Thursday, September 21, 2023
අඹ පුදා දෙව් සැප විදින උයන් පාලකයා
විවේක ගුණ ප්‍රශ්නය
විවේක ගුණ ප්‍රශ්නය
මිලිඳු රජු -
ස්වාමීනි, බුදුපියාණන් පාරිලෙය්‍ය වනයෙහි තුන් මාසයක් විවේකීව වැඩ සිටියේ ඇයි?
නාගසේන තෙරණුවෝ -
මහරජ, බුදුපියාණන් විසින් කළ යුතු යමක් වූයේ නම්, වැඩිය යුතු යමක් වුයේ නම් ඒ සියල්ල බෝධි මූලයෙහිදී කර අවසන් විය. එහෙත් බුදුපියාණෝ තුන් මාසයක් විවේකීව ගත කළහ. සියලුම තථාගතයන් වහන්සේලා විවේකය කැමති වෙති. විවේකය ආයු වඩයි. ශරීර බලය දෙයි. කම්මැලිකම නැති කරයි. වීර්‍ය උපදවයි. සිත එකඟ කරයි. සිත සතුටු කරයි. විශේෂයෙන්ම තථාගතයන් වහන්සේලා විවේකයට කැමති වන්නේ එම කාලය තුළ නිවන් සැපය සහ සමාපත්ති සුවය විඳිය හැකි නිසාය. විවේකය සියලු බුදුවරයන් විසින් ප්‍රශංසා කරන ලද්දකි
කූට වෙළෙන්දාට හා මව්පියන්ට පහර දුන්නන්ට වන විපාක.
Sunday, September 10, 2023
ශාසනායු ප්‍රශ්නය
Saturday, September 9, 2023
සභිය මහරහතන් වහන්සේ
Sunday, August 20, 2023
උත්තර මාතු ප්‍රේත වස්තු
Saturday, August 19, 2023
දේවදත්ත ප්‍රවුජ්‍යා ප්‍රශ්නය.
දේවදත්ත ප්‍රවුජ්‍යා ප්‍රශ්නය.
මිලිඳු රජු -
ස්වාමීනි, දේවදත්ත පැවිදිව සංඝ භේදය කර කල්පයක් මුළුල්ලෙහි අවීචි මහා නරකයෙහි පැසෙන බව දැන දැනත් ඔහු පැවිදි කළේ ඇයි?
නාගසේන තෙරණුවෝ -
මහරජ, දේවදත්ත පැවිදි නොවී ගිහිව සිටියේ නම් බොහෝ අකුසල් කර කල්ප කෝටි ගණන් නරකයෙන් නරකයට වැටෙමින් අප්‍රමාණ දුක් විඳින බව දිවැසින් දැක තමාගේ සසුනෙහි පැවිදි වූ අයට දුක් කෙළවර වන නිසා කරුණාවෙන් ඔහු පැවිදි කළ සේක. බලවත් පුරුෂයෙක් තමාගේ නෑයෙකුට හෝ මිතුරෙකුට රජ කෙනෙකුගෙන් දැඩි දඬුවමක් ලැබුණු විට කරුණු කියා දඬුවම සැහැල්ලු කර දෙන්නාක් මෙන් ඔහුට උරුම වීමට තිබූ බලවත් දුක් සැහැල්ලු කළ සේක. දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙක් මහත්වූ රෝගයක් ඖෂධ බලයෙන් අඩුකර දෙන්නාක් මෙන් ඔහුට විඳීමට තිබූ බලවත් දුක් අඩුකර දුන් සේක.
ඒ දෙව්දත් තෙරද පෙර වෛරය නිසා බුදුපියාණන් මැරීමට නොයෙක් උත්සාහ ගෙන ඒ නොහැකිවූ තැන සංඝ භේදයද කර මියයන මොහොතෙහි බුදුගුණ සිහි කළේය. “ස්වාමීනි, මාගේ ලොව්තුරා බුදුපියාණෙනි, ඔබවහන්සේට අපරාධ කර මා කෙරෙහිද අංගුලිමාල කෙරෙහි දැක්වූ, නාලාගිරි ඇත් රජ කෙරෙහි දැක්වූ, රාහුල කුමරු කෙරෙහි දැක්වූ කරුණාව දක්වනු මැනවි. මම සුදොවුන් මහ රජුට බෑණනුවන් වීමි. යශෝධරාවන්ට සහෝදරයා විමි. රාහුල කුමරුවන්ට මාමා වීමි. මේ නිසා මස් නරක (නිරා) දුකින් ගලවා ගත මැනව” යයි කියා බුදුන් සරණ ගියේය. මේ නිසා ඔහු මතු දිනක අවීචියෙන් මිදී සට්ඨිස්සර නම් පසේ බුදු කෙනෙක් වෙයි.
මහරජ, මෙසේ බුදුපියාණෝ ජල පහරට අසුව පහළ බලා යන දෙව්දත් උඩු ගඟ බලා හැරවූ සේක. අමාර්ගයට පැමිණි දෙව්දතුන් මාර්ගයට පැමිණ වූ සේක. ප්‍රපාතයක වැටී සිටි දෙව්දතුන්ට පිහිට වූ සේක.
-
බදුල්ල, බණ්ඩාරවෙල පාර ශ්‍රී ගෞතම සමාධි බුද්ධ මන්දීරයේ දර්ශනපති බඩල්කුඹුරේ ධම්මසිද්ධි හිමි ලොව්තුරා තථාගත අමාමෑණි බුදුරජාණන් වහන්සේගේ පළම...
-
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය පරම...
-
ඛුද්දක නිකායෙහි උදාන පාලිය: මුචලින්ද නා රජුගේ බුද්ධ උපස්ථානය මහමෙව්නා භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ සහ අනුශාසක කිරිබත්ගොඩ ඤාණානන්ද...