Friday, July 9, 2021
දැහැමි සිතිවිලි ඔස්සේ සසර දුක නිමා කරමු
Sathi pattana
වේදනානුපස්සනාව
වේදනාව ජයග්‍රහණයක් කරගන්න
අම්බලන්ගොඩ, කහව ගල්දූව
ගුණවර්ධන යෝගාශ්‍රමයේ ශ්‍රී කල්‍යාණි
යෝගාශ්‍රමයේ මහා ලේඛකාධිකාරී
කම්මට්ඨානාචාර්ය ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි
සතිපට්ඨාන යනු සිහි එළඹීම යි. එනම් සිහි නුවණින් බැලීම යි. යමක් දෙස, සත්ත්වයා , පුද්ගලයා , ආත්ම වශයෙන් බැලීම නොවෙයි. ඒ දෙස සිහි නුවණින් බැලුවොත් සත්ත්ව, පුද්ගල , ආත්ම, සංඥා සියල්ල බැහැරව යයි. එයම නිවන් මඟට මහෝපකාරී වෙයි.
පසුගිය ලිපි පෙළෙන් සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාව ගැන සඳහන් කළෙමු. අද සඳහන් කරන්නේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ වේදනානුපස්සනාව යි. වේදනානුපස්සනාව පිළිබඳ ව ලොවුතුරා බුදුරජාණන් වහන්සේ විවිධාකාර ස්ථානයන්හි දී දේශනා කර වදාළා. සතිපට්ඨාන සූත්‍රයේ වේදනානුපස්සනාව වශයෙන් වෙනම කාණ්ඩයක් ගෙන හැර දැක්වූවා. වේදනාව අනුව බැලීම, වේදනා - අනුපස්සනා නම් වෙයි. ශරීරයට දුක් වේදනාවක් වැඩිපුර ලැබෙනවා. සැප වේදනා අඩුයි. මධ්‍යස්ථ වේදනාත් අඩුයි. කායික වේදනා, මානසික වේදනා යනුවෙන් වේදනාව දෙවදෑරුම් වෙයි. සියලු ම වේදනාවන් කායික දුක් ලෙසත්, සිතට දැනෙන වේදනාවන් මානසික දුක් වේදනාවන් ලෙසත් සඳහන් කරනවා.
වේදනාව ගැන අපට අමුතුවෙන් වැඩි විස්තර කිව යුතු නැහැ. වේදනාව ගැන කාටත් පැහැදිලි යි. සැප සහ දුක්ඛ වේදනාව යනුවෙන් ප්‍රධාන වශයෙන් කොටස් දෙක යි. එය උපේක්ෂා වේදනාව යනුවෙන් ද සඳහන් වෙයි. එවිට සුඛ වේදනාව, දුක්ඛ වේදනාව , උපේක්ෂා වේදනාව යනුවෙන් තෙවැදෑරුම් වෙයි.
එයට ආමිස, නිරාමිස යනුවෙන් තවත් දෙකොටසක් එකතු කර ගත යුතු යි. ආමිස වේදනාව ලෞකික යි. නිරාමිස වේදනාව ලෝකෝත්තර යි. වේදනානුපස්සනාව නව ආකාරයකට සඳහන් වෙනවා. සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, උපේක්ෂා වේදනාව යි, සාමිස සුඛ වේදනාව, නිරාමිස සුඛ වේදනාව, සාමිස දුක්ඛ වේදනාව, නිරාමිස දුක්ඛ වේදනාව, සාමිස උපේක්ෂා වේදනාව හා නිරාමිස උපේක්ෂා වේදනාව යි.
සිතේ ඇතිවන කල්හි එම වේදනාවන් මෙනෙහි කිරීම වේදනානුපස්සනාව වෙයි. ඒ තත්ත්වයත් හොඳින් වටහාගෙන, වේදනාවේ තත්ත්වයත් හොඳට තේරුම් බේරුම් කරගෙන වේදනානුපස්සනා භාවනාව මෙනෙහි කරමු. ඒ වේදනාව විටක සැප වේදනාවක් විය හැකියි. තවත් විටක දුක් වේදනාවක් විය හැකි යි. ඒ නිසා වේදනාව, වේදනාව යි, වේදනාව යි. එය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කළ යුතු යි.
බුද්ධ කාලයේ පිණ්ඩපාතයේ වැඩම කළ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් දරුණු කායික වේදනාවට පත් වුණා. උන්වහන්සේ අවුරුදු දොළහක් ම එකම නිවසින් දානය වැළඳුවා. කොසොල් මහ රජතුමා ඒ නිවසේ හිමිකරුට මැණික් ගලක් ඔප මට්ටම් කරන්න දුන්නා. ඔහු මේසය මත මැණික් ගල තබා මුළුතැන්ගෙට පිවිස නැවත පැමිණෙන විට මේසය මත තැබූ මැණික් ගල නැහැ. නිවසේ ඇතිකරන ගිජු ලිහිණියා මේ මැණික් ගල ගිල තිබුණා. මේ ගෙහිමියා සැක කළේ ස්වාමීන් වහන්සේ යි. ඒකාන්තයෙන් මැණික් ගල ගන්න ඇත්තේ ස්වාමීන් වහන්සේ යි. ඔහු ඇසුවා , ස්වාමීනි, මා මැණික් ගල මේසය මත තැබුවා. නමුත් දැන් එය නැහැ. ඔබ වහන්සේ ම තමයි මේක ගන්න ඇත්තේ. නැහැ, උපාසක තුමනි, මා එය ගත්තේ නැහැ. එය මට අවශ්‍ය නැහැ. එවිට උපාසකයා, ස්වාමීන් වහන්සේට තරවටු කරමින් ඇසුවා. ඒත් පෙර දුන් පිළිතුර ම දුන්නා. මේ නිසා උපාසකයා වෙළුමක් දමා භික්ෂුන් වහන්සේගේ හිස තද කළා. මේ නිසා ඇස්, කන්, නාසාදී පුපුරා රුධිරය ගලන්න පටන් ගත්තා. සිවුර තෙත බරිත කරමින් ගලා ගිය රුධිර ධාරාව නිවසේ ඇති කළ පක්ෂියා බොන්න පටන් ගත්තා. කෝප වුණ ගෙහිමියාගේ පා පහරින් ඒ සතා මරණයට පත් වුණා. එහිදී පක්ෂියා මළ බව දැන ගත් ස්වාමීන් වහන්සේ , සතාගේ උදරය පළා බලන්නැ’යි වදාළා. එවිට මැණික් ගල ලැබුණා. ගෙහිමියා ලේ විලක් මැද වැඳ වැටී භික්ෂූන් වහන්සේගෙන් සමාව අයැදුවා.
එහිදී ස්වාමීන් වහන්සේ , අතීත සංසාරයෙත් මා මෙවැනි වරදක් කරන්න ඇති. මේ දුකම යි මට ලැබුණේ යනුවෙන් ස්වාමීන් වහන්සේ කායික දුක්ඛ වේදනාව මෙනෙහි කළා. වේදනාවයි, වේදනාවයි, එය අනිත්‍යය යි, දුක්ඛයි, අනාත්ම යි යනුවෙන් වේදනාව හට ගන්නා ආකාරය, නැතිවන ආකාරය සියල්ල ම නුවණින් මෙනෙහි කළා. ඒ නිසා තමන් වහන්සේට විදර්ශනා නුවණ පහළවීමත්, මහ රහත් භාවයට පත්වීමත් එකවරම සිද්ධ වුණා. එය වේදනා පස්සනාවට සිත යොමුකර, වේදනාව මෙනෙහි කිරීම යි.
බොහෝ ස්වාමීන් වහන්සේ අතර කතාවක් ඇති වුණා, මේ ස්වාමීන් වහන්සේ අපාගත වෙන්න ඇති යනුවෙන්. එහිදී බුදුන් වහන්සේ දේශනා කර වදාළේ, ‘මහණෙනි, ඒ භික්ෂුව අපායට ගියෙත් නැහැ. මැරී ඉපදුණෙත් නැහැ. දෙව්ලොව, බඹලොව ගියෙත් නැහැ. එහෙමනම් කොහේ ගියේ දැ’යි භික්ෂු පිරිස භාග්‍යවතුන් වහන්සේගෙන් විචාළා. ‘මහණෙනි, ඒ භික්ෂුව තථාගතයන් වහන්සේගේ කියමන අකුරටම ඉටු කළා. කුමක්ද ස්වාමීනි, අකුරට ම ඉෂ්ට කිරීම? වේදනාව ලැබුණු වේලාවේ එය මෙනෙහි කිරීම යි, අනිත්‍යය, දුක්ඛ, අනාත්ම වශයෙන් වටහාගෙන රහත් බවට පත්වුණා යනුවෙන් ශාස්තෘන් වහන්සේ වදාළා.
එසේනම්, තමන්ටත් කායික මානසික වේදනාවන් දැනෙන්න පුළුවන්. ඒ වෙලාවට වේදනාව තිබුණු තැන සිත පිහිටුවා ගෙන වේදනාව මෙනෙහි කරන්න. හිසේ වේදනා, බඩේ වේදනා, දණහිස් වේදනා, ඇඟපත වේදනා ආදිය තිබේනම්, ඒ ස්ථානයේ සිත පිහිටුවා ගන්න. යම් ප්‍රශ්නයක් නිසා සිතට වේදනාව දැනුණොත්, වේදනාව මෙනෙහි කළ යුතු යි. ‘වේදනාව යි, වේදනාව යි, වේදනාව මම නොවෙයි, මගේ නොවෙයි, මගේ ආත්මය නොවෙයි, ඒ නිසා වේදනාව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි’ යනුවෙන් වේදනාව මෙනෙහි කරමින් ඉදිරියට යන්න. එවිට තමන්ට වේදනාවෙන් ජයග්‍රහණයක් ලබන්න පුළුවන්. කලබල වෙන්න හොඳ නැහැ. වේගවත් වෙන්න හොඳ නැහැ. හිමිහිට ම අත් විඳින්න. මධ්‍යම ප්‍රමාණයෙන් වේදනාව හොඳින් මෙනෙහි කරන්න. වේදනාව හට ගැනීම, වේදනාව පැවතීම, වේදනාව නැතිවීම යි. එය උප්පාද, ථිති, භංග නම් වෙයි. ඒ අවස්ථා තුන දෙස හොඳට බලාගෙන මෙනෙහි කරද්දී, තමන්ට වේදනානුපස්සනාවෙන් යම්කිසි ජයග්‍රහණයක් ලැබිය හැකි යි. එසේනම්, වේදනානුපස්සනාව දුක් සහගත විය හැකි යි. මධ්‍යස්ත විය හැකි යි. සැපදායක විය හැකි යි. කෙසේ වෙතත් වේදනාව හොඳට හඳුනාගෙන තමන්ගේ කටයුතු ටික හොඳට ඉදිරියට ගෙන යන්න අවශ්‍යය යි.
සිතුල්පව්වෙහි මෑත කාලයේ එක්තරා භාවනායෝගී භික්ෂුන් වහන්සේ නමක් වැඩ සිටියා. උන්වහන්සේ බොහොම සිල් ගුණ දියුණු කරමින් කටයුතු කළා. උන්වහන්සේට උදරයේ වේදනාවක් හට ගත්තා. එහෙට මෙහෙට හැරෙමින් වේදනාව උහුලා ගන්න බැරිව සිටියා. තව ස්වාමීන් වහන්සේ නමක් ඔබ වහන්සේ නිබඳව භාවනා කරනවා. වේදනාව ඉවසා ගන්න බැරි මොකද? යනුවෙන් විමසුවා. එවිට, උන්වහන්සේ සිත දැඩිකරගෙන උදරයේ ඇතිවුණු වේදනාව උහුලාගෙන කටයුතු කළා. වේදනාවෙන් උදරය පැලී බඩවැල එළියට එනතුරා ඉවසා සිටියා. මෑත කාලයේ එතරම් ඉවසූ භික්ෂූන් වහන්සේ නමක් ගැන සඳහනක් නැහැ. මරණයත් , රහත් වීමත් දෙක එකටම සිද්ධ වුණා.
මේවා තමන්ගේ සිතට, කයට දැනෙන වේදනාවන්. මේ ගැන හොඳට දැන කියාගෙන සිහි කල්පනාවෙන් ම වේදනාව හොඳට මෙනෙහි කළ යුතු යි. විවේක වන සිත අනිත්‍යය, දුක්ඛ, අනාත්ම වශයෙන් බැලිය යුතු යි. සිතේ පහළවන චෛතසික අනිත්‍යය, දුක්ඛ, අනාත්ම වශයෙන් බැලිය යුතු යි. එවිට ගැඹුරු විදර්ශනාවකට බැසගත හැකි යි. තමන්ගේ වේදනාව තිබෙන තැන වේදනාවයි, යනුවෙන් මෙනෙහි කර වේදනාව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කිරීමත් හොඳටම ඇති. තමන්ගේ දරුවන්ටත් ඒවා දියුණු තියුණු කළ හැකි යි. සැප වේදනාව වුවද ඒ වේදනාවේ තරම දැන කියාගෙන එකක් පාසා මෙනෙහි කළ යුතු යි. දුක් වේදනාව ද හට ගත්තේ කෙසේද? ඒ සිත, චෛතසික මෙනෙහි කළ හැකි යි.
පුරාතන උතුමන් වේදනාව ගැන පමණක් ම මෙනෙහි කළා. කායික වේදනා, කායික සුඛ වේදනා, මානසික දුක්ඛ වේදනා, මානසික සුඛ වේදනා, මෙනෙහි කළා. වේදනාවක් නොදැනේ නම්, මධ්‍යස්ථ වේදනාවෙන් සිත මෙනෙහි කරනවා. ඒ මඟින් සිත දියුණු කළ හැකි යි. එවිට තණ්හාව, තරහව, ඊර්ෂ්‍යාව , මාන්නය, උඩඟුබව, සිතට එන්නේ නැහැ. ඒ පාපී සිතිවිලි යටපත් වෙනවා. තමන්ගේ වේදනාව පමණක් ඉස්මතු කර ගන්න. එය සුබ ආරම්මණයක් ලෙස දිගට ගෙනියන විට වේදනාව යටපත්ව තමන්ගේ නුවණ දියුණු වෙයි. එය අවංක භක්ත්‍යාදරයෙන් ම සිදු කළ යුතු යි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම හොඳින් වටහා ගන්න. තමා සැප වේදනාවක් විඳින්නේ? තමා දුක් වේදනාවක් විඳින්නේ? තමා උපේක්ෂා වේදනාවක් විඳින්නේ? යනුවෙන් මේ අවස්ථා තුන තේරුම් බේරුම් කරගත යුතු යි. සිතේ වේදනාවක් නම් මා මේ වේලාවේ සිතේ වේදනාවෙන් පසුවන්නේ. කායික වේදනාවක් නම්, මම කායික වේදනාවෙන් පසු වන්නේ. යනුවෙන් මෙනෙහි කරන්න. එයම වේදනානු පස්සනාව වශයෙන් ම දියුණු කිරීමෙන් චතුරාර්ය සත්‍යය ධර්මාවබෝධයට මඟ සැලසෙයි.
ජම්මික ප්‍රබෝධනී වැලිකල
බිලඞ්ගික සූත්‍රය
Thursday, July 8, 2021
දෙතිස් වධයම ඇති අපාය
දෙතිස් වධයම ඇති අපාය
අම්බලන්ගොඩ, කහව ගල්දූව
ගුණවර්ධන යෝගාශ්‍රමයේ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමයේ
මහා ලේඛකාධිකාරී
කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි
එකසිය තිස්එකක් වන අපාය අතුරෙන් අද සඳහන් කරන්නේ විසිනව වන නරකය වන අංගාරමාල නරකය යි. මේ අපායට වැටෙන්නේ සතුන් පුළුස්සා බැදගෙන ආහාරයට ගන්නන් ය. මනුස්ස ලෝකයේ වාසය කළාට සතුන් පුළුස්සා බැදඟෙන කනවා. ඒ අයත් අංගාරමාල නරකයට වැටී එලෙස ම පුළුස්සා දමයි. ඇතැම් රටවල සතුන් පණ පිටින් ම බදියි, පණ පිටින් ම තම්බයි. පණ පිටින් ම ගෑරුප්පුවෙන් ඇණ කා දමයි. කෙතරම් භයානක ද?
සමහර රටවල ජාතිකයන් පණ පිටින් සිටින රිලවුන්, වඳුරන් වැනි සතුන්ගේ හිස හාරමින් කා දමයි. එය ඒ සතාට කෙතරම් ම වේදනාවක් ද? එසේනම්, මෙවැනි පාපකාරී මිනිසුන් අංගාරමාල නරකයට වැටී ඒ පාපයන් සේ දස දහස් ගණනින් දුක් විඳි යි.
එසේනම්, සතුන් පණ පිටින් පුළුස්සා ආහාරයට ගැනීම සුදුසු දෙයක් නොවෙයි. හැකිතාක් සත්ත්ව හිංසාවෙන් වැළකිය යුතු යි. අවිහිංසාවාදීව කටයුතු කළොත් බොහොම වටියි. මස් , මාංශයන්ගෙන් වැළකීමත් ඉතා හොඳයි. ඇතැම් ළමයින් කුමන පිළී දෙයක්වත් ආහාරයට ගන්නේ නැහැ. නිකම් බත් දුන්නොත් ආහාරයට ගන්නවා. මේවා සංසාර පුරුදු. පින්වතුන්ට එකවරම මස් මාංස අනුභවයෙන් වැළකීමට නොහැකි නම්, පෝයදාට, හෝ එයින් වැළකී ටිකෙන් ටික මස් මාංස අනුභවය දුරු කරන්න. එවිට නිර්මාංශවාදී, අවිහිංසාවාදී පුද්ගලයෙක් වෙයි. එයින් තමන්ට ලැබෙන්නේ විශාල පිනක්. මේවා නිමකළ නොහැකි පින්. ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥා මෙලොව සම්පත්, සුගති සම්පත් හොඳින් ලැබෙයි. කිසිම දෙයකින් අඩු පාඩුවක් නැහැ. මරණින් මතු සත්ත්ව හිංසාවෙන් වැළකුණ අය දෙව්ලොවට යති.
බලන්න, කාය සංවරය, මනෝ සංවරය ඇති කරගත් විට ලබන්න බැරි සම්පතක් ලොවේ නැහැ. මේ ගැන සිතා කල්පනාවෙන් පින වැඩිකර, පව අඩු කරගන්න. සත්ත්ව මාංශ භක්ෂණය බොහොම වටියි. අධිෂ්ඨාන කර ගන්න, මා මේ සතියේ මස් මාලු කන්නේ නැහැ. ඒ සතියේ තමන් මෛත්‍රී භාවනාව කරන්න. එවිට සත්ත්ව හිංසාවෙන් වැළකී සතුන්ට හිංසා පීඩා කරන අයට සහාය දීමෙන් වැළකී කටයුතු කරන්න.
එසේනම්, කොයි කවුරු වුණත් අපායට බිය වන්න. සති, සමාධි, ඥාන ඇති කර ගන්න. පින වැඩිකර, පව අඩුකර සතර අපායෙන් අත්මිදී සුගතියක ම වාසය කරන්න ලැබේවා’යි අදහසින් කටයුතු කිරීම අවශ්‍යය යි. එවිට කිසිවකින් අඩු පාඩුවක් කරදරයක් නැතිව සංසාර ගමනෙන් එතෙර වන්නට කාටත් පුළුවනි.
තිස්වන අපාය ජලකෙස් මැලි නරකය යි. එතැන ඇත්තේ දැඩි දඬුවම්. එහි වාසය කරන්නේ මනු ලොවදී අනුන්ට වංචා කළ අය යි. සුළු දෙයක් හෝ වැඩියෙන් බලාපොරොත්තු වෙනවා. හොර තරාදි, හොරට කිරුම් මිනුම් කටයුතු කිරීම, එසේම සුළු ගණනකට ගෙන වැඩි මිලකට විකුණනවා. මෙලෙස දරුණු පව් කළ ව්‍යාපාරිකයන් මේ අපායට වැටෙයි. එහි දී යම පල්ලන් අතින් පයින් දීර්ඝ කාලයක් දඬුවම් ලබා දෙයි. අත පය කපා දමයි. පොලු මුගුරු වලින් ගුටි බැට දෙයි.
ඒ නිසා මතක තබාගන්න, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ධාර්මික වෙළෙඳාම් කළ යුතු යි. එවැන්නෝ ඉදිරි දියුණුව සකසා ගනියි. අධාර්මික වෙළෙඳාම් කරන්නන්ගේ පිරිහීම, අලාභය සිදු වෙයි. එසේනම්, නිවැරැදිව ගණන් බලා, මිල තක්සේරු කළ යුතුයි. එලෙස සාධාරණව වාසය කරන්නෝ මරණින් මතු සුගතිගාමී වෙයි. එවැන්නන්ට සියලු සම්පත් ලබා ගන්නට පුළුවනි.
අනුන්ට කරදර පීඩා කරන, අලාභ කරන අවාසනාවන්ත ජීවිත ගත කළ අය යම පල්ලන් විසින් අතින්, පයින් ගුටි ගසයි. දඩු මුඟුරු වලින් ගසා දමා දිය යුතු දෙතිස් වධයම දෙයි. මේ නිසා පවින් වැළකී නිවන් මඟ ගමන් කළ හැකි යි. මේ සඳහා අපායට යන ක්‍රියාවන්ගෙන් වැළකී, තිදොරින් ම සංවර විය යුතු යි. ශාසනයත් රැකගෙන මව් පියන්ට ඇප උපස්ථාන කරමින් සිත කය වචනය රැකගත්තොත් වාසනාවන්ත ජීවිත පෙළක් ගත කළ හැකියි. ඉක්මන් භවයක දී ම නිවන් සම්පත් ළඟා කරගත හැකි යි.
- ජම්මික ප්‍රබෝධනී වැලිකල
දියණිවරුන්ගේ සැබෑ කතාව
අසුරින්‍ද සූත්‍රය
Tuesday, June 29, 2021
අප්පමාදසුත්තං
අප්පමාදසුත්තං
128
සාවත්ථිනිදානං . එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච - ‘‘අත්ථි නු ඛො, භන්තෙ, එකො ධම්මො යො උභො අත්ථෙ සමධිග්ගය්හ තිට්ඨති - දිට්ඨධම්මිකඤ්චෙව අත්ථං සම්පරායිකඤ්චා’’ති?
‘‘අත්ථි ඛො, මහාරාජ, එකො ධම්මො යො උභො අත්ථෙ සමධිග්ගය්හ තිට්ඨති - දිට්ඨධම්මිකඤ්චෙව අත්ථං සම්පරායිකඤ්චා’’ති.
‘‘කතමො පන, භන්තෙ, එකො ධම්මො, යො උභො අත්ථෙ සමධිග්ගය්හ තිට්ඨති - දිට්ඨධම්මිකඤ්චෙව අත්ථං සම්පරායිකඤ්චා’’ති?
‘‘අප්පමාදො ඛො, මහාරාජ, එකො ධම්මො, යො උභො අත්ථෙ සමධිග්ගය්හ තිට්ඨති - දිට්ඨධම්මිකඤ්චෙව අත්ථං සම්පරායිකඤ්චාති. සෙය්‍යථාපි, මහාරාජ, යානි කානිචි ජඞ්ගලානං (ජඞ්ගමානං (සී. පී.)) පාණානං පදජාතානි, සබ්බානි තානි හත්ථිපදෙ සමොධානං ගච්ඡන්ති, හත්ථිපදං තෙසං අග්ගමක්ඛායති - යදිදං මහන්තත්තෙන; එවමෙව ඛො, මහාරාජ, අප්පමාදො එකො ධම්මො, යො උභො අත්ථෙ සමධිග්ගය්හ තිට්ඨති - දිට්ඨධම්මිකඤ්චෙව අත්ථං සම්පරායිකඤ්චා’’ති. ඉදමවොච...පෙ....
‘‘ආයුං අරොගියං වණ්ණං, සග්ගං උච්චාකුලීනතං;
රතියො පත්ථයන්තෙන, උළාරා අපරාපරා.
‘‘අප්පමාදං පසංසන්ති, පුඤ්ඤකිරියාසු පණ්ඩිතා;
අප්පමත්තො උභො අත්ථෙ, අධිග්ගණ්හාති පණ්ඩිතො.
‘‘දිට්ඨෙ ධම්මෙ ච යො අත්ථො, යො චත්ථො සම්පරායිකො;
අත්ථාභිසමයා ධීරො, පණ්ඩිතොති පවුච්චතී’’ති.
අප්පමාදසුත්තං
128
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නේය. එකත් පසෙක හුන් පසේනදි කොසොල් රජ, “ස්වාමීනි, මෙලොව අභිවෘද්‍ධියද පරලොව අභිවෘද්‍ධියද යන දෙයාකාර අර්ත්‍ථසිද්‍ධියම ගෙන දෙන එක් දෙයක් ඇත්තේදැයි” භාග්‍යවතුන් වහන්සේගෙන් විචාළේය.
“මහරජ, මෙලොව අභිවෘද්‍ධියද පරලොව අභිවෘද්‍ධියද යන දෙවැදෑරුම් අභිවෘද්‍ධියම ඇතිකරණ එක් දෙයක් ඇත්තේය.” “ස්වාමීනි, මෙලොව අභිවෘද්‍ධියද පරලොව අභිවෘද්‍ධියද යන දෙවැදෑරුම් අභිවෘද්‍ධියම ඇතිකරණ එක් දෙය කිමෙක්ද?”
“මහරජ, අප්පමාදයයි (එළඹසිටි සිහි ඇති බව) නම්වූ එකම දේ මෙලොව අභිවෘද්‍ධියද පරලොව අභිවෘද්‍ධියද යන දෙයාකාර අභිවෘද්‍ධියම ගෙනදෙන එක දෙයයි. මහරජ, ඇවිදින තොයි සතුන්ගේත් පියවර හෙවත් පා සටහන් ඇත් පියවර ඇතුළතම යම්සේ පිහිටත්ද, ඒ ඇත් පියවර මහත් බැවින් ඒ හැම පියවරටම වඩා අග්‍රයයි කියනු ලැබේද, එමෙන්ම මේ අප්පමාද නම් එතම ධර්‍මය මෙලෝ පරලෝ යන දෙවැදෑරුම් අභිවෘද්‍ධියම හොඳාකාර දරාසිටී.
ආයුෂද, නීරෝගී බවද, ලක්‍ෂණද, සැපයෙන් අග්‍ර බවද, උසස් කුලයෙහි ඉපදීමද, කුදු මහත් උදාර සම්පත්තීන්ද පතන්නා විසින් පින් දහම් කිරීමෙහි නොපමාව පුරුදුකළ යුතුයයි (බුද්‍ධාදී) පණ්ඩිතයෝ පසසා පවසති. (පින් දහම්හි) නොපමාවූ නුවණැත්තෝ දෙලෝ වැඩම සිද්‍ධකරගනී. මෙලොව යම් අභිවෘද්‍ධියක් ඇද්ද, පරලොව යම් වැඩකුත් ඇද්ද මෙකී දෙවැඩම අත්කර ගන්නා බැවින් ධෘතිමත් (ස්ථිර) පුද්ගලයා පණ්ඩිතයායයි කියනු ලැබේ.
පහාරාද සූත්‍රය
බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...
-
බදුල්ල, බණ්ඩාරවෙල පාර ශ්‍රී ගෞතම සමාධි බුද්ධ මන්දීරයේ දර්ශනපති බඩල්කුඹුරේ ධම්මසිද්ධි හිමි ලොව්තුරා තථාගත අමාමෑණි බුදුරජාණන් වහන්සේගේ පළම...
-
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය පරම...
-
ඛුද්දක නිකායෙහි උදාන පාලිය: මුචලින්ද නා රජුගේ බුද්ධ උපස්ථානය මහමෙව්නා භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ සහ අනුශාසක කිරිබත්ගොඩ ඤාණානන්ද...