ධම්මානුපස්සනාවේ ථීනමිද්ධ නීවරණය:
උත්සාහයට ජයග්‍රහණය අලසකමට පරාජය
"කම්මැළිකමක් මට ඇතිවී තිබෙනවා. එය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කළ යුතු යි. ඒ සිතට ලැබෙන්නේ ලොකු සැනසුමක්. තම ජීවිතයට යහපතක්. සම්බුද්ධ ශාසනය මනාකොට ආරක්ෂා කරගන්න පුළුවන්කම තිබෙනවා. කම්මැළි පුද්ගලයාට ධ්‍යාන, සමාධි, සමාපත්ති, මාර්ග ඵල , නිවන ආදී උත්තරීතර මනුෂ්‍ය ධර්ම අවබෝධ කරගන්න පුළුවන්කමක් නැහැ. "
බුදුන් වහන්සේ ධරමාන කාලයේ වාසය කළ භික්ෂූන් වහන්සේ දෙනමකගෙන් එක් නමක් බොහොම වීර්යය වන්ත යි. අනෙක් හාමුදුරුවෝ බොහොම කම්මැළි යි. වෙලාවට වතාවත් නොකර, බණ භාවනා කටයුතු කල්දමන, ශීතල යි කියමින් ගිනි තැපීම් ආදිය සිදු කරමින් අලසකමටම යටත්ව වාසය කරයි. උත්සාහවන්ත ස්වාමීන් වහන්සේ බණ භාවනා කටයුතු කර රහත් වුවත්, අලස ස්වාමීන් වහන්සේට රහත් වන්නට නොහැකි වුණා. කම්මැළිකම නිසා ලැබෙන්න තිබූ මාර්ග ඵල අවස්ථාව තමන්ට නොලැබී ගියා. උත්සාහයට ජයග්‍රහණයත්, කම්මැළිකමට පරාජයත් ලැබෙන බව දැනගෙන තම සිත දියුණු කර ගැනීමට බලවත් උත්සාහයකින් කටයුතු කිරීම ඉතාමත් ම වැදගත්.
කම්මැළිකම මෙලොව පිරිහීමටත්, පරලොව දුගතිගාමී වීමටත් , නිවන් මඟ දොරටු වසා දැමීමටත් හේතු වෙනවා. බුදු , පසේබුදු , මහ රහතන් වහන්සේ බලවත් උත්සාහය පාදකව මඟ ඵල ලැබුවා. බුදුන් වහන්සේ විසි අසංඛ්‍යෙයක් කල්ප ලක්ෂයක් පුරා බලවත් උත්සාහය පෙරමුණට ගෙන කටයුතු කිරීමෙන් කම්මැළිකම ඉවත්ව පාරමී ගුණ දියුණු වුණා. ආපසු නොහැරී බලවත් උත්සාහයෙන් ඉදිරියටම පිවිසී බුද්ධත්වය ලබා ගත්තා. එසේනම්, මන්දෝත්සාහී අය ආපස්සට ද උත්සාහවන්තයෝ ඉදිරියටද යන්නේ අකම්ිපිත සිතක් සකසා ගෙන යි. එසේනම්, ථිනමිද්ධය පිළිබඳ හොඳින් කරුණු දැන කියාගෙන කම්මැළිකම, උදාසීනබව අපේ සිතෙන් බැහැර කළ යුතු යි. එසේ නොවුණොත් සතර අපා දුකට වැටී දීර්ඝ කාලයක් දුක් විඳින්න සිදු වෙයි. එසේනම්, නීවරණ එතරම්ම බියකරු යි. නීවරණ සුගතියත් නිවනත් වසා දම යි. එසේනම්, පංචනීවරණ අවස්ථාව හොඳින් වටහාගෙන එයින් නිදහස්වීම සඳහා බුදුන් වහන්සේ අපට ධර්මය දේශනා කර වදාළා. ඒ පොත පත හොඳින් කියවා, සජ්ඣායනා කළ යුතු යි. එවිට තම චිත්ත සන්තානයත් උත්සාහයට සමීප කරවමින් ඉදිරියට යන්න භාග්‍ය ලැබෙයි. කම්මැළියා සැමදා පිරිහී යයි. එසේනම්, කම්මැළිකමේ දොස් ආදීනව ද, උත්සාහයේ අනුසස් ද හොඳින් දැකිය යුතු යි. එවිට තම සිත හොඳින් සංවරකරගෙන නිවන් මඟ ඉදිරියට යන්නට පුළුවනි.
ධම්මානුපස්සනාවෙහි පළමු කාණ්ඩය වශයෙන් සලකන්නේ නීවරණ විදර්ශනා භාවනාව යි. තම නුවණ දියුණු කර ගැනීම සඳහා භාවනාව කාටත් අත්‍යවශය වන දෙයක්. එයින් නීවරණ කොටසේ කාමච්ඡන්ද නීවරණය, ව්‍යාපාද නීවරණය, පිළිබඳ පසුගිය බුදුසරණ පුවත්පත් ලිපි මඟින් පළ වුණා. අද සඳහන් කරන්නේ ථීනමිද්ධ නීවරණය ගැන යි. එනම්, සිතෙහි සහ කයෙහි ඇතිවන මැළි බව යි. ඉන් සුගති මඟ ද, නිවන් මඟ ද වසා දමයි. කම්මැළිකම එතරම් ම භයානක යි. තම චිත්ත සන්තානය මුළුමනින් ම විනාශයට පත් කරන , ආර්ථිකය විනාශ කරන, ධනය විනාශ කරන, සමගිය නැති කරන බොහොම ආදීනව ථීනමිද්ධ නීවරණයට තිබෙයි.
භාවනාවට ගනු ලබන්නේ තමන්ගේ කම්මැළිකම, උදාසීන බව දැනුනවිට කම්මැළිකම හෙවත් ථිනමිද්ධ නීවරණය දැන් හටගෙන ඇත. ථීනමිද්ධ නීවරණය හෙවත් අලසකම අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. යනුවෙන් මෙනෙහි කළ යුතු යි. ථීනමිද්ධය දුරු කර ග ැනීමට ආසනයෙන් නැඟිට සක්මන් කළ යුතු යි. ඉරියව් මාරු කළ යුතු යි, සජ්ඣායනා කළ යුතු යි. එවිට තම කම්මැළිකම දුරු කළ හැකි යි. කයෙහි අලස බවට ‘උකටලී’ යනුවෙන් ද, ථිනමිද්ධය යනුවෙන් ද කියනු ලැබේ. එයට අනුකූලව කොයි කවුරුත් ථීනමිද්ධය පිළිබඳ ව හොඳට අවබෝධයක් ඇතිකර ගත යුතු යි.
හොඳින් ආහාර පාන අනුභව කළවිට, ඇඟ මැළි කඩමින් සිතෙහි මැළි බව, අලස බව හට ගනී. මේ හේතූන් නිසා නූපන් කම්මැළිකම ඇතිවෙයි. උපන් කම්මැළිකම වැඩි දියුණු වෙයි. ථීනමිද්ධය සිත්හි ඇති නොවීමට හා ඇතිවූ ථීනමිද්ධය නැති වීමට හේතු තිබෙනවා.
ආරම්භ ධාතු යනුවෙන් හොඳ වීර්යයක් ද තිබෙයි. එනම්, කටයුතු කිරීමෙන් පළමුව ඇති වන වීර්යය යි. කුසීත බැවින්, නික්මෙන බැවින් පළමු වීර්යයට වඩා බලවත් වීර්යය නෙක්ඛම්ම ධාතු වීර්යය යි. පරාක්‍රම ධාතු වීර්යය බලවත් ක්‍රියාවන් හි යෙදෙන වීර්යය යි. යෝනිසෝමනසිකාර නම් වූ ඒ ත්‍රිවිධ වීර්යයන්හි නුවණින් මෙනෙහි කිරීම ආදී කරුණු ථීනමිද්ධය ඇති නොවීමට හා ථීනමිද්ධය නැති වීමට හේතු සාධක වෙයි.
එසේනම්, ථීනමිද්ධය ප්‍රහාණය කිරීමට හේතු හයක් තිබෙයි. බොහෝ කොට ආහාර ගැනීමෙන් වැළකීම, ඉරියව් මාරු කිරීම, ආලෝකය දෙස බැලීම, එළිමහනෙහි විසීම,කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීම වීර්යවන්තයන්ගේ චරිත කථා ආදිය කියවීම යි. අලෝභ සිත් අටෙහි , ලෝභ සිත් අටෙහි සසංකාරික සිත් හතරක් සහ දෝස සිත් දෙකේ සසංකාරික සිත් එකක් ආදිය තිබීමෙන් කම්මැළිකම හට ගනි යි.
පාරමී ගුණ ධර්ම දියුණුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවනට පත්වීම සඳහා අනීවරණ සිත ප්‍රධාන වෙයි. එනම් නීවරණ නැති සිත යි. එසේනම්, නීවරණයන්ගෙන් තොරව වාසය කිරීමත් ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. නුවණ පාවිච්චි කරගෙන කියනු ලබන නීවරණය තම සිතෙන් බැහැර කළ යුතු යි. එවිට තමන්ට නිවැරැදිව මේ ගමන ඉදිරියට යා හැකි යි. එසේවූවිට, තම පාරමී ශක්තිය තවත් වැඩිදියුණු වෙයි. අඩුපාඩුකම් හොඳින් වැසී යයි. තම සිතේ කම්මැළිකමක් හෝ අලසබව ඇතිවුණොත් සිත පසුබෑමකට පත් වූ බව සිතා එහි දොස් හොඳින් දැකගෙන, ථීනමිද්ධ නීවරණය හෙවත් කම්මැළිකම අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්මයි යනුවෙන් සියවර දහස්වර මෙනෙහි කරන්න.
කම්මැළිකමේ ආදීනව, කම්මැළිකමෙන් නිදහස්වීමෙන් ලැබෙන අනුසස් කල්පනා කළ යුතු යි. එවිට තම තමන්ට උතුම් පිළිවෙත් මඟ ඉදිරියට ගෙන යන්නට පුළුවනි.
එසේනම්, සිතේ බහුල වශයෙන් පවතින පංචනීවරණයන් සිතෙන් බැහැර කිරීම සඳහා බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ප්‍රකාශ කර වදාළා. බුදුදහමට අනුකූලව ථිනමිද්ධ නීවරණය සිතෙන් තුරන් කිරීම සඳහා උපදෙස් ලබා දුන්නා. කම්මැළිකමක් මට ඇතිවී තිබෙනවා. එය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කළ යුතු යි. ඒ සිතට ලැබෙන්නේ ලොකු සැනසුමක්. තම ජීවිතයට යහපතක්. සම්බුද්ධ ශාසනය මනාකොට ආරක්ෂා කරගන්න පුළුවන්කම තිබෙනවා. කම්මැළි පුද්ගලයාට ධ්‍යාන, සමාධි, සමාපත්ති, මාර්ග ඵල , නිවන ආදී උත්තරීතර මනුෂ්‍ය ධර්ම අවබෝධ කරගන්න පුළුවන්කමක් නැහැ. සිතේ අලස බව, පසුබැස්ම නිසා ලැබෙන්න තිබෙන නිවන් සම්පත් තමන්ට අහිමි වී ගියා. තමන්ට නිවන් සම්පත දියුණු කරගෙන යාමට නම්, සිත ගත නිවා සනසාගෙන මේ සතිපට්ඨාන භාවනාවෙහි ධම්මානුපස්සනාවෙහි උගන්වන ක්‍රමය ඉදිරියට යා යුතු යි. එවිට තම සිතෙහි ලොකු ශක්තියක් ගොඩ නැංවෙයි. ප්‍රඥා පාරමිතා හොඳින් වැඩෙයි. ඉතිරි පාරමිතා නවය ද අඩු ලුහුඬුවක් නැතිවම සම්පූර්ණ කරගන්න පුළුවනි. එසේනම් ගිහි පැවිදි දෙපාර්ශ්වයම එකතුවෙන් ථීනමිද්ධ නීවරණ භාවනාව හොඳින් නුවණින් කල්පනා කර දියුණු කිරීමෙන්, ඔබ අප සෑම දෙනාටම සංසාර සාගරයෙන් අත්මිදී නිවන් පසක් කර ගන්නට හේතු වාසනා වේවා!