Tuesday, April 20, 2021

උප්පථසුත්තං

 


උප්පථසුත්තං  

58

‘‘කිංසු උප්පථො අක්ඛාතො, කිංසු රත්තින්දිවක්ඛයො;

කිං මලං බ්‍රහ්මචරියස්ස, කිං සිනානමනොදක’’න්ති.

‘‘රාගො උප්පථො අක්ඛාතො, වයො රත්තින්දිවක්ඛයො;

ඉත්ථී මලං බ්‍රහ්මචරියස්ස, එත්ථායං සජ්ජතෙ පජා;

තපො ච බ්‍රහ්මචරියඤ්ච, තං සිනානමනොදක’’න්ත්න්ත්ති.


8. උපපථ සූත්‍රය  

58

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.

“කිමෙක් නම් නොමඟයයි කියන ලදද? කිමෙක් නම් රෑ දාවල්හි ගෙවේද? බ්‍රහ්මචර්‍ය්‍යාවට කිලුට කිමෙක්ද? දිය නොමැති නෑම කිමෙක්ද?”

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “රාගය නොමග යයි කියන ලදී. දිවා රෑ දෙක්හිම ගෙවෙන්නේ වයසය. බ්‍රහ්මචර්‍ය්‍යාවට කිලුට ස්ත්‍රියයි. (මේ සත්ත්‍ව සමූහයා මෙහි ඇලේ) තපසත් බඹසරත් යන යමෙක් ඇද්ද, එය දිය නැති නෑමයි. 

Thursday, April 15, 2021

Na Uyane Ariyadhamma Thero

 


මෛත්‍රී භාවනාව – 09 කොටස – හැමෝම ප්‍රිය වන්න මෙත් වඩන්න

 මෛත්‍රී භාවනාව – 09 කොටස – හැමෝම ප්‍රිය වන්න මෙත් වඩන්න

Apr 5, 2021 | සිත නිවන භාවනා | 0 



මෛත්‍රී භාවනාව – 09 කොටස – හැමෝම ප්‍රිය වන්න මෙත් වඩන්න

තමන් සාක්‍ෂි භාවයට පත් කරගෙන තමන්ට පළමුව මෙත් වැඩූ යෝගියාට එයින් සැහැල්ලු බවක්, මෛත්‍රියේ සැපයක් දැනෙයි. එහෙත් තමන් අරමුණු කරගෙන කොපමණ මෙත් වැඩුව ද අර්පණා සමාධියක් ඉපදවිය හැකි නො වේ. එසේ අර්පණා ඉපදවිය නො හැකිව තිබිය දී ද තමන්ට මෙත් වැඩීමට මඟ පෙන්වන්නේ සෙසු අයට මෙත් වැඩීමට තමන් සාක්‍ෂියක් කර ගැනීමට බව ඉහත පැහැදිලි කර දෙන ලදී.


තමන්ට ‘වෛර නැත්තෙක් වෙම්වා’ යනාදි ලෙස මෙත් වැඩීමෙන් සිතේ සැහැල්ලුවක්, සැනසීමක් දැනෙන විට බාහිර පුද්ගලයන් අරමුණු කරගෙන මෙත් වැඩීම ආරම්භ කළ යුතු වේ. එහි දී තමන් සාක්‍ෂි කරගෙන, තමන්ට මෙත් වැඩීමෙන් ලැබුණු ආනිසංසය, සැනසීම අනෙක් අයට ද ලැබේවා යන අදහසින් මෙත් වැඩීම කළ යුතු වේ.


එක් පුද්ගලයෙක් අරමුණු කරගෙන මෙත් වැඩීමේ දී අරමුණු නො කළ යුතු පුද්ගලයන් පිළිබඳව ද ඉහත දක්වන ලදී. ඒ අනුව පළමුව මෙත් වැඩීමේ දී තමන්ට බොහෝ සෙයින් ප්‍රිය ශීලී, බොහෝ ලෙන්ගතු පුද්ගලයා අරමුණු නො කළ යුතු වේ. එසේ ම තමන්ට අප්‍රිය පුද්ගලයා ද අරමුණු නො කළ යුතු වේ. එසේ ම මැදහත් පුද්ගලයා ද අරමුණු නො කළ යුතු වේ. තමන්ට ප්‍රිය වන නමුත් ගෞරවයෙන් ඇසුරු කරන සම්භාවනීය පුද්ගලයෙක් පළමුව අරමුණු කිරීම වඩාත් සුදුසු වේ. තමන්ට ගුරුවරයෙක්, වැඩිහිටියෙක්, ස්වාමීන් වහන්සේ නමක් වැනි යමෙක් අරමුණු කර පළමුව මෙත් වැඩීම කළ යුතු වේ. මෙහි දී ද තමන්ගේ විරුද්ධ ලිංගිකයෙක් තෝරා නො ගත යුතු වේ.


ඒ අනුව තමන් ගෞරවයෙන් ඇසුරු කරන කිසියම් සම්භාවනීය පුද්ගලයෙක් තෝරා ගත යුතු වේ. අනතුරුව තමන්ට මෙත් වැඩීම සාක්‍ෂි කරගෙන, තමන්ට මෙත් වැඩීමෙන් දැණුනු සුවය, සැනසීම ඒ අරමුණු කළ පුද්ගලයාට ද ලැබේවා යන අදහසින් ඒ පුද්ගලයා මතකයට නඟාගෙන ‘මා මෙන් ම මේ තැනැත්තා ද වෛර නැත්තෙක් වේවා’ යනාදි ක්‍රමයෙන් මෙත් වැඩිය යුතු වේ. මෙහි දී තමන්ට මෙත් වැඩීමෙන් ලැබුණු සැනසීම සාක්‍ෂි කරගෙන මෙත් වැඩිය යුතු වේ. එනම් තමන්ට ලැබුණු සුවය ඒ පුද්ගලයාට ද ලැබේවා යන අදහස තිබිය යුතු වේ. ඒ අනුව ඒ පුද්ගලයා ද සැනසීමට පත් වන ආකාරය මනසින් දැකීමට උත්සාහවත් විය හැකිය. එසේ කිසියම් වේලාවක් මෙත් වැඩීමේ දී එසේ අරමුණු කළ පුද්ගලයා කෙරෙහි මෛත්‍රී ආරම්මණයේ සිත සමාධිමත් වේ. එවිට ද පළමුව තමන්ට මෙත් වැඩීමේ දී දැණුනු සුවය, සැනසීම දැනෙනු ඇත. මෙසේ පළමු පුද්ගලයා අරමුණු කරගෙන බොහෝ වේලාවක් මෙත් වඩන්න. ඒ පුද්ගලයා තමන්ගේ සිතෙන් ඉවත් නො වී, වෙනත් අරමුණකට සිත මාරු නො වී ඉතාමත් හොඳින් සමාධිමත් වනු ඇත.


එසේ පළමු ගරු සම්භාවනීය පුද්ගලයා අරමුණු කරගෙන සිත සමාධිමත් වූ පසු, මෛත්‍රිය හොඳින් පවතින විට දෙවනුව තමන්ගේ ප්‍රිය, ළඟින් ඇසුරු කරන පුද්ගලයෙක් තෝරා ගත යුතු වේ. ඒ පුද්ගලයා ද අරමුණු කරගෙන, පළමුව තමන්ට මෙත් වැඩීමෙන් ලැබුණු සැනසීම, සුවය ඒ පුද්ගලයාට ද ලැබේවා යන අදහසින් ‘මා මෙන් ම මේ තැනැත්තා ද වෛර නැත්තෙක් වේවා’ යනාදි ක්‍රමයෙන් මෙත් වඩන්න. මෙහි දී තමන්ට මෙන් ම දෙවන පුද්ගලයාට ද මෙත් වැඩීමෙන් ලද සැනසීම මේ ප්‍රිය පුද්ගලයාට ද ලැබේවා යන අදහස තබාගෙන, එය සාක්‍ෂ්‍ය ස්ථානයේ තබාගෙන මෙත් වැඩිය යුතු වේ. ඒ පුද්ගලයා ද සැනසීමට පත් වන ආකාරය මනසින් දැකීමට උත්සාහවත් විය හැකි වේ. එසේ කිසියම් වේලාවක් මෙත් වැඩීමේ දී ඒ පුද්ගලයා ද සුවපත් වන බවක් තම සිතට වැටහේ. ඒ තැනැත්තා අරමුණු කරගෙන මෛත්‍රි සිත පවතින බව වැටහේ. ඒ අනුව තමන්ට මෙත් වැඩීමේ දී ලැබුණු සැනසීම, සුවය නැවතත් දැනෙන්නට වෙයි. එසේ ම තමනුත්, දෙවන පුද්ගලයාත් මේ ප්‍රිය පුද්ගලයාත් යන තිදෙනා ම එක සමාන මට්ටමකට වෛර නැති පුද්ගලයන් ය යන හැඟීමක් සිතට දැනෙනු ඇත. එවිට ඒ පුද්ගලයාට ද මෙත් වැඩීම සාර්ථකව සිදු වී ඇති බව දැන ගත හැකි වේ.


තෙවනුව තවත් ප්‍රිය නමුදු දෙවනුව කී පුද්ගලයා තරම් ප්‍රිය නොවන පුද්ගලයෙක් තෝරාගන්න. ඒ තැනැත්තාට ද පෙර කී ක්‍රමයෙන් ම මෙත් වඩන්න. සතරවනුව මැදහත් පුද්ගලයෙක් තෝරාගන්න. ඒ තැනැත්තාට ද මේ ක්‍රමයෙන් ම මෙත් වඩන්න. ඊළඟට පිළිවෙළින් ප්‍රිය බව අඩු පුද්ගලයෙක් ද අප්‍රිය පුද්ගලයෙක් ද තෝරාගෙන මෙත් වැඩීම සිදු කරන්න.


මෙසේ පිළිවෙළට මෙත් වැඩීමේ දී එකිනෙක පුද්ගලයාට මෛත්‍රි සිත ඇති වන තුරු අනෙක් පුද්ගලයාට මාරු වීම නො කළ යුතු වේ. තමන්ට සහ තමන්ගේ ප්‍රිය පුද්ගලයාට මෙත් වැඩීමේ දී කිසියම් මට්ටමකට සිත සමාධිමත් වේ ද, සැනසීමක්, සුවයක් දැනේ ද ඒ මට්ටමට එකිනෙක පුද්ගලයා අරමුණු කරගෙන මෙත් වැඩීමේ දී ද සමාධිමත් බවක්, සැනසීමක්, සුවයක් දැනිය යුතු වේ. එසේ නො දැනෙන්නේ නම් ඊළඟ පුද්ගලයාට මාරු නො වී බොහෝ වේලාවක් ඒ පුද්ගලයාට ම මෙත් වැඩිය යුතු වේ.


ඇතැම් විට අප්‍රිය පුද්ගලයෙක් අරමුණු කරගෙන මෙත් වැඩීමේ දී අපහසුවක් දැනිය හැකි වේ. මෛත්‍රිය නිසි පරිදි පැවැත්විය නො හැකි වේ. එවිට මෛත්‍රී සිත දියුණු කරගැනීමට උපක්‍රම කිහිපයක් අනුගමනය කළ හැකි වේ.


කිසියම් පුද්ගලයෙක් අරමුණු කරගෙන මෙත් වැඩීමේ දී පළමු පුද්ගලයා මෙන් මෛත්‍රී සිත නො පැවැත්වේ නම් අපහසුවක් දැනේ නම් නැවත ඊට පෙර පුද්ගලයාට ටික වේලාවක් මෙත් වඩන්න. යළිත් සිත සමාධිමත් වනු ඇත. ඒ සමාධිමත් සිතින් අප්‍රිය පුද්ගලයා අරමුණු කරන්න. ටික වේලාවක් මෙත් වැඩීමේ දී තවමත් අපහසු නම් නැවතත් පළමු කෙනාට මෙත් වඩන්න. නැවත අප්‍රිය පුද්ගලයා අරමුණු කරන්න. මෙසේ මාරුවෙන් මාරුවට මෙත් වැඩීමේ දී කිසියම් අවස්ථාවක සිත සමාධිමත් වී ඒ අප්‍රිය පුද්ගලයාට ද අනෙක් අයට මෙන් මෛත්‍රී සිත පැවැත්වෙනු ඇත.


එසේත් කළ නො හැකි නම් බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට ද්වේශයේ ආදීනව හා මෛත්‍රියේ ආනිසංස මෙනෙහි කළ හැකි වේ. ඒ තුළින් සිත මධ්‍යස්ථ තත්ත්වයට පත් කරගෙන අප්‍රිය පුද්ගලයන් අරමුණු කර මෙත් වැඩීමෙන් සාර්ථක වනු ඇත.


දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,

පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

පඨමජනසුත්තං

 පඨමජනසුත්තං  



55

‘‘කිංසු ජනෙති පුරිසං, කිංසු තස්ස විධාවති;

කිංසු සංසාරමාපාදි, කිංසු තස්ස මහබ්භය’’න්ති.

‘‘තණ්හා ජනෙති පුරිසං, චිත්තමස්ස විධාවති;

සත්තො සංසාරමාපාදි, දුක්ඛමස්ස මහබ්භය’’න්ති.

 

55

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක උන්නේය. එක්පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.

“කිමෙක් නම් සත්ත්‍වයා උපදවාද? ඔහුගේ කිමෙක් නම් ඒ මේ අත දිවේද? කිමෙක් නම් සසර වැදුනේද? කිමෙක් නම් ඔහුට(වූ) මහත්ම භය වේද?”

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “තණ්හාව සත්ත්‍වයා උපදවයි. ඔහුගේ සිත ඒ මේ අත දිවෙයි. සත්ත්‍වයා සසර වැදුණේය. ජාති ජරාදී දුක ඔහුටවූ මහත් භයයි.”

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...