා ඇසුරු කළවිට, සද්පුරුෂයන් සමඟ මිත්‍ර වූ විට ධර්මය දැනගත් විටයි.
භාග්‍යවතුන් වහන්සේ අසලට පැමිණි අනෙක් දේවතාවා පවසන්නේ නිදුකාණන් වහන්ස, සද්පුරුෂයන් සමඟමයි ඉන්න ඕන. සද්පුරුෂයාමයි ඇසුරු කරන්න ඕන. සද්පුරුෂයාගේ ධර්මය දැනගත් පුද්ගලයා ඥාතීන් මැද බබළනවා.
අද සමාජයේ අප අතර ජීවත්වෙන සමහර පිරිස් නැදෑයන්, මිත්‍රයන්, අසල්වාසීන් ඉදිරියේ බැබළෙන්නේ නැහැ. නමුත් යම් අයෙක් සද්පුරුෂයන් ඇසුරු කරනවානම්, කල්‍යාණ මිත්‍ර සේවනය කරනවානම්, හොඳම ධර්මය, යහපත් ධර්මය, සාදු ධර්මය තමාට ගලපා ගන්නවානම් ඒ උත්තමයා ඤාතීන් මැද බැබළෙනවා.
ඉන්පසු ඉදිරිපත් වූ දෙවියා පවසන්නේ නිදුකාණන් වහන්ස. සද්පුරුෂයන් සමඟමයි ඉන්න ඕන. සද්පුරුෂයාමයි ඇසුරු කරන්න ඕන. සද්පුරුෂයාගේ ධර්මය දැනගත් පුද්ගලයා සුගතියේ උපදිනවා.
මිනිසෙක් සොලවා බලා හොඳද? නරකද? කියා හඳුනා ගන්න බැහැ. මිනිසා හඳුනා ගන්නට නම් ඇසුරු කළ යුතු වෙනවා. එසේ ඇසුරු කිරීමෙන් මෙලොව පරලොව යහපත උදාවෙනවා.
අනෙක් දේවතාවා ඉදිරියට පැමිණ කියන්නේ නිදුකාණන් වහන්ස, සද්පුරුෂයන් සමඟමයි ඉන්න ඕන. සද්පුරුෂයාමයි ඇසුරු කරන්න ඕන. සද්පුරුෂයාගේ ධර්මය දැනගත් ඒ තැනැත්තා බොහෝ කල් සුවසේ, සැපසේ ජීවත් වෙනවා යැයි පවසා සිටියා.
අවසානයට පැමිණි දේවතාවා කියන්නේ නිදුකාණන් වහන්ස, සද්පුරුෂයන් සමඟම විසීමේ ගුණය පිළිබඳවයි අප මෙසේ පවසා සිටියේ. මේ ප්‍රකාශවලින් වඩාත් වැදගත් වන සුභාෂිතය කුමක්දැයි? වදාළ මැනව. එහිදී බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත් දේවේන්ද්‍රයනි,
සබ්භිරේ ව සමාසේථ සබ්භි කුබේබථ සත්ව වං
සතං සද්ධම්මමඤ්ඤාය සබ්බදුක්ඛා පමුච්චතීති
ඔබ සියලු දෙනා විසින් ප්‍රකාශ කළ කරුණු ඉතාමත්ම ප්‍රශංසනීය යි. ඉතාමත්ම ශ්‍රේෂ්ඨයි. දැන් මාගේ වචනය අසන්න. යහපත් අය, සද්පුරුෂයන්, කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කළවිට සද්පුරුෂයන්ගේ ධර්මය ශ්‍රවණය කළවිට ඒ සද්පුරුෂයන්ගේ ධර්මය දැනීමෙන්, අනුගමනය කිරීමෙන් සියලු දුකෙන් මිදෙන බවයි. (සබ්බ දුක්ඛා පමුච්චතී) සියලු දුක් වලින් එතෙර වන්නට සද්පුරුෂ ඇසුර බලපාන බව තථාගතයන් වහන්සේ මෙහිදී විස්තර කොට වදාළ සේක. දේවතාවෝ එම ප්‍රකාශය පිළිගෙන සතුටු සිත් ඇතිව භාග්‍යවතුන් වහන්සේට වන්දනා කර එතැනින් අතුරුදන් වූවා.
දෙවියන් විසින් මෙසේ අසන ලද ප්‍රශ්නවල තිබෙන්නේ සියල්ලම මෙලොව සහ පරලොව ජීවිතය පිළිබඳවයි. නමුත් බුදුරජාණන් වහන්සේ සද්පුරුෂ ඇසුර නිසා කෙලෙස් නැතිකර නිවන අවබෝධ කරගත හැකි බවද ඉස්මතුකොට වදාළා.
බෞද්ධයාගේ ප්‍රධාන අරමුණෙහි ආරම්භය ශ්‍රද්ධාවයි. අවසානය ප්‍රඥාවයි. (නිවන) ඒ නිවන අවබෝධය සඳහායි අප සියලුම දෙනා කළයුතු දේ කළයුතු වන්නේ. බුදුරජාණන් වහන්සේ මේ සබ්භි සූත්‍රයේදී අපට දෙන පණිවිඩය නම් යහපත් මිතුරන් ඇතිකර ගන්න. ඒ තුළින් සියලු දුකෙන් නිදහස් වෙන්න පුළුවන් බවයි.
විශේෂයෙන් සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන් නිවන අවබෝධ කර ගැනීමට හැකියාව තිබෙනවා. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී වදාළා ඔබට සෝවාහන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් වීමට අවශ්‍ය නම් කරුණු හතරක් ප්‍රගුණ කිරීමට උත්සාහ කරන්න. ඒ කල්‍යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය සහ ධම්මානුධම්ම පටිපදාවයි. ඔබට ඇසුර සඳහා සුදුසු කෙනෙක් නොමැතිනම් හුදකලාව වාසය කිරීම යහපත් බවද උන්වහන්සේ වැඩිදුරටත් වදාළා.
ඒ වගේම කල්‍යාණ මිත්‍ර සේවනයේ වැදගත්කම පවසමින් උන්වහන්සේ ධම්ම පදයේදී මෙසේ ද වදාළා
න භජේ පාපකේ මිත්තේ – න භජේ පුරිසාධමේ
භජේථ මිත්තේ කල්‍යාණේ – භජේථ පුරිසුත්තමේ
පාප මිත්‍රයන් ඇසුරු කරන්න එපා. පහත් අදහස් ඇති පුද්ගලයන්ත් ඇසුරු කරන්න එපා. කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්න. සීල, සමාධි, ප්‍රඥා ආදී ගුණ පිරුණු උතුම් පුද්ගලයන් ඇසුරු කරන්න. ඒ නිසා සද්පුරුෂ ඇසුර අපේ ජීවිත ගොඩනගා ගැනීම සඳහාත්, දියුණුකර ගැනීම සඳහාත්, සංවර්ධනය කර ගැනීම සඳහාත් මෙලොව ජීවිතය මෙන්ම පරලොව ජීවිතය සාර්ථක කර ගැනීම සඳහාත් උපකාර වනබව දෙවියන් විසින් ඇසූ ප්‍රශ්න ඇතුළත් සබ්භි සූත්‍රය තුළින් අපට තේරුම් ගත හැකියි
http://www.budusarana.lk/budusarana/2013/07/16/tmp.asp?ID=vision01
No comments:
Post a Comment